1.
කරණීයමත්ථකුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජු ච සූජූ ච
සුවචෝ චස්ස මුදු අනතිමානී
ශාන්ත පදයයි කියනු ලබන නිවනට පැමිණ වසන්නහු විසින් යමක් කටයුතුද, දක්ෂයා විසින් එය කටයුතුයි. හෙතෙම දක්ෂයෙක් වන්නේය. සෘජු වන්නේය. මනාකොට සෘජු වන්නේය. කීකරු වන්නේය. මෘදු වන්නේය. නිහතමානි වන්නේය.
He who is skilled in (working out his own) well being, and who wishes to attain that state of Calm (Nibbana) should act thus: he should be dexterous, upright, exceedingly upright, obedient, gentle, and humble.
නිවනට යන මඟ සිටින පතා ගෙන
ඇද නැති බව සිත තුළ රඳවා ගෙන
සුවච සුමුදු ගුණ ඇති කරවා ගෙන
කළ යුතු ම ය අතිමාන නසා ගෙන
Who seeks to promote his welfare,
Having glimpsed the state of perfect peace,
Should be able, honest and upright,
Gentle in speech, meek and not proud.
2.
සන්තුස්සකෝ ච සුභරෝ ච
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්තී
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ
ලද දෙයින් සතුටු වන්නේය. පහසුවෙන් පෝෂණය කළහැක්කේය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේය. ප්‍රගල්භය නැතිවන්නේය. කුලයන් කෙරෙහි නොඇලුනෙක් වන්නේය.
Contented, easily supportable, with but few responsibilities, of simple livelihood, controlled in the senses, prudent, courteous, and not hanker after association with families.
සතුටු ව ලද දෙයකින් සුව සේ හිඳ
අඩු කොට වැඩ නිති සැහැල්ලුවෙන් ඉඳ
දමනය කළ ඉඳුරන් ද නුවණ මැද
හිත මිතුරුව කුලයේ නො ඇලෙන සඳ
Contented, he ought to be easy to support,
Not over-busy, and simple in living.
Tranquil his senses, let him be prudent,
And not brazen, nor fawning on families.
3.
න ච ඛුද්දං සමාචරේ කිඤ්චි
යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
යම් ක්‍රියාවකින් නුවණැති අන් කෙනෙක් නින්දා කෙරෙත්ද, (එබඳු) ස්වල්පවූ වරදකුදු නොකරන්නේය. සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා. භය නැත්තෝ වෙත්වා. සුඛිත සිත් ඇත්තෝ වෙත්වා.
Let him not perform the slightest wrong for which wise men may rebuke him. (Let him think:) ‘May all beings be happy and safe. May they have happy minds.
නුවණැතියන් ගෙන් දොස් නොලබන්නේ
සුළු වරදක් හෝ නොම කරමින්නේ
බිය නැති සැප ඇති දිවි පතමින්නේ
සියලු සතුන් හට මෙත් පතුරන්නේ
4.
යේ කේචි පාණභුතත්ථි
තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා
මජ්ඣිමා රස්සකාණුකථූලා
(කෙලෙස් සහිත බැවින්) භයින් ත්‍රස්ත වූ හෝ නිර්භය හෙයින් ස්ථාවර වූ සියලු යම්කිසි සත්ව කෙනෙක් වෙත්ද, යම් සත්ව කෙනෙක් දීර්ඝ ජාති ඇත්තාහුද, මහත් සිරුරු ඇත්තාහුද, මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇත්තෝද, මිටි සිරුරු ඇත්තෝද, ඉතා සියුම් සිරුරු ඇත්තෝද, ස්ථුල සිරුරු ඇත්තෝද,
Whatever living beings there may be — feeble or strong (or the seekers and the attained) long, stout, or of medium size, short, small, large,
බියපත් තැති ගත් සතුන් ද වේවා
බිය සැක දුරු කළ රහතුන් වේවා
ලොකු පොඩි දිග මහ සතුන් ද වේවා
සැමට සැපත ඇති සිත් ඇති වේවා
5.
දිට්ඨා වා යේව අද්දිට්ඨා
යේ ච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
ඇසට පෙනෙන්නාවූ හෝ නොපෙනෙන්නාවූ යම් සත්ව කෙනෙක් වෙත්ද, යම් සත්ව කෙනෙක් දුර වෙසෙත්ද, නුදුරෙහි වෙසෙත්ද, ඉපදීම අවසන් කළ සත්වයෝ වෙත්ද, ඉපදීම සොයන සත්වයෝද, යන සියලු සත්වයෝ සුඛිත සිත් ඇත්තෝ වෙත්වා.
Those seen or those unseen, those dwelling far or near, those who are born as well as those yet to be born — may all beings have happy minds.
පෙනෙන නො පෙනෙන සතුන් ද වේවා
දුර ළඟ වසනා සතුන් ද වේවා
ඉපදුන – ඉපදෙන සතුන් ද වේවා
සැමට සැපත ඇති සිත් ඇති වේවා
6.
න පරෝ පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය
අනිකෙක් අනිකෙකු නොරවටනේය. කිසි තැනකහි ඒ කිසිවකුට අවමන් නොකරන්නේය. කාය වාක් විකාරයෙන් වූ කෝපයෙන්ද, මනෝ විකාරයෙන් වූ පටිඝ සංඥායෙන්ද, එකෙක් අනෙකකුට දුකක් නොකමැති වන්නේය.
Let him not deceive another nor despise anyone anywhere. In anger or ill will let him not wish another ill.
කිසිවෙක් කිසිවෙකු නොම රවටාවා
කිසි තනක දි ඉහළින් නො සිතාවා
නපුරු දරුණු බස් නොම පවසාවා
අනෙකෙකු ගේ දුක කැමති නො වේවා
7.
මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
ඒවම්පි සබ්බභූතේසු
මානසං භාවයේ අපරිමාණං
යම්සේ මවක් තම එකම පුතු දිවි පිදීමෙන් රකීද, හැම සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩන්නේය.
Just as a mother would protect her only child with her life even so let one cultivate a boundless love towards all beings.
තම දිවි සම කොට පුතු සුරකින්නේ
එක ම පුතෙකු ඇති මව් විලසින්නේ
මෙලෙසට ලොව සැම සතුන් දකින්නේ
අපමණ මෙත් සිත ම ය පතුරන්නේ
8.
මෙත්තං ච සබ්බ ලෝකස්මිං
මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධෝ ච තිරියඤ්ච
අසම්බාධං අවේරං අසපත්තං
උඩද, යටද, සිරසද, සම්බාධ නැතිව වෛර නැතිව සතුරන් නැති සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිත වඩන්නේය.
Let him radiate boundless love towards the entire world — above, below, and across — unhindered, without ill will, without enmity.
සියළු ලොවට එක ලෙස සලකන්නේ
උඩ-යට-සරසට හැම විලසින්නේ
වෛර සතුරු බාධා නැති වන්නේ
අපමණ මෙත් සිත ම ය පතුරන්නේ
9.
තිට්ඨං චරං නිසින්නෝ වා
සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
ඒතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු
සිටින්නේ හෝ, ඇවිදින්නේ හෝ, උන්නේ හෝ, නිදන්නේ හෝ, යම්තාක්කල් නොනිදා ද, ඒතාක් මේ මෛත්‍රී සහගත සිහිය ඉටන්නේය. මෙය මේ ශාසනයෙහි බ්‍රහ්ම විහාරයයි.
Standing, walking, sitting or reclining, as long as he is awake, let him develop this mindfulness. This, they say, is ‘Noble Living’ here.
සිටගෙන ඇවිදින හෝ හිඳිනා විට
නිදන වෙලාවට හෝ නො නිදන විට
සිහි කළ යුතු මෙත් සිත ම ය හැම විට
බඹවිහරණ ලෙස පවසයි එම විට
10.
දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගේධං
නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති
මිථ්‍යාදෘෂ්ටියට නොපැමිණ සිල්වත් වූයේ, දර්ශනයෙන් යුක්ත වූයේ, වස්තුකාමයන්හි ගිජු බව දුරු කොට, ඒකාන්තයෙන් මවු කුස පිළිසිඳ ගැනිමට නැවත නො එන්නේය.
Not falling into wrong views — being virtuous, endowed with insight, lust in the senses discarded — verily never again will he return to conceive in a womb.
මිසදිටුවක සිත නො ම පැටලෙමිනේ
සිල් ගුණ දම් රැක යන මඟ නිවනේ
කම් සැපයට කිසි විට නො ඇලෙමිනේ
මව් කුස නිදනට යළි නො ම පැමිණේ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
සිංහල අර්ථය මූලාශ්‍රය: පිරුවානා පොත් වහන්සේ
සිංහල පද්‍ය මූලාශ්‍රය: “මහමෙව්නාවේ පාළි – සිංහල පිරුවානා පොත් වහන්සේ”, පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි. (download ↡ )
English meaning from: Karaniya Metta Sutta: The Discourse on Loving-kindness by Piyadassi Thera
English poem from: Karaniya Metta Sutta – The Hymn of Universal Love
Related Resources
වසල සුත්තං(වසල සූත්‍රය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන – Vasala Sutta with Sinhala & English Translations
ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. තේන ඛෝ සමයේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස නිවේසනේ අග්ගි පජ්ජලිතෝ හෝති ආහුති පග්ගහිතා. අථ ඛෝ භගවා සාවත්ථියං සපදානං...
චක්කවත්ති සීහනාද සුත්තං(සූත්‍රය) සිංහල අර්ථය සමග – Chakkavatti Seehanada Sutra with Sinhala Translation
සක්විති රජු ගැන සිහනදක් ලෙසින් වදාළ දෙසුම.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙහි මාතුලා නුවර වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
ඉසිගිලි සුත්තං (ඉසිගිලි සූත්‍රය) සිංහල අර්ථය සමග. Isigili Sutta in Pali with Sinhala Translation
බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ දැක්වෙන පිරිත් නිමවා පසේ බුදුවරයින් ගේ ගුණ දැක්වෙන එකම සූත්‍රය වන ඉසිගිලි සූත්‍රය දක්වන ලදී.
ගිරිමානන්ද සුත්තං (ගිරිමානන්ද සූත්‍රය) පාළි හා සිංහලෙන් – Girimananda Sutta in Pali and Sinhala
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ගිරිමානන්ද ස්ථවිර තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් බව ඇත්තේ වෙයි.
පරාභව සුත්තං (පරාභව සූත්‍රය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Parabhava Sutta Sinhala English Translation
පරාභව සූත්‍රය මංගල සූත්‍රයේ ප්‍රතිවිරෝධතාව සේ සැලකිය හැකියි. බුදුරදුන් වෙත පැමිණ පරිහානියට හේතුවන කාරණා විමසූ එක්තරා දේවතාවකුට වදාරණ ලද්දකි. කෙනෙකු දහමට ඇළුම් කරතොත් හේ උන්නතියට ද දහමට ද්වේෂ කරතොත් අවනතියට ද පත්වේය යන ආදී කරුණු මෙහි අන්තර්ගත වේ.
ආලවක සුත්තං (ආලවක සුත්‍රය) සහ සිංහල ඉංග්‍රිසි පරිවරිථන Alavaka Sutta with English Sinhala Translation
On one occasion the Blessed One was living in the abode of Alavaka, the Yakkha (demon), at Alavi. Then Alavaka approached the Blessed One and said: “Get out, recluse (samana).” — “Very well, friend,” so saying the Blessed One went out.
I like to this
I like it
මහත්පල ආනිශංස ගෙනදෙන ධර්ම දානයකි.