මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

Buddhist Tripitaka - ත්‍රිපිටක​ය, Maha Vagga, Pirith, Samyutta Nikaya - සංයුත්ත නිකා​ය, Sutta Pitaka - සූත්‍ර පිටක​ය | 6 comments

   
Font Size
Auto-Scroll   Speed

1

ඒවං මේ සුතං, ඒකං සමයං භගවා රාජගහේ විහරති වේලුවනේ කාලන්දකනිවාපේ, තේන ඛෝ පන සමයේන ආයස්මා මහා කස්සපෝ පිප්ඵලිගුහායං විහරති ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ලේනුන්ට දන් දෙන කලන්දකනිවාප  වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව,  පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.

Thus have I heard; On one occasion the Blessed One was residing at the Squirrels’ feeding ground in the Bamboo Grove, near Rajagaha. At that time, the Venerable Mahā Kassapa who was living in the Pipphali Cave,was afflicted with a disease, was suffering, and was gravely ill.

2

අථ ඛෝ භගවා සායණ්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේනායස්මා මහාකස්සපෝ තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා ආයස්මන්තං මහාකස්සපං ඒතදවෝච.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වෙලෙහි ඵල සමවතින් නැගිටියේ ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනක වෙසෙත්ද  එතැනට එළඹි සේක.  එළඹ, පැණවූ අස්නෙක වැඩහුන් සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ මහා කස්සපයන් වහන්සේ හට මෙය වදාළසේක.

Then the Blessed One, arising from His solitude at even tide, visited the Venerable Mahā Kassapa and sat down on a seat made ready for Him. Thus seated, the Blessed One spoke to the Venerable Mahā Kassapa.

3

කච්චි? තේ කස්සප ඛ්මනීයං. කච්චි? යාපනීයං. කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති නෝ අභික්කමන්ති. පටික්ක මෝසානං පඤ්ඤායති නෝ අභික්කමෝති.

කිමෙක්ද? කාශ්‍යප ඔබට ඉවසිය හැකිද? යැපිය හැකිද? දුක්ඛ වේදනාවෝ පිරිහෙත් ද? (දුක් වේදනා අඩු වේද?) කිම දියුණු නොවෙත්ද?(වැඩි නොවෙත්ද?) ප්‍රතික්‍රමණවසනාය පෙනේද? (ඒ දුක්ඛ වේදනාවන්ගේ කෙළවරක් පෙනේද?) වැඩීමක් නොපෙනේ දැයි වදාළ සේක.

“Well Kassapa, how is it with you? Are you enduring your suffering? Are you bearing up? Does your painful feeling decrease or increase? Are there signs of decreasing and not increasing?”

4

න මේ භන්තේ ඛමනීයං න යාපනීයං. ඛාළ්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති. අභික්කමෝසානං පඤ්ඤායති නෝ පටික්කමෝති.

ස්වාමීනි වහන්ස, මට ඉවසීමට නොහැකිය. ඉරියව් පවත්වන්නට නොහැකිය. මගේ දුක්ඛ වේදනාවෝ බලවත්හ. දියුණු වෙත්, ප්‍රතික්‍රමණය නොවෙත්, දුක්ඛ වේදනාවන් ගේ වැඩීම පෙනෙයි. අඩුවක් නොපෙනෙයි.

“No. Venerable Sir, I am not enduring. I am not bearing up, the painful feeling is very great. There is a sign of pain not decreasing but of their increasing.”

5

සත්තිමෝ කස්සප බොජ්ඣංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති’ කතමේ සත්ත?

කාශ්‍යප, මේ සප්ත බොජ්ඣංගයෝ මා විසින් මොනවට ප්‍රකාශ කරන ලදහ, භාවිතා කරන ලදහ, නැවත නැවත පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස පවතියි. ඒ කවර සප්ත බොධ්‍යංගයෝද යත්?

“Kassapa, these seven factors of Enlightenment are well expounded by Me, and are cultivated and fully developed by Me. They are conducive to perfect understanding, to full realization and to Nibbana” What are the seven?

6

සති සම්බෝජ්ඣංගෝ ඛෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.

කාශ්‍යප, මේ සතිසම්බොධ්‍යන්ගය (නිවැරදි සිහිය) වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි.

Mindfulness, the factor of Enlightenment, Kassapa, is well expounded by Me, and is cultivated and fully developed by Me. It conduces to perfect understanding, to full realization and to Nibbana.

7

ධම්මවිචය සම්බොජ්ඣංගෝ ඛෝ කස්සප’ මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.

කාශ්‍යප, ධම්මවිචය (දහම් කරුණු විමසීම) සම්බොධ්‍යංගය  වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි.

Investigation of the Dhamma, the factor of Enlightenment, Kassapa, is well expounded by Me, and is cultivated and fully developed by Me. It conduces to perfect understanding, to full realization and to Nibbana.

8

විරිය සම්බොජ්ඣංගෝ ඛෝ කස්සප’ මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.

කාශ්‍යප, විරිය (වීර්යය) සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි.

Persevering effort, the factor of Enlightenment, Kassapa, is well expounded by Me, and is cultivated and fully developed by Me. It conduces to perfect understanding, to full realization and to Nibbana.

9

පීති සම්බොජ්ඣංගෝ ඛෝ කස්සප’ මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.

කාශ්‍යප, ප්‍රීති සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි.

Rapture, the factor of Enlightenment, Kassapa, Is well expounded by Me, and is cultivated and fully developed by Me. It conduces to perfect understanding, to full realization and to Nibbana.

10

පස්සද්ධි සම්බොජ්ඣංගෝ ඛෝ කස්සප’ මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.

කාශ්‍යප, පස්සද්ධි සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි.

Tranquility, the factor of Enlightenment, Kassapa, is well expounded by Me, and is cultivated and fully developed by Me. It conduces to perfect understanding, to full realization and to Nibbana.

11

සමාධි සම්බොජ්ඣංගෝ ඛෝ කස්සප’ මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.

කාශ්‍යප, සමාධි සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි.

Concentration, the factor of Enlightenment, Kassapa, is well expounded by Me, and is cultivated and fully developed by Me. It conduces to perfect understanding, to full realization and to Nibbana.

12

උපෙක්ඛා සම්බොජ්ඣංගෝ ඛෝ කස්සප’ මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති.

කාශ්‍යප, උපෙක්ඛා සම්බොධ්‍යංගය වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි.

Equanimity, the factor of Enlightenment. Kassapa, is well expounded by Me, and is cultivated and fully developed by Me. It conduces to perfect understanding, to full realization and to Nibbana.

13

ඉමෙ ඛෝ කස්සප සත්ත සම්බොජ්ඣංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති.

කාශ්‍යප, මේ සප්ත බොධ්‍යංගයෝ වනාහි මා විසින් මොනවට ප්‍රකාශ කරන ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලදහ. සත්‍යය ප්‍රතිවේධය පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස, පවතියි.

These seven factors of Enlightenment, Kassapa, are well expounded by Me, and are cultivated and fully developed by Me. They conduce to perfect understanding, to full realization and to Nibbana.

14

තග්ඝ භගව බොජ්ඣංගා’ තග්ඝ සුගත බොජ්ඣංගාති.

භාග්‍යවතුන් වහන්ස, බොධ්‍යංග ධර්මයෝ මැනව, සුගතයන් වහන්ස මැනව’යි කාශ්‍යප තෙරුන් දැන්වූහ.

“Most assuredly, O Blessed One, they are factors of Enlightenment.
Most assuredly, O Welcome One (Sugata), they are factors of Enlightenment.”

15

ඉදමවෝ ච භගවා. අත්තමනෝ ආයස්මා මහාකස්සපෝ භගවතෝ භාසිතං අභිනන්දි. උට්ඨාහිචායස්මා මහා කස්සපෝ තම්හා ආබාධා. තථා පහීනෝ චායස්මතෝ මහාකස්සපස්ස සෝ ආබාධෝ අහෝසීති.

භාග්‍යවතුන් වහන්ස මේ ධර්මය වදාළ සේක. එයට සතුටු වූ ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අසා සතුටු විය. මහා කාශ්‍යප ස්ථවිර තෙම ඒ ආබාධයෙන් නැගීසිටියේ ය. මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ආබාධය පහවී ගියේමය.

Thus said the Buddha, and also the Venerable Mahā Kassapa, who glad at heart, was delighted at the utterances of the Buddha. Thereupon the Venerable Mahā Kassapa recovered from that affliction, and that affliction of the Venerable Mahā Kassapa disappeared.

Related Resources

අංගුලිමාල පිරිත පාලි ​හා සිංහලෙ​න්  Angulimala Piritha In Pali With Sinhala Translation

අංගුලිමාල පිරිත පාලි ​හා සිංහලෙ​න් Angulimala Piritha In Pali With Sinhala Translation

පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනංමේ අංගුලිමාල පිරිත දේශනා කිරීමට දේශකයා ඉඳගත් ආසනය සේදුඋදකම්පි විනාසෙසි සබ්බ මෙව පරිස්සයංජලය පවා සියලු උවදුරු විනාශ කරයි. සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාදෙති තං ඛණෙමේ පිරිත ප්‍රසූත නො කළ හැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරනු...

නිවාප සුත්‍රය (නිවාපසුත්තං) සහ සිංහල අර්ථය – Nivapa Sutta with Sinhala Translation

නිවාප සුත්‍රය (නිවාපසුත්තං) සහ සිංහල අර්ථය – Nivapa Sutta with Sinhala Translation

එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘න , භික්ඛවෙ, නෙවාපිකො නිවාපං නිවපති මිගජාතානං - ‘ඉමං මෙ නිවාපං නිවුත්තං මිගජාතා...

වසල සුත්තං(වසල සූත්‍ර​ය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන – Vasala Sutta with Sinhala & English Translations

වසල සුත්තං(වසල සූත්‍ර​ය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන – Vasala Sutta with Sinhala & English Translations

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. තේන ඛෝ සමයේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස නිවේසනේ අග්ගි පජ්ජලිතෝ හෝති ආහුති පග්ගහිතා. අථ ඛෝ භගවා සාවත්ථියං සපදානං...

චක්කවත්ති සීහනාද සුත්තං(සූත්‍රය) සිංහල අර්ථය සම​ග – Chakkavatti Seehanada Sutra with Sinhala Translation

චක්කවත්ති සීහනාද සුත්තං(සූත්‍රය) සිංහල අර්ථය සම​ග – Chakkavatti Seehanada Sutra with Sinhala Translation

සක්විති රජු ගැන සිහනදක් ලෙසින් වදාළ දෙසු​ම.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙහි මාතුලා නුවර වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

ඉසිගි​ලි සුත්තං (ඉසිගි​ලි සූත්‍රය) සිංහල අර්ථය සමග. Isigili Sutta in Pali with Sinhala Translation

ඉසිගි​ලි සුත්තං (ඉසිගි​ලි සූත්‍රය) සිංහල අර්ථය සමග. Isigili Sutta in Pali with Sinhala Translation

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ දැක්වෙන පිරිත් නිමවා පසේ බුදුවරයින් ගේ ගුණ දැක්වෙන එකම සූත්‍රය වන ඉසිගිලි සූත්‍රය දක්වන ලදී.

ගිරිමානන්ද සුත්තං (ගිරිමානන්ද සූත්‍රය) පාළි හා සිංහලෙන් – Girimananda Sutta in Pali and Sinhala

ගිරිමානන්ද සුත්තං (ගිරිමානන්ද සූත්‍රය) පාළි හා සිංහලෙන් – Girimananda Sutta in Pali and Sinhala

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ගිරිමානන්ද ස්ථවිර තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් බව ඇත්තේ වෙයි.

6 Comments

  1. Pali

    Pl send the english translation of the mora piritha
    Thank you

    Reply
    • Sanjeewa perera

      ගොඩක් පින්වන්ත වැඩක්, මේ වෙබ් අඩවිය පවත්වාගෙන යෑම.. පින්සිදුවේවා ??

      Reply
  2. H.G.S.Chinthaka wickramasinghe

    Namo Buddhaya
    Dear sir/Madam,
    Please can you send me the five important pirith suthra pdf format, for the print to donation.
    01. Kanda piritha
    02. Anaum piritha
    03. Thun suthraya
    04. Dajaga piritha
    05. Bodhi puja gatha.
    Theruwan saranai

    Reply
    • Namo LK

      Hello, thank you for your comment. We will email you the pdf files soon. Thanks.

      Reply
    • Namo LK

      Hello Chinthaka, The requested PDFs are sent to your email. Regards.

      Reply
  3. Wthusithalk@yahoo.com

    Its very good as we all can chant Nd understand the meaning filly. Seth wewa

    Reply

Submit a Comment

Your email address will not be published. Required fields are marked *