බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ දැක්වෙන පිරිත් නිමවා පසේ බුදුවරයින් ගේ ගුණ දැක්වෙන එකම සූත්‍රය වන ඉසිගිලි සූත්‍රය දක්වන ලදී.
එක් කලෙක සවස්වේලෙහි බුදුන් වහන්සේ ඵල සමවතට සම වැද එයින් නැගී ගඳකිලියෙන් නික්ම භික්ෂූ සංඝයා පිරිවරාගෙන පර්වත පස පෙනෙන මානයේ හිඳ එයත් හදුන්වා දුන්හ.
බුදුරජාණන් වහන්සේට සෙසු පර්වත හැඳින්වීමට අනවශ්‍ය වුවත් ඉසිගිලි පව්ව හැඳින්වීමෙන් පන්සීයක් පසේ බුදුවරයන්ගේ නම් හා පද්මාවතී දේවියගේ ප්‍රාර්ථනාවෙන් පැහැදිලිවන නිසා සෙසු පර්වථ ද හැඳින්වීමට අවශ්‍ය විය.
පන්සීයක් පසේබුදුවරයන් වහන්සේලා රජගහ නුවර පිඬුසිඟා හැසිර ඉසිගිලි පර්වතය දෙබෑදොරක් විවෘත කර එහි ඇතුළට පිවිස රෑ වසන තැන් හා දිවා වසන තැන් පිළියෙළ කොට ගෙන විසූහ. එය බලා සිටින්නවුනට එසේ පිවිසෙන පසේ බුදුවරයින් දක්නට ලැබෙනු මිස පිවිසි යනු දක්නට නොලැබේ. ඒ නිසා මේ පර්වතය සෘෂීන් ගිල ගනිතියි ඉසිගිලි නම් විය. මේ සූත්‍රයේ පසේ බුදුවරයන් පන්සිය නමක ගේ නම් දැක්වෙයි. ඇතැම් නමකින් දහ දොළොස් නම සිටි බව කිය වේ.
1. ඒවං මේ සුතං, ඒකං සමයං භගවා රාජගහේ විහරති ඉසිගිලිස්මිං පබ්බතේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඉසිගිලි පව්වෙහි වැඩ වසන සේක. එකල්හි එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් අඬගා වදාළ සේක. ‘පින්වතුන් වහන්ස’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ ඉසිගිලි සූත්‍රය වදාළ සේක.
2. පස්සථ නෝ තුම්හේ භික්ඛවේ, ඒතං වේහාරං පබ්බතන්ති? ඒවං භන්තේ, ඒතස්සපි ඛෝ භික්ඛවේ, වේහරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤත්ති.
මහණෙනි, තෙපි තෙල වෙහාර පර්වතය දක්නහු ද? වහන්ස, එසේය. මහණෙනි, මේ වෙහාර පර්වතයට අනික් නමෙක් විය. අනික් පැණවීමෙක් විය.
3. පස්සථ නෝ තුම්හේ භික්ඛවේ ඒතං පණ්ඩවං පබ්බතන්ති? ඒවං භන්තෙ, එතස්සපි ඛෝ භික්ඛවේ පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤත්ති.
මහණෙනි, තෙපි තෙල පාණ්ඩව පර්වතය දක්නහු ද? වහන්ස, එසේය. මහණෙනි, මේ වෙහාර පර්වතයට අනික් නමෙක් විය. අනික් පැණවීමෙක් විය.
4. පස්සථ නෝ තුම්හේ භික්ඛවේ ඒතං වේපුල්ලං පබ්බතන්ති? ඒවං භන්තෙ, එතස්සපි ඛෝ භික්ඛවේ වේපුල්ලස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤත්ති.
මහණෙනි, තෙපි තෙල වෛපුල්‍ය පර්වතය දක්නහු ද? වහන්ස, එසේය. මහණෙනි, තෙල පෙනෙන වෛපුල්‍ය පර්වතයටද අනික් නමෙක් විය. අනෙක් පැණවීමෙක් විය.
5. පස්සථ නෝ තුම්හේ භික්ඛවේ ඒතං ගිජ්ඣකූටං පබ්බතන්ති? ඒවං භන්තෙ, එතස්සපි ඛෝ භික්ඛවේ ගිජ්ඣකූටස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤත්ති.
මහණෙනි, තෙපි තෙල ගෘධ්‍රකූට පර්වතය දක්නහු ද? වහන්ස, එසේය. මහණෙනි, තෙල පෙනෙන ගෘධ්‍රකූට පර්වතයටද අනික් නමෙක් විය. අනෙක් පැණවීමෙක් විය.
6. පස්සථ නෝ තුම්හේ භික්ඛවේ ඉමං ඉසිගිලිං පබ්බතන්ති? ඒවං භන්තෙ, ඉමස්සපි ඛෝ භික්ඛවේ ඉසිගිලිස්ස පබ්බතස්ස ඒසාව සමඤ්ඤා අහෝසි ඒසා පඤ්ඤත්ති.
මහණෙනි, තෙපි තෙල ඉසිගිලි පර්වතය දක්නහු ද? වහන්ස, එසේය. මහණෙනි, මේ ඉසිගිලි පර්වතයට තෙල සංඥාව ම විය. තෙල ප්‍රඥප්තියම විය.
7. භූතපුබ්බං භික්ඛවේ පඤ්චපච්චේක බුද්ධසතානි ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේචිරනිවාසිනෝඅහේසුං, තේ ඉමං පබ්බතං පවිසන්තා දිස්සන්ති පවිට්ඨා න දිස්සන්ති. තමේනං මනුස්සා දිස්වා ඒවමාහංසු, අයං පබ්බතෝ ඉමේ ඉසී ගිලතීති, ඉසිගිලි ඉසිගිලීත්වේව සමඤ්ඤා උදපාදි.
මහණෙනි, පෙර වූවක් කියමි. මේ ඉසිගිලි පර්වතයෙහි පන්සියයක් පසේ බුදුහු බොහෝ කලක් වාසය කළාහු ය. ඔහු මේ පර්වතයට පිවිසෙන්නාහු දක්නා ලැබෙති. පිවිසියාහු නොදක්නා ලැබෙති. ඒ දැක මනුෂ්‍යයෝ මෙසේ කීහ. මේ පර්වත මේ මේ ප්‍රත්‍යෙකබුද්ධ සෘෂීන් ගිල ගනී යයි. එහෙයින්, ඉසීගිලි – ඉසිගිලි’යි කියා ම නම උපන.
8. ආචික්ඛ්ස්සාමි භික්ඛවේ පච්චේකබුද්ධානං නමානි, කිත්තයිස්සාමි භික්ඛවේ පච්චේකබුද්ධානං නමානි. දේසිස්සාමි භික්ඛවේ පච්චේකබුද්ධානං නමානි, තං සුණාථ සාධුකං මනසි කරෝථ භාසිස්සාමීති. ඒවං භන්තේ’ති ඛෝ තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං, භගවා ඒතදවෝච.
මහණෙනි පසේ බුදුවරුන් ගේ නම් පවසන්නෙමි. නම් කීර්තනය කරන්නෙමි. මහණෙනි, පසේ බුදුවරයින් ගේ නම් දෙසන්නෙමි. ඒ අසවු. මොනවට මෙහෙහි කරවු. කියන්නෙමි.
එසේ යැ වහන්සැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
9. අරිට්ඨෝ නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, අරිට්ඨ නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
10. උපරිට්ඨෝ නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, උපරිට්ඨ නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
11. තගරසිඛී නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, තගර සිඛී නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
12. යසස්සී නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, යසස්සී නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
13. සුදස්සනෝ නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, සුදස්සන නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
14. පියදස්සී නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, පියදස්සී නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
15. ගන්ධාරෝ නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, ගන්ධාර නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
16. පිණ්ඩෝලෝ නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, පින්ඩොල නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
17. උපාසභෝ නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, උපාසභ නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
18. නීථෝ නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, නීත නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
19. තථෝ නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, තථ නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
20. සුතවා නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, සුතවන්තු නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
21. භාවිතත්තෝ නාම භික්ඛවෙ පච්චේක සම්බුද්ධෝ ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.
මහණෙනි, භාවිතත්ත නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ.
1.
යේ සත්තසාරා අනිඝා නිරාසා
පච්චේකමේවජ්ඣගමුං සුබෝධිං
තේසං විසල්ලානං නරුත්තමානං
නාමානි මෙ කිත්තයතෝසුණාථ.
සත්වයන් කෙරෙහි සාර වූ හෙවත් උත්තම සත්ව වූ නිදුක් වූ නිස්තෘෂ්ණ වූ යම් පසේබුදු කෙනෙක් වෙන වෙනම සතර මාර්ග ඥාන බෝධිය අවබෝධ කළාහු ද විගත වූ රාගාදී ශල්‍ය ඇති ඒ නාරොත්තමයන් ගේ නාමයෙන් කීර්තනය කරන්නා වූ මාගේ බසින් අසවු.
2.
අරිට්ඨෝ උපරිට්ඨෝ තගරසිඛී යසස්සී
සුදස්සනෝ පියදස්සී ච බුද්ධෝ,
ගන්ධාරෝ පිණ්ඩෝලෝ උපාසභෝ ච
නීථෝ තථෝ සුතවා භාවිතත්තෝ
අරිට්ඨය, උපරිට්ඨය, තගරසිඛීය, යසස්සිය, සුදස්සනය, පියදස්සීබුද්ධය, ගන්ධාරය, පිණ්ඩොලය, උපාසභය, නීතය, තථය, සුතවන්තුය, භාවිතත්තය, යන පසේ බුදුහු ද,
3.
සුම්භෝ සුභෝ මේථුලෝ අට්ඨමෝ ච
අථස්සු මේඝෝ අනීඝෝ සුදාඨෝ
පච්චේක බුද්ධෝ භවනෙත්තිඛීණා
හිංගූ ච හිංගෝ ච මහානුභාවා
සුම්භ ය, සුභ ය, මෙථුල ය, අට්ඨම ය, යළි සුමෙධ ය, අනීඝ ය, සුදාධෝ ය, හිංගු ය, හිංග ය, යන මහත් ආනුභාව ඇති භවනෙත්ති සංඛ්‍යාත තෘෂ්ණාක්ෂය කළ පසේබුදුහු ය.
4.
ද්වේ ජාලිනෝ මුනිනෝ අට්ඨකෝ ච
අථ කෝසලෝ බුද්ධෝ අථෝ සුබාහු
උපනේමිසෝ නෙමිසෝ සන්තචිත්තෝ
සච්චෝ තථෝ විරජෝ පණ්ඩිතෝ ච,
චුල්ල ජාලී මහා ජාලී යැයි නම් ඇති දෙ මුනිහු ය. අට්ඨක බුදුහු යැ. නැවත කෝසල බුද්ධ යැ. යළි සුබාහු යැ. උපනෙමිස ය, නෙමිස ය, සන්තචිත්තය, සච්චය, තථ ය, විරජ ය, පණ්ඩිත යැ යන පසේ බුදුහු ද,
5.
කාලුපකාලා විජිතෝ ජීතෝ ච
අංගෝ ච පංගෝ ච ගුතිජ්ජිතෝ ච,
පස්සී ජහී උපධිං දුක්ඛමූලං
අපරාජිතෝ මාරබලං අජේසි.
කාල උපකාල යන දෙබුදුහු ය, විජිත ය, අංග ය, පංග ය, ගුතිජ්ජිතය, පස්සී නම් පසේ බුදුහු ස්ඛන්ධ දුඃඛයට මූල වු උපධිහලය. අපරාජිත නම් පසේ බුදුහු මාරබල දිනූ ය.
6.
සත්ථා පවත්තා සරභංගෝ ලෝමහංසෝ
උච්චංගමායෝ අසිතෝ අනාසවෝ,
මනෝමයෝ මානච්ඡිදෝ ච බන්ධුමා
තදාධිමුත්තෝ විමලෝ ච කේතුමා.
සත්ථු, පවත්තු, සරචංග, ලෝමහංස, උච්චංගමාය, යන නම් ඇති පසේ බුදුහු ය, සිත, අනාසව, මනොමය, යන තුන් පසේ බුදුහු ය. නවවිධ මාන පසුන් කළ බන්ධුමන්තු නම් පසේ බුදුහු ය, තදාධි මුත්තය, විමලය, කෙතුමන්තුය, යන පසේ බුදුහු ද,
7.
කේතුම්බරාගෝ ච මාතංගෝ අරියෝ
අථච්චුතෝ අච්චූතගමබ්‍යාමකෝ
සුමංගලෝ දබ්බිලෝ සුප්පතිට්ඨිතෝ
අසය්හෝ ඛේමාභිරතෝ ච සෝරතෝ
කේතුම්බරාග ය, මාතංග ය, අරිය ය, යන තුන් පසේබුදුහු ය. යළි අච්චුතය අච්චුතගාමඛ්‍යාමක ය, යන පසේ බුදුහු දෙදෙන ය. සුමංගල, දබ්බිල, සුප්පතිට්ඨිත අසයිහ යන පසේ බුදුහුය, ඛේමාහිරත ය, සොරතය, යන පසේ බුදුහු දෙදෙන ද,
8.
දූරන්නනයෝ සංඝෝ අථෝපි උච්චයෝ
අපරෝ මුනී සය්හෝ අනෝමනික්කමෝ
ආනන්ද නන්දෝ උපනන්දෝ ද්වාද්ස
භාරද්වාජෝ අන්තිමදේහධාරී.
දුරන්න ය, සංඝ යන පසේ බුදුහුය, යළිඳු උච්චය, අලාමක විර්ය්‍ය ඇති සය්හ නම් අන්‍ය පසේබුදු මුනිවරයෙක, ආනන්ද නන්ද, උපනන්ද, යන සිය දෙන්කුන් බැගින් දොළොස් පසේබුදු කෙනෙක, අන්තිම ශරීරය ධරන භාරද්වාජ නම් පසේබුදුහු ද,
9.
බෝධී මහානාමෝ අථෝපි උත්තරෝ
කේසී සිඛී සුන්දරෝ භාරද්වාජෝ,
තිස්සුපතිස්සා භවබන්ධනච්ඡිදා
උපසීදරි තණ්හච්ඡිදෝ ච සීදරී.
බෝධි, මහානාම යන පසේ බුදුහු ය, යළිඳු උත්තර, කේසී, සිඛී, සුන්දර භාරදවජ යන පසේබුදුහු ය, තෘෂ්ණා පසුන් කළ සිදරී නම් පසේ බුදුහු ද,
10.
බුද්ධෝ අහූ මංගලෝ වීතරාගෝ
උසභච්ඡිදා ජාලිනිං දුක්ඛමූලං,
සන්තං පදං අජ්ඣගමූපනීතෝ
උපාසථෝ සුන්දරෝ සච්චනාමෝ.
වීතරාග වූ මංගල පසේබුදුහු ද වූහ. පස්කඳ දුකට මුල් වූ තෘෂ්ණජාලිනිය සුන් කළ උසභ නම් පසේ බුදුහු ය. ශාන්ත පදයට පැමිණි උපනීතය, උපෝසථය සුන්දරය, සච්චනාමය.
11.
ජේතෝ ජයන්තෝ පදුමෝ උප්පලෝ ච
පදුමුත්තරෝ රක්ඛිතෝ පබ්බතෝ ච,
මානන්ථද්ධෝ සෝභිතෝ වීතරාගෝ
කණ්හෝ ච බුද්ධෝ සුවිමුත්තචිත්තෝ.
ජෙත ජයන්ත, පදුම උප්පල යන සිව් පසේ බුදුහු ද, පදුමුත්තර, රක්ඛිත පබ්බත යන තුන් පසේබුදුහු ද, මානත්ථද්ධ, සෝහිත වීතරාග, යන පසේ බුදුහුද, මොනොවට කෙලෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති කණ්හ නම් පසේබුදුහු ද,
12.
ඒතේ ච අඤ්ඤේ ච මහානුභාවා
පච්චේකබුද්ධා භවනෙත්තිඛීණා,
තේ සබ්බසංගත්ගතේ මහේසි
පරිනිබ්බුතේ වන්දථ අප්පමෙය්‍යෝති.
නාම විසින් පෙළ ආ තෙල පසේබුදුහු ද, ක්ෂය කළ භවතෘෂ්ණා ඇති අන්‍යවුත් යම් පසේබුදු කෙනෙක් ඇත්ද, සියලු ක්ලේශයන් ඉක්මවා ගිය ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් වන් ගුණ විසින් අප්‍රමෙය වු ප්‍රත්‍යෙක බුද්ධ මහර්ෂීන්ට නමස්කාර කරව.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
මූලාශ්‍රය: “පිරුවානා පොත් වහන්සේ”
Cover Photo by Artem Beliaikin on Unsplash
0 Comments