Auto-Scroll   Speed

1.

ඒවං මේ සුතං, ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ, තේන ඛෝ පන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ගිරිමානන්ද ස්ථවිර තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් බව ඇත්තේ වෙයි. 

2.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසිදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්තෝ භගවන්තං ඒතදවෝච.

එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්ව හුන්නේය. එකත්පසව හුන් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේ ය.

3.

ආයස්මා භන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ. සාධු භන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපදායාති.

භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර තෙමේ උපන් ආබාධ ඇත්තේ, පැමිණි දුක් ඇත්තේ, දැඩිව ගිලන් වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් කරා වඩනා සේක් නම් මැනවි.

4.

සචේ ඛෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සඤ්ඤා භාසෙය්‍යාසි. ඨානං ඛෝ පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දසසඤ්ඤාසුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භෙය්‍ය. කතමා දස?

ආනන්දයෙනි, ඉදින් තෙපි ගිරිමානන්ද මහණහු වෙත එළඹ දශ සංඥා කියහු නම්, යම් හෙයකින් දශ සංඥා අසා ගිරිමානන්ද මහණහු ගේ ඒ ආබාධය හේතු වශයෙන් සංසිඳෙන්නේය. කවර දශයෙක් (දහයක්) ද යත්?

5.

අනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා, ආදී නවසඤ්ඤා, පහානසඤ්ඤා, විරාග සඤ්ඤා, නිරෝධසඤ්ඤා, සබ්බලෝකේ අනභිරතසඤ්ඤා, සබ්බ සංඛාරේසු අනිච්චසඤ්ඤා, ආනාපානසති.

අනිත්‍ය සංඥාය, අනාත්ම සංඥාය, අශුභ සංඥාය, ආදීනව සංඥාය, ප්‍රහාණ සංඥාය, විරාග සංඥාය, නිරෝධ සංඥාය, සියලු ලෝකයෙහි කලකිරීම් සංඛ්‍යාත සංඥාය, සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාය, ආනපාන සතිය යන දශයයි.

6.

කතමාචා’නන්ද අනිච්චසඤ්ඤා?

ඉධා’නන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූල ගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉතිපටිසංවික්ඛති. රූපං අනිච්චං වේදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චති. ඉති ඉමේසු පඤ්චසු පාදානක්ඛන්ධේසු අනිච්චානුපස්සි විහරති.

අයං චුච්චතා’නන්ද අනිච්චසඤ්ඤා.

ආනන්දයෙනි, අනිත්‍ය සංඥාව කවරී ද?

ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි, රුක් මුලට ගියේ වේවයි, ශූන්‍යාගාරයට ගියේ වේවයි මෙසේ නුවණින් සලකන්නේ ය. රූපය අනිත්‍යය, වේදනා අනිත්‍යය, සංඥා අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඥානය අනිත්‍යය, මෙසේ මේ පඤ්චොපාදානස්ඛන්ධයන්හි අනිත්‍යානුදර්ශීව වසයි.

ආනන්දයෙනි, මේ අනිත්‍යසංඥායයි කියනු ලැබේ.

7.

කතමා චා’නන්ද අනන්ත සඤ්ඤා?

ඉධා’නන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූල ගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා ඉතිපටිසංවික්ඛති. රූපං අනිච්චං වේදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චන්ති. ඉති ඉමේසු පඤ්චසු පාදානක්ඛන්ධේසු අනිච්චානුපස්සි විහරති. 

අයං චුච්චතා’නන්ද අනිච්චසඤ්ඤා.

ආනන්දයෙනි, අනාත්ම සංඥා කවරයත්?

ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ වලට ගියේ වේවයි, ………………… මෙසේ නුවණින් සලකන්නේ ය.  චක්ෂුව අනාත්මය. රූප අනාත්මය, ශ්‍රොතස අනාත්මය, ශබ්ද අනාත්මය, ඝ්‍රාණය අනාත්මය, ගන්ධය අනාත්මය, ජිව්හා අනාත්මය, රස අනාත්මය, කය අනාත්මය, ධර්ම අනාත්මයයි මෙසේ සැවැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන්හි අනාත්මානුදර්ශීව වාසය කරයි. 

ආනන්දයෙනි, මේ අනාත්ම සංඥා යයි කියනු ලැබේ.

8.

කතමා චා’නන්ද අසුභසඤ්ඤා?

ඉධානන්ද භික්ඛූ ඉමමේව කායං උද්ධං පාදතලා අධෝකේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති.

අත්ථි ඉමස්මිං කායේ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨි, අට්ඨිමිඤ්ජා, වක්කං, හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරී සං, පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු වසා, ඛෙලෝ, සිංඝානිකා, ලසිකා, මුත්තන්ති.

ඉති ඉමස්මිං කායේ අසුභානුපස්සි විහරති. අයං වුච්චතානන්ද අසුභසඤ්ඤා.

ආනන්දයෙනි, අශුභ සංඥා කවර යත්?

ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ පා තලින් උඩ කෙස් මතුයෙන් සම හිම්කොට ඇති නානාප්‍රකාර අශුචියෙන් පිරි මෙම කය ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ය. මේ කයෙහි කේශයෝ ය, රෝමයෝ ය, නිය ය, දත් ය, සම් ය, මාංශ ය, නහර ය, ඇට ය, ඇට මිදුලු ය, වකුගඩු ය, හෘදය, අක්මා ය, දලබුය, බඩදිව ය, පපු කැණය, අතුනු ය, අතුනු බහනය, ඖදර්‍ය්‍යය, පුරීෂය, පිත් ය, ශ්ලෙස්මා ය, පූයා ය, ලේ ය, සෝදි ය, මේදස් ය, කඳුළු ය, වුරුණු තෙල් ය, කෙල ය, මුකුනු ය, සඳ මුදුලු ය, මූ ය යන මොහු ඇතැයි මෙසේ මේ කයෙහි අශුභානුදර්ශීව වාසය කරයි. 

ආනන්දයෙනි, මේ අශුභ සංඥා යයි කියනු ලැබේ.

9.

කතමා චා’නන්ද ආදීනවසඤ්ඤා?

ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාර ගතෝ වා ඉතිපටිසංවික්ඛති. බහු දුක්ඛෝඛෝ අයංකායෝ, බහු ආදීනවෝ, ඉති ඉමස්මිං කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති. සෙය්‍යථීදං. චක්ඛුරෝගෝ, සෝතරෝගෝ, ඝාණරෝගෝ, ජිව්හාරෝගෝ, කායරෝගෝ, සීසරෝගෝ කණ්ණරෝගෝ, මුඛ රෝගෝ, දන්තරෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්ඡරෝගෝ, මුච්ඡා, පක්ඛන්දිකා, සුලා, විසූචිකා, කුට්ඨං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්ඡු, රඛසා, විතච්ඡිකා, ලෝහිතපිත්තං, මධුමේහෝ, අංසා පිළකා, භගන්දළා.

පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාතසමුට්ඨානා ආබාධා, සන්තිපාතිකා ආබාධා, උතුපරිනාමජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා, සීතං උණ්හං ජිඝච්ඡා, පිපාසා, උච්චාරෝ, පස්සාවෝ’ති.

ඉති ඉමස්මිං කායේ ආදීනවානුපස්සි විහරති. අයං වුච්චතානන්ද ආදීනවසඤ්ඤා.

ආනන්දයෙනි, ආදීනව සංඥා කවර යත්?

ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ වලට යියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, ශුන්‍යාගාරයට ගියේ වේවයි, මෙසේ සලකන්නේය. බොහෝ දුක් ඇති මේ කාය බොහෝ ආදීනව ඇත්තේය. මෙසේ මේ කයෙහි විවිධ ආබාධයෝ උපදනාහ. ඔහු කවරහ යත්? චක්ඛු රෝග ය, සොත රෝග ය, ඝාන රෝග ය, ජිව්හා රෝග ය, කාය රෝග ය, සිස රෝග ය, කණ්ණ රෝග ය, මුඛ රෝග ය, දන්ත රෝග ය, කාස ය, ශ්වාස ය, පිනස ය, දාහ ය,  ජ්වර ය, කුච්ඡි රෝග ය, මුර්ජා ය, පක්ඛන්දිකා ය, ශූලා ය, විශුවිකා ය, කුෂ්ට ය, ගණ්ඩය, කිලාස ය, ස්වාස ය, අපස්මාර ය, දද්දු ය, කණ්ඩු ය, රඛසා ය, විතච්ඡිකා ය, ලෝහිත පිත්ත ය, මධුමේහ ය, අංස ය, පිළිකා ය, භගන්දරා ය, පිතින් උපදනා ආබාධ ය, වාතයෙන් උපදනා ආබාධ ය, සන්නිපාතික ආබාධ ය, සෘතුපරිණාමයෙන් වන ආබාධ ය, විෂම පරිහාරයෙන් උපදනා ආබාධ ය, උපක්‍රමයෙන් උපදනා ආබාධ ය, කර්මවිපාකයෙන් උපදනා ආබාධ ය, ශීත ය, උෂ්ණ ය, සා ය, පවස ය, උච්චාර ය, පස්සාව ය යි, මෙසේ මේ කයෙහි ආදීනවානුදර්ශිව වෙසෙයි.

ආනන්දයෙනි මේ ආදිනවානුසංඥායයි කියනු ලැබේ.

10.

කතමා චා’නන්ද පහානසඤ්ඤා?

ඉධානන්ද භික්ඛු උප්පන්නං කාම විතක්කං නාධිවාසේති පජහති විනෝදේති ඛ්‍යන්තීකරෝති අනභාවං ගමේති. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාධිවාසේති පජහති විනෝදේති ඛ්‍යන්තීකරෝති අනභාවං ගමේති. උප්පන්නං විහිංසා විතක්කං නාධිවාසේති පජහති විනෝදේති ඛ්‍යන්තීකරෝති අනභාවං ගමේති. උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති පජහති විනෝදේති ඛ්‍යන්තීකරෝති අනභාවං ගමේති.

අයං වුච්චතා’නන්ද පහාන සඤ්ඤා.

ආනන්දයෙනි, ප්‍රහාණ සංඥා කවරයත්?

ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ උපන් කාම විතර්ක නො ඉවසයි, දුරලයි, වෙසෙසින් දුරු කෙරෙයි, අභාවයට පමුණුවයි. උපන් විහිංසා විතර්කය නො ඉවසයි, දුරලයි, වෙසෙසින් දුරු කෙරෙයි, අභාවයට පමුණුවයි. 

ආනන්දයෙනි මේ ප්‍රහාණ සංඥාවයයි කියනු ලැබේ.

11.

කතමා චා’නන්ද විරාගසඤ්ඤා?

ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමුලගතෝ වා සුඤ්ඤා ගාරගතෝ වා ඉති පටිසංවික්ඛති. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණන්ති.

අයං වුච්චතා’නන්ද විරාගසඤ්ඤා.

ආනන්දයෙනි, විරාග සංඥා කවරයත්?

ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, ශුන්‍යාගාරයට ගියේ වේවයි, මෙසේ සලකන්නේ ය. සර්ව සංස්කාරයන් ගේ යම්බඳු සමථයෙක් සර්වෝපධීන් ගේ දුරලීමෙක් තෘෂ්ණාක්ෂයෙක් විරාගයෙක් නිර්වාණයෙක් වේ නම් එය ශාන්ත ය. එය ප්‍රණීතය. 

ආනන්දයෙනි මේ විරාග සංඥාය යි කියනු ලැබේ.

12.

කතමා චා’නන්ද නිරෝධසඤ්ඤා?

ඉධානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමුලගතෝ වා සුඤ්ඤා ගාරගතෝ වා ඉති පටිසංවික්ඛති. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණන්ති.

අයං වුච්චතා’නන්ද නිරෝධසඤ්ඤා.

ආනන්දයෙනි, නිරෝධ සංඥා කවරයත්?

ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, ශුන්‍යාගාරයට ගියේ වේවයි, මෙසේ සලකන්නේ ය. සර්ව සංස්කාරයන් ගේ යම්බඳු සමථයෙක් සර්වෝපධීන් ගේ දුරලීමෙක් තෘෂ්ණාක්ෂයෙක් විරාගයෙක් නිර්වාණයෙක් වේ නම් එය ශාන්ත ය. එය ප්‍රණීතය. 

ආනන්දයෙනි මේ නිරෝධ සංඥාය යි කියනු ලැබේ.

13.

කතමා චා’නන්ද සබ්බලෝකේ අනභිරථසඤ්ඤා?

ඉධානන්ද භික්ඛු යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අධිට්ඨානාභිනිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදියන්තෝ.

අයං වුච්චතා’නන්ද සබ්බලෝකේ අනභිරථසඤ්ඤා.

ආනන්දයෙනි, සර්වලෝකයෙහි අනභිරත සංඥා කවරයත්?

ආනන්දයෙනි, මේ සස්නෙහි භික්ෂුනමක් ලෝකයෙහි පඤ්චස්ඛන්දය පිළිබඳ් දැඩි ගැනීමක් හෝ සිත පිළිබඳ අරමුණු අනුව ඇතිවන කෙලෙස් හෝ වෙත් නම් ඔවුන් දුරු කරන්නේ වේද? දැඩිව අල්වා නොගන්නේ වේද, මෙය ලෝකයෙහි කලකිරීම් සහගත හැඟීම යයි කියනු ලැබේ.

14.

කතමා චා’නන්ද සබ්බසංඛාරේසු අනිච්චසඤ්ඤා?

ඉධානන්ද භික්ඛු සබ්බසංඛාරේහි අට්ටීයති හරායති ජිගුච්ඡති. අයං වුච්චතා’නන්ද සබ්බසංඛාරේසු අනිච්චසඤ්ඤා.

ආනන්දයෙනි, සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යසංඥාව කවරයත්?

ආනන්දයෙනි, මේ සසුනෙහි මහණ තෙම හැම ප්‍රත්‍යුත්පන්ත ධර්මයන්ගෙන් පෙළෙයි. ලජ්ජා වෙයි. පිළිකුල් කෙරෙයි. ආනන්දයෙනි, මේ සර්වසංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාවයයි කියනු ලැබේ.

15.

කතමා චා’නන්ද ආනාපානසති?

ඉධානන්ද භික්ඛු අරඤ්ඤ්ගතෝ වා රුක්ඛමූල ගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපත්වා.

සෝ සතෝව අස්සසති, සතෝ පස්සසති,
දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමී’ති පජානති. දීඝං වා පස්සසන්තෝ දිඝං පස්සසාමී’ති පජානාති.
රස්සං වා අස්සසන්තෝ රස්සං පස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමී’ති පජානාති. 
සබ්බකායපටිසංවේදි අස්සසිස්සාමී’ති සික්ඛති, සබ්බකාය පටිසංවේදි පස්සසිස්සාමිති සික්ඛති.
පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.

පීතිපටිසංවේදි අස්සසිස්සාමී’ති සික්ඛති, පීතිපටිසංවේදී පස්සසිස්සාමී’ති සික්ඛති.
සුඛපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවේදී පස්සසිස්සාමී’ති සික්ඛති.
චිත්ත සංඛාර පටිසංවේදි අස්සසිස්සාමී’ති සික්ඛති. චිත්ත සංඛාර පටිසංවේදී පස්සසිස්සාමී’ති සික්ඛති.
පස්සම්භයං චිත්තසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්ත සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවේදි අස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවේදි පස්සසිස්සාමි’ති සික්ඛති.
අභිප්පමෝදයං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති. අභිප්පමෝදයං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති.
සමාදහං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති. සමාදහං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති.
විමෝචයං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති. විමෝචයං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති.
අනිච්චානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. අනිච්චානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
විරාගානුපස්සි අස්සසිස්සාමී’ති සික්ඛති. විරාගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
නිරෝධානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. නිරෝධානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.

අයං වුච්චතා’නන්ද ආනාපානසති.

ආනන්දයෙනි, ආනාපානාසති කවරයත්?

ආනන්දයෙනි, මේ සසුනෙහි මහණ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි ශුන්‍යාගාරයට ගියේ වෙවයි කය සෘජුකොට තබා සිහි පෙරට කොට එළවා පලක් බැඳ හිඳියි. ඒ සිහි ඇතිසේම ආශ්වාස කෙරෙයි, සිහි ඇතිසේ ම ප්‍රාශ්වාස කෙරෙයි.

දීර්ඝ කොට ආශ්වාස කරනුයේ හෝ දීර්ඝ කොට ආශ්වාස කෙරෙමියි දනී. දීර්ඝකොට ප්‍රශ්වාස කරනුයේ හෝ දීර්ඝකොට ප්‍රශ්වාස කරමියි දනී.
ලඝු කොට ආශ්වාස කරනුයේ හෝ ලඝු කොට ආශ්වාස කෙරෙමියි දනී. ලඝු කොට ප්‍රශ්වාස කරනුයේ හෝ ලඝු කොට ප්‍රශ්වාස කරමියි දනී.
සකල ආශ්වාස කායය මුල මැද අග පහළ කරමින් ආශ්වාස කරමි යි හික්මෙයි. සකල ප්‍රශ්වාස කාය මුල මැද අග පහළ කරමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි.
ඖදාරික ප්‍රශ්වාස කාය සංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරමින් හික්මෙයි.

ප්‍රීතිය මොනවට දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. ප්‍රීතිය මොනවට දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
සුඛය මොනවට දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සුඛය මොනවට දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
චිත්තසංස්කාරය දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. චිත්තසංස්කාර දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි.
ඖදාරික චිත්තසංස්කාර සංහිඳුවමින් ආශ්වාස කරමියි හික්මෙයි. ඖදාරික චිත්තසංස්කාර සංහිඳුවමින් ප්‍රශ්වාස කරමියි හික්මෙයි.
සිත දන්නේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සිත දන්නේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
සිත පහන් කරවමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සිත පහන් කරවමින් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
සිත අරමුණෙහි සමව තබමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. සිත අරමුණෙහි සමව තබමින් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
නීවරණයෙන් සිත මුදමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. නීවරණයෙන් සිත මුදමින් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.

අනිත්‍යානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. අනිත්‍යානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
විරාගානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමියි හික්මෙයි. විරාගනුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
නිරෝධානුදර්ශී වූයෙම් ආශ්වාස කෙරෙමිහි හික්මෙයි. නිරෝධානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.
ප්‍රතිනිඃසර්ගානුදර්ශී වුයෙම් හික්මෙයි ආශ්වාස කෙරෙමිහි හික්මෙයි. ප්‍රතිනිඃසර්ගානුදර්ශී වූයෙම් ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි.

මේ ආනාපාන සතිය යි කියනු ලැබේ.

16.

සචේ ඛෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා ඉමා දසසඤ්ඤා භාසෙය්‍යාසි. ඨානං ඛෝ පනේතං විජ්ජති. යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ ඉමා දස සඤ්ඤා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භෙය්‍යාති.

ආනන්දයෙනි, ඉදින් තෙපි ගිරිමානන්ද මහණනු වෙත ගොස් මේ දස සංඥා කියවු නම් යම් හෙයකින් මේ දශ සංඥා අසා ගිරිමානන්ද මහණහු ගේ ඒ ආබාධය හේතු විසින් සංහිඳෙන්නේ ය, යන කාරණය ඇත.

17.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සන්තිකේ ඉමා දස සඤ්ඤා උග්ගහෙත්වා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා ආභාසි.

එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි මේ දශ සංඥා උගෙන ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන්ට මේ දශ සංඥා කීහ.

18.

අථ ඛෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්භි. වුට්ඨාහි චායස්මා ගිරිමානන්දෝ තම්හා ආබාධා තථා පහීනෝ ච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසී’ති.

ඉක්බිති මේ දශ සංඥා අසා ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුණුවෝත් ඒ ආබාධයෙන් නැගී සිටියේ ය. ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන් ගේ ඒ ආබාධය එසේ ප්‍රහීණ වූයේ ය.

සාධූ! සාධූ! සාධූ!

ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!

මූලාශ්‍රය: “පිරුවානා පොත් වහන්සේ”.