රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

Font Size
Auto-Scroll   Speed

 අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ. ඒ නිසා තව තවත් මැරෙන්නට වූහ. ඒ හේතුකොට ගෙන ‘අහිවාතක’ නම් දරුණු රෝගයක් ඇති විය. මෙසේ දුර්භීක්ෂ, අමනුෂ්‍ය හා රෝග යන ත්‍රිවිධ භීතියෙන් උපද්‍රැත වූ විශාලා මහනුවර වැසියෝ මෙපවත් රජවරුනට දැන්වූහ. රජවරු ජනතාව සන්ථාගාර ශාලාවට රැස්කර වූහ. රජුන් අත වරදක් ඇත්දැයි විමසූහ. තමන් අත වරදක් නැතැයි වැසියෝ පිළිවදන් දුන්හ.

දීර්ඝ සාකච්ඡාවකින් පසුව තථාගතයන් වහන්සේ මේ නුවරට වැඩමවා ගත හොත් සියලු උවදුරු දුරුවේයයි තීරණයට බැස ගත්හ. බිම්බිසාර රජුගේ කැමැත්ත ඇතිව ලිච්ඡවී රජවරු දෙදෙනෙක් බුදුන් වහන්සේ කරා එළඹ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ත්‍රිවිධ භීතියකින් උපද්‍රැත වූ අපරට වැසියන් ගේ නිදුක් නීරෝගී බැව් උදෙසා භාග්‍යවතුන් වහන්සේ අප නුවරට වැඩමවන සේක් නම් අපට යහපතක් වේයැයි දන්වා සිටියහ.

තථාගතයන්වහන්සේ ආරාධනාව පිළිගෙන රුවන් සුතුරෙහි අණ තෙදින් කෙළ ලක්ෂයක් සක්වල ආරක්ෂාව සිදුවෙතියි ද එයින් මහත් පිරිසකට ධර්මාවබෝධය වෙතියි ද සලකා පන්සියයක් භික්ෂූන් වහන්සේ සමග විශාල මහා නුවරට වැඩමවා රුවන් පිරිත දෙසූහ. ඒ සමග ම සිවු දිගින් කළුකොට නැන්ගුණු මහා මේඝයෙන් (මහා වැසි වර්ෂා) මළ කඳන් ඉලපී ගංගානම් ගඟට පාවී ගියේ ය. නගරය පවිත්‍ර විය. පන්සියයක් පමණ බුදු පාමොක් මහ සඟන විසල් මහ නුවරට පිවිසෙත් ම සක් දෙවිඳු ඈ මහානුභාව සම්පන්න දෙවිවරු පැමිණියාහුය. ඔවුන් ගේ පැමිණීම සමගම අමනුෂ්‍යයෝ ක්‍රමයෙන් ඉවත් වී ගියාහුය.

තථාගතයන් වහන්සේ රතන සූත්‍රය වදාරා නුවර දොරටුව අබියස වැඩ සිට අනඳ හිමියන් අමතා ආනන්ද, මේ රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍යද ගෙන්වා ගෙන ලිච්ඡවී කුමරුන් සමඟ විශාලා මහ නුවර තුන් පවුරු වටා හැසිරෙමින් පිරිත් දෙසවයි වදාළ සේක.

අනඳ හිමියෝ ද බුදුරජාණන් වහන්සේ ගේ පාත්‍රයට පිරිත් පැන් ගෙන රතන සූත්‍රය දෙස්මින් මුළු නුවරට පිරිත් පැන් ඉස්සාහ. සියලු අමානුෂ්‍යයෝ පලා ගියහ. නගරය ආරාක්ෂා සහිත විය. උවදුරු දුරු විය. මනුෂ්‍යයෝ සුඛිත මුදිත වූහ. සුවාසු දහසක් (අසූ හාරදහසක්) ප්‍රාණීන්ට ධර්මාභිසමය (ධර්මය අවබෝධ) විය. බුදුන් වහන්සේ දෙවන දවස්හි ද රතන සූත්‍රය වදාළහ. ඒ සමගම තවත් සුවාසු දහසක් ප්‍රාණීහු ධර්මාවබෝධය ලදහ. මෙසේ පිළිවෙළින් සත් දිනක් රතන සූත්‍රය දෙසූහ.

1.

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස්වූහුද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා, තවද මාගේ වචනය සකසා අසත්වා.

2.

තස්මා හි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං
තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා

භූතයිනි, එබැවින් තෙපි සියල්ලෝ මාගේ වචනය අසවු, මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එලවත්ද (පූජා කරත්ද), එහෙයින් නොපමාව ඔවුන් රකිවු.

3.

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

මිනිස් ලොකය හෝ නාග ලෝකය ආදී අන් ලොවෙක යම් ධනයක් වේද, දෙව්ලොව හෝ මහඟු රුවනක් වේද, ඔවුන් අතුරෙහි තථාගතයන් හා සදෘශයෙක් (සමාන කළ හැක්කෙක්) නැත්තේමය. මේ කරුණින් ද බුදුරජහු උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

4.

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ශාක්‍යමුනි තෙම එකඟ වූ සිත් ඇත්තේ, කෙලෙස් නැසීමට නිමිති වූ රාගයෙන් වෙන්වීමට නිමිතිවූ මරණයක් නැති උතුම්වූ යම් නිවනක් පසක් කෙළේද, ඒ දහම් හා සම වූ කිසිවෙක් නැත්තේය. මේ කරුණින්ද නිවන් දහම උතුම් රුවනෙකි. මේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා.

5.

යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝ න විජ්ජති
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

බුද්ධ ශ්‍රෙෂ්ඨ තෙම අත්‍යන්ත පරිශුද්ධවූ යම් මාර්ග සමාධියක් වර්ණනා කෙළේද, බුද්ධාදීහු ආනන්තරික (අනතුරුවම ඵල දෙන) සමාධියයි යමකට කියත්ද, ඒ සමාධිය හා සමාන අන්‍ය සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාරගය උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

6.

යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් ආර්ය පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද නොහොත් ප්‍රශස්ත වූ යම් එකසිය අටක් ආර්ය පුද්ගලයෝ වෙත්ද මොහු හැමදෙන යුගල වශයෙන් සතර දෙනෙකි (සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත්). සුගත් බුදුරදුන්ගේ සවු වූ ඔහු තුමු දක්ෂිණාවට සුදුස්සෝ වෙති. මේ බුදු සව්වන් කෙරෙහි දෙන ලද දානයෝ මහත් ඵල ඇත්තෝ වෙත් මේ කරුණින්ද බුද්ධ ශ්‍රාවක සංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

7.

යේ සුප්පයුත්තා මනසා දළ්හේන
නික්කාමිනෝ ගෝතමසාසනම්හි
තේ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ගෞතම බුද්ධ ශාසනයෙහි වූ සුවිශුද්ධ කායවාක් කර්ම සංඛ්‍යාත ශීලස්කන්ධයෙන් යුක්ත වූ ස්ථීර සිතින් යුක්තවූ ප්‍රඥාව කරණ කොටගෙන සියලු කෙලෙසුන්ගෙන් නික්මුණාවූ යම් පුද්ගලකෙනෙක් වෙත්ද, ඔහු තුමු නිවනට බැසගෙන නො මිලයේ ම  රහත්ඵල සමවත ලැබ ගෙන එය විඳිනනහු වෙති. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

8.

යථින්දඛීලෝ පඨවිංසිතෝසියා
චතුබ්භි වාතේහි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි
යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යම්සේ පොළොව තුළ වැද සිටි (සිටවූ) ඉන්ද්‍රඛීලය (ස්ථම්භය) සිවු දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නොවේද, ආර්ය සත්‍යයන් ප්‍රඥාවෙන් බැසගෙන දක්නා පුරුෂයා (සෝවාන් පුද්ගලයා) එබන්දකු කොට කියමි. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

9.

යේ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීරපඤ්ඤේන සුදේසිතානි
කිඤ්චා’පි තේ හොන්ති භුසප්පමත්තා
න තේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යම් සෝවාන් පුද්ගල කෙනෙක් ගැඹුරු නුවණැති බුදුරදුන් දෙසූ ආර්ය සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද, ඔහු බෙහෙවින් පමාවූවාහු නමුත් අටවන භවයක් නො ගනිති. මෙ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

10.

සහාවස්ස දස්සනසම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි
චතූහපායේහි ච විප්පමුත්තෝ
ඡ්චාහි ඨානානි අභබ්බෝකාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

මේ සෝවාන් පුද්ගලයා ගේ දර්ශන සම්පත්තිය හෙවත් සෝවාන් මග නුවණ පහළවීම සමගම සක්කාය දෘෂ්ටියද (බුද්ධාදී අටතන්හි) සැකයද යම් මිත්ථ්‍යාශීල ව්‍රත කෙනෙක්වූහුනම් ඒ සියල්ලද යන මේ තුන් සං‍යෝජනයෝ (සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමාස) දුරුකරණ ලද්දෝ වෙත් හෙතෙම සතර අපායෙන් (නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර) කෙරෙන් මිදුනේද වේ. ආනන්තය්‍ය කර්ම පසත් (ආනන්තරීය පාපකර්ම 5 ත්) මිතථ්‍යාදෘෂ්ටියත් යන බැරෑරුම් පව් සය කරන්නටද හේ අභව්‍ය  (සිදු නොවේ) ය. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

11.

කිඤ්චා’පි සෝ කම්මං කරෝති පාපකං
කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ඒ සෝවාන් පුද්ගල තෙම කයින් හෝ වචනයෙන් හෝ නැතහොත් සිතින් හෝ ප්‍රඥප්ති මාත්‍ර වූ කිසිවරදක් කරන්නේ නමුදු හේ එය සඟවන්නට නොහැක්කේය (සඟවන්නේ නැත). දක්නාලද නිර්වාන පදය ඇති සෝවාන් පුද්ගලයාගේ අවශ්‍ය බව (ඇවැත් දෙසා සංවරයේ පිහිටයි) බුදුරදුන් විසින් වදාරණ ලද්දේය. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

12.

වනප්පගුම්බේ යථාඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිංගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයී
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

වන ලැහැබ තෙමෙ ග්‍රීෂ්ම සෘතුවේ පළමුවන මාසයෙහි හෙවත් බක්මස සුපිපි අක් ඇත්තේ (මල් පිපෙන්නේ) යම්සේද, එසේ වූ නිවන්පුර පමුණුවන පර්ය්‍යාප්ති (වෙනස් නොවන) ධර්මරත්නය  පරමහිතාබ්‍ය (අන්යන්ගේ හිත සුව පිණිස) වූ නිවන් පිණිස ඒ බුදුරජ තෙමෙ දේශනා කළහ. මේ කරුණින්ද බුදුරජ තෙමෙ රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

13.

වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ
අනුත්තරෝ ධම්මවරං අදේසයී
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

උතුම් වූ නිවන දන්නාවූ, උතුම් වූ නිවන දෙන්නාවූ, උතුම් වූ නිවන් මග ගෙනහැර පාන්නාවූ, නිරුත්තරවූ බුදුරජාණන් වහන්සේ උතුම් වූ දහමක් දෙසූ සේක. මේ කරුණින්ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

14.

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්තචිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණබීජා අවිරූළ්හිච්ඡ්න්දා
නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යම් කෙනෙකුන්ගේ පුරාතන කර්ම රහත් මගින් ක්ෂීණ වූයේද අළුත් කර්මයන්ගේ පහළ විමෙකුත් නැද්ද, මතු භවයක් කෙරෙහි නොඇළුණු සිතැති, ක්ෂීණවූ ප්‍රතිසන්ධි විඥාන සංඛ්‍යාද බීජ ඇති, පුනර්භව සංඛ්‍යාත සංස්කාර වෘද්ධිය කෙරෙහි කැමැත්තක් නැති, ධෛර්‍ය්‍ය සම්පන්නවූ ඒ රහත්හු මේ පහන මෙන් අවසන් සිත නිරුද්ධ වීමෙන් පිරිනිවෙත්. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

15.

යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමඳිමු. සත්ව ප්‍රජාවට සෙත් වේවා.

16.

යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද බුද්ධාදීන් විසින් අවබෝධ කරන ලද බැවින් තථාගත වූ ධර්මය නමඳිමු. සත්ව ප්‍රජාවට සෙත් වේවා.

17.

යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
සංඝං නමස්සාම සුවත්ථි හෝතු

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ සංඝයා නමඳිමු. සත්ව ප්‍රජාවට සෙත් වේවා.

ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!

Related Resources

පරාභව සුත්තං (පරාභව සූත්‍රය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Parabhava Sutta Sinhala English Translation

පරාභව සුත්තං (පරාභව සූත්‍රය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Parabhava Sutta Sinhala English Translation

පරාභව සූත්‍රය මංගල සූත්‍රයේ ප්‍රතිවිරෝධතාව සේ සැලකිය හැකියි. බුදුරදුන් වෙත පැමිණ පරිහානියට හේතුවන කාරණා විමසූ එක්තරා දේවතාවකුට වදාරණ ලද්දකි. කෙනෙකු දහමට ඇළුම් කරතොත් හේ උන්නතියට ද දහමට ද්වේෂ කරතොත් අවනතියට ද පත්වේය යන ආදී කරුණු මෙහි අන්තර්ගත වේ.

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන   Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය වනාහි, පෙරකල ලක්දිව වැඩසිටි රහතුන් වහන්සේලා විසින්, තුන් ලොවක් අභිබැවූ (ලෝකෝත්තර) ධර්මතා තුනක් වන “තෙරුවනහි ගුණ” අන්තර්ගත කොට නිර්මාණශීලී ලෙස සකසන ලද ගථා රත්නයකි.

මහාමංගල සුත්තං (මහා මංගල සූත්‍රය) පාලි හා සිංහලෙන්  Maha Mangala Sutta in Pali and Sinhala Translation

මහාමංගල සුත්තං (මහා මංගල සූත්‍රය) පාලි හා සිංහලෙන් Maha Mangala Sutta in Pali and Sinhala Translation

Font Size
Auto-Scroll   Speed

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමී. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨීතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී එක්තරා දෙවියෙක් මධ්‍යම රාත්‍රියෙහි මනස්කාන්ත පැහැයකින් යුතුව මුළු දෙව්රම බබුළුවා ගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියේ ය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පසව සිට ගත්තේ ය. එකත්පසව සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ පවසුවේ ය.

බහූදේවා මනුස්සා ච – මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං – බ්‍රෑහි මංගලමුත්තමං

බොහෝ දෙවි මිනිස්සු ද – සිතුවෝ ය මංගල කරුණු ගැන
යහපන කැමති ඔවුනට – උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිඳුනි.

අසේවනා ච බාලානං – පණ්ඩිතානඤ්ච සේවනා
පූජා ච පූජනීයානං – ඒතං මංගලමුත්තමං

නරක අය නොම ඇසුර ද – කළණමිතුරන් සමඟ නිති ඇසුර ද
පිදිය යුත්තන් පිදුම ද – මේවා උතුම් මංගල කරුණු ය

පතිරූපදේසවාසෝ ච – පුබ්බේ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච – ඒතං මංගලමුත්තමං

යහපත් තැනක විසුම ද – පෙර කළ පින් තිබීම ද
තමා යහමඟ යාම ද – මේවා උතුම් මංගල කරුණු ය

බාහුසච්චඤ්ච සිප්පඤ්ච – විනයෝ ච සුසික්ඛිතෝ
සුභාසිතා ච යා වාචා – ඒතං මංගලමුත්තමං

බොහෝ දැන උගත් බව – නොයෙකුත් ශිල්ප දත් බව
විනයකින් යුතු බව – මනා කොට හික්මුන බව
සුභාසිත වූ යම් බසක් වෙද – මේවා උතුම් මංගල කරුණු ය

මාතාපිතු උපට්ඨානං – පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා – ඒතං මංගලමුත්තමං

මව්පිය උපස්ථානය – අඹුදරුවන්ට සැළකුම
මැනැවින් වැඩ කෙරුම – මේවා උතුම් මංගල කරුණු ය

දානඤ්ච ධම්මචරියා ච – ඤාතකානඤ්ච සංගහෝ
අනවජ්ජානි කම්මානි – ඒතං මංගලමුත්තමං

දන් පැන් පිදීම ද – දහම තුළ හැසිරීම ද
නෑයන්ට සැළකීම ද – නිවැරදි දේ කිරීම ද
මේවා උතුම් මංගල කරුණු ය

ආරති විරති පාපා – මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු – ඒතං මංගලමුත්තමං

පවෙහි නො ඇලීම ද – හැම පවින් වැළකීම ද
මත් පැනින් දුරු වීම ද – දහම තුළ නො පමාව ද
මේවා උතුම් මංගල කරුණු ය

ගාරවෝ ච නිවාතෝ ච – සන්තුට්ඨී ච කතඤ්ඤුතා
කාලේන ධම්මසවණං – ඒතං මංගලමුත්තමං

උතුමන්ට ගරු කිරීම ද – නිහතමානී වීම ද
ලද දෙයින් තුටු වීම ද – කෙළෙහි ගුණ සැලකීම ද
නිසි කලට බණ ඇසීම ද – මේවා උතුම් මංගල කරුණු ය

ඛන්තී ච සෝවචස්සතා – සමණානඤ්ච දස්සනං
කාලේන ධර්මසාකච්ඡා – ඒතං මංගලමුත්තමං

ඉවසන ගුණයෙන් යුතු බව – යහපතට අවනත බව
ශ්‍රමණවරු බැහැ දැකුම ද – නිසි කල දම් සභාව ද
මේවා උතුම් මංගල කරුණු ය

තපෝ ච බ්‍රහ්මචරියඤ්ච – අරියසච්චානදස්සනං
නිබ්බාණසච්ඡිකිරියා ච – ඒතං මංගලමුත්තමං

තපසෙහි විසීම ද – බඹසරෙහි හැසිරීම ද
ආර්ය සත්‍යයන් දැකීම ද – නිවන අවබෝධ වීම ද
මේවා උතුම් මංගල කරුණු ය

ඵුට්ඨස්ස ලෝකධම්මේහි – චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං – ඒතං මංගලමුත්තමං

අටලෝ දහම එන විට – නො සැලේද යමෙකුගෙ සිත
සෝක නැති කෙලෙසුන් නැති – බියක් නැති තැන සිටි විට
මේවා උතුම් මංගල කරුණු ය

ඒතාදිසානි කත්වාන – සබ්බත්ථමපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡ්න්ති තං – තේසං මංගලමුත්තමන්ති

මේ අයුරින් කටයුතු කොට – අපරාජිත වී හැම තැන
යහපතට ම යති හැම තැන – එය ඔවුන් හට උත්තම මංගල කරුණු ය.

ඒතේන සච්චේන සුවත්ථි හෝතු !

මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා !

Related Resources

පරාභව සුත්තං (පරාභව සූත්‍රය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Parabhava Sutta Sinhala English Translation

පරාභව සුත්තං (පරාභව සූත්‍රය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Parabhava Sutta Sinhala English Translation

පරාභව සූත්‍රය මංගල සූත්‍රයේ ප්‍රතිවිරෝධතාව සේ සැලකිය හැකියි. බුදුරදුන් වෙත පැමිණ පරිහානියට හේතුවන කාරණා විමසූ එක්තරා දේවතාවකුට වදාරණ ලද්දකි. කෙනෙකු දහමට ඇළුම් කරතොත් හේ උන්නතියට ද දහමට ද්වේෂ කරතොත් අවනතියට ද පත්වේය යන ආදී කරුණු මෙහි අන්තර්ගත වේ.

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන   Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය වනාහි, පෙරකල ලක්දිව වැඩසිටි රහතුන් වහන්සේලා විසින්, තුන් ලොවක් අභිබැවූ (ලෝකෝත්තර) ධර්මතා තුනක් වන “තෙරුවනහි ගුණ” අන්තර්ගත කොට නිර්මාණශීලී ලෙස සකසන ලද ගථා රත්නයකි.

සංඝ රත්නයේ ගුණ – Sanga Guna – Supreme Qualities of Sangha

සංඝ රත්නයේ ගුණ – Sanga Guna – Supreme Qualities of Sangha

Auto-Scroll   Speed

1. සුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවට හා නිවනට ඒකාන්තයෙන් අනුලෝම වූ ප්‍රතිපදාවට මනාකොට පිලිපන් බැවින් සුපටිපන්න නම් වන සේක.

2. උජුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ ඍජු මාර්ගයේ ගමන් කරන බැවින් උජුපටිපන්න නම් වන සේක.

3. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය යන චතුරාර්ය්‍ය සත්‍යය අවබෝධ කිරීමේ මාර්ගයට පිලිපන් බැවින් ඤායපටිපන්න නම් වන සේක.

4. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, ශ්‍රී සද්ධර්මය මනාකොට දරා හිඳිමින්, අන් අයට දයා සිතින් කියා දෙමින් ධර්මය වෙත ඔවුන් කැඳවා ගන්නා හෙයින් සාමීචිපටිපන්න නම් වන සේක.

5. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුණෙය්‍යෝ

යුගල වශයෙන් සතරක් හා පුද්ගලයින් වශයෙන් අට දෙනෙක් වන (සෝවාන් මාර්ගයට පිවිසි හා සෝවාන් ඵල සහිත, සකෘදාගාමී මාර්ගයට පිවිසි හා සකෘදාගාමී ඵල සහිත,  අනාගාමී මාර්ගයට පිවිසි හා අනාගාමී ඵල සහිත, අරහත් මාර්ගයට පිවිසි හා අරහත් ඵල සහිත) බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, බෝහෝ දුර සිට පැමිණ සිව්පසයෙන් පූජාසත්කාර කිරීමට සුදුසු වන බැවින් ආහුණෙය්‍ය නම් වන සේක.

6. පාහුණෙය්‍යෝ

හිතවත් ඥාතීන්ට, ගරු කටයුතු ප්‍රභූවරුන්ට සූදානම් කළ ප්‍රණීත දෙයින් සංග්‍රහ, සතිකාර, පූජා කිරීමට සුදුසු වූ සීලාදී ගුණ සම්පන්න බැවින් පාහුණෙය්‍ය නම් වන සේක.

7. දක්ඛිණෙය්‍යෝ

මෙලොව හා පරලොව පින් අදහා පිරිනමනු ලබන දාන පිළිගැනීමට සුදුසු වන බැවින් දක්ඛිණෙය්‍ය නම් වන සේක.

8. අංජලීකරණෙය්‍යෝ

ලෝකයා විසින් ඇඟිලි බැඳ දොහොත් මුදුනේ තබා පසඟ පිහිටුවා වැඳුම් පිඳුම් කිරීමට සුදුසු වන බැවින් අං‍ජලීකරණීය නම් වන සේක.

9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා තී

සියළු ලෝක සත්වයාට කුසල් වපුරා පින් ඵල නෙලා ගැනීමට ඇත්තා වූ පින් කෙතක් බඳු වූ හෙයින් අනුත්තර පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස නම් වන සේක.

ධර්ම රත්නයේ ගුණ – Dhamma Guna in Sinhala

ධර්ම රත්නයේ ගුණ – Dhamma Guna in Sinhala

මාගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය,

1. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ

මුල මැද අග යහපත් බැවින් හා මනාකොට පිලිපැදිය යුතු බැවින් ස්වාක්ඛාත නම් වන සේක.

2. සන්දිට්ඨිකෝ

තමන් විසින් ම දැකිය යුතු හා තමන් විසින් ම අවබෝධ කළ යුතු බැවින් සංදිට්ඨීක නම් වන සේක.

3. අකාලිකෝ

වර්ෂ ගනනක්, මාස ගනනක්, දින ගනනක් ගත නොවී, එසැනින් ම ඵල ලැබිය හැකි බැවින් අකාලිකෝ නම් වන සේක.

4. ඒහි පස්සිකෝ

එන්න, පරික්ෂා කර බලන්න ආරාධනා කිරීමට සුදුසු ධර්මයක් බැවින් ඒහි පස්සිකෝ නම් වන සේක.

5. ඕපනයිකෝ

තම චිත්ත සන්තානයේ උපදවා ගැනීමට සුදුසු ම ධර්මය බැවින් ඕපනයිකෝ නම් වන සේක.

6. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති

මෙම ධර්මය සාක්ෂාත් කරගත් සත්පුරුෂයාට එහි යහපත් බව, එහි රස තම සිතින් ම දැනගෙන, විඳිය හැකි බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති නම් වන සේක.

Related Resources

පරාභව සුත්තං (පරාභව සූත්‍රය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Parabhava Sutta Sinhala English Translation

පරාභව සුත්තං (පරාභව සූත්‍රය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Parabhava Sutta Sinhala English Translation

පරාභව සූත්‍රය මංගල සූත්‍රයේ ප්‍රතිවිරෝධතාව සේ සැලකිය හැකියි. බුදුරදුන් වෙත පැමිණ පරිහානියට හේතුවන කාරණා විමසූ එක්තරා දේවතාවකුට වදාරණ ලද්දකි. කෙනෙකු දහමට ඇළුම් කරතොත් හේ උන්නතියට ද දහමට ද්වේෂ කරතොත් අවනතියට ද පත්වේය යන ආදී කරුණු මෙහි අන්තර්ගත වේ.

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන   Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය වනාහි, පෙරකල ලක්දිව වැඩසිටි රහතුන් වහන්සේලා විසින්, තුන් ලොවක් අභිබැවූ (ලෝකෝත්තර) ධර්මතා තුනක් වන “තෙරුවනහි ගුණ” අන්තර්ගත කොට නිර්මාණශීලී ලෙස සකසන ලද ගථා රත්නයකි.

බුද්ධානුස්සති භාවනාව පාලි හා සිංහලෙන් – Buddha Meditation in Pali and Sinhala

බුද්ධානුස්සති භාවනාව පාලි හා සිංහලෙන් – Buddha Meditation in Pali and Sinhala

Auto-Scroll   Speed

1. ඉති’පි සෝ භගවා අරහං

මාගේ බුදුරජාණන් වහන්සේ, රහසින් වත් පව් නොකළ සේක. සියළු කෙලෙසුන් දුරු කළ සේක. සියළු පුද පූජාවන් ලැබීමට සුදුසු වන සේක. එබැවින් මාගේ බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක, අරහං නම් වන සේක, අරහං නම් වන සේක.

2. සම්මා සම්බුද්ධෝ

මාගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත යුතු සියළු ධර්මයන්, ගුරු උපදේශ රහිතව, තමන් විසින් ම මනාකොට අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

3. විජ්ජාචරණ සම්පන්නෝ

මාගේ බුදුරජාණන් වහන්සේ, විපස්සනා ඥානය, මනෝමය ඍධි ඥානය, ඍධිවිධ ඥානය, දිබ්බ සෝත ඥානය, පරචිත්ත විජානන ඥානය, පුබ්බේ නිවසානුස්සති ඥානය, දිබ්බ චක්ඛු ඥානය, ආසවක්ඛ්‍ය ඥානය යනාදී උතුම් විදර්ශනා ඥාන ධර්ම අටකින් ද,
ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආහාරයේ පමණ දැනීම, නිදි වැරීම, ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, බහුශ්‍රැත බව, වීර්ය්‍ය, ප්‍රඥාව, සිහිය, ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ත ධ්‍යානය යනාදි චරණ ධර්ම 15 කින් ද, යුක්ත වූ බැවින් විජ්ජා චරණ සම්පන්න නම් වන සේක.

4. සුගතෝ

මාගේ බුදුරජාණන් වහන්සේ සුන්දර වූ ගමන් විලාස ඇති බැවින් ද, දෙලොවටම යහපත් වචන කථා කළ බැවින් ද, සුන්දර වූ නිවනට පැමිණි බැවින් ද, සුගත නම් වන සේක.

5. ලෝකවිදු

මාගේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ යථාර්ථය යථා පරිදි වදාළ බැවින් ලෝකවිදු නම් වන සේක.

6. අනුත්තරෝ පුරිසදම්මසාරථී

මාගේ බුදුරජාණන් වහන්සේ උත්තරීතර සීල ස්කන්ධයෙන් ද, උත්තරීතර සමාධි ස්කන්ධයෙන් ද, උත්තරීතර ප්‍රඥා ස්කන්ධයෙන් ද, ආලවක, අංගුලිමාල වැනි දරුණු පුද්ගලයින් දමනය කළ බැවින්, පුරිස ධම්ම සාරඨී නම් වන සේක.

7. සත්ථා දේවමනුස්සානං

මාගේ බුදුරජාණන් වහන්සේ සියළු දෙවියන්ටත්, සියළු මනුෂ්‍යයන්ටත් මඟ පෙන්වූ ශාස්තෘවරයාණන් වූ බැවින් සත්ථා දේව මනුස්සානං නම් වන සේක.

8. බුද්ධෝ

මාගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත යුතු වූ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය මනාකොට අවබෝධ කරගත් බැවින් ද, අන් අයටත් අවබෝධ කරවූ බැවින් ද, බුද්ධ නම් වන සේක.

9. භගවා’ති

මාගේ බුදුරජාණන් වහන්සේ මහා ගුණ කඳකින් යුක්ත වූ අතර, කාම භාග්‍යය, යස භාග්‍යය, ආශ්චර්‍ය භාග්‍යය, ධර්ම භාග්‍යය, ප්‍රයත්න භාග්‍යය, ශ්‍රී භාග්‍යය යනාදී අප්‍රමාණ භාග්‍යය ධර්මයන්ගෙන් සමන්විත වූ බැවින් භගවා නම් වන සේක.