Font Size
Auto-Scroll   Speed

චක්කවත්ති සීහනාද සුත්තං

සක්විති රජු ගැන සිහනදක් ලෙසින් වදාළ දෙසු​ම

1.
ඒවං මේ සුතං. ඒකං සමයං භගවා මගධේසු විහරති මාතුලායං. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝ’ති. ‘භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙහි මාතුලා නුවර වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා. කථඤ්ච පන භික්ඛවේ භික්ඛු අත්තදීපෝ විහරති අත්තසරණෝ අනඤ්ඤසරණෝ, ධම්මදීපෝ ධම්මසරණෝ අනඤ්ඤසරණෝ?

“මහණෙනි, තමා දූපතක් බඳු කොට වාසය කරව්. තමා සරණට ගනිව්. අන් කෙනෙකු සරණට නොගනිව්. ධර්මය දූපතක් බඳු කොට වාසය කරව්. ධර්මය සරණට ගනිව්. අන් දෙයක් සරණට නොගනිව්.

මහණෙනි, භික්ෂුවක් තමා ව දූපතක් බඳු කොට, තමා සරණට ගෙන, අන් කෙනෙකු සරණට නොගෙන වාසය කරන්නේ කෙසේ ද? ධර්මය දූපතක් බඳු කොට, ධර්මය සරණට ගෙන, අන් දෙයක් සරණට නොගෙන වාසය කරන්නේ කෙසේ ද?

ඉධ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති, ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. වේදනාසු වේදනානුපස්සී ….(පෙ)…. චිත්තේ චිත්තානුපස්සී ….(පෙ)…. ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු අත්තදීපෝ විහරති අත්තසරණෝ අනඤ්ඤසරණෝ, ධම්මදීපෝ ධම්මසරණෝ අනඤ්ඤසරණෝ.

මහණෙනි, මෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

මහණෙනි, භික්ෂුව තමා දූපතක් බඳු කොට, තමා ව සරණට ගෙන, අන් කෙනෙකු සරණට නොගෙන, ධර්මය දූපතක් බඳු කොට, ධර්මය සරණට ගෙන, අන් දෙයක් සරණට නොගෙන වාසය කරන්නේ මෙසේ ය.

ගෝචරේ භික්ඛවේ චරථ සකේ පෙත්තිකේ විසයේ. ගෝචරේ භික්ඛවේ චරතං සකේ පෙත්තිකේ විසයේ න ලච්ඡති මාරෝ ඕතාරං, න ලච්ඡති මාරෝ ආරම්මණං. කුසලානං භික්ඛවේ ධම්මානං සමාදානහේතු ඒවමිදං පුඤ්ඤං පවඩ්ඪති.

මහණෙනි, සිය පියාගෙන් තමන්ට උරුම ව ආ සතර සතිපට්ඨානය නම් වූ, තමන් සිටිය යුතු තැනෙහි හැසිරෙව්. මහණෙනි, සිය පියාගෙන් තමන්ට උරුම ව ආ සතර සතිපට්ඨානය නම් වූ තමන් සිටිය යුතු තැනෙහි හැසිරෙන විට මාරයා ඔහු ව අල්ලා ගැනීමට සිදුරක් නොලබයි. මාරයා අරමුණක් නොලබයි. මහණෙනි, කුසල් දහම්වල සමාදන් ව යෙදී සිටීම හේතුවෙන් මෙසේ මේ පින වැඩෙයි.

2.
භූතපුබ්බං භික්ඛවේ රාජා දළ්හනේමි නාම අහෝසි චක්කවත්තී ධම්මිකෝ රාජා චාතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්තරතනසමන්නාගතෝ. තස්සිමානි සත්තරතනානි අහේසුං, සෙය්‍යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමේව සත්තමං. පරෝසහස්සං ඛෝ පනස්ස පුත්තා අහේසුං සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා. සෝ ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩේන අසත්ථේන ධම්මේන අභිවිජිය අජ්ඣාවසි. අථ ඛෝ භික්ඛවේ රාජා දළ්හනේමි බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන අඤ්ඤතරං පුරිසං ආමන්තේසි: “යදා ත්වං අම්භෝ පුරිස පස්සෙය්‍යාසි දිබ්බං චක්කරතනං ඕසක්කිතං, ඨානා චුතං, අථ මේ ආරෝචෙය්‍යාසී”ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ සෝ පුරිසෝ රඤ්ඤෝ දළ්හනේමිස්ස පච්චස්සෝසි. අද්දසා ඛෝ භික්ඛවේ සෝ පුරිසෝ බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන දිබ්බං චක්කරතනං ඕසක්කිතං ඨානා චුතං. දිස්වාන යේන රාජා දළ්හනේමි තේනුපසංකමි, උපසංකමිත්වා රාජානං දළ්හනේමිං ඒතදවෝච: යග්ඝේ දේව ජානෙය්‍යාසි දිබ්බං තේ චක්කරතනං ඕසක්කිතං ඨානා චුතන්ති.

මහණෙනි, මෙය පෙර සිදුවූවකි. සිව් මහා සමුදුර සීමාකොට ගත්, සිව් මහා ජනපදයන්ට අධිපති ව, සතුරන් දිනා ජයගත්, ජනපදයන්හි තහවුරු බවට පත්, සප්ත රත්නයෙන් යුක්ත වූ ධාර්මික වූ, දැහැමි රජෙකු වූ දළ්හනේමි නම් සක්විති රජෙක් සිටියේ ය. ඔහුට මේ සප්ත රත්නයෝ තිබුණාහු ය. එනම්; චක්‍ර රත්නය ය, හස්ති රත්නය ය, අශ්ව රත්නය ය, මාණික්‍ය රත්නය ය, ස්ත්‍රී රත්නය ය, ගෘහපති රත්නය ය සහ සත්වෙනි පුත්‍ර රත්නය යි. ඔහුට ශූර වීර වූ, පරසෙන් මඬින දහසකට වැඩි පුත්‍රයෝ වූවාහු ය. ඔහු සයුර සීමා කොට ඇති මේ පොළොව දඬුවමින් තොර ව, අවි ආයුධයෙන් තොර ව, ධර්මයෙන් ජයගෙන වාසය කළේ ය.

ඉක්බිති මහණෙනි, දළ්හනේමි රජු බොහෝ වසර ගණනක්, බොහෝ වසර සිය ගණනක් බොහෝ වසර දහස් ගණනක් ඇවෑමෙන් එක්තරා පුරුෂයෙකු ඇමතුවේ ය.

“එම්බා පුරුෂය, යම් කලෙක ඔබ දිව්‍ය වූ චක්‍රරත්නය (සක්විති රුවන) තිබූ තැනින් පසු බැස, තිබූ තැනින් බැහැර වී තිබෙනු දකින්නෙහි නම්, එවිට මට දැනුම් දෙව.”

මහණෙනි, “එසේ ය, දේවයිනි” යි ඒ පුරුෂයා දළ්හනේමි රජුට පිළිතුරු දුන්නේ ය. මහණෙනි, බොහෝ වසර ගණනක්, බොහෝ වසර සිය ගණනක්, බොහෝ වසර දහස් ගණනක් ඇවෑමෙන්, ඒ පුරුෂයා දිව්‍ය වූ චක්‍ර රත්නය තිබූ තැනින් පසු බැස, තිබූ තැනින් බැහැරට ගොස් තිබෙනු දුටුවේ ය. දැක දළ්හනේමි රජු යම් තැනක සිටියේ ද, එතැනට පැමිණියේ ය. පැමිණ දළ්හනේමි රජුට මෙය පැවසුවේ ය.

“එහෙනම් දේවයිනි, දැනගත මැනැව. ඔබගේ දිව්‍ය වූ චක්‍ර රත්නය තිබූ තැනින් පසු බැස්සේ ය. තිබූ තැනින් බැහැරට වූයේ ය.”

3.
අථ ඛෝ භික්ඛවේ රාජා දළ්හනේමි ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තෙත්වා ඒතදවෝච: දිබ්බං කිර මේ තාත කුමාර චක්කරතනං ඕසක්කිතං ඨානා චුතං. සුතං ඛෝ පන මේතං ‘යස්ස රඤ්ඤෝ චක්කවත්තිස්ස දිබ්බං චක්කරතනං ඕසක්කති, ඨානා චවති, න’දානි තේන රඤ්ඤා චිරං ජීවිතබ්බං හෝතී’ති. භුත්තා ඛෝ පන මේ මානුසිකා කාමා, සමයෝ’දානි මේ දිබ්බේ කාමේ පරියේසිතුං. ඒහි ත්වං තාත කුමාර ඉමං සමුද්දපරියන්තං පඨවිං පටිපජ්ජ. අහං පන කේසමස්සුං ඕහාරෙත්වා, කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා, අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී”ති. අථ ඛෝ භික්ඛවේ රාජා දළ්හනේමි ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජේ සමනුසාසිත්වා, කේසමස්සුං ඕහාරෙත්වා, කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා, අගාරස්මා අනගාරියං පබ්බජි. සත්තාහපබ්බජිතේ ඛෝ පන භික්ඛවේ රාජිසිම්හි දිබ්බං චක්කරතනං අන්තරධායි.

ඉක්බිති මහණෙනි, දළ්හනේමි රජු වැඩිමහල් පුත් කුමරු අමතා මෙය පැවසුවේ ය.

“දරුව, කුමාරය, මාගේ දිව්‍ය වූ චක්‍රරත්නය පසුබැස ගියේලු! තිබූ තැනින් බැහැර වූයේලු! එමෙන් ම මා විසින් මෙය ද අසන ලද්දේ ය. ‘යම් සක්විති රජෙකුගේ දිව්‍ය වූ චක්‍රරත්නය තිබූ තැනින් පසුබැස යයි ද, තිබූ තැනින් බැහැර වෙයි ද, දැන් ඒ රජු විසින් බොහෝ කල් ජීවත් විය හැකි නොවෙයි’ යන කරුණයි.

මා විසින් මිනිස් ලොව කාමයෝ අනුභව කරන ලද්දාහු ය. දැන් මා හට දිව්‍ය වූ කාමයන් සොයන්නට කාලය යි. දරුව, ඔබ එව. කුමාරය, සයුර සීමා කොට ගත් මේ පොළොව පාලනය කරව. මම් කෙස් රැවුල් බහා කසට පෙවූ වත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි යි.

එකල්හී මහණෙනි, දළ්හනේමි රජු වැඩිමහල් පුත් කුමරුට මනා ලෙස රාජ්‍යයෙහි අනුශාසනා කොට, කෙස් රැවුල් බහවා කසට පෙවූ වත් හැඳ, ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වූයේ ය. මහණෙනි, ඒ රාජර්ෂීන් වහන්සේ පැවිදි ව සත් වෙනි දවසෙහි දිව්‍ය වූ චක්‍ර රත්නය නොපෙනී ගියේ ය.

අථ ඛෝ භික්ඛවේ අඤ්ඤතරෝ පුරිසෝ යේන රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ තේනුපසංකමි. උපසංකමිත්වා රාජානං ඛත්තියං මුද්ධාභිසිත්තං ඒතදවෝච: යග්ඝේ දේව ජානෙය්‍යාසි දිබ්බං චක්කරතනං අන්තරහිතන්ති. අථ ඛෝ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ දිබ්බේ චක්කරතනේ අන්තරහිතේ අනත්තමනෝ අහෝසි. අනත්තමනතඤ්ච පටිසංවේදේසි. සෝ යේන රාජිසි තේනුපසංකමි. උපසංකමිත්වා රාජිසිං ඒතදවෝච: යග්ඝේ දේව ජානෙය්‍යාසි දිබ්බං චක්කරතනං අන්තරහිතන්ති. ඒවං වුත්තේ භික්ඛවේ රාජිසි රාජානං ඛත්තියං මුද්ධාභිසිත්තං ඒතදවෝච: ‘මා ඛෝ ත්වං තාත දිබ්බේ චක්කරතනේ අන්තරහිතේ අනත්තමනෝ අහෝසි, මා අනත්තමනතඤ්ච පටිසංවේදේසි න හි තේ තාත දිබ්බං චක්කරතනං පෙත්තිකං දායජ්ජං, ඉංඝ ත්වං තාත අරියේ චක්කවත්තිවත්තේ වත්තාහි ඨානං ඛෝ පනේතං විජ්ජති යන්තේ අරියේ චක්කවත්තිවත්තේ වත්තමානස්ස තදහුපෝසථේ පණ්ණරසේ සීසං නහාතස්ස උපෝසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුභවිස්සති සහස්සාරං සනේමිකං සනාභිකං සබ්බාකාරපරිපූර”න්ති.

ඉක්බිති මහණෙනි, එක්තරා පුරුෂයෙක් ඔටුනු පළන් ක්ෂත්‍රිය රජු වෙත එළැඹ මෙය කීවේ ය.

“දේවයනි, දැනගත මැනැව. දිව්‍ය වූ චක්‍ර රත්නය නොපෙනී ගියේ ය.” එවිට මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජු දිව්‍ය වූ චක්‍ර රත්නය නොපෙනී ගිය බව අසා නොසතුටු සිත් ඇතිවූයේ ය. නොසතුටු සිත් ඇති බව අත්වින්දේ ය. ඔහු රාජර්ෂීන් වහන්සේ යම් තැනක සිටියාහු ද, එතැනට පැමිණියේ ය. පැමිණ රාජර්ෂිහට මෙය සැළ කළේ ය.

“දේවයන් වහන්ස, දැනගන්නා සේක්වා! දිව්‍ය වූ චක්‍රරත්නය නොපෙනී ගියේ ය!”

මෙසේ කී කල්හී මහණෙනි, රාජ ඍෂි තෙමේ ඔටුනු පළන් ක්ෂත්‍රිය රජුට මෙසේ පැවසුවේ ය.

“දරුව, ඔබ දිව්‍ය වූ චක්‍ර රත්නය නොපෙනී ගිය කල්හී නොසතුටු සිත් ඇති ව ඉන්නට එපා! නොසතුටු සිත් ඇති බව විඳවන්නට එපා! දරුව, දිව්‍ය වූ චක්‍රරත්නය වනාහී ඔබට පියාගෙන් උරුම වන දායාදයක් නොවෙයි. එහෙයින් දරුව, ඔබ ආර්ය වූ චක්‍රවර්තී පිළිවෙතෙහි යෙදී වසව. යම්බඳු ඔබ විසින් ආර්ය වූ චක්‍රවර්තී පිළිවෙතෙහි යෙදී සිටින කල්හී ඒ පසළොස්වක පොහෝ දිනයෙහි හිස සෝදා ස්නානය කොට, පෙහෙවස් සමාදන් ව, ප්‍රාසාදයෙහි උඩුමහල් සඳළුතලයෙහි සිටින විට, අර දහසක් ඇති, රථ වළල්ල සහිත, නැබ සහිත, සියළු අයුරින් පිරිපුන් දිව්‍ය වූ චක්‍ර රත්නය පහළ වන්නේ ය යන කරුණ දකින්නට ලැබෙයි.”

4.
“කතමං පන තං දේව අරියං චක්කවත්තිවත්තන්ති” ?

“දේවයන් වහන්ස, ඒ ආර්ය වූ චක්‍රවර්තී පිළිවෙත් යනු මොනවාද?”

“තේන හි ත්වං තාත ධම්මං යේව නිස්සාය ධම්මං සක්කරොන්තෝ ධම්මං ගරුකරොන්තෝ ධම්මං මානෙන්තෝ ධම්මං පූජෙන්තෝ ධම්මං අපචායමානෝ, ධම්මද්ධජෝ ධම්මකේතු ධම්මාධිපතෙය්‍යෝ ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහස්සු අන්තෝජනස්මිං.

“එසේ වී නම් දරුව, ඔබ දස කුසල් දහම ම ඇසුරු කොට, දස කුසල් දහමට ම සත්කාර කරමින්, දස කුසල් දහමට ම ගෞරව කරමින්, දස කුසල් දහමට ම බුහුමන් කරමින්, දස කුසල් දහමට ම පුදමින්, දස කුසල් දහමෙහි ම යහපත් පැවැතුම් ඇති ව, දස කුසල් දහම ම ධජයක් කොට, දස කුසල් දහම ම පතාකයක් කොට, දස කුසල් දහම ම අධිපති කොට, අන්තඃපුර ජනයා කෙරෙහි ධාර්මික රැකවරණ ආරක්ෂාව පිළියෙල කරව.

ධම්මං යේව නිස්සාය ….(පෙ)…. බලකායස්මිං

දස කුසල් දහම ම ඇසුරු කොට ….(පෙ)…. සිය හමුදාවන් කෙරෙහි ධාර්මික රැකවරණ ආරක්ෂාව පිළියෙල කරව.

ධම්මං යේව නිස්සාය ….(පෙ)…. ඛත්තියේසු අන්නුස්සුතේසු.

දස කුසල් දහම ම ඇසුරු කොට ….(පෙ)…. යටහත් අනුයුක්ත වූ ක්ෂත්‍රියයන් කෙරෙහි ධාර්මික රැකවරණ ආරක්ෂාව පිළියෙල කරව.

ධම්මං යේව නිස්සාය ….(පෙ)…. බ්‍රාහ්මණගහපතිකේසු,

දස කුසල් දහම ම ඇසුරු කොට ….(පෙ)…. බ්‍රාහ්මණ ගෘහපතිවරුන් කෙරෙහි ධාර්මික රැකවරණ ආරක්ෂාව පිළියෙල කරව.

ධම්මං යේව නිස්සාය ….(පෙ)…. නේගමජානපදේසු,

දස කුසල් දහම ම ඇසුරු කොට ….(පෙ)…. නියම් ගම් ජනපද වැසියන් කෙරෙහි ධාර්මික රැකවරණ ආරක්ෂාව පිළියෙල කරව.

ධම්මං යේව නිස්සාය ….(පෙ)…. සමණබ්‍රාහ්මණේසු,

දස කුසල් දහම ම ඇසුරු කොට ….(පෙ)…. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි ධාර්මික රැකවරණ ආරක්ෂාව පිළියෙල කරව.

ධම්මං යේව නිස්සාය ….(පෙ)….මිගපක්ඛීසු.

දස කුසල් දහම ම ඇසුරු කොට ….(පෙ)…. සිව්පාවුන්, පක්ෂීන් කෙරෙහි ධාර්මික රැකවරණ ආරක්ෂාව පිළියෙල කරව.

මා ච තේ තාත විජිතේ අධම්මකාරෝ පවත්තිත්ථ.

දරුව, තොපගේ විජිතයෙහි අධාර්මික ක්‍රියා පවත්වන්නට ඉඩදෙන්න එපා!

යේ ච තේ තාත විජිතේ අධනා අස්සු, තේසඤ්ච ධනමනුප්පදෙය්‍යාසි.

දරුව, තොපගේ විජිතයෙහි යම් කෙනෙක් ධනය නැති ව සිටිත් ද, ඔවුන්ට ධනය ලබා දෙව්.

යේ ච තේ තාත විජිතේ සමණබ්‍රාහ්මණා මදප්පමාදා පටිවිරතා ඛන්තිසෝරච්චේ නිවිට්ඨා ඒකමත්තානං දමෙන්ති, ඒකමත්තානං සමෙන්ති, ඒකමත්තානං පරිනිබ්බාපෙන්ති. තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡෙය්‍යාසි පරිපඤ්හෙය්‍යාසි: කිං භන්තේ කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං කිං අනවජ්ජං, කිං සේවිතබ්බං කිං න සේවිතබ්බං, කිං මේ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය අස්ස, කිං වා පන මේ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය අස්සා?”ති. තේසං සුත්වා යං අකුසලං තං අභිනිවජ්ජෙය්‍යාසි, යං කුසලං තං සමාදාය වත්තෙය්‍යාසි.

දරුව, තොපගේ විජිතයෙහි යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මද ප්‍රමාදයෙන් වැළකී, ඉවසීමෙහි ත්, යහපත් වචන පිළිගැනීමෙහි ත් පිහිටා සිටිමින් එක ම සිත දමනය කරත් ද, එක ම සිත සංසිඳුවත් ද, එක ම සිත මුළුමනින් ම නිවා දමත් ද, කලින් කලට ඔවුන් වෙත එළැඹ නැවත නැවත යහපත් කරුණු අසව. නැවත නැවත විමසව. ‘ස්වාමීනී, කුසල් යනු කුමක් ද? අකුසල් යනු කුමක් ද? වැරදි දේ යනු කුමක් ද? නිවැරදි දේ යනු කුමක් ද? සේවනය කළ යුතු දේ යනු කුමක් ද? සේවනය නොකළ යුතු දේ යනු කුමක් ද? මා විසින් කුමක් කළ විට බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ද? මා විසින් කුමක් කළ විට බොහෝ කල් හිත පිණිස, සැප පිණිස පවතින්නේ ද?’ යි. ඔවුන්ගෙන් අසාගෙන යමක් අකුසල් නම් එය දුරලව. යමක් කුසල් නම් එය සමාදන් ව පවත්වව.

ඉදං ඛෝ තාත අරියං චක්කවත්තිවත්ත”න්ති.

දරුව, මෙය වනාහී ආර්ය වූ චක්‍රවර්තී පිළිවෙත යි.”

“ඒවං දේවා”ති ඛෝ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ රාජිසිස්ස පටිස්සුත්වා අරියේ චක්කවත්තිවත්තේ වත්ති. තස්ස අරියේ චක්කවත්තිවත්තේ වත්තමානස්ස තදහුපෝසථේ පණ්ණරසේ සීසං නහාතස්ස උපෝසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුරහෝසි සහස්සාරං සනේමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං. දිස්වාන රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස ඒතදහෝසි: සුතං ඛෝ පන මේතං යස්ස රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස තදහුපෝසථේ පණ්ණරසේ සීසං නහාතස්ස උපෝසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුභවති. සහස්සාරං සනේමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං, සෝ හෝති රාජා චක්කවත්තී’ති. අස්සං නු ඛෝ අහං රාජා චක්කවත්තී”ති.

මහණෙනි, “එසේ ය, දේවයන් වහන්සැ”යි ඔටුනු පළන් ක්ෂත්‍රීය රජු රාජර්ෂීතුමාට පිළිවදන් දී ආර්ය චක්‍රවර්තී පිළිවෙතෙහි යෙදී කටයුතු කළේ ය. ආර්ය චක්‍රවර්තී පිළිවෙතෙහි යෙදී කටයුතු කරන ඔහුට ඒ පසළොස්වක පුන් පොහෝ දිනයෙහි හිස සෝදා ස්නානය කොට, පෙහෙවස් සමාදන් ව, ප්‍රාසාදයට නැග උඩුමහල් සඳළුතලයෙහි සිටි කල්හී, දහසක් අර ඇති රථ වළල්ල සහිත, නැබ සහිත, සියළු අයුරින් පිරිපුන් දිව්‍ය වූ චක්‍රරත්නය පහළ වූයේ ය.

ඒ චක්‍රරත්නය දුටු ඔටුනු පළන් ක්ෂත්‍රිය රජුට මේ අදහස ඇති වූයේ ය. ‘මා විසින් මෙකරුණ අසන ලද්දේ ම ය. ඒ පුන් පොහෝ දිනයෙහි හිස සෝදා ස්නානය කොට, උපෝසථ සිල් සමාදන් ව, උතුම් මාලිගයෙහි උඩුමහලට ගොස් සිටින, යම් ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙකු හට දහසක් අර සහිත, නිම් වළලු හෙවත් පට්ටම සහිත, නාභිය හෙවත් මැද කුඩා රවුම සහිත සියළු අයුරින් පිරිපුන් දිව්‍ය වූ චක්‍රරත්නය පහළ වෙයි ද, ඔහු සක්විති රජෙක් වෙයි යනුවෙනි. මම සක්විති රජෙක් විය හැක්කෙම් ද?’

5.
අථ ඛෝ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ උට්ඨායාසනා, ඒකංසං උත්තරාසංගං කරිත්වා වාමේන හත්ථේන භිංකාරං ගහෙත්වා දක්ඛිණේන හත්ථේන චක්කරතනං අබ්භුක්කිරි, ‘පවත්තතු භවං චක්කරතනං, අභිවිජිනාතු භවං චක්කරතන’න්ති. අථ ඛෝ තං භික්ඛවේ චක්කරතනං පුරත්ථිමං දිසං පවත්ති, අන්වදේව රාජා චක්කවත්තී සද්ධිං චතුරංගිනියා සේනාය. යස්මිං ඛෝ පන භික්ඛවේ පදේසේ චක්කරතනං පතිට්ඨාසි, තත්ථ රාජා චක්කවත්තී වාසං උපගඤ්ඡි සද්ධිං චතුරංගිනියා සේනාය. යේ ඛෝ පන භික්ඛවේ පුරත්ථිමාය දිසාය පටිරාජානෝ, තේ රාජානං චක්කවත්තිං උපසංකමිත්වා ඒවමාහංසු: ඒහි ඛෝ මහාරාජ, ස්වාගතං තේ මහාරාජ සකන්තේ මහාරාජ, අනුසාස මහාරාජා’ති.

එකල්හී මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජ තෙමේ හුනස්නෙන් නැගිට, උතුරු සළුව ඒකාංශ කොට පොරොවා, වම් අතින් රන් කෙණ්ඩිය ගෙන, දකුණු අතින් චක්‍රරත්නයට පැන් ඉස්සේ ය. ‘භවත් චක්‍රරත්නය කරකැවේවා! භවත් චක්‍රරත්නය විශේෂයෙන් ජය ලබා දේවා!’ යි.

ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය නැගෙනහිර දිශාවට කරකැවුණේ ය. සක්විති රජු චතුරංගිනී සේනාව සමඟ ඒ චක්‍රරත්නය අනුව නික්මුණේ ය. මහණෙනි, යම් ප්‍රදේශයක චක්‍රරත්නය පිහිටියේ ද, සක්විති රජු චතුරංගිනී සේනාව සමඟ එහි නැවතුණේ ය. මහණෙනි, නැගෙනහිර දිශාවෙහි යම් විරුද්ධ රජවරු සිටියාහු ද, ඔවුහු සක්විති රජු වෙත එළඹ මෙසේ කීවාහු ය.

“මහරජාණෙනි, එනු මැනැව. මහරජාණෙනි, ඔබට සුභ ආගමනයකි! මහරජාණෙනි, මෙය ඔබගේ විජිතය යි. මහරජාණෙනි, අපට අනුශාසනා කළ මැනැව.”

රාජා චක්කවත්තී ඒවමාහ:

සක්විති රජු මෙසේ පැවසුවේ ය.

පාණෝ න හන්තබ්බෝ. අදින්නං නාදාතබ්බං කාමේසුමිච්ඡා න චරිතබ්බා. මුසා න භාසිතබ්බා. මජ්ජං න පාතබ්බං. යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති.

“සතුන් නොමැරිය යුත්තේ ය. සොරකම් නොකළ යුත්තේ ය. වැරදි කාම සේවනයෙහි නොයෙදිය යුත්තේ ය. බොරු නොකිව යුත්තේ ය. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත නොකළ යුත්තේ ය. යම් සේ රජසැප අනුභව කළේ ද, එසේ ම රජ සැප විඳිව්.”

යේ ඛෝ පන භික්ඛවේ පුරත්ථිමාය දිසාය පටිරාජානෝ තේ රඤ්ඤෝ චක්කවත්තිස්ස අනුයුත්තා අහේසුං.

මහණෙනි, නැගෙනහිර දිශාවෙහි යම් විරුද්ධ රජවරු සිටියාහු ද, ඔවුහු සක්විති රජු අනුව යන්නෝ වූහ.

අථ ඛෝ තං භික්ඛවේ චක්කරතනං පුරත්ථිමං සමුද්දං අජ්ඣෝගාහිත්වා පච්චුත්තරිත්වා දක්ඛිණං දිසං පවත්ති ….(පෙ)…. අනුයුත්තා අහේසුං.

ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිග මුහුදට බැස එයින් ගොඩ නැගී දකුණු දිශාවට කරකැවුණේ ය. ….(පෙ)…. අනුව යන්නෝ වූහ.

අථ ඛෝ තං භික්ඛවේ චක්කරතනං දක්ඛිණං සමුද්දං අජ්ඣෝගාහිත්වා පච්චුත්තරිත්වා පච්ඡිමං දිසං පවත්ති, අන්වදේව රාජා චක්කවත්තී සද්ධිං චතුරංගිනියා සේනාය. යස්මිං ඛෝ පන භික්ඛවේ පදේසේ දිබ්බං චක්කරතනං පතිට්ඨාසි, තත්ථ රාජා චක්කවත්තී වාසං උපගඤ්ඡි සද්ධිං චතුරංගිනියා සේනාය. යේ ඛෝ පන භික්ඛවේ පච්ඡිමාය දිසාය පටිරාජානෝ, තේ රාජානං චක්කවත්තිං උපසංකමිත්වා ඒවමාහංසු: ඒහි ඛෝ මහාරාජ, ස්වාගතං තේ මහාරාජ, සකන්තේ මහාරාජ, අනුසාස මහාරාජා’ති.

ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය දකුණු මුහුදට බැස එයින් ගොඩ නැගී බටහිර දිශාවට කරකැවුණේ ය. සක්විති රජු චතුරංගිනී සේනාව සමඟ ඒ චක්‍රරත්නය අනුව නික්මුණේ ය. මහණෙනි, යම් ප්‍රදේශයක චක්‍රරත්නය පිහිටියේ ද, සක්විති රජු චතුරංගිනී සේනාව සමඟ එහි නැවතුණේ ය. මහණෙනි, බටහිර දිශාවෙහි යම් විරුද්ධ රජවරු සිටියාහු ද, ඔවුහු සක්විති රජු වෙත එළඹ මෙසේ කීවාහු ය. “මහරජාණෙනි, එනු මැනැව. මහරජාණෙනි, ඔබට සුභ ආගමනයකි! මහරජාණෙනි, මෙය ඔබගේ විජිතය යි. මහරජාණෙනි, අපට අනුශාසනා කළ මැනැව.”

රාජා චක්කවත්තී ඒවමාහ:

සක්විති රජු මෙසේ පැවසුවේ ය.

පාණෝ න හන්තබ්බෝ, අදින්නං නාදාතබ්බං, කාමේසුමිච්ඡා න චරිතබ්බා, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං, යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති. යේ ඛෝ පන භික්ඛවේ පච්ඡිමාය දිසාය පටිරාජානෝ, තේ රඤ්ඤෝ චක්කවත්තිස්ස අනුයුත්තා අහේසුං.

“සතුන් නොමැරිය යුත්තේ ය. සොරකම් නොකළ යුත්තේ ය. වැරදි කාම සේවනයෙහි නොයෙදිය යුත්තේ ය. බොරු නොකිව යුත්තේ ය. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත නොකළ යුත්තේ ය. යම් සේ රජසැප අනුභව කළේ ද, එසේ ම රජ සැප විඳිව්.” මහණෙනි, බටහිර දිශාවෙහි යම් විරුද්ධ රජවරු සිටියාහු ද, ඔවුහු සක්විති රජු අනුව යන්නෝ වූහ.

අථ ඛෝ තං භික්ඛවේ චක්කරතනං පච්ඡිමං සමුද්දං අජ්ඣෝගාහිත්වා පච්චුත්තරිත්වා උත්තරං දිසං පවත්ති, අන්වදේව රාජා චක්කවත්තී සද්ධිං චතුරංගිනියා සේනාය. යස්මිං ඛෝ පන භික්ඛවේ පදේසේ දිබ්බං චක්කරතනං පතිට්ඨාසි, තත්ථ රාජා චක්කවත්තී වාසං උපගඤ්ඡි සද්ධිං චතුරංගිනියා සේනාය. යේ ඛෝ පන භික්ඛවේ උත්තරාය දිසාය පටිරාජානෝ තේ රාජානං චක්කවත්තිං උපසංකමිත්වා ඒවමාහංසු: ඒහි ඛෝ මහාරාජ, ස්වාගතං තේ මහාරාජ, සකන්තේ මහාරාජ, අනුසාස මහාරාජා’ති. රාජා චක්කවත්තී ඒවමාහ: පාණෝ න හන්තබ්බෝ, අදින්නං නාදාතබ්බං, කාමේසුමිච්ඡා න චරිතබ්බා, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං, යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති.

ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය බටහිර මුහුදට බැස එයින් ගොඩ නැගී උතුරු දිශාවට කරකැවුණේ ය. සක්විති රජු චතුරංගිනී සේනාව සමඟ ඒ චක්‍රරත්නය අනුව නික්මුණේ ය. මහණෙනි, යම් ප්‍රදේශයක චක්‍රරත්නය පිහිටියේ ද, සක්විති රජු චතුරංගිනී සේනාව සමඟ එහි නැවතුණේ ය. මහණෙනි, උතුරු දිශාවෙහි යම් විරුද්ධ රජවරු සිටියාහු ද, ඔවුහු සක්විති රජු වෙත එළඹ මෙසේ කීවාහු ය.

“මහරජාණෙනි, එනු මැනැව. මහරජාණෙනි, ඔබට සුභ ආගමනයකි! මහරජාණෙනි, මෙය ඔබගේ විජිතය යි. මහරජාණෙනි, අපට අනුශාසනා කළ මැනැව.”

සක්විති රජු මෙසේ පැවසුවේ ය.

“සතුන් නොමැරිය යුත්තේ ය. සොරකම් නොකළ යුත්තේ ය. වැරදි කාම සේවනයෙහි නොයෙදිය යුත්තේ ය. බොරු නොකිව යුත්තේ ය. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත නොකළ යුත්තේ ය. යම් සේ රජසැප අනුභව කළේ ද, එසේ ම රජ සැප විඳිව්.”

යේ ඛෝ පන භික්ඛවේ උත්තරාය දිසාය පටිරාජානෝ තේ රඤ්ඤෝ චක්කවත්තිස්ස අනුයුත්තා අහේසුං.

මහණෙනි, උතුරු දිශාවෙහි යම් විරුද්ධ රජවරු සිටියාහු ද, ඔවුහු සක්විති රජු අනුව යන්නෝ වූහ.

6.
අථ ඛෝ තං භික්ඛවේ චක්කරතනං සමුද්දපරියන්තං පඨවිං අභිවිජිනිත්වා තමේව රාජධානිං පච්චාගන්ත්වා රඤ්ඤෝ චක්කවත්තිස්ස අන්තේපුරද්වාරේ අත්ථකරණප්පමුඛේ අක්ඛාහතං මඤ්ඤේ අට්ඨාසි, රඤ්ඤෝ චක්කවත්තිස්ස අන්තේපුරං උපසෝභයමානං. ….(පෙ)….

ඉක්බිති මහණෙනි, මහා සමුද්‍රය සීමා කොට පොළොව ජයගෙන එම රාජධානියට ම ආපසු හැරී අවුත් සක්විති රජුගේ ඇතුළු නුවර දොරටුවෙහි විනිසුරු සභාව ඉදිරියෙහි ඒ චක්‍රරත්නය කඩඇණයක් ගැසූ කලෙක මෙන් සක්විති රජුගේ අන්තඃපුරය සෝභමාන කරමින් නැවතුණේ ය.

දුතියෝ පි ඛෝ භික්ඛවේ රාජා චක්කවත්තී ….(පෙ)…. තතියෝ පි ඛෝ භික්ඛවේ රාජා චක්කවත්තී ….(පෙ)…. චතුත්ථෝ පි ඛෝ භික්ඛවේ රාජා චක්කවත්තී ….(පෙ)…. පඤ්චමෝ පි ඛෝ භික්ඛවේ රාජා චක්කවත්තී ….(පෙ)…. ඡට්ඨෝ පි ඛෝ භික්ඛවේ රාජා චක්කවත්තී ….(පෙ)…. සත්තමෝ පි ඛෝ භික්ඛවේ රාජා චක්කවත්තී බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන අඤ්ඤතරං පුරිසං ආමන්තේසි: යදා ත්වං අම්භෝ පුරිස පස්සෙය්‍යාසි දිබ්බං චක්කරතනං ඕසක්කිතං ඨානා චුතං, අථ මේ ආරෝචෙය්‍යාසී’ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ සෝ පුරිසෝ රඤ්ඤෝ චක්කවත්තිස්ස පච්චස්සෝසි. අද්දසා ඛෝ භික්ඛවේ සෝ පුරිසෝ බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන දිබ්බං චක්කරතනං ඕසක්කිතං ඨානා චුතං, දිස්වාන යේන රාජා චක්කවත්තී තේනුපසංකමි, උපසංකමිත්වා රාජානං චක්කවත්තිං ඒතදවෝච: යග්ඝේ දේව ජානෙය්‍යාසි දිබ්බන්තේ චක්කරතනං ඕසක්කිතං ඨානා චුතන්ති.

මහණෙනි, දෙවෙනි සක්විති රජු ත් ….(පෙ)…. මහණෙනි, තුන් වෙනි සක්විති රජු ත් ….(පෙ)…. මහණෙනි, සිව්වෙනි සක්විති රජු ත් ….(පෙ)…. මහණෙනි, පස්වෙනි සක්විති රජු ත් ….(පෙ)…. මහණෙනි, සයවෙනි සක්විති රජු ත් ….(පෙ)…. මහණෙනි, සත්වෙනි සක්විති රජු ත් බොහෝ වසර ගණනක්, බොහෝ වසර සිය ගණනක්, බොහෝ වසර දහස් ගණනක් ඇවෑමෙන් එක්තරා පුරුෂයෙකු ඇමතුවේ ය.

“එම්බා පුරුෂය, යම් කලෙක ඔබ දිව්‍ය වූ චක්‍රරත්නය තිබූ තැනින් පසු බැස, තිබූ තැනින් බැහැර වී තිබෙනු දකින්නෙහි නම්, එවිට මට දැනුම් දෙව.”

මහණෙනි, “එසේ ය, දේවයිනි” යි ඒ පුරුෂයා සක්විති රජුට පිළිතුරු දුන්නේ ය. මහණෙනි, බොහෝ වසර ගණනක්, බොහෝ වසර සිය ගණනක්, බොහෝ වසර දහස් ගණනක් ඇවෑමෙන්, ඒ පුරුෂයා දිව්‍ය වූ චක්‍ර රත්නය තිබූ තැනින් පසු බැස, තිබූ තැනින් බැහැරට ගොස් තිබෙනු දුටුවේ ය. දැක සක්විති රජු යම් තැනක සිටියේ ද, එතැනට පැමිණියේ ය. පැමිණ සක්විති රජුට මෙය පැවසුවේ ය.

“එහෙනම් දේවයිනි, දැනගත මැනැව. ඔබගේ දිව්‍ය වූ චක්‍ර රත්නය තිබූ තැනින් පසු බැස්සේ ය. තිබූ තැනින් බැහැරට වූයේ ය.”

7.
අථ ඛෝ භික්ඛවේ රාජා චක්කවත්තී ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තෙත්වා ඒතදවෝච: “දිබ්බං කිර මේ තාත කුමාර චක්කරතනං ඕසක්කිතං ඨානා චුතං, සුතං ඛෝ පන මේතං යස්ස රඤ්ඤෝ චක්කවත්තිස්ස දිබ්බං චක්කරතනං ඕසක්කති ඨානා චවති, න’දානි තේන රඤ්ඤා චිරං ජීවිතබ්බං හෝතී’ති. භුත්තා ඛෝ පන මේ මානුසිකා කාමා, සමයෝ’දානි මේ දිබ්බේ කාමේ පරියේසිතුං. ඒහි ත්වං තාත කුමාර, ඉමං සමුද්දපරියන්තං පඨවිං පටිපජ්ජ, අහං පන කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී”ති. අථ ඛෝ භික්ඛවේ රාජා චක්කවත්තී ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජේ සමනුසාසිත්වා, කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. සත්තාහපබ්බජිතේ ඛෝ පන භික්ඛවේ රාජිසිම්හි දිබ්බං චක්කරතනං අන්තරධායි. අථ ඛෝ භික්ඛවේ අඤ්ඤතරෝ පුරිසෝ ….(පෙ)…. අන්තරහිතන්ති. අථ ඛෝ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ දිබ්බේ චක්කරතනේ අන්තරහිතේ අනත්තමනෝ අහෝසි, අනත්තමනතඤ්ච පටිසංවේදේසි. නෝ ච ඛෝ රාජිසිං උපසංකමිත්වා අරියං චක්කවත්තිවත්තං පුච්ඡි. සෝ සමතේනේව සුදං ජනපදං පසාසති. තස්ස සමතේන ජනපදං පසාසතෝ පුබ්බේනාපරං ජනපදා න පබ්බන්ති යථා තං පුබ්බකානං රාජූනං අරියේ චක්කවත්තිවත්තේ වත්තමානානං.

ඉක්බිති මහණෙනි, සක්විති රජු වැඩිමහල් පුත් කුමරු අමතා මෙය පැවසුවේ ය.

“දරුව, කුමාරය, මාගේ දිව්‍ය වූ චක්‍රරත්නය පසුබැස ගියේලු! තිබූ තැනින් බැහැර වූයේලු! එමෙන් ම මා විසින් මෙය ද අසන ලද්දේ ය. ‘යම් සක්විති රජෙකුගේ දිව්‍ය වූ චක්‍රරත්නය තිබූ තැනින් පසුබැස යයි ද, තිබූ තැනින් බැහැර වෙයි ද, දැන් ඒ රජු විසින් බොහෝ කල් ජීවත් විය හැකි නොවෙයි’ යන කරුණ යි.

මා විසින් මිනිස් ලොව කාමයෝ අනුභව කරන ලද්දාහු ය. දැන් මා හට දිව්‍ය වූ කාමයන් සොයන්නට කාලය යි. දරුව, ඔබ එව. කුමාරය, සයුර සීමා කොට ගත් මේ පොළොව පාලනය කරව. මම් කෙස් රැවුල් බහා කසට පෙවූ වත් හැඳ ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි යි.

එකල්හී මහණෙනි, සක්විති රජු වැඩිමහල් පුත් කුමරුට මනා ලෙස රාජ්‍යයෙහි අනුශාසනා කොට, කෙස් රැවුල් බහවා කසට පෙවූ වත් හැඳ, ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වූයේ ය. මහණෙනි, ඒ රාජර්ෂීන් වහන්සේ පැවිදි ව සත් වෙනි දවසෙහි දිව්‍ය වූ චක්‍ර රත්නය නොපෙනී ගියේ ය.

ඉක්බිති මහණෙනි, එක්තරා පුරුෂයෙක් ඔටුනු පළන් ක්ෂත්‍රිය රජු වෙත එළැඹ මෙය කීවේ ය.

“දේවයනි, දැනගත මැනැව. දිව්‍ය වූ චක්‍ර රත්නය නොපෙනී ගියේ ය.” එවිට මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජු දිව්‍ය වූ චක්‍ර රත්නය නොපෙනී ගිය බව අසා නොසතුටු සිත් ඇතිවූයේ ය. නොසතුටු සිත් ඇති බව අත්වින්දේ ය. නමුත් රාජඍෂිතුමා වෙත එළැඹ ආර්ය වූ චක්‍රවර්තී පිළිවෙත නොඇසුවේ ය. ඔහු තමන්ගේ හිතුමනාපයෙන් ජනපදය පාලනය කරයි. තමන්ගේ හිතුමනාපයට ජනපදය පාලනය කරන විට කලින් සිටි රජවරුන් ආර්ය චක්‍රවර්තී පිළිවෙතින් පාලනය කළ සමයෙහි මෙන් ඔහුගේ ජනපදයෝ දියුණු නොවෙති.

8.
අථ ඛෝ භික්ඛවේ අමච්චා පාරිසජ්ජා ගණකා මහාමත්තා අනීකට්ඨා දෝවාරිකා මන්තස්සාජීවිනෝ සන්නිපතිත්වා රාජානං ඛත්තියං මුද්ධාභිසිත්තං ඒතදවෝචුං: “න ඛෝ තේ දේව සමතේන සුදං ජනපදං පසාසතෝ පුබ්බේනාපරං ජනපදා පබ්බන්ති යථා තං පුබ්බකානං රාජූනං අරියේ චක්කවත්තිවත්තේ වත්තමානානං. සංවිජ්ජන්ති ඛෝ තේ දේව විජිතේ අමච්චා පාරිසජ්ජා ගණකා මහාමත්තා අනීකට්ඨා දෝවාරිකා මන්තස්සාජීවිනෝ, මයඤ්චේව අඤ්ඤේ ච, යේ මයං අරියං චක්කවත්තිවත්තං ධාරේම. ඉංඝ ත්වං දේව අම්හේ අරියං චක්කවත්තිවත්තං පුච්ඡ, තස්ස තේ මයං අරියං චක්කවත්තිවත්තං පුට්ඨා බ්‍යාකරිස්සාමා”ති.

එකල්හී මහණෙනි, ඇමතිවරු ද, රජ පිරිස ද, ගණකයෝ ද, මහාමාත්‍යයෝ ද, හමුදා බල ප්‍රධානීහු ද, දොරටුපාලකයෝ ද, උපදේශකයෝ ද, රැස් වී ඔටුනු පළන් ක්ෂත්‍රීය රජු වෙත එළැඹ මෙය කීවාහු ය.

“දේවයනි, තමන්ගේ හිතුමතයට ජනපදය පාලනය කරන විට කලින් සිටි රජවරුන් ආර්ය චක්‍රවර්තී පිළිවෙතින් පාලනය කළ කාලයෙහි මෙන් ඔබවහන්සේගේ ජනපදයෝ දියුණු නොවෙති. දේවයනි, යම්බඳු අපි ආර්ය චක්‍රවර්තී පිළිවෙත දරමු නම් එසේ වූ අප ද, අන්‍ය වූ ඇමතිවරු ද, රජ පිරිස ද, ගණකයෝ ද, මහාමාත්‍යයෝ ද, හමුදා බල ප්‍රධානීහු ද, දොරටුපාලකයෝ ද, උපදේශකයෝ ද ඔබවහන්සේගේ විජිතයෙහි සිටිති. එහෙනම් දේවයනි, ඔබවහන්සේ අපගෙන් ආර්ය වූ චක්‍රවර්තී පිළිවෙත අසන්න. ඔබ විසින් අසන ලද ඒ අපි ආර්ය වූ චක්‍රවර්තී පිළිවෙත පවසන්නෙමු.

[ ආයුවණ්ණාදිපරිහාණිකථා ]

අථ ඛෝ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ අමච්චේ පාරිසජ්ජේ ගණකේ මහාමත්තේ අනීකට්ඨේ දෝවාරිකේ මන්තස්සාජීවිනෝ සන්නිපාතාපෙත්වා අරියං චක්කවත්තිවත්තං පුච්ඡි.

ඉක්බිති මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රීය රජු ඇමතියන් ද, රාජ පිරිස ද, ගණකයන් ද, මහාමාත්‍යයන් ද, බලප්‍රධානීන් ද, ද්වාර පාලකයන් ද, උපදේශකයන් ද රැස් කරවා ආර්ය චක්‍රවර්තී පිළිවෙත ඇසුවේ ය.

තස්ස තේ අරියං චක්කවත්තිවත්තං පුට්ඨා බ්‍යාකරිංසු. තේසං සුත්වා ධම්මිකඤ්හි ඛෝ රක්ඛාවරණගුත්තිං සංවිදහි. නෝ ච ඛෝ අධනානං ධනමනුප්පදාසි අධනානං ධනේ අනනුප්පදීයමානේ දාළිද්දියං වේපුල්ලමගමාසි. දාළිද්දියේ වේපුල්ලං ගතේ අඤ්ඤතරෝ පුරිසෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියි. තමේනං අග්ගහේසුං ගහෙත්වා රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සේසුං අයං දේව පුරිසෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියී’ති. ඒවං වුත්තේ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ තං පුරිසං ඒතදවෝච: “සච්චං කිර ත්වං අම්භෝ පුරිස පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියී?”ති. “සච්චං දේවාති”. “කිං කාරණා?”ති. “න හි දේව ජීවාමී”ති.

ඒ රජු විසින් අසන ලද ඔවුහු ආර්ය චක්‍රවර්තී පිළිවෙත කියාදුන්හ. ඔවුන්ගේ වචනය ඇසූ ඒ රජු ධාර්මික රක්ෂාවරණ ආරක්ෂාව යෙදවී ය. එසේ නමුත් ධනය නැති උදවියට ධනය නොදුන්නේ ය. ධනය නැති උදවියට ධනය නොලැබෙන කල්හී දිළිඳුබව බොහෝ වැඩිවී ගියේ ය. දිළිඳු බව බොහෝ වැඩි වී ගිය කල්හී එක්තරා පුරුෂයෙක් අනුන්ට අයත්, තමාට නුදුන් දෙයක් සොර සිතින් ගත්තේ ය. මිනිස්සු ඔහු ව අල්ලා ගත්හ. අල්ලාගෙන ඔටුනු පළන් ක්ෂත්‍රිය රජුට දැක්වූහ.

“දේවයිනි, මේ පුරුෂයා අනුන්ට අයත්, තමාට නුදුන් දෙයක් සොර සිතින් ගත්තේ ය.”

මෙසේ කී කල්හී මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රීය රජු ඒ පුරුෂයාට මෙය පැවසුවේ ය.

“එම්බා පුරුෂය, සැබෑවක් ද? අනුන්ට අයත්, තමාට නුදුන් දෙයක් ඔබ සොර සිතින් ගත්තෙහි ද?”

“සැබෑවකි දේවයිනි.”

“එසේ ගන්නට කාරණාව කුමක් ද?”

“දේවයිනි, ජීවත්වෙන්නට නොහැක්කෙමි.”

9.
අථ ඛෝ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ තස්ස පුරිසස්ස ධනමනුප්පාදාසි “ඉමිනා ත්වං අම්භෝ පුරිස ධනේන අත්තනා ච ජීවාහි, මාතාපිතරෝ ච පෝසේහි, පුත්තදාරඤ්ච පෝසේහි, කම්මන්තේ ච පයෝජේහි, සමණබ්‍රාහ්මණේසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨපේහි, සෝවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකන්ති”. “ඒවං දේවා”ති ඛෝ භික්ඛවේ සෝ පුරිසෝ රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස පච්චස්සෝසි. අඤ්ඤතරෝ පි ඛෝ භික්ඛවේ පුරිසෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියි. තමේනං අග්ගහේසුං ගහෙත්වා රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සේසුං “අයං දේව පුරිසෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියී”ති. ඒවං වුත්තේ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ තං පුරිසං ඒතදවෝච: “සච්චං කිර ත්වං අම්භෝ පුරිස පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියී”ති. “සච්චං දේවා”ති. “කිං කාරණා?”ති. “න හි දේව ජීවාමී”ති. අථ ඛෝ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ තස්ස පුරිසස්ස ධනමනුප්පදාසි “ඉමිනා ත්වං අම්භෝ පුරිස ධනේන අත්තනා ච ජීවාහි, මාතාපිතරෝ ච පෝසේහි, පුත්තදාරඤ් ච පෝසේහි, කම්මන්තේ ච පයෝජේහි, සමණබ්‍රාහ්මණේසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨපේහි, සෝවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකන්ති”. “ඒවං දේවා”ති ඛෝ භික්ඛවේ සෝ පුරිසෝ රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස පච්චස්සෝසි.

එකල්හී මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජු ඒ පුරුෂයාට ධනය දුන්නේය.

“එම්බා පුරුෂය, ඔබ මේ ධනයෙන් තමනුත් ජීවත් වෙව. මව්පියන් ද පෝෂණය කරව. අඹුදරුවන් ද පෝෂණය කරව. කර්මාන්ත කටයුතුවල ත් යොදවාලව. සුගතියෙහි උපතට හේතුවන, සුගතිය පිණිස පවතින, සැප විපාක දෙන පරිදි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ත් දන් වැටක් පිහිටුවව.” මහණෙනි, “එසේ ය, දේවයිනි” යි ඒ පුරුෂයා ඔටුනු පළන් ක්ෂත්‍රිය රජුට පිළිතුරු දුන්නේ ය.

මහණෙනි, තව පුරුෂයෙකුත් අනුන්ට අයත්, තමාට නුදුන් දෙයක් සොර සිතින් ගත්තේ ය. මිනිස්සු ඔහු ව අල්ලා ගත්හ. අල්ලාගෙන ඔටුනු පළන් ක්ෂත්‍රිය රජුට දැක්වූහ.

“දේවයිනි, මේ පුරුෂයා අනුන්ට අයත්, තමාට නුදුන් දෙයක් සොර සිතින් ගත්තේ ය.”

මෙසේ කී කල්හී මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රීය රජු ඒ පුරුෂයාට මෙය පැවසුවේ ය.

“එම්බා පුරුෂය, සැබෑවක් ද? අනුන්ට අයත්, තමාට නුදුන් දෙයක් ඔබ සොර සිතින් ගත්තෙහි ද?”

“සැබෑවකි දේවයිනි.”

“එසේ ගන්නට කාරණාව කුමක් ද?”

“දේවයිනි, ජීවත්වෙන්නට නොහැක්කෙමි.”

එකල්හී මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජු ඒ පුරුෂයාට ධනය දුන්නේය.

“එම්බා පුරුෂය, ඔබ මේ ධනයෙන් තමනුත් ජීවත් වෙව. මව්පියන් ද පෝෂණය කරව. අඹුදරුවන් ද පෝෂණය කරව. කර්මාන්ත කටයුතුවල ත් යොදවාලව. සුගතියෙහි උපතට හේතුවන, සුගතිය පිණිස පවතින, සැප විපාක දෙන පරිදි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ත් දන් වැටක් පිහිටුවව.” මහණෙනි, “එසේ ය, දේවයිනි” යි ඒ පුරුෂයා ඔටුනු පළන් ක්ෂත්‍රිය රජුට පිළිතුරු දුන්නේ ය.

අස්සෝසුං ඛෝ භික්ඛවේ මනුස්සා: යේ කිර භෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියන්ති, තේසං රාජා ධනමනුප්පදේතීති. සුත්වාන තේසං ඒතදහෝසි: “යන්නූන මයම්පි පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියෙය්‍යාමා”ති.

මහණෙනි, ‘භවත්නි, යම් කෙනෙක් අනුන්ට අයත්, තමන්ට නුදුන් දෙයක් සොර සිතින් ගනිත් නම්, ඔවුන්ට රජු ධනය දෙන්නේලු!’ යි මිනිස්සු ඇසූහ. අසා ඔවුන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘එසේ නම් අපි ත් අනුන්ට අයත්, තමන්ට නොදුන් දේ සොර සිතින් ගන්නෙමු නම් යෙහෙකි’ යි.

අථ ඛෝ භික්ඛවේ අඤ්ඤතරෝ පුරිසෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියි. තමේනං අග්ගහේසුං ගහෙත්වා රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සේසුං “අයං දේව පුරිසෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියී”ති.

ඉක්බිති මහණෙනි, තවත් පුරුෂයෙක් අනුන්ට අයත්, තමාට නුදුන් දෙයක් සොර සිතින් ගත්තේ ය. මිනිස්සු ඔහු ව අල්ලා ගත්හ. අල්ලාගෙන ඔටුනු පළන් ක්ෂත්‍රිය රජුට දැක්වූහ.

“දේවයිනි, මේ පුරුෂයා අනුන්ට අයත්, තමාට නුදුන් දෙයක් සොර සිතින් ගත්තේ ය.”

ඒවං වුත්තේ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ තං පුරිසං ඒතදවෝච: “සච්චං කිර ත්වං අම්භෝ පුරිස පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියී”ති. “සච්චං දේවා”ති. “කිං කාරණා?”ති. “න හි දේව ජීවාමී”ති. අථ ඛෝ භික්ඛවේ රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස ඒතදහෝසි: “සචේ ඛෝ අහං යෝ යෝ පි පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියිස්සති, තස්ස තස්ස ධනමනුප්පදස්සාමි, ඒවමිදං අදින්නාදානං පවඩ්ඪිස්සති. යන්නූනාහං ඉමං පුරිසං සුනිසේධං නිසේධෙය්‍යං මූලඡෙජ්ජං කරෙය්‍යං, සීසමස්ස ඡින්දෙය්‍ය”න්ති.

මෙසේ කී කල්හී මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රීය රජු ඒ පුරුෂයාට මෙය පැවසුවේ ය.

“එම්බා පුරුෂය, සැබෑවක් ද? අනුන්ට අයත්, තමාට නුදුන් දෙයක් ඔබ සොර සිතින් ගත්තෙහි ද?”

“සැබෑවකි දේවයිනි.”

“එසේ ගන්නට කාරණාව කුමක් ද?”

“දේවයිනි, ජීවත්වෙන්නට නොහැක්කෙමි.”

එකල්හී මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජුට මෙසේ සිතුණේ ය. ‘ඉදින් යමෙක් යමෙක් අනුන්ට අයත්, තමන්ට නොදුන් දේ සොරකම් කරන්නේ නම්, මම ඒ ඒ කෙනාට ධනය ද දෙන්නෙම් නම්, මෙසේ මේ අන්සතු දේ පැහැර ගැනීම වැඩෙන්නේ ය. එහෙයින් මම මේ පුරුෂයා යළි සොරකම් කරන්නට බැරි වන සෙයින් නැති කරන්නෙම් නම්, මුලින් ම සිඳින්නෙම් නම්, මොහුගේ හිස සිඳින්නෙම් නම් මැනැවි’ යි.

10.
අථ ඛෝ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ පුරිසේ ආණාපේසි: “තේන හි භණේ ඉමං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා, ඛරස්සරේන පණවේන රථියා රථිං සිංඝාටකේන සිංඝාටකං පරිනෙත්වා දක්ඛිණේන ද්වාරේන නික්ඛාමෙත්වා දක්ඛිණතෝ නගරස්ස සුනිසේධං නිසේධේථ, මූලඡෙජ්ජං කරෝථ, සීසමස්ස ඡින්දථා”ති. “ඒවං දේවා”ති ඛෝ භික්ඛවේ තේ පුරිසා රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස පටිස්සුත්වා තං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා, ඛරස්සරේන පණවේන රථියා රථිං සිංඝාටකේන සිංඝාටකං පරිනෙත්වා, දක්ඛිණේන ද්වාරේන නික්ඛාමෙත්වා, දක්ඛිණතෝ නගරස්ස සුනිසේධං නිසේධේසුං මූලඡෙජ්ජං අකංසු, සීසමස්ස ඡින්දිංසු. අස්සෝසුං ඛෝ භික්ඛවේ මනුස්සා, “යේ කිර භෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියන්ති, තේ රාජා සුනිසේධං නිසේධේති, මූලඡෙජ්ජං කරෝති, සීසානි තේසං ඡින්දතී”ති. සුත්වාන තේසං ඒතදහෝසි: යන්නූන මයම්පි තිණ්හානි සත්ථානි කාරාපෙස්සාම තිණ්හානි සත්ථානි කාරාපෙත්වා යේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියිස්සාම, තේ සුනිසේධං නිසේධෙස්සාම, මූලඡෙජ්ජං කරිස්සාම, සීසානි තේසං ඡින්දිස්සාමා”ති. තේ තිණ්හානි සත්ථානි කාරාපේසුං, තිණ්හානි සත්ථානි කාරාපෙත්වා ගාමඝාතම්පි උපක්කමිංසු කාතුං, නිගමඝාතම්පි උපක්කමිංසු කාතුං, නගරඝාතම්පි උපක්කමිංසු කාතුං, පන්ථදූහනම්පි උපක්කමිංසු කාතුං. යේසං තේ අදින්නං ථෙය්‍යසංඛාතං ආදියන්ති, තේ සුනිසේධං නිසේධෙන්ති, මූලඡෙජ්ජං කරොන්ති, සීසානි තේසං ඡින්දන්ති. ඉති ඛෝ භික්ඛවේ අධනානං ධනේ අනනුප්පදියමානේ දාළිද්දියං වේපුල්ලමගමාසි. දාළිද්දියේ වේපුල්ලං ගතේ අදින්නාදානං වේපුල්ලමගමාසි, අදින්නාදානේ වේපුල්ලං ගතේ සත්ථං වේපුල්ලමගමාසි. සත්ථේ වේපුල්ලං ගතේ පාණාතිපාතෝ වේපුල්ලමගමාසි. පාණාතිපාතේ වේපුල්ලං ගතේ තේසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණෝ පි පරිහායි, තේසං ආයුනා පි පරිහායමානානං වණ්ණේන පි පරිහායමානානං අසීතිවස්සසහස්සායුකානං මනුස්සානං පුත්තා චත්තාරීසං වස්සසහස්සායුකා අහේසුං.

ඉක්බිති මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රිය රජු රාජපුරුෂයන් ඇමතුවේ ය.

“එසේ වී නම් සගයෙනි, මේ පුරුෂයා දැඩි වූ වරපටින් දෑත් පිටුපසට කොට තද කොට බැඳ, හිස මුඩු කොට බැගෑ හඬ ඇති පණා බෙර වයමින්, පාරක් පාරක් ගානේ, හන්දියක් හන්දියක් ගානේ ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මී නුවරට දකුණින් නැවත සොරකම් කරන්නට බැරි වන ලෙස, නැති කරව්. මුලින් ම සිඳ දමව්. මොහුගේ හිස සිඳිව්.”

මහණෙනි, “එසේ ය, දේවයිනි” යි ඒ රාජ පුරුෂයෝ ඔටුණු පළන් ක්ෂත්‍රිය රජු හට පිළිවදන් දී අර පුරුෂයා දැඩි වූ වරපටින් දෑත් පිටුපසට කොට තද කොට බැඳ, හිස මුඩු කොට බැගෑ හඬ ඇති පණා බෙර වයමින්, පාරක් පාරක් ගානේ, හන්දියක් හන්දියක් ගානේ ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මී නුවරට දකුණින් නැවත සොරකම් කරන්නට බැරි වන ලෙස, නැති කොට දැමූහ. මුලින් ම සිඳ දැමූහ. ඔහුගේ හිස ගසා දැමූහ.

මහණෙනි, මිනිස්සු මෙය ඇසූහ. ‘භවත්නි, යම්කෙනෙක් අනුන්ට අයත්, තමන්ට නොදුන් දේ සොරසිතින් ගනිත් නම්, රජු නැවත සොරකම් කළ නොහැකි වන සේ ඔවුහු නැතිකොට දමයි. මුලින් ම සිඳ දමයි. ඔවුන්ගේ හිස් ගසා දමයි.’ එය ඇසූ ඔවුන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘එසේ නම් අපිත් තියුණු අවි ආයුධ කරවන්නෙමු. තියුණු අවි ආයුධ කරවා යම් අය සතු දේ සොර සිතින් පැහැර ගන්නෙමු නම්, අප ගැන කියන්නට බැරි වන සේ ඔවුන් නැති කොට දමන්නෙමු. මුලින් ම සිඳින්නෙමු. ඔවුන්ගේ හිස් ගසා දමන්නෙමු’ යි.

ඔවුහු තියුණු අවි ආයුධ තැනෙව්වාහු ය. තියුණු අවි ආයුධ තනවා ගම්වැසියන් නසා, බඩු පැහැර ගන්නට පටන් ගත්හ. නියම්ගම්වැසියන් නසා බඩු පැහැර ගන්නට පටන් ගත්හ. නගරවැසියන් නසා බඩු පැහැර ගන්නට පටන් ගත්හ. පාරේ යන මිනිසුන් නසා බඩු පැහැර ගන්නට පටන් ගත්හ. ඔවුහු යම්කෙනෙකුන් සතු බඩුමුට්ටු පැහැර ගත්තාහු ද, ඒ අයිතිකාරයින්ට සාක්ෂි දී ගන්නට නොහැකි වන සෙයින් නැති කොට දමත්. මුලින් ම සිඳ දමත්. ඔවුන්ගේ හිස් ගසා දමත්.

මෙසේ මහණෙනි, ධනය නැති උදවියට ධනය ලැබෙන පිළිවෙලක් නැති කල්හි දිළිදු බව බොහෝ පැතිරී ගියේ ය. දිළිදු බව බොහෝ පැතිරී ගිය කල්හී අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගියේ ය. අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගිය කල්හී අවි ආයුධ ගැනීම බොහෝ පැතිරී ගියේ ය. අවි ආයුධ බොහෝ පැතිරී ගිය කල්හී මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩි වී ගියේ ය. මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩිවී ගිය කල්හී ඒ සත්වයන්ගේ ආයුෂ ත් පිරිහී ගියේ ය. පැහැය ත් පිරිහී ගියේ ය. ඔවුන්ගේ ආයුෂ ත් පිරිහී යන විට, පැහැයත් පිරිහී යන විට, අසූ දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ සතළිස් දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.

11.
චත්තාරීසංවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු අඤ්ඤතරෝ පුරිසෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියි. තමේනං අග්ගහේසුං, ගහෙත්වා රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සේසුං “අයං දේව පුරිසෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියී”ති. ඒවං වුත්තේ භික්ඛවේ රාජා ඛත්තියෝ මුද්ධාභිසිත්තෝ තං පුරිසං ඒතදවෝච: “සච්චං කිර ත්වං අම්භෝ පුරිස පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියී?”ති. “න හි දේවා”ති සම්පජානමුසා අභාසි. ඉති ඛෝ භික්ඛවේ අධනානං ධනේ අනනුප්පදියමානේ දාළිද්දියං වේපුල්ලමගමාසි. දාළිද්දියේ වේපුල්ලං ගතේ අදින්නාදානං වේපුල්ලමගමාසි. අදින්නාදානේ වේපුල්ලං ගතේ සත්ථං වේපුල්ලමගමාසි. සත්ථේ වේපුල්ලං ගතේ පාණාතිපාතෝ වේපුල්ලමගමාසි. පාණාතිපාතේ වේපුල්ලං ගතේ මුසාවාදෝ වේපුල්ලමගමාසි මුසාවාදේ වේපුල්ලං ගතේ තේසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණෝ පි පරිහායි, තේසං ආයුනා පි පරිහායමානානං වණ්ණේන පි පරිහායමානානං චත්තාරීසවස්සසහස්සායුකානං මනුස්සානං වීසතිවස්සසහස්සායුකා පුත්තා අහේසුං. වීසතිවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු අඤ්ඤතරෝ පුරිසෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියි. තමේනං අඤ්ඤතරෝ පුරිසෝ රඤ්ඤෝ ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස ආරෝචේසි: “ඉත්ථන්නාමෝ දේව පුරිසෝ පරේසං අදින්නං ථෙය්‍යසංඛාතං ආදියී”ති පේසුඤ්ඤමකාසි. ඉති ඛෝ භික්ඛවේ අධනානං ධනේ අනනුප්පදියමානේ දාළිද්දියං වේපුල්ලමගමාසි. දාළිද්දියේ වේපුල්ලං ගතේ අදින්නාදානං වේපුල්ලමගමාසි. අදින්නාදානේ වේපුල්ලං ගතේ සත්ථං වේපුල්ලමගමාසි. සත්ථේ වේපුල්ලං ගතේ පාණාතිපාතෝ වේපුල්ලමගමාසි. පාණාතිපාතේ වේපුල්ලං ගතේ මුසාවාදෝ වේපුල්ලමගමාසි. මුසාවාදේ වේපුල්ලං ගතේ පිසුණා වාචා වේපුල්ලමගමාසි. පිසුණාය වාචාය වේපුල්ලං ගතාය තේසං සත්තානං ආයු පි පරිහායි වණ්ණෝ පි පරිහායි තේසං ආයුනා පි පරිහායමානානං වණ්ණේන පි පරිහායමානානං වීසතිවස්සසහස්සායුකානං මනුස්සානං දසවස්සසහස්සායුකා පුත්තා අහේසුං.

මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සතළිස් දහසක් වූ කල්හී එක්තරා පුරුෂයෙක් අනුන් සතු, තමාට නොදුන් දෙයක් සොර සිතින් ගත්තේ ය. මිනිස්සු ඔහු ව අල්ලා ගත්හ. අල්ලා ගෙන ඔටුනු පළන් ක්ෂත්‍රීය රජු වෙත දැක්වූහ.

“දේවයිනි, මේ පුරුෂයා අනුන්ට අයත්, තමාට නුදුන් දෙයක් සොර සිතින් ගත්තේ ය.”

මෙසේ කී කල්හී මහණෙනි, ඔටුනු පළන් ක්ෂත්‍රීය රජු ඒ පුරුෂයාට මෙය පැවසුවේ ය.

“එම්බා පුරුෂය, සැබෑවක් ද? අනුන්ට අයත්, තමාට නුදුන් දෙයක් ඔබ සොර සිතින් ගත්තෙහි ද?”

“නැත දේවයන් වහන්ස” යි දැන දැන බොරු කිව්වේ ය.

මහණෙනි, මෙසේ ධනය නැති උදවියට ධනය ලැබෙන පිළිවෙලක් නැති කල්හි දිළිදු බව බොහෝ පැතිරී ගියේ ය. දිළිදු බව බොහෝ පැතිරී ගිය කල්හී අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගියේ ය. අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගිය කල්හී අවි ආයුධ ගැනීම බොහෝ පැතිරී ගියේ ය. අවි ආයුධ බොහෝ පැතිරී ගිය කල්හී මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩි වී ගියේ ය. මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩිවී ගිය කල්හී බොරු කීම බොහෝ පැතිරී ගියේ ය. බොරු කීම බොහෝ පැතිරී ගිය කල්හී ඒ සත්වයන්ගේ ආයුෂ ත් පිරිහී ගියේ ය. පැහැය ත් පිරිහී ගියේ ය. ඔවුන්ගේ ආයුෂ ත් පිරිහී යන විට, පැහැයත් පිරිහී යන විට, හතළිස් දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ විසි දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.

මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ අවුරුදු විසි දහසක් වූ කල්හී එක්තරා පුරුෂයෙක් අනුන් සතු, තමාට නොදුන් දෙයක් සොරකම් කළේ ය. එවිට තවත් පුරුෂයෙක් ඔටුනු පළන් ක්ෂත්‍රිය රජු වෙත ගොස් මෙය සැළ කළේ ය.

“දේවයනි, අසවල් නම් ඇති පුරුෂයා අනුන් සතු, තමාට නොදුන් දෙයක් සොරකම් කළේ ය” යි කේළාම් කීවේ ය.

මහණෙනි, මෙසේ ධනය නැති උදවියට ධනය ලැබෙන පිළිවෙලක් නැති කල්හි දිළිදු බව බොහෝ පැතිරී ගියේ ය. දිළිදු බව බොහෝ පැතිරී ගිය කල්හී අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගියේ ය. අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගිය කල්හී අවි ආයුධ ගැනීම බොහෝ පැතිරී ගියේ ය. අවි ආයුධ බොහෝ පැතිරී ගිය කල්හී මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩි වී ගියේ ය. මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩිවී ගිය කල්හී බොරු කීම බොහෝ පැතිරී ගියේ ය. බොරු කීම බොහෝ පැතිරී ගිය කල්හී කේළාම් කීම බොහෝ පැතිරී ගියේ ය. කේළාම් කීම බොහෝ පැතිරී ගිය කල්හී ඒ සත්වයන්ගේ ආයුෂ ත් පිරිහී ගියේ ය. පැහැය ත් පිරිහී ගියේ ය. ඔවුන්ගේ ආයුෂ ත් පිරිහී යන විට, පැහැයත් පිරිහී යන විට, විසි දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ දස දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.

12.
දසවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු ඒකිදං සත්තා වණ්ණවන්තෝ හොන්ති, ඒකිදං සත්තා දුබ්බණ්ණා. තත්ථ යේ තේ සත්තා දුබ්බණ්ණා තේ වණ්ණවන්තේ සත්තේ අභිජ්ඣායන්තා පරේසං දාරේසු චාරිත්තං ආපජ්ජිංසු. ඉති ඛෝ භික්ඛවේ අධනානං ධනේ අනනුප්පදියමානේ දාළිද්දියං වේපුල්ලමගමාසි. දාළිද්දියේ වේපුල්ලං ගතේ ….(පෙ)…. කාමේසුමිච්ඡාචාරෝ වේපුල්ලමගමාසි, කාමේසුමිච්ඡාචාරේ වේපුල්ලං ගතේ තේසං සත්තානං ආයු පි පරිහායි වණ්ණෝ පි පරිහායි. තේසං ආයුනා පි පරිහායමානානං වණ්ණේන පි පරිහායමානානං දසවස්සසහස්සායුකානං මනුස්සානං පඤ්චවස්සසහස්සායුකා පුත්තා අහේසුං.

මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ අවුරුදු දස දහසක් වූ කල්හී ඇතැම් සත්වයෝ මනා පැහැපත් වෙති. ඇතැම් සත්වයෝ කිලිටි පැහැ ඇත්තෝ වෙති. එහිදී ඔවුන් අතර යම් ඒ සත්වයෝ කිලිටි පැහැ ඇති ව සිටියාහු ද, ඔවුහු මනා පැහැ ඇති සත්වයන් දෙස සරාගී සිතින් බලමින්, අනුන්ගේ අඹුවන් සමඟ වැරදි කාම සේවනයට පැමිණියාහු ය.

මහණෙනි, මෙසේ ධනය නැති උදවියට ධනය ලැබෙන පිළිවෙලක් නැති කල්හි දිළිදු බව බොහෝ පැතිරී ගියේ ය. දිළිදු බව බොහෝ පැතිරී ගිය කල්හී අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගියේ ය. අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගිය කල්හී අවි ආයුධ ගැනීම බොහෝ පැතිරී ගියේ ය. අවි ආයුධ බොහෝ පැතිරී ගිය කල්හී මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩි වී ගියේ ය. මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩිවී ගිය කල්හී බොරු කීම බොහෝ පැතිරී ගියේ ය. බොරු කීම බොහෝ පැතිරී ගිය කල්හී කේළාම් කීම බොහෝ පැතිරී ගියේ ය. කේළාම් කීම බොහෝ පැතිරී ගිය කල්හී වැරදි කාම සේවනය බොහෝ පැතිරී ගියේ ය. වැරදි කාම සේවනය බොහෝ පැතිරී ගිය කල්හී ඒ සත්වයන්ගේ ආයුෂ ත් පිරිහී ගියේ ය. පැහැය ත් පිරිහී ගියේ ය. ඔවුන්ගේ ආයුෂ ත් පිරිහී යන විට, පැහැයත් පිරිහී යන විට, දස දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ පන් දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.

13. පඤ්චවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු ද්වේ ධම්මා වේපුල්ලමගමංසු ඵරුසාවාචා සම්ඵප්පලාපෝ ච ද්වීසු ධම්මේසු වේපුල්ලං ගතේසු තේසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණෝ පි පරිහායි. තේසං ආයුනා පි පරිහායමානානං වණ්ණේන පි පරිහායමානානං පඤ්චවස්සසහස්සායුකානං මනුස්සානං අප්පේකච්චේ අඩ්ඪතෙය්‍යවස්සසහස්සායුකා අප්පේකච්චේ ද්වේවස්සසහස්සායුකා පුත්තා අහේසුං. අඩ්ඪතෙය්‍යවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු අභිජ්ඣාව්‍යාපාදා වේපුල්ලමගමංසු. අභිජ්ඣාව්‍යාපාදේසු වේපුල්ලං ගතේසු තේසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණෝ පි පරිහායි. තේසං ආයුනා පි පරිහායමානානං වණ්ණේන පි පරිහායමානානං අඩ්ඪතෙය්‍යවස්සසහස්සායුකානං මනුස්සානං වස්සසහස්සායුකා පුත්තා අහේසුං. වස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු මිච්ඡාදිට්ඨි වේපුල්ලමගමාසි. මිච්ඡාදිට්ඨියා වේපුල්ලං ගතාය තේසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණෝ පි පරිහායි. තේසං ආයුනා පි පරිහායමානානං වණ්ණේන පි පරිහායමානානං වස්සසහස්සායුකානං මනුස්සානං පඤ්චවස්සසතායුකා පුත්තා අහේසුං. පඤ්චවස්සසතායුකේසු භික්ඛවේ මනුස්සේසු තයෝ ධම්මා වේපුල්ලමගමංසු අධම්මරාගෝ විසමලෝභෝ මිච්ඡාධම්මෝ. තීසු ධම්මේසු වේපුල්ලං ගතේසු තේසං සත්තානං ආයු පි පරිහායි, වණ්ණෝ පි පරිහායි. තේසං ආයුනා පි පරිහායමානානං වණ්ණේන පි පරිහායමානානං පඤ්චවස්සසතායුකානං මනුස්සානං අප්පේකච්චේ අඩ්ඪතෙය්‍යවස්සසතායුකා අප්පේකච්චේ ද්වේවස්සසතායුකා පුත්තා අහේසුං. අඩ්ඪතෙය්‍යවස්සසතායුකේසු භික්ඛවේ මනුස්සේසු ඉමේ ධම්මා වේපුල්ලමගමංසු අමත්තෙය්‍යතා අපෙත්තෙය්‍යතා අසාමඤ්ඤතා අබ්‍රහ්මඤ්ඤතා න කුලේ ජෙට්ඨාපචායිතා.

මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ අවුරුදු පන් දහසක් වූ කල්හී ඔවුන් අතර කරුණු දෙකක් බොහෝ සේ වැඩි වී ගියේ ය. එනම්, දරුණු වචනයෙන් බැණ වැදීම ත්, හිස් වචන කතා කිරීම ත් ය. මේ කරුණු දෙක බොහෝ වැඩි වී ගිය කල්හී ඒ සත්වයන්ගේ ආයුෂ ත් පිරිහී ගියේ ය. පැහැය ත් පිරිහී ගියේ ය. ඔවුන්ගේ ආයුෂ ත් පිරිහී යන විට, පැහැයත් පිරිහී යන විට, පන් දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ ඇතැම් දරුවෝ දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. ඇතැම් දරුවෝ දෙදහස් වසරක ආයුෂ ඇත්තෝ වූහ.

මහණෙනි, දෙදහස් පන්සිය වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර අනුන් සතු දේ තමාට අයත් කරගැනීමේ ආශාව ත්, ද්වේෂය ත් බොහෝ වැඩි වී ගියේ ය. අනුන් සතු දේ තමන් සතු කරගැනීමේ ආශාව ත්, ද්වේෂය ත් බොහෝ වැඩි වී ගිය කල්හී ඒ සත්වයන්ගේ ආයුෂ ත් පිරිහී ගියේ ය. පැහැය ත් පිරිහී ගියේ ය. ඔවුන්ගේ ආයුෂ ත් පිරිහී යන විට, පැහැයත් පිරිහී යන විට, දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.

මහණෙනි, දහස් වසරක ආයුෂ ඇති මිනිසුන් අතර මිථ්‍යා දෘෂ්ටිය බොහෝ සේ වැඩි වී ගියේ ය. මිථ්‍යා දෘෂ්ටිය බොහෝ පැතිරී ගිය කල්හී ඒ සත්වයන්ගේ ආයුෂ ත් පිරිහී ගියේ ය. පැහැය ත් පිරිහී ගියේ ය. ඔවුන්ගේ ආයුෂ ත් පිරිහී යන විට, පැහැයත් පිරිහී යන විට, දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.

මහණෙනි, පන්සිය වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර තුන් කරුණක් බොහෝ පැතිරී ගියේ ය. අධර්ම රාගය, විෂම ලෝභය සහ මිථ්‍යා ධර්මය යි. මේ තුන් කරුණ බොහෝ පැතිරී ගිය කල්හී ඒ සත්වයන්ගේ ආයුෂ ත් පිරිහී ගියේ ය. පැහැය ත් පිරිහී ගියේ ය. ඔවුන්ගේ ආයුෂ ත් පිරිහී යන විට, පැහැයත් පිරිහී යන විට, පන්සියයක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ ඇතැම් දරුවෝ දෙසිය පනසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. ඇතැම් දරුවෝ දෙසිය වසරක් ආයුෂ ඇත්තෝ වූහ.

මහණෙනි, දෙසිය පනස් වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර මේ කරුණු බොහෝ පැතිර ගියේ ය. මව්ට නොසැළකීම, පියාට නොසැළකීම, ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම, ගුරුවරාදී කුලදෙටුවන්ට ගරු නොකිරීම ය.

14.
ඉති ඛෝ භික්ඛවේ අධනානං ධනේ අනනුප්පදියමානේ දාළිද්දියං වේපුල්ලමගමාසි, දාළිද්දියේ වේපුල්ලං ගතේ අදින්නාදානං වේපුල්ලමගමාසි. අදින්නාදානේ වේපුල්ලං ගතේ සත්ථං වේපුල්ලමගමාසි. සත්ථේ වේපුල්ලං ගතේ පාණාතිපාතෝ වේපුල්ලමගමාසි. පාණාතිපාතේ වේපුල්ලං ගතේ මුසාවාදෝ වේපුල්ලමගමාසි මුසාවාදේ වේපුල්ලං ගතේ පිසුණා වාචා වේපුල්ලමගමාසි පිසුණාය වාචාය වේපුල්ලං ගතාය කාමේසුමිච්ඡාචාරෝ වේපුල්ලමගමාසි කාමේසුමිච්ඡාචාරේ වේපුල්ලං ගතේ ද්වේ ධම්මා වේපුල්ලමගමංසු ඵරුසා වාචා සම්ඵප්පලාපෝ ච. ද්වීසු ධම්මේසු වේපුල්ලං ගතේසු අභිජ්ඣාව්‍යාපාදා වේපුල්ලමගමංසු, අභිජ්ඣාව්‍යාපාදේසු වේපුල්ලං ගතේසු මිච්ඡාදිට්ඨි වේපුල්ලමගමාසි මිච්ඡාදිට්ඨියා වේපුල්ලං ගතාය තයෝ ධම්මා වේපුල්ලමගමංසු අධම්මරාගෝ විසමලෝභෝ මිච්ඡාධම්මෝ. තීසු ධම්මේසු වේපුල්ලං ගතේසු ඉමේ ධම්මා වේපුල්ලමගමංසු අමත්තෙය්‍යතා අපෙත්තෙය්‍යතා අසාමඤ්ඤතා අබ්‍රහ්මඤ්ඤතා න කුලේ ජෙට්ඨාපචායිතා. ඉමේසු ධම්මේසු වේපුල්ලං ගතේසු තේසං සත්තානං ආයු පි පරිහායි වණ්ණෝ පි පරිහායි. තේසං ආයුනා පි පරිහායමානානං වණ්ණේන පි පරිහායමානානං අඩ්ඪතෙය්‍යවස්සසතායුකානං මනුස්සානං වස්සසතායුකා පුත්තා අහේසුං.

මහණෙනි, මෙසේ ධනය නැති උදවියට ධනය ලැබෙන පිළිවෙලක් නැති කල්හි දිළිදු බව බොහෝ පැතිරී ගියේ ය. දිළිදු බව බොහෝ පැතිරී ගිය කල්හී අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගියේ ය. අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගිය කල්හී අවි ආයුධ ගැනීම බොහෝ පැතිරී ගියේ ය. අවි ආයුධ බොහෝ පැතිරී ගිය කල්හී මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩි වී ගියේ ය. මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩිවී ගිය කල්හී බොරු කීම බොහෝ පැතිරී ගියේ ය. බොරු කීම බොහෝ පැතිරී ගිය කල්හී කේළාම් කීම බොහෝ පැතිරී ගියේ ය. කේළාම් කීම බොහෝ පැතිරී ගිය කල්හී වැරදි කාම සේවනය බොහෝ පැතිරී ගියේ ය. වැරදි කාම සේවනය බොහෝ පැතිරී ගිය කල්හී දරුණු වචනයෙන් බැණ වැදීම ත්, හිස් වචන කතා කිරීම ත් යන මේ කරුණ දෙක බොහෝ පැතිරී ගියේ ය. මේ කරුණු දෙක බොහෝ පැතිරී ගිය කල්හී අන්සතු දෙය තමා සතු කරගැනීමේ ආශාව ත්, ද්වේෂය ත් බොහෝ පැතිරී ගියේ ය. අන්සතු දෙය තමා සතු කරගැනීමේ ආශාව ත්, ද්වේෂය ත් බොහෝ පැතිරී ගිය කල්හී මිථ්‍යා දෘෂ්ටිය බොහෝ පැතිරී ගියේ ය. මිථ්‍යා දෘෂ්ටිය බොහෝ පැතිරී ගිය කල්හී අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්මය යන කරුණු තුන බොහෝ පැතිරී ගියේ ය. මේ කරුණු තුන බොහෝ පැතිරී ගිය කල්හී, මව්ට නොසැළකීම, පියාට නොසැළකීම, ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම, ගුරුවරාදී කුලදෙටුවන්ට ගරු නොකිරීම යන මේ කරුණු බොහෝ පැතිරී ගියේ ය. මේ කරුණු බොහෝ පැතිරී ගිය කල්හී ඒ සත්වයන්ගේ ආයුෂ ත් පිරිහී ගියේ ය. පැහැය ත් පිරිහී ගියේ ය. ඔවුන්ගේ ආයුෂ ත් පිරිහී යන විට, පැහැයත් පිරිහී යන විට, දෙසිය පනසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.

[ දසවස්සායුකසමයෝ ]

15.
භවිස්සති භික්ඛවේ සෝ සමයෝ යං ඉමේසං මනුස්සානං දසවස්සායුකා පුත්තා භවිස්සන්ති. දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු පඤ්චවස්සිකා කුමාරිකා අලම්පතෙය්‍යා භවිස්සන්ති. දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු ඉමානි රසානි අන්තරධායිස්සන්ති, සෙය්‍යථීදං සප්පි නවනීතං තේලං මධු ඵාණිතං ලෝණං. දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු කුද්‍රෑසකෝ අග්ගං භෝජනානං භවිස්සති. සෙය්‍යථාපි භික්ඛවේ ඒතරහි සාලිමංසෝදනෝ අග්ගං භෝජනානං, ඒවමේව ඛෝ භික්ඛවේ දසවස්සායුකේසු මනුස්සේසු කුද්‍රෑසකෝ අග්ගං භෝජනානං භවිස්සති. දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු දස කුසලකම්මපථා සබ්බේන සබ්බං අන්තරධායිස්සන්ති, දස අකුසලකම්මපථා අතිබ්‍යාදිප්පිස්සන්ති. දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු කුසලන්තිපි න භවිස්සති. කුතෝ පන කුසලස්ස කාරකෝ. දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු යේ තේ භවිස්සන්ති අමත්තෙය්‍යා අපෙත්තෙය්‍යා අසාමඤ්ඤා අබ්‍රහ්මඤ්ඤා න කුලේ ජෙට්ඨාපචායිනෝ, තේ පුජ්ජා ච භවිස්සන්ති පාසංසා ච. සෙය්‍යථාපි භික්ඛවේ ඒතරහි මත්තෙය්‍යා පෙත්තෙය්‍යා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලේ ජෙට්ඨාපචායිනෝ පුජ්ජා ච පාසංසා ච, ඒවමේව ඛෝ භික්ඛවේ දසවස්සායුකේසු මනුස්සේසු යේ තේ භවිස්සන්ති අමත්තෙය්‍යා අපෙත්තෙය්‍යා අසාමඤ්ඤා අබ්‍රහ්මඤ්ඤා න කුලේ ජෙට්ඨාපචායිනෝ, තේ පුජ්ජා ච භවිස්සන්ති පාසංසා ච. දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු න භවිස්සති මාතා ති වා මාතුච්ඡා ති වා මාතුලානී ති වා ආචරියභරියා ති වා ගරූනං දාරෝ ති වා සම්භේදං ලෝකෝ ගමිස්සති යථා අජේළකා කුක්කුටසූකරා සෝණසිගාලා.

මහණෙනි, මේ මිනිසුන්ගේ දරුවෝ දස වර්ෂයක ආයුෂ ඇත්තෝ වන්නාහු ද, එබඳු කාලයක් එන්නේ ය. මහණෙනි, දස වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර, පස් හැවිරිදි කුමරියෝ පතිකුලයට යෑමට සුදුසු වන්නෝ ය. මහණෙනි, දස වසක් ආයු ඇති මිනිසුන් අතර මේ රසයෝ අතුරුදහන් වන්නාහු ය. එනම්, ගිතෙල් රස ය, වෙඬරු රස ය, තල තෙල් රස ය, මී පැණි රස ය, පැණි රස ය. ලුණු රසය ය.

මහණෙනි, දස වසක් ආයු ඇති මිනිසුන් අතර කුරහන් වලින් සැකසූ ආහාරය බොජුන් අතර අග්‍ර වන්නේ ය. මහණෙනි, මෙකල මස් සහිත ඇල් හාලේ බත බොජුන් අතර අග්‍ර වන්නේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, දසවසක් ආයු ඇති මිනිසුන් අතර කුරහන් වලින් සැකසූ ආහාරය බොජුන් අතර අග්‍ර වන්නේ ය. මහණෙනි, දස වසක් ආයු ඇති මිනිසුන් අතර දස කුසල කර්මපථ සහමුලින් ම අතුරුදහන් වන්නේ ය. දස අකුසල කර්ම පථ අතිශයින් ම ඉස්මතු ව එන්නේ ය. මහණෙනි, දස වසක් ආයු ඇති මිනිසුන් අතර කුසලය යන නමවත් අසන්නට නොලැබෙන්නේ ය. කුසල් කරන්නෙක් කොයින් නම් ලබන්න ද?

මහණෙනි, දසවස් ආයු ඇති මිනිසුන් අතර යම් කෙනෙක් මවට නොසළකත් ද, පියාට නොසළකත් ද, ශ්‍රමණයින්ට ගරු නොකරත් ද, බ්‍රාහ්මණයින්ට ගරු නොකරත් ද, කුල දෙටුවන්ට අවනත නොවෙත් ද, ඔවුහු පිදුම් ද ලබන්නාහ. ප්‍රශංසා ද ලබන්නාහ. මහණෙනි, මෙකල යම් කෙනෙක් මව්ට සළකත් නම්, පියාට සළකත් නම්, ශ්‍රමණයින්ට ගරු කරත් නම්, බ්‍රාහ්මණයින්ට ගරු කරත් නම්, කුල දෙටුවන්ට අවනත වෙත් නම්, ඔවුහු යම් සේ පුද ලබත් ද, ප්‍රශංසා ලබත් ද, එසෙයින් ම මහණෙනි, දසවස් ආයු ඇති මිනිසුන් අතර යම් කෙනෙක් මවට නොසළකත් ද, පියාට නොසළකත් ද, ශ්‍රමණයින්ට ගරු නොකරත් ද, බ්‍රාහ්මණයින්ට ගරු නොකරත් ද, කුල දෙටුවන්ට අවනත නොවෙත් ද, ඔවුහු පිදුම් ද ලබන්නාහ. ප්‍රශංසා ද ලබන්නාහ.

මහණෙනි, දස වස් ආයු ඇති මිනිසුන් අතර ‘මව්තුමිය ය, මෑණියන්ගේ සොහොයුරියෝ ය, නැන්දණියෝ ය, ආචාර්යවරයන්ගේ බිරින්දෑවරු ය, ගරු කළ යුත්තන්ගේ බිරින්දෑවරුන් ය වශයෙන් ගරුසරු හැඟීම් නැති වන්නේ ය. එළු බැටළුවෝ, කුකුළෝ ඌරෝ, බලු සිවල්ලු යම් සේ හැසිරෙත් ද, එසෙයින් ම ලෝක සත්වයෝ යහපත් කුලාචාර ධර්ම නොතකා, සිඳබිඳ දමා හිතුමනාපයේ හැසිරෙන්නාහ.

16.
දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු තේසං සත්තානං අඤ්ඤමඤ්ඤම්හි තිබ්බෝ ආඝාතෝ පච්චුපට්ඨිතෝ භවිස්සති, තිබ්බෝ බ්‍යාපාදෝ, තිබ්බෝ මනෝපදෝසෝ, තිබ්බං වධකචිත්තං මාතු පි පුත්තම්හි, පුත්තස්ස පි මාතරි, පිතු පි පුත්තම්හි පුත්තස්ස පි පිතරි, භාතු පි භාතරි භතු පි භගිනියා, භගිනියා පි භාතරි, තිබ්බෝ ආඝාතෝ පච්චුපට්ඨිතෝ භවිස්සති තිබ්බෝ බ්‍යාපාදෝ තිබ්බෝ මනෝපදෝසෝ තිබ්බං වධකචිත්තං. සෙය්‍යථාපි භික්ඛවේ මාගවිකස්ස මිගං දිස්වා තිබ්බෝ ආඝාතෝ පච්චුපට්ඨිතෝ හෝති තිබ්බෝ බ්‍යාපාදෝ තිබ්බෝ මනෝපදෝසෝ තිබ්බං වධකචිත්තං ඒවමේව ඛෝ භික්ඛවේ දසවස්සායුකේසු මනුස්සේසු තේසං සත්තානං අඤ්ඤමඤ්ඤම්හි තිබ්බෝ ආඝාතෝ පච්චුපට්ඨිතෝ භවිස්සති තිබ්බෝ බ්‍යාපාදෝ තිබ්බෝ මනෝපදෝසෝ තිබ්බං වධකචිත්තං මාතු පි පුත්තම්හි පුත්තස්ස පි මාතරි, පිතු පි පුත්තම්හි, පුත්තස්ස පි පිතරි, භාතු පි භාතරි, භාතු පි භගිනියා, භගිනියා පි භාතරි, තිබ්බෝ ආඝාතෝ පච්චුපට්ඨිතෝ භවිස්සති, තිබ්බෝ බ්‍යාපාදෝ, තිබ්බෝ මනෝපදෝසෝ, තිබ්බං වධකචිත්තං. දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු සත්තාහං සත්ථන්තරකප්පෝ භවිස්සති. තේ අඤ්ඤමඤ්ඤම්හි මිගසඤ්ඤං පටිලභිස්සන්ති. තේසං තිණ්හානි සත්ථානි හත්ථේසු පාතුභවිස්සන්ති. තේ තිණ්හේන සත්ථේන ‘ඒස මිගෝ ඒස මිගෝ’ති අඤ්ඤමඤ්ඤං ජීවිතා වෝරෝපෙස්සන්ති.

මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ දස වසක් ව ඇති කල්හී ඒ සත්වයන් අතර එකිනෙකා කෙරෙහි දරුණු වෛරයක් පිහිටන්නේ ය. දරුණු ද්වේෂයක්, දරුණු මානසික ආවේගයක්, දරුණු වධක චිත්තයක් පිහිටන්නේ ය. පුතු කෙරෙහි මව තුළ ත්, මව කෙරෙහි පුතු තුළ ත්, පුතු කෙරෙහි පියා තුළ ත්, පියා කෙරෙහි පුතු තුළ ත්, සොයුරා කෙරෙහි සොයුරා තුළ ත්, සොයුරිය කෙරෙහි සොයුරා තුළ ත්, සොයුරා කෙරෙහි සොයුරිය තුළ ත්, දරුණු වෛරයක් පිහිටන්නේ ය. දරුණු ද්වේෂයක්, දරුණු මානසික ආවේගයක්, දරුණු වධක චිත්තයක් පිහිටන්නේ ය.

මහණෙනි, යම් සේ මුවන් මරන්නෙකුට මුවෙකු දැක්ක විට දරුණු වෛරයක පිහිටීමක් වෙයි ද, දරුණු ද්වේෂයක, දරුණු මානසික ආවේගයක, දරුණු වධක චිත්තයක පිහිටීමක් වෙයි ද, එසෙයින් ම මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ දස වසක් ව ඇති කල්හී ඒ සත්වයන් අතර එකිනෙකා කෙරෙහි දරුණු වෛරයක් පිහිටන්නේ ය. දරුණු ද්වේෂයක්, දරුණු මානසික ආවේගයක්, දරුණු වධක චිත්තයක් පිහිටන්නේ ය. පුතු කෙරෙහි මව තුළ ත්, මව කෙරෙහි පුතු තුළ ත්, පුතු කෙරෙහි පියා තුළ ත්, පියා කෙරෙහි පුතු තුළ ත්, සොයුරා කෙරෙහි සොයුරා තුළ ත්, සොයුරිය කෙරෙහි සොයුරා තුළ ත්, සොයුරා කෙරෙහි සොයුරිය තුළ ත්, දරුණු වෛරයක් පිහිටන්නේ ය. දරුණු ද්වේෂයක්, දරුණු මානසික ආවේගයක්, දරුණු වධක චිත්තයක් පිහිටන්නේ ය.

මහණෙනි, දස වස් ආයු ඇති මිනිසුන් අතර සත් දිනක ආයුධ අන්තඃකල්පය වන්නේ ය. ඔවුහු ඔවුනොවුන් කෙරෙහි මෘග හැඟීම ලබන්නේ ය. ඔවුන්ගේ අත්වල තියුණු ආයුධ පහළ වන්නේ ය. ඔවුහු ඒ තියුණු ආයුධයෙන් ‘මූ මුර්ගයෙක්, මූ මුර්ගයෙක්’ යනුවෙන් ඔවුනොවුන් මරාගන්නාහු ය.

[ අයුවණ්ණාදිවඩ්ඪනකථා ]

17.
අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒකච්චානං ඒවං භවිස්සති, ‘මා ච මයං කඤ්චි, මා ච අම්හේ කෝචි, යන්නූන මයං තිණගහණං වා වනගහණං වා රුක්ඛගහණං වා නදීවිදුග්ගං වා පබ්බතවිසමං වා පවිසිත්වා වනමූලඵලාහාරා යාපෙය්‍යාමා’ති. තේ තිණගහණං වා වනගහණං වා රුක්ඛගහණං වා නදීවිදුග්ගං වා පබ්බතවිසමං වා පවිසිත්වා සත්තාහං වනමූලඵලාහාරා යාපෙස්සන්ති. තේ තස්ස සත්තාහස්ස අච්චයේන තිණගහණා වනගහණා රුක්ඛගහණා නදීවිදුග්ගා පබ්බතවිසමා නික්ඛමිත්වා අඤ්ඤමඤ්ඤං ආලිංගිත්වා සභාගායිස්සන්ති සමස්සාසිස්සන්ති ‘දිට්ඨා භෝ සත්ත ජීවසි, දිට්ඨා භෝ සත්ත ජීවසී’ති. අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති ‘මයං ඛෝ අකුසලානං ධම්මානං සමාදානහේතු ඒවරූපං ආයතං ඤාතික්ඛයං පත්තා යන්නූන මයං කුසලං කරෙය්‍යාම.

එකල්හී මහණෙනි, ඒ සත්වයන් අතර ඇතැම් කෙනෙකුට මේ අදහස වන්නේ ය. ‘අපි කිසිවෙකු ත් නොමරමු. කිසි කෙනෙක් අප ව ද නොමරත්වා. යම් හෙයකින් අපි තණ වදුලකට හෝ වන වදුලකට හෝ රුක් වදුලකට හෝ නදී දුර්ගයකට හෝ විෂම පර්වතයකට හෝ පිවිස වන මුල් ගෙඩි ආදියෙන් යැපෙන්නෙමු නම් යෙහෙකි’ යි. ඔවුහු තණ වදුලකට හෝ වන වදුලකට හෝ රුක් වදුලකට හෝ නදී දුර්ගයකට හෝ විෂම පර්වතයකට හෝ පිවිස වන මුල් ගෙඩි ආදියෙන් යැපෙන්නාහ. ඒ සත් දින ඇවෑමෙන් ඔවුහු තෘණ වදුලෙන්, වන වදුලෙන්, රුක් වදුලෙන්, නදී දුර්ගයෙන්, විෂම පර්වතයෙන් නික්ම අවුත් ඔවුනොවුන් වැළඳගෙන සතුටු වන්නාහ. සනසා ගන්නාහ. ‘භවත් සත්වය, දකින ලද්දේ ය. ජීවත් වෙහි? භවත් සත්වය, දකින ලද්දේ ය. ජීවත් වෙහි?’ යි.

ඉක්බිති මහණෙනි, ඒ සත්වයන් හට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි අකුසල් දහම් සමාදන් ව සිටි නිසාවෙන් මෙබඳු වූ මහත් වූ ඥාති ව්‍යසනයකට පත් වුණෙමු. යම් හෙයකින් අපි කුසල් කරන්නෙමු නම් මැනැව.

කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං පාණාතිපාතා විරමෙය්‍යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා”ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪිස්සන්ති වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං ආයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං දසවස්සායුකානං මනුස්සානං වීසතිවස්සායුකා පුත්තා භවිස්සන්ති. අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං අදින්නාදානා විරමෙය්‍යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති අදින්නාදානා විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං වීසතිවස්සායුකානං මනුස්සානං චත්තාලීසතිවස්සායුකා පුත්තා භවිස්සන්ති.

කුමන කුසලයක් කරමු ද? යම් හෙයකින් අපි මනුෂ්‍ය ඝාතනයෙන් වැළකෙමු නම්, මේ කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු මනුෂ්‍ය ඝාතනයෙන් වළකින්නාහ. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ දස වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ විසි වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම් මැනැව. කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි සොරකමින් වැළකෙමු නම්, මේ කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ විසි වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ සතළිස් වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං කාමේසුමිච්ඡාචාරා විරමෙය්‍යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමේසුමිච්ඡාචාරා විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං චත්තාලීසවස්සායුකානං මනුස්සානං අසීතිවස්සායුකා පුත්තා භවිස්සන්ති.

එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම් මැනැව. කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි කාමයේ වරදවා හැසිරීමෙන් වැළකෙමු නම්, මේ කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නාහ. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ සතළිස් වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ අසූ වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

18.
අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං මුසාවාදා විරමෙය්‍යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමේසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං අසීතිවස්සායුකානං මනුස්සානං සට්ඨිවස්සසතායුකා පුත්තා භවිස්සන්ති.

එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම් මැනැව. කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි බොරු කීමෙන් වළකිමු නම්, මේ කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නාහ. බොරු කීමෙන් වළකින්නාහ. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ අසූ වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ එකසිය හැට වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං පිසුණාය වාචාය විරමෙය්‍යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමේසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං සට්ඨිවස්සසතායුකානං මනුස්සානං වීසතිවස්සසතායුකා පුත්තා භවිස්සන්ති.

එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම් මැනැව. කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි කේළාම් කීමෙන් වැළකෙමු නම්, මේ කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නාහ. බොරු කීමෙන් වළකින්නාහ. කේළාම් කීමෙන් වළකින්නාහ. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ එකසිය හැට වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ තුන්සිය විසි වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං ඵරුසාය වාචාය විරමෙය්‍යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමේසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං වීසතිවස්සසතායුකානං මනුස්සානං චත්තාරීසංඡබ්බස්සසතායුකා පුත්තා භවිස්සන්ති.

එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම් මැනැව. කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි දරුණු වචනයෙන් බැණ වැදීමෙන් වැළකෙමු නම්, මේ කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නාහ. බොරු කීමෙන් වළකින්නාහ. කේළාම් කීමෙන් වළකින්නාහ. දරුණු වචනයෙන් බැණ වැදීමෙන් වළකින්නාහ. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ තුන්සිය විසි වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ හයසිය හතළිස් වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං සම්ඵප්පලාපා විරමෙය්‍යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමේසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං චත්තාරීසංඡබ්බස්සසතායුකානං මනුස්සානං ද්වේවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති.

එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම් මැනැව. කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි හිස් වචන කීමෙන් වැළකෙමු නම්, මේ කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නාහ. බොරු කීමෙන් වළකින්නාහ. කේළාම් කීමෙන් වළකින්නාහ. දරුණු වචනයෙන් බැණ වැදීමෙන් වළකින්නාහ. හිස් වචන කීමෙන් වළකින්නාහ. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ හයසිය සතළිස් වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ දෙදහස් වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

19.
අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං අභිජ්ඣං පජහෙය්‍යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමේසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති, අභිජ්ඣං පජහිස්සන්ති, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං ද්වේවස්සසහස්සායුකානං මනුස්සානං චත්තාරිවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති.

එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම් මැනැව. කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි අනුන් සතු තමන් සතු කරගැනීමේ ආශාව අත්හරින්නෙමු නම්, මේ කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නාහ. බොරු කීමෙන් වළකින්නාහ. කේළාම් කීමෙන් වළකින්නාහ. දරුණු වචනයෙන් බැණ වැදීමෙන් වළකින්නාහ. හිස් වචන කීමෙන් වළකින්නාහ. අනුන් සතු දෙය තමන් සතු කරගැනීමේ ආශාව අත්හරින්නාහ. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ දෙදහස් වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ හාරදහස් වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං ව්‍යාපාදං පජහෙය්‍යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමේසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති, අභිජ්ඣං පජහිස්සන්ති, ව්‍යාපාදං පජහිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං චත්තාරිවස්සසහස්සායුකානං මනුස්සානං අට්ඨවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති.

එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම් මැනැව. කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි ද්වේෂය දුරු කරන්නෙමු නම්, මේ කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නාහ. බොරු කීමෙන් වළකින්නාහ. කේළාම් කීමෙන් වළකින්නාහ. දරුණු වචනයෙන් බැණ වැදීමෙන් වළකින්නාහ. හිස් වචන කීමෙන් වළකින්නාහ. අනුන් සතු දෙය තමන් සතු කරගැනීමේ ආශාව අත්හරින්නාහ. ද්වේෂය දුරුකරන්නාහ. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ හාරදහස් වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ අටදහස් වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං මිච්ඡාදිට්ඨිං පජහෙය්‍යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමේසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති, අභිජ්ඣං පජහිස්සන්ති, ව්‍යාපාදං පජහිස්සන්ති, මිච්ඡාදිට්ඨිං පජහිස්සන්ති. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං අට්ඨවස්සසහස්සායුකානං මනුස්සානං වීසතිවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති.

එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම් මැනැව. කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි මිථ්‍යා දෘෂ්ටිය දුරු කරන්නෙමු නම්, මේ කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නාහ. බොරු කීමෙන් වළකින්නාහ. කේළාම් කීමෙන් වළකින්නාහ. දරුණු වචනයෙන් බැණ වැදීමෙන් වළකින්නාහ. හිස් වචන කීමෙන් වළකින්නාහ. අනුන් සතු දෙය තමන් සතු කරගැනීමේ ආශාව අත්හරින්නාහ. ද්වේෂය දුරුකරන්නාහ. මිථ්‍යා දෘෂ්ටිය දුරුකරන්නාහ. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ අටදහස් වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ විසිදහස් වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

20.
අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාමාති. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං තයෝ ධම්මේ පජහෙය්‍යාම, අධම්මරාගං විසමලෝභං මිච්ඡාධම්මං, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමේසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති, අභිජ්ඣං පජහිස්සන්ති, ව්‍යාපාදං පජහිස්සන්ති, මිච්ඡාදිට්ඨිං පජහිස්සන්ති, තයෝ ධම්මේ පජහිස්සන්ති: අධම්මරාගං විසමලෝභං මිච්ඡාධම්මං. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං වීසතිවස්සසහස්සායුකානං මනුස්සානං චත්තාරීසවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති.

එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම්, කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි මේ අකුසල් තුන දුරු කරන්නෙමු නම් මැනැව. එනම් අධර්ම රාගය ත්, විෂම ලෝභය ත්, මිථ්‍යා ධර්මය ත් ය. මේ අකුසල් දුරු කිරීම නම් කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නාහ. බොරු කීමෙන් වළකින්නාහ. කේළාම් කීමෙන් වළකින්නාහ. දරුණු වචනයෙන් බැණ වැදීමෙන් වළකින්නාහ. හිස් වචන කීමෙන් වළකින්නාහ. අනුන් සතු දෙය තමන් සතු කරගැනීමේ ආශාව අත්හරින්නාහ. ද්වේෂය දුරුකරන්නාහ. මිථ්‍යා දෘෂ්ටිය දුරුකරන්නාහ. මේ තුන් අකුසලය දුරු කරන්නාහ. එනම් අධර්ම රාගය ත්, විෂම ලෝභය ත්, මිථ්‍යා ධර්මය ත් ය. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ විසිදහස් වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ සතළිස් දහස් වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

21.
අථ ඛෝ තේසං භික්ඛවේ සත්තානං ඒවං භවිස්සති, “මයං ඛෝ කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනා පි වඩ්ඪාම, වණ්ණේන පි වඩ්ඪාම. යන්නූන මයං භිය්‍යෝසෝමත්තාය කුසලං කරෙය්‍යාමාති. කිං කුසලං කරෙය්‍යාම? යන්නූන මයං මත්තෙය්‍යා අස්සාම පෙත්තෙය්‍යා අස්සාම සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලේජෙට්ඨාපචායිනෝ, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තේ පාණාතිපාතා විරමිස්සන්ති, අදින්නාදානා විරමිස්සන්ති, කාමේසුමිච්ඡාචාරා විරමිස්සන්ති, මුසාවාදා විරමිස්සන්ති, පිසුණාය වාචාය විරමිස්සන්ති, ඵරුසාය වාචාය විරමිස්සන්ති, සම්ඵප්පලාපා විරමිස්සන්ති, අභිජ්ඣං පජහිස්සන්ති, ව්‍යාපාදං පජහිස්සන්ති, මිච්ඡාදිට්ඨිං පජහිස්සන්ති, තයෝ ධම්මේ පජහිස්සන්ති අධම්මරාගං විසමලෝභං මිච්ඡාධම්මං, මත්තෙය්‍යා භවිස්සන්ති පෙත්තෙය්‍යා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලේජෙට්ඨාපචායිනො. ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තේ කුසලානං ධම්මානං සමාදානහේතු අයුනා පි වඩ්ඪිස්සන්ති, වණ්ණේන පි වඩ්ඪිස්සන්ති. තේසං අයුනා පි වඩ්ඪමානානං වණ්ණේන පි වඩ්ඪමානානං චත්තාරීසංවස්සසහස්සායුකානං මනුස්සානං අසීතිවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති. අසීතිවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු පංචවස්සසතිකා කුමාරිකා අලම්පතෙය්‍යා භවිස්සන්ති. අසීතිවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු තයෝ ආබාධා භවිස්සන්ති ඉච්ඡා අනසනං ජරා.

එකල්හී මහණෙනි, ඒ සත්වයන්ට මේ අදහස ඇතිවන්නේ ය. ‘අපි වනාහී කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙනුත් වැඩෙමු. මනා පැහැයෙනුත් වැඩෙමු. යම් හෙයකින් අපි බොහෝ සෙයින් කුසල් කරන්නෙමු නම් මැනැව. කුමන කුසලයක් කරමු ද? එසේ නම් අපි මව්ට සළකන්නෙමු. පියාට සළකන්නෙමු. ශ්‍රමණයින්ට සළකන්නෙමු. බ්‍රාහ්මණයින්ට සළකන්නෙමු. කුල දෙටුවන්ට අවනත වෙමු නම්, මේ කුසල ධර්මය සමාදන්ව පවතින්නෙමු නම් මැනැව’ යි ඔවුහු ප්‍රාණඝාතයෙන් වළකින්නාහ. සොරකමින් වළකින්නාහ. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්නාහ. බොරු කීමෙන් වළකින්නාහ. කේළාම් කීමෙන් වළකින්නාහ. දරුණු වචනයෙන් බැණ වැදීමෙන් වළකින්නාහ. හිස් වචන කීමෙන් වළකින්නාහ. අනුන් සතු දෙය තමන් සතු කරගැනීමේ ආශාව අත්හරින්නාහ. ද්වේෂය දුරුකරන්නාහ. මිථ්‍යා දෘෂ්ටිය දුරුකරන්නාහ. මේ තුන් අකුසලය දුරු කරන්නාහ. එනම් අධර්ම රාගය ත්, විෂම ලෝභය ත්, මිථ්‍යා ධර්මය ත් ය. මව්ට සළකන්නාහ. පියාට සළකන්නාහ. ශ්‍රමණයින්ට සළකන්නාහ. බ්‍රාහ්මණයින්ට සළකන්නාහ. කුල දෙටුවන්ට අවනත වන්නාහ. මේ කුසල ධර්මය සමාදන් ව පවතින්නාහ. ඔවුහු කුසල ධර්මයන්ගේ සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් ද වැඩෙන්නාහු ය. පැහැයෙන් ද වැඩෙන්නාහු ය. ආයුෂයෙන් ද වැඩෙන, මනා පැහැයෙන් ද වැඩෙන, ඒ සතළිස් දහස් වස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ අසූ දහස් වස් ආයුෂ ඇත්තෝ වන්නාහ.

මහණෙනි, අසූ දහසක් අවුරුදු ආයු ඇති මිනිසුන් අතර පන්සියයක් අවුරුදු වයසැති කුමරියෝ පතිකුලයට යෑමට සුදුසු වන්නාහ. මහණෙනි, අසූ දහස් වස් ආයු ඇති මිනිසුන් අතර රෝග තුනක් වන්නේ ය. එනම්, ආහාර තෘෂ්ණාව ත්, ආහාර නැතිවීමෙන් වන ක්ලාන්තය ත් සහ ජරා ජීර්ණ වීම ත් ය.

[ සංඛරාජූපපත්ති ]

22.
අසීතිවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු අයං ජම්බුදීපෝ ඉද්ධෝ චේව භවිස්සති ඵීතෝ ච, කුක්කුටසම්පාතිකා ගාමනිගමජනපද රාජධානියෝ. අසීතිවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු අයං ජම්බුදීපෝ අවීචි මඤ්ඤේ ඵුටෝ භවිස්සති මනුස්සේහි, සෙය්‍යථාපි නළවනං වා සරවනං වා.

මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසූ දහසක් වූ කල්හී මේ දඹදිව ඉතා සමෘද්ධිමත් ව, සැප සම්පත් ඇති වන්නේ ය. ගම් නියම්ගම්, ජනපද, රාජධානිවල වහළින් වහළට කුකුලෙකුට යා ගත හැකි තරම් බොහෝ ගේ දොර ඇතිවන්නේ ය. මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසු දහසක් වූ කල්හී මේ දඹදිව උණ ගස් වනයක් සෙයින්, බට ගස් වනයක් සෙයින්, අවීචි මහා නරකාදිය සෙයින් බොහෝ මිනිසුන්ගෙන් පිරී ඉතිරී යන්නේ ය.

අසීතිවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු අයං බාරාණසී කේතුමතී නාම රාජධානී භවිස්සති ඉද්ධා චේව ඵීතා ච බහුජනා ච ආකිණ්ණමනුස්සා ච සුභික්ඛා ච. අසීතිවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු ඉමස්මිං ජම්බුදීපේ චතුරාසීතිනගරසහස්සානි භවිස්සන්ති කේතුමතීරාජධානීපමුඛානි. අසීතිවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු කේතුමතියා රාජධානියා සංඛෝ නාම රාජා උප්පජ්ජිස්සති චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා චාතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්තරතනසමන්නාගතෝ. තස්සිමානි සත්ත රතනානි භවිස්සන්ති, සෙය්‍යථීදං, චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිණායකරතනමේව සත්තමං. පරෝසහස්සං ඛෝ පනස්ස පුත්තා භවිස්සන්ති සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා. සෝ ඉමං පථවිං සාගරපරියන්තං අදණ්ඩේන අසත්ථේන ධම්මේන අභිවිජිය අජ්ඣාවසිස්සති.

මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ වසර අසූදහසක් වූ කල්හී මේ බරණැස් නුවර ඉතා සමෘද්ධිමත් සැප සම්පත් ඇති, බොහෝ ජනයා සිටින, මිනිසුන්ගෙන් ගැවසී ගත්, සුලභ ආහාරපාන ඇති, කේතුමතී නම් රාජධානියක් වන්නේ ය.

මහණෙනි, මිනිසුන් අතර අසූ දහස් වසරක් ආයු ඇති කල්හී මේ දඹදිව කේතුමතී රාජධානිය ප්‍රමුඛ අසූ හාර දහසක් නගරයෝ වන්නාහ. මහණෙනි, මිනිසුන් අතර අසූ දහස් වසරක් ආයු ඇති කල්හී කේතුමතී රාජධානියෙහි සිව් මහා සමුදුරු සීමා කොට ගත්, සිව් මහා දිවයිනට අධිපති, සතුරන් දිනා ජයගත්, ජනපදයන්හි තහවුරු බවට පත්, සප්ත රත්නයෙන් සමන්විත, ධාර්මික වූ, ධර්මරාජ වූ සංඛ නම් චක්‍රවර්තී රජෙක් පහළ වන්නේ ය. ඔහුට මේ සප්ත රත්නයෝ වන්නාහ. එනම්; චක්‍ර රත්නය ය, හස්ති රත්නය ය, අශ්ව රත්නය ය, මාණික්‍ය රත්නය ය, ස්ත්‍රී රත්නය ය, ගෘහපති රත්නය ය සහ සත්වෙනි පරිනායක රත්නය යි. ඔහුට ශූර වීර වූ පරසෙන් මඬින දහසකට වැඩි පුත්‍රයෝ වන්නාහ. ඔහු සයුර කෙළවර කොට ගත් මේ මහා පොළොව දඬුවමින් තොර ව, ආයුධයෙන් තොර ව, ධාර්මික ව ජයගෙන, අධිපති ව වසන්නේ ය.

[ මෙත්තෙය්‍යබුද්ධුප්පාදෝ ]

23.
අසීතිවස්සසහස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු මෙත්තෙය්‍යෝ නාම භගවා ලෝකේ උප්පජ්ජිස්සති අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා. සෙය්‍යථාපහං ඒතරහි ලෝකේ උප්පන්නෝ අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙස්සති, සෙය්‍යථාපහං ඒතරහි ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේමි. සෝ ධම්මං දේසෙස්සති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙස්සති. සෙය්‍යථාපහං ඒතරහි ධම්මං දේසේමි ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේමි. සෝ අනේකසතසහස්සං භික්ඛුසංඝං පරිහරිස්සති සෙය්‍යථාපහං ඒතරහි අනේකසතං භික්ඛුසංඝං පරිහරාමි.

මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ වසර අසූදහසක් වූ කල්හී අරහත් සම්මා සම්බුදු, විජ්ජා චරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධ, භගවා යන ගුණැති මෛත්‍රේය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නාහ. මෙකල්හී ලෝකයෙහි අරහත් සම්මා සම්බුදු, විජ්ජා චරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධ, භගවා යන ගුණැති මම ලොව පහළ වූයෙම් යම් සේ ද, එසේ ය.

ඒ මෛත්‍රේය භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු, මේ ලෝකය ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරන්නාහ. මෙකල්හී මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු, මේ ලෝකය ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට යම් සේ ප්‍රකාශ කරම් ද, එසේ ය.

ඒ මෛත්‍රේය භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නාහ. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත, ව්‍යංජන සහිත, මුළුමනින් ම පිරිපුන් පිරිසිදු මාර්ග බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන්නාහ. මෙකල්හී මම යම් අයුරින් දහම් දෙසම් ද, යම් අයුරින් මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත, ව්‍යංජන සහිත, මුළුමනින් ම පිරිපුන් පිරිසිදු මාර්ග බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරම් ද, එසේ ය.

ඒ මෛත්‍රේය භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සිය දහස් ගණන් භික්ෂු සංඝයා පරිහරණය කරන්නාහ. මෙකල්හී මම යම් සේ නොයෙක් සියගණන් භික්ෂු සංඝයා පරිහරණය කරම් ද, එසේ ය.

24.
අථ ඛෝ භික්ඛවේ සංඛෝ නාම රාජා යෝ සෝ යූපෝ රඤ්ඤා මහාපනාදේන කාරාපිතෝ, තං යූපං උස්සාපෙත්වා අජ්ඣාවසිත්වා තං දත්වා විස්සජ්ජෙත්වා සමණබ්‍රාහ්මණකපණද්ධිකවණිබ්බකයාචකානං දානං දත්වා මෙත්තෙය්‍යස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සන්තිකේ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සති. සෝ ඒවං පබ්බජිතෝ සමානෝ ඒකෝ වූපකට්ඨේ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති.

එකල්හී මහණෙනි, මහා පනාද නම් රජු විසින් කරවන ලද යම් ඒ ප්‍රාසාදයක් ගංගා නදියෙහි ගිලී ඇත්තේ ද, ඒ ප්‍රාසාදය ගොඩට ගෙන සංඛ නම් සක්විති රජු එහි වාසය කොට එය අත්හැර ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට දන් දී, අරහත් සම්මා සම්බුදු මෛත්‍රේය භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කෙස් රැවුල් බහා, කසට පෙවූ වත් හැඳ, ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නේ ය. ඔහු එසේ පැවිදි වූයේ, හුදෙකලාව, තනි ව, අප්‍රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇති ව, දහමට දිවි පුදා වාසය කරන්නේ, නොබෝ කලකින් ම යම් අරුතක් උදෙසා කුලපුත්‍රයෝ මනාකොට ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙත් ද, ඒ බඹසරෙහි අවසානය වූ අනුත්තර වූ රහත් බව මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නේ ය.

25.
අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරණා අනඤ්ඤසරණා ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා. කථඤ්ච භික්ඛවේ භික්ඛු අත්තදීපෝ විහරති අත්තසරණෝ අනඤ්ඤසරණෝ, ධම්මදීපෝ ධම්මසරණෝ අනඤ්ඤසරණෝ?

මහණෙනි, තමා දූපතක් බඳු කොට වාසය කරව්. තමා සරණට ගනිව්. අන් කෙනෙකු සරණට නොගනිව්. ධර්මය දූපතක් බඳු කොට වාසය කරව්. ධර්මය සරණට ගනිව්. අන් දෙයක් සරණට නොගනිව්.

මහණෙනි, භික්ෂුවක් තමා ව දූපතක් බඳු කොට, තමා සරණට ගෙන, අන් කෙනෙකු සරණට නොගෙන වාසය කරන්නේ කෙසේ ද? ධර්මය දූපතක් බඳු කොට, ධර්මය සරණට ගෙන, අන් දෙයක් සරණට නොගෙන වාසය කරන්නේ කෙසේ ද?

ඉධ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. වේදනාසු ….(පෙ)…. චිත්තේ ….(පෙ)…. ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු අත්තදීපෝ විහරති අත්තසරණෝ අනඤ්ඤසරණෝ, ධම්මදීපෝ ධම්මසරණෝ අනඤ්ඤසරණෝ.

මහණෙනි, මෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

මහණෙනි, භික්ෂුව තමා දූපතක් බඳු කොට, තමා ව සරණට ගෙන, අන් කෙනෙකු සරණට නොගෙන, ධර්මය දූපතක් බඳු කොට, ධර්මය සරණට ගෙන, අන් දෙයක් සරණට නොගෙන වාසය කරන්නේ මෙසේ ය.

[ භික්ඛුනෝ ආයුවණ්ණාදිවඩ්ඪනකථා ]

26.
ගෝචරේ භික්ඛවේ චරථ සකේ පෙත්තිකේ විසයේ. ගෝචරේ භික්ඛවේ චරන්තා සකේ පෙත්තිකේ විසයේ ආයුනා පි වඩ්ඪිස්සථ, වණ්ණේන පි වඩ්ඪිස්සථ, සුඛේන පි වඩ්ඪිස්සථ, භෝගේන පි වඩ්ඪිස්සථ, බලේන පි වඩ්ඪිස්සථ. කිඤ්ච භික්ඛවේ භික්ඛුනෝ ආයුස්මිං? ඉධ භික්ඛවේ භික්ඛු ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති, විරියසමාධි ….(පෙ)…. චිත්තසමාධි ….(පෙ)…. වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති. සෝ ඉමේසං චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා ආකංඛමානෝ කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසේසං වා. ඉදං ඛෝ භික්ඛවේ භික්ඛුනෝ ආයුස්මිං.

මහණෙනි, තම පියාගෙන් ලද උරුමය වන සතර සතිපට්ඨානය නම් වූ තමන් සිටිය යුතු තැනෙහි හැසිරෙව්. මහණෙනි, තම පියාගෙන් ලද උරුමය වන සතර සතිපට්ඨානය නම් වූ, තමන් සිටිය යුතු තැන හැසිරෙන විට ආයුෂයෙනුත් වැඩෙන්නහු ය. වර්ණයෙනුත් වැඩෙන්නහු ය. සැපයෙනුත් වැඩෙන්නහු ය. භෝගයෙනුත් වැඩෙන්නහු ය. බලයෙනුත් වැඩෙන්නහු ය.

මහණෙනි, භික්ෂුවගේ ආයුෂයෙහිලා වැඩීම යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඡන්ද සමාධි පධාන සංඛාරයෙන් යුතුව ඉර්ධිපාදය වඩයි. විරිය සමාධි ….(පෙ)…. චිත්ත සමාධි ….(පෙ)…. වීමංසා සමාධි පධාන සංඛාරයෙන් යුතුව ඉර්ධිපාදය වඩයි. ඒ භික්ෂුව මේ සතර ඉර්ධිපාදයන් භාවිත කළ බැවින්, බහුල කළ බැවින්, කැමති වන්නේ නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් හෝ සිටින්නේ ය. මහණෙනි, මේ වනාහී භික්ෂුවගේ ආයුෂයට කරුණ යි.

කිඤ්ච භික්ඛවේ භික්ඛුනෝ වණ්ණස්මිං? ඉධ භික්ඛවේ භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛසංවරසංවුතෝ විහරති ආචාරගෝචරසම්පන්නෝ අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ඉදං ඛෝ භික්ඛවේ භික්ඛුනෝ වණ්ණස්මිං.

මහණෙනි, භික්ෂුවගේ වර්ණයෙහි වැඩීම යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. මනා ඇවැතුම් පැවතුමෙන් යුක්ත වූයේ වෙයි. අනුමාත්‍ර වූ වරදෙහි ත් භය දකින්නේ, සික පදයන්හි සමාදන් ව හික්මෙයි. මහණෙනි, මෙය වනාහී භික්ෂුවගේ වර්ණයට කරුණ යි.

කිඤ්ච භික්ඛවේ භික්ඛුනෝ සුඛස්මිං? ඉධ භික්ඛවේ භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා ….(පෙ)…. දුතියං ඣානං ….(පෙ)…. තතියං ඣානං ….(පෙ)…. චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛෝ පන භික්ඛවේ භික්ඛුනෝ සුඛස්මිං.

මහණෙනි, භික්ෂුවගේ සැපයෙහි වැඩීම යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල් දහමෙන් වෙන් ව, විතර්ක විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති පළමු ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරයි. මහණෙනි, මෙය වනාහී භික්ෂුවගේ සැපයට කරුණ යි.

කිඤ්ච භික්ඛවේ භික්ඛුනෝ භෝගස්මිං? ඉධ භික්ඛවේ භික්ඛු මෙත්තාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරති. ඉධ භික්ඛවේ භික්ඛු කරුණාසහගතේන චේතසා ….(පෙ)…. මුදිතාසහගතේන චේතසා ….(පෙ)…. උපෙක්ඛාසහගතේන චේතසා ඒකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපෙක්ඛාසහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමාණේන අවේරේන අබ්‍යාපජ්ජේන ඵරිත්වා විහරති. ඉදං ඛෝ භික්ඛවේ භික්ඛුනෝ භෝගස්මිං.

මහණෙනි, භික්ෂුවගේ භෝගයෙහි වැඩීම කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ත්, එසේ ම තුන්වෙනි දිශාව ත්, එසේ ම සිව්වෙනි දිශාවත් ය. මෙසේ උඩ – යට – සරස හැමතන්හි තමා හා සමකොට සියළු ලෝක සත්වයා කෙරෙහි විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, තරහ නැති මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. මහණෙනි, මෙහිලා භික්ෂුව කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ත්, එසේ ම තුන්වෙනි දිශාව ත්, එසේ ම සිව්වෙනි දිශාවත් ය. මෙසේ උඩ – යට – සරස හැමතන්හි තමා හා සමකොට සියළු ලෝක සත්වයා කෙරෙහි විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, තරහ නැති උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. මහණෙනි, මෙය වනාහී භික්ෂුවගේ භෝගයෙහි වැඩීම යි.

කිඤ්ච භික්ඛවේ භික්ඛුනෝ බලස්මිං? ඉධ භික්ඛවේ භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදං ඛෝ භික්ඛවේ භික්ඛුනෝ බලස්මිං.

මහණෙනි, භික්ෂුවගේ බලයෙහි වැඩීම යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත්, මෙලොව දී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙය වනාහී භික්ෂුව බලයෙන් වැඩීම යි.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒකබලම්පි සමනුපස්සාමි යං ඒවං දුප්පසහං යථයිදං භික්ඛවේ මාරබලං. කුසලානං භික්ඛවේ ධම්මානං සමාදානහේතු ඒවමිදං පුඤ්ඤං පවඩ්ඪතීති.

මහණෙනි, යමක් මෙසේ දුක සේ මැඩලිය යුත්තේ ද, මහණෙනි, යම් බඳු මේ මාර බලය තරම් අන්‍ය වූ එක් බලයක් වත් මම නොදකිමි. මහණෙනි, කුසල් දහම්හි සමාදන් ව යෙදී සිටීම හේතුවෙන් මෙසේ මේ පින වැඩෙයි.”

ඉදමවෝච භගවා, අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු ය.

සාධූ! සාධූ! සාධූ!

චක්කවත්තිසීහනාදසුත්තං නිට්ඨිතං තතියං.!
චක්කවත්ති සීහනාද සූත්‍රය නිමා විය.!

මූලාශ්‍රය:  ශ්‍රී සද්ධර්ම ත්‍රිපිටකය – දීඝ නිකාය – පාථික වර්ග​ය

Photo by Jonathan Borba on Unsplash