සිරි ධිති මති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස. භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස.
සෞභාග්‍යෙන් ද, ධෛර්යයෙන් ද, නුවනින් හා තේජසින් ද, උප ලක්ෂිත මහා සෘද්ධිමත් වූ, මහා ගුණයෙන් හා අප්‍රමාණ වූ, පුඤ්ඤමහිමයෙන් යුක්ත වූ, අනතුරු වැළැක්මෙහි සමත් වූ, භාග්‍යවත් අරහත් සම්බුදු රජාණන් වහන්සේගේ..
ද්වත්තිංස මහා පුරිසලක්ඛණානුභාවේන අසිත්‍යනුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන අට්ඨුත්තරසතමංගල ලක්ඛණානුභාවේන, ජබ්බ්ණ්ණ රංස්‍යනුභාවේන, කෙතුමාලානුභාවේන, දසපාරමිතානුභාවේන, දසඋප පාරමිතානුභාවේන, දසපරමත්ථපාරමිතානුභාවේන, සීලසමාධිපඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන, ධම්මානුභාවේන, සංඝානුභාවේන, තේජානුභාවේන, ඉධ්‍යානුභාවේන, බලානුභාවේන, කෙය්‍යධම්මානුභාවේන, චතුරාසිතිසහස්ස ධම්මක්ඛන්ධානුභාවේන, නවලොකුත්තරධම්මානුභාවේන අට්ඨංගිකමග්ගානුභාවේන, අට්ඨසමාපත්ත්‍යානුභාවේන, ජලභිඤ්ඤානුභාවේන, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛානුභාවේන, සබ්බපාරමිතානුභාවේන, රතනත්තය සරණානුභාවේන, තුය්හං සබ්බරෝග සෝක උපද්දව දුක්ඛදෝමනස්සුපායාසා විනස්සන්තු. සබ්බසංකප්පා තුය්හං සමිජ්ඣන්තු දීඝායුකෝ හෝතු සතවස්සජීවේන සමංගිකෝ හෝතු සබ්බදා.
දෙතිස් මහා පුරුෂලක්ඛණානුභාවයෙන් ද, අසූවක් අනුකුඩා ලකුණුවල ආනුභාවයෙන් ද, සවනක් රැස් ආනුභාවයෙන් ද, කේතුමාලානුභාවයෙන් ද, දසපාරමිතානුභාවයෙන් ද, දසඋපපාරමතානුභාවයෙන් ද, දසපරමත්ථපාරමිතානුභාවයෙන් ද, සීල සමාධි ප්‍රඤ්ඤා යන ත්‍රිවිධ ශික්ෂාවන්ගේ ආනුභාවයෙන් ද, බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ගේ ආනුභාවයෙන් ද, තේජසින් සෘද්ධියෙන් බලයෙන් දතයුතු දේ දැන වදාරණ ලද්දා වූ, ආනුභාවයෙන් ද, අසූහාරදහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන් ද, නව ලොවුතුරු දහමේ ආනුභාවයෙන් ද, ආර්‍යඅෂ්ධාන්ගික මාර්ගයේ ආනුභාවයෙන් ද, අෂ්ධසමාපත්‍යාණුභාවයෙන් ද, සය අභිඤ්ඤාවන්ගේ ආනුභාවයෙන් ද, මෙත්තා කරුණා මුදිතා උපෙක්ෂා යන සිවු බඹ විහරණයන්ගේ ආනුභාවයෙන් ද, සියළු පාරමිතාවන්ගේ ආනුභාවයෙන් ද, තෙරුවන්ගේ ආනුභාවයෙන් ද, මාගේ සියළු රෝග ශෝක දුරුවේවා. කරදර දුක් දොම්නස් සිත් වේදනා වැනසේවා. මාගේ සියළු කල්පනාවන් ඉටුවේවා. සියක් වසක් කල් ජීවත් වීමට ශක්තිය ලැබේවා.
ආකාස පබ්බත වනභූමිතටාකගංගා මහාසමුද්ද ආරක්ඛක දේවතා සදා තුම්හෙ අනුරක්ඛන්තු සබ්බබුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බසංඝානුභාවේන බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්සධම්මක්ඛන්ධානුභාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ තෙ රෝගා, සබ්බේ තේ භයා, සබ්බේ තෙ අන්තරායා, සබ්බේ තෙ උපද්දවා, සබ්බේ තෙ දුන්නිමිත්තා, සබ්බේ තෙ අවමංගලා විනස්සන්තු.
සියළු කල්හි, අහස, පර්වථ, වණ බිම්, තටාක, ගංගා හා මහසයුර, අරක්ගත් දෙවියෝ මගේ රැකවරණය සලසත්වා. සියළු බුදුවරුන්ගේ, සියළු ධර්මයේ, සියළු සංඝයාගේ ආනුභාවයෙන්, බුද්ධ ධම්ම හා සංඝ යන තෙරුවන්ගේ ආනුභාවයෙන්, අසූහාරදහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන්, ත්‍රිපිටකයේ ආනුභාවයෙන්, බුද්ධස්‍රාවකයානණ් වහන්සේලාගේ ආනුභාවයෙන්, මාගේ සියළු රෝග, සියළු භය, සියළු අනතුරු, සියළු කරදර, සියළු අශුභ නිවිති, සියළු සිත් නොපිනවන දේ වැනසේවා, දුරුවේවා.
ආයුවඩ්ධකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ, බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ, හෝතු සබ්බදා.
සියළු කළ්හි, ආයුෂෙන්, ධනයෙන්, යසසෙන්, බලයෙන් ද, වර්ණයෙන් හා සැපයෙන් වර්ධනය වේවා.
දුක්ඛරෝගභයාවේරා – සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපි – විනස්සන්තූ ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං – සොත්ථිභාග්‍යං සුඛං බලං
සිරි ආයුච වණ්ණො ච – භොගං චුද්ධි ච යසවා
සත්වස්සා ච ආයු ච – ජීවසිද්ධිභවන්තු තේ.
දුක් රෝග භය වෛර ශෝක ද, කරදර සමනය වේවා. නොයෙක් අනතුරු අන්තරාවන් ඒ තේජසෙන් විනාස වෙත්වා. ජයසිද්ධියද, ධන ලාභයද, සුව සම්පත, වාසනාවද, සැප බල හා ආයුෂ ද, වර්ණ සම්පත ද, භෝගයන් ගේ වර්ණයද, කීර්තිය ද, සිය වසකට අධික කාලයක් ආයු වැඩීමද, දේව සිද්ධියද, මා හට ලැබේවා. සියළු උවදුරු දුරු කෙරේවා. නසා රෝ දුක් බියකරු, නොවේවා අනතුරක් කිසිදා, දිනේවා ආයුෂ දිගු.
මූලාශ්‍රය: “මහමෙව්නාවේ පාළි – සිංහල පිරුවානා පොත් වහන්සේ”.
Related Resources
මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.
ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, භික්ෂුන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ස්වාමිනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළසේක.
සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක.
චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation
චන්ද පිරිත – මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.
මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation
ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.
ඛන්ධපරිත්තං (කඳ පිරිත) පාළි හා සිංහලෙන් – Kanda Piritha in Pali and Sinhala
ඛන්ධපරිත්තං (කඳ පිරිත) පාළි හා සිංහලෙන් – Kanda Piritha in Pali and Sinhala
ඇත්තටම වටිනවා