ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

Font Size
Auto-Scroll   Speed

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝ’ති භදන්තේ’ති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, භික්ෂුන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ස්වාමිනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළසේක.

භූතපුබ්බං භික්ඛවේ දේවාසුරසංගාමෝ සමූපබ්බුළ්හෝ අහෝසි. අථඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්දෝ දේවේ තාවතීසේ ආමංතේසි.

සචේ මාරිසා දේවානං සංගාමගතානං උප්පජ්ජෙය්‍ය භයං වා ජම්භිතත්තංවා ලෝමහංසෝ වා මමේව තස්මිං සමයේ ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, මමං හි වෝ ධජග්ගං උල්ලෝකයතං, යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

මහණෙනි, පෙර වූ දෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර සංග්‍රාමයක් එළඹුනේ විය. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ තෙම තව්තිසා වැසි දෙවියන් ඇමතී ය.

නිදුකාණෙනි, යුද්ධයට ගිය දෙවියන්ට බියක් හෝ තැතිගන්මක් හෝ ලොමුදැහැගැන්මෙක් හෝ ඉදින් උපන්නේ නම්, එසමයෙහි මගේ ම ධ්‍වජාග්‍රය බලව්. මගේ වනාහි ධ්‍වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදැහැගැන්මෙක් හෝ වේද, හෙතෙම දුරු වෙයි.

නෝ චේ මේ ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, පජාපතිස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං’ යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

මාගේ ධ්‍වජාග්‍රය ඉදින් නොබලා නම් ඉක්බිති ප්‍රජාපති දෙව්‍ රජහු ගේ ධ්‍වජාග්‍රය බලව. ප්‍රජාපති නම් දෙව්රජහු ගේ ධ්‍වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියක් හෝ, තැතිගැනීමක් හෝ, ලොමුදැහැගැන්මක් හෝ වේ ද, හේ දුරුවෙයි.

නෝ චේ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, වරුණස්සහිවෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං’ යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

ප්‍රජාපති දෙව් රජුගේ ධ්‍වජාග්‍රය ඉදින් නොබලා නම් ඉක්බිති වරුණ දෙව්‍ රජහු ගේ ධ්‍වජාග්‍රය බලව. වරුණ නම් දෙව්රජහු ගේ ධ්‍වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියක් හෝ, තැතිගැනීමක් හෝ, ලොමුදැහැගැන්මක් හෝ වේ ද, හේ දුරුවෙයි.

නෝ චේ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ ඊසානස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, ඊසානස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං’ යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

වරුණ දෙව් රජුගේ ධ්‍වජාග්‍රය ඉදින් නොබලා නම් ඉක්බිති ඊසාන දෙව්‍ රජහු ගේ ධ්‍වජාග්‍රය බලව. ඊසාන නම් දෙව්රජහු ගේ ධ්‍වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියක් හෝ, තැතිගැනීමක් හෝ, ලොමුදැහැගැන්මක් හෝ වේ ද, හේ දුරුවෙයි.

තං ඛෝ පන භික්ඛවේ සක්කස්ස වා දේවානමින්දස්ස ධජග්ගං උල්ලෝකයතං, වරුණස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, ඊසානස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයේථා’පි නෝ’පි පහීයේථ, තං කිස්ස හේතු?

මහණෙනි, සක්දෙව් රජහු ගේ හෝ ඒ ධ්වජාග්‍රය බලන්නහුට, ප්‍රජාපති දෙව් රජහු ගේ හෝ ධ්වජාග්‍රය  බලන්නහුට, ඊසාන නම් දෙව් රජහු ගේ ධ්වජාග්‍රය බලන්නහුට යම් බියක් හෝ, තැතිගැන්මේක් හෝ, ලොමුදැහැගැන්මෙක් හෝ වේද? දුරු නොවන්නේ හෝ වෙයි, එයට හේතු කවරේද යත්?

සක්කෝ භික්ඛවේ දේවාන මින්දෝ අවීතරාගෝ අවිතදෝසෝ අවිතමෝහෝ භීරුච්ඡ්ම්භි උත්‍රාසි පලායී’ති.

මහණෙනි සක්දෙව් රජතෙම වනාහි, දුරු නොකළ රාග ඇත්තේ ය, දුරු නොකළ ද්වේෂ ඇත්තේය, දුරු නොකළ මෝහ ඇත්තේ ය. බියවන සුලු ය, තැති ගන්නා සුලු ය, අතිශයින්ම බිය වන සුලුය, පලා යනු සුලු ය.

අහංච ඛෝ භික්ඛවේ ඒවං වදාමි. සචේ තුම්හාකං භික්ඛවේ අරඤ්ඤගතානං වා රුක්ඛමුලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උප්පජ්ජෙය්‍ය භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මිං සමයේ අනුස්සරෙය්‍යාථ.

මහණෙනි මම ද, නුඹලාට මෙසේ කියමි. මහණෙනි ඉදින් වනයට ගියා වූ රුක්මුලට ගියා වූ හෝ, ගෙවලින් හිස් තැනකට ගියා වූ හෝ නුඹලාට බියෙක් හෝ, තැතිගැන්මක් හෝ, ලොමුදැහැ ගැන්මෙක් හෝ, උපදනේ වී නම්, එසමයහි මා ම සිහි කරව (කෙසේද?).

ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති.

ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙනුදු; අර්හත් ය, සම්‍යක් සම්බුද්ධ ය, විද්‍යාචරණ ධර්මයන් ගෙන් යුක්තය, සුගත ය, ලෝකවිදු ය, අනුත්‍තර ය, පුරිස ධම්ම සාරථී ය, දෙව් මිනිසුන්ට අනුශාසක ය, බුද්ධ ය, භාග්‍යවත්‍ ය, කියායි.

මමංහි වෝ භික්ඛවේ අනුස්සරතං. යං භවස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

නෝ චේ මං අනුස්සරෙය්‍යාථ. අථ ධම්මං අනුස්සරෙය්‍යාථ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. ධම්මං හි වෝ භික්ඛවේ අනුස්සරතං, යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

මහණෙනි, මා සිහිකරන්නා වූ ඔබට ද යම් බියෙක් හෝ තැතිගැන්මෙක් නෝ ලොමුදැහැගැන්මෙක් හෝ වේද, හේ දුරුවේ. ඉදින් මා සිහි නොකරව නම් ධර්මය සිහි කරව. බුදුරජුන් විසින් මොනවට දෙසන ලද ධර්මය තෙම සාන්දෘෂ්ටික ය, අකාලිකය, එව බලව යන විදියට සුදුසු ය, එළඹීමට සුදුසු ය, තම තමන් කෙරෙහි ලා නුවණැත්තන් විසින් දත යුත්තේය.  මහණෙනි ධර්මය සිහි කරන්නා වූ ඔබට යම් බියෙක් හෝ, තැතිගැන්මක් හෝ, ලොමුදැහැ ගැන්මෙක් හෝ වේද, හේ පහවෙයි.

නෝ චේ ධම්මං අනුස්සරෙය්‍යථ. අථ සංඝං අනුස්සරෙය්‍යාථ.

ඉදින් ධර්මය සිහි නොකරන්නාහු නම්, ඉක්බිති සඟුන් සිහි කරව. (කෙසේද?)

සුපටිපන්නෝ භගවතෝ සවකසංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ’ යදිදං චත්තාරිපුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ. ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙමේ මනාව පිළිපන්නේ ය, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙමේ ඍජුවූ පිළිවෙතින් යුක්තය, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙමේ නිවන් සඳහා පිළිපන්නේ ය, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙමේ ත්‍රිශික්ෂාවෙහි ගරු කිරිමට සුදුසු පිළිවෙත්හි පිළිපන්නේ ය. යම් මේ, පුරුෂ යුගල වශයෙන් සතර කොටසක් වෙත් ද? පුරුෂ පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙත් ද? භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ශ්‍රාවක සංඝ තෙමේ දුරිනිදු ගෙන හැර දිය යුතු  ප්‍රත්‍යයට සුදුසු ය. අමුතු ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු ය. දක්ෂිණාවට සුදුසු ය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසු ය. සියලු ලෝකයාට උතුම් වූ පින් කෙතකැයි කියා යි.

සංඝං හි වෝ භික්ඛවේ අනුස්සරතං. යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති, තං කිස්සහේතු?

මහණෙනි සංඝයා සිහි කරන ඔබට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් නෝ ලොමුදැහැගැන්මෙක් හෝ වේද, හේ දුරුවේයි. එයට කාරණා කිම යත්?

තථාගතෝ භික්ඛවේ අරහං සම්මාසම්බුද්ධෝ වීතරාගෝ වීතදෝසෝ වේතමෝහෝ අභිරු අච්ඡම්භි අනුත්‍රාසි අපලායීති.

මහණෙනි, අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගත තෙම, නසන ලද රාග ඇත්තේය, නසන ලද ද්වේෂ ඇත්තේය, නසන ලද මෝහ ඇත්තේ ය, බිය නොවන සුලුය, තැති නොගන්නා සුලුය, ත්‍රාස නොවන සුලුය, බියෙන් පලා නොයන්නේ ය.

ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

භාග්‍යවත් තෙම මේ ධජග්ග පරිත්තය වදාළේ ය. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත අන්‍ය වූ මේ කාරණය වදාළ සේක.

අරඤ්ඤේ රුක්ඛමූලේ වා සුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේථ සම්බුද්ධං – භයං තුම්හාක නෝ සියා.

මහණෙනි, අරණ්‍යයෙහි හෝ, රුක්මුල්හි හෝ, ජනශූන්‍ය ස්ථානයක හෝ සම්බුදුන් සිහි කරව, ඔබට බියක් නොවන්නේ යි.

නෝ චේ බුද්ධං සරෙය්‍යාථ – ලෝකජෙට්ඨං නරාසභං අථ ධම්මං සරෙය්‍යාථ – නීයා ණිකං සුදේසිතං

ලොවට ජ්‍යෙෂ්ඨ වූ, නරෝත්තම වූ, බුදුරදුන් ඉදින් සිහි නොකරව් නම්, ඉක්බිති නෛර්‍යානික වූ, මනාකොට දෙසන ලද ධර්මය සිහි කරව.

නෝ චේ ධම්මං සරෙය්‍යාථ – නියා ණිකං සුදේසිතං අථ සංඝං සරෙය්‍යාථ – පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං

නෛර්‍යානික වූ, මනාකොට දෙසන ලද ධර්මය සිහි නොකරව් ද, ඉක්බිති පින් කෙතක් වූ, අනුත්තර වූ සංඝයා සිහි කරව.

ඒවං බුද්ධං සරන්තානං – ධම්මං සංඝඤ්ච භික්ඛවෝ භයං වා ජම්භිතත්තං වා – ලෝමහංසෝ න හෙස්සතී’ති.

මහණෙනි, බුදුන් ද, ධර්මය ද, සංඝයා ද, මෙසේ සිහි කරන්නවුනට, බියෙක් හෝ, තැතිගැන්මෙක් හෝ, ලොමුදැහැගැන්මෙක් හෝ, නොවේ.

සාධූ! සාධූ! සාධූ!

මූලාශ්‍රය: පිරුවානා පොත් වහන්සේ.

Related Resources

ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, භික්ෂුන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ස්වාමිනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළසේක.

සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක.

චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation

චන්ද පිරිත – මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.

මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.

සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation

සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation

Font Size
Auto-Scroll   Speed

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන ඛෝ පන සමයේන සුරියෝ දේවපුත්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති. අථ ඛෝ සූරියෝ දේවපුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තයං වේලායං ඉමං ගාථාං අභාසි.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. 

නමෝ තේ බුද්ධවීරත්ථු – විප්පමුත්තෝසි සබ්බධි
සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති

බුද්ධවීරයාණෙනි නුඹවහන්සේට නමස්කාර වේවා. හැම කල්හිම කෙලෙසුන් ගෙන් වෙසෙසින් මිදුණු සේක. සම්බධායකට පැමිණියෙමි. එසේ වූ මට පිළිසරණ වන මැනව.

අථ ඛෝ භගවා සූරියං දේව පුත්තං ආරබ්භ
රාහුං අසුරින්දං ගාථාහි අජ්ඣභාසි

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හිරු දෙවිපුත් අරබයා රාහු අසුරිඳු හට ගාථාවලින් වදාළ සේක.

තථාගතං අරහන්තං – සූරියෝ සරණං ගතෝ
රාහු සුරියං පමුඤ්චස්සු – බුද්ධා ලෝකානුකම්පකාති.

රාහු අසුරේන්ද්‍රය හිරු දෙව්පුත් තෙමේ නිකෙලෙස් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. බුදුවරු ලොවට අනුකම්පා කෙරෙති. එහෙයින් හිරු මුදව.

යෝ අන්ධකාරේ තමසී පභංකරෝ
වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ
මා රාහු ගිලි චරං අන්තලික්ඛේ
පජං මම රාහු පමුඥ්ච සුරියන්ති.

යම් සූර්යයෙක් අන්ධකාරේ ගනඳුරු දුරු හැර පහන් කෙරේද, බබළන මඬුලු ඇත්තේද, මහතෙද ඇත්තේද, එම්බල රාහුව අහසෙහි හැසිරෙන හිරු නොගිලව මගේ පුත්‍ර වූ හිරු මුදවයි වදාළ සේක.

අථ ඛෝ රාහු අසුරින්දෝ සුරියං දේවපුත්තං මුඤ්චිත්වා තරමානරූපෝ යේන වේපවිත්ති අසුරින්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා සංවිග්ගෝ ලෝම හට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ඨීතං ඛෝ රාහුං අසුරින්දං චේපවිත්ති අසුරින්දෝ ගාථාය අජ්ඣ්භාසී.

ඉක්බිති රාහු අසුරේන්ද්‍ර තෙමේ හිරු දෙව්පුත් හැර වෙළෙවිවූයේ වේපවිත්ති අසුරේන්ද්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි එළඹියේ ය. එළඹ සංවේග ඇත්තේ ලොමුදැහැගත් සිරුරු ඇත්තේ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ රාහු අසුරිඳු හට වේපචිත්ති නම් අසුරේන්ද්‍ර තෙම ගාථාවකින් මෙසේ කීයේ ය.

කින්නුසන්තරමානෝ ව – රාහු සුරියං පමුඤ්වසි.
සංවිග්ගරූපෝ ආගම්ම – කින්නුභීතෝව තිට්ඨසීති.

රාහු අසුරේන්ද්‍රය වෙලෙවි වූයේ හිරු මුදාහැරියෙහි  කැළැඹුණු සිත් ඇත්තෙක්වැ අවුත් බියවූවකු මෙන් කුමක් හෙයින් සිටිනෙහි ද? යනුයි.

සත්තධා මේ ඵලේ මුද්ධා – ජීවන්තෝ න සුඛං ලභේ. 
බුද්ධබාථාභිගීතෝම්හි – නෝ චේ මුඤ්චෙය්‍ය සුරියන්ති.

බුදුන් විසින් ගාථා දෙකකින් ගයන ලද්දක් ඇසුවෙමි.  ඉදින් හිරු නොහැරියේ නම් මගේ හිස සත්කඩක්ව පැළෙයි. ජීවත්වන්නේ ද, සැපයක් නො ලබමි.

මූලාශ්‍රය: පිරුවානා පොත් වහන්සේ (download)

Related Resources

ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, භික්ෂුන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ස්වාමිනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළසේක.

සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation

සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක.

චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation

චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation

චන්ද පිරිත – මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.

මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.

චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation

චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation

Font Size
Auto-Scroll   Speed

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන, චන්දිමා දේවපුත්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති. අථ ඛෝ චන්දිමා දේවපුත්තෝ භගවන්තං අනුස්සරමානෝ, තායං වේලායං ඉමං ගාථාං අභාසි.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.

නමෝ තේ බුද්ධවීරත්ථු – විප්පමුත්තෝසි සබ්බධි
සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති.

බුද්ධ වීරයන්වහන්ස, (ඔබ වහන්සේ) සියලු කල්හි කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණු සේක. එසේවූ ඔබ වහන්සේට නමස්කාර වේවා. මම සම්බාධයකට පැමිණියෙමි. ඒ මට පිළිසරණ වුවමැනව.

අථ ඛෝ භගවා චන්දිමං දේවපුත්තං ආරබ්භ
රාහුං අසුරින්දං ගාථාය අජ්ඣභාසි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ, සඳ දෙව් පුතුන් අරභයා රාහු අසරිඳු හට ගාථාවකින් මෙසේ වදාළ සේක.

තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ
රාහු චන්දං පමුඤ්චස්සු – බුද්ධා ලෝකානුකම්පකාති.

රාහු අසුරේන්ද්‍රයා සඳදෙව් පුත් තෙමේ අර්හත්වූ තථාගතයන් වහන්සේ සරණ ගියේය. බුදුවරයෝ ලොවට අනුකම්පා කරන්නෝ ය. (එහෙයින්) සඳු අත්හැරවයි වදාළ සේක.

අථ ඛෝ රාහු අසුරින්දෝ චන්දිමං දේවපුත්තං මුඤ්චිත්වා තරමානරූපෝ යේන වේපවිත්ති අසුරින්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා සංවිග්ගෝ ලෝම හට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨීතං ඛෝ රාහුං අසුරින්දං චේපවිත්ති අසුරින්දෝ ගාථාය අජ්ඣ්භාසී.

ඉක්බිති රාහු අසුරේන්ද්‍ර තෙමේ සඳු දෙව්පුත් හැර වෙළෙවිවූයේ වේපවිත්ති අසුරේන්ද්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි එළඹියේ ය. එළඹ සංවේග ඇත්තේ ලොමුදැහැගත් සිරුරු ඇත්තේ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ රාහු අසුරිඳු හට වේපචිත්ති නම් අසුරේන්ද්‍ර තෙම ගාථාවකින් මෙසේ කීයේ ය.

කින්නුසන්තරමානෝ ව – රාහු චන්දං පමුඤ්වසි.
සංවිග්ගරූපෝ ආගම්ම – කින්නුභීතෝව තිට්ඨසීති.

රාහු අසුරේන්ද්‍රය වෙලෙවි වූවකු මෙන් සඳු කුමක් පිණිස අත්හැරියෙහිද? කැළැඹුණු සිත් ඇත්තෙක්වැ අවුත් බියවූවකු මෙන් කුමක් හෙයින් සිටිනෙහි ද? යනුයි.

සත්තධා මේ ඵලේ මුද්ධා – ජීවන්තෝ න සුඛං ලභේ. 
බුද්ධබාථාභිගීතෝම්හි – නෝ චේ මුඤ්චෙය්‍ය චන්දිමන්ති.

බුදුන් විසින් ගාථා දෙකකින් ගයන ලද්දක් ඇසුවෙමි.  ඉදින් සදු නොහැරියේ නම් මගේ හිස සත්කඩක්ව පැළෙයි. ජීවත්වන්නේ ද, සැපයක් නො ලබයි.

මූලාශ්‍රය: පිරුවානා පොත් වහන්සේ

Related Resources

ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, භික්ෂුන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ස්වාමිනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළසේක.

සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation

සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක.

චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation

චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation

චන්ද පිරිත – මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.

මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.

මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

Font Size
Auto-Scroll   Speed

උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං.

ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.

යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා.

යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන අහර සෙවීමෙහි හැසිරෙයි.

අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

ඇස් ඇති, ඒක රාජ වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙම පහවෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද අපි සුවසේ වසමු.

යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති.

යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේ යි.

මූලාශ්‍රය:  පිරුවානා පොත් වහන්සේ (download)

Related Resources

ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, භික්ෂුන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ස්වාමිනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළසේක.

සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation

සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක.

චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation

චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation

චන්ද පිරිත – මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.

මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.

මිත්තානිසංස සුත්තං (මිත්තානිසංස සූත්‍රය) පාලි හා සිංහලෙන් – Miththanisansa Sutta in Pali and Sinhala Translation

මිත්තානිසංස සුත්තං (මිත්තානිසංස සූත්‍රය) පාලි හා සිංහලෙන් – Miththanisansa Sutta in Pali and Sinhala Translation

Font Size
Auto-Scroll   Speed

පහුතභක්ඛෝ භාවති – විප්පවුත්ථෝ සකාඝරා.
බහූනං උපජීවන්ති – යෝ මිත්තානං න දූභති.

යම් පුද්ගලයෙක් තෙම මිතුරන්ට ද්‍රෝහි නො කෙරේ ද, හෙතෙම ස්වකීය ගෙයින් බැහැර තැනක ගියේ, බොහෝ කනු බොනු ලැබෙයි. ඒ මිතුරා ඇසුරු කොට බොහෝ දෙනෙක් ජීවත්වෙති.

යං යං ජනපදං යාති – නිගමේ රාජධානියෝ.
සබ්බත්ථ පූජිතෝ හෝති – යෝ මිත්තානං න දූභති.

යමෙක් මිතුරන් හට ද්‍රෝහ නොවේ ද, හෙතෙම යම් යම් ජනපදයකට ගියේ ද, නියම් ගමකට, රාජධානියකට ගියේද, ඒ හැම තන්හි ම පුදනු ලැබෙයි.

නාස්ස චෝරා පසහන්ති – නාතිමඤ්ඤේති ඛන්තියෝ.
සබ්බේ අමිත්තේ තරති – යෝ මිත්තානං න දූභති.

යමෙක් මිතුරන් හට ද්‍රෝහි නොවේ ද, ඔහුට සොරු ළං නො වෙත්, රජතෙම අවමන් නො කෙරෙයි. සැම සතුරන් දුරු කෙරෙයි.

අක්කුද්ධෝ සඝරං ඒති – සභාය පටිනන්දිතෝ,
ඤාතීනං උත්තමෝ හෝති – යෝ මිත්තානං න දූභති.

යමෙක් මිතුරන් හට ද්‍රෝහි නොවේ ද, හෙතෙම කෝප නොවී සිය ගෙට එයි, සභාවෙහි සතුටු වූයේ, ඥාතීන් හට උතුම් වෙයි.

සක්කත්වා සක්කතෝ හෝති – ගරු හෝති සගාරවෝ.
වණ්ණකිත්තිභතෝ හෝති – යෝ මිත්තානං න දූභති.

යමෙක් මිතුරන් හට ද්‍රෝහි නොවේ ද, අනුන්ට සත්කාර කොට, සත්කාර ලබන්නෙක් වෙයි. අනුන් කෙරෙහි ගෞරව සහිත වූයේ, තෙමේ ද ගරු කටයුතු වෙයි. වර්ණ, කීර්ති දෙක උසුලන්නේ ය.

පූජකෝ ලභතේ පූජං – වන්දකෝ පටිවන්දනං
යසෝ කිත්තිඤ්ච පප්පෝති – යෝ මිත්තානං න දූභති.

යමෙක් මිතුරන් හට ද්‍රෝහි නොවේ ද, හෙතෙම මිත්‍රයන් පුදන තැනැත්තේ තෙමේ ද පුද ලබයි. බුද්ධාදී කලණ මිතුරන් වැන්දේ, තෙමේ ද පෙරළා වැඳුම් ලබයි. යසසට කීර්තියට පැමිණෙයි.

අග්ගි යථා පජ්ජලති – දේවතාව විරෝචති,
සිරියා අජහිතෝ හෝති – යෝ මිත්තානං න දූභති.

යමෙක් මිතුරන් හට ද්‍රෝහි නොවේ ද, හෙතෙම දිලිසෙන ගිනි සෙයින් ඉසුරෙන් දිලිසෙයි. දෙවියෙකු මෙන් බබලයි. ශ්‍රිය විසින් අත් නොහරන ලද්දේ වෙයි.

ගාවෝ තස්ස පජායන්ති – ඛෙත්තේ වුත්තං විරූහති,
පුත්තානං ඵලමස්නාති – යෝ මිත්තානං න දූභති.

යමෙක් මිතුරන් හට ද්‍රෝහි නොවේ ද, ගෙරිහු ඕහට පලදෙති. ක්ෂේත්‍රයෙහි වපුළතාක් පැල හටගනී, දරු සැප වළඳයි.

දරිතෝ පබ්බතාතෝ වා – රුක්ඛාතෝ පතිතෝ නරෝ,
චූතෝ පතිට්ඨං ලභති – යෝ මිත්තානං න දූභති.

යමෙක් මිතුරන් හට ද්‍රෝහි නොවේ ද, හෙතෙම දැදුරෙන් හෝ පර්වතයෙන් හෝ රුකින් හෝ වැටුනා වූ යමකින් ගිලිහුණා වූ සත්වතෙම පිහිට ලබයි.

විරුළ්හමූලසන්තානං – නිග්‍රෝධමිව මාලුතෝ,
අමිත්තා නප්පසහන්ති – යෝ මිත්තානං න දූභතීති.

යමෙක් මිතුරන් හට ද්‍රෝහි නොවේ ද, හෙතෙම වැඩුණු මුල් හා නුග අරළු ඇති නුගරුකක් සොලවා එලන්ට නො හැකි සුළඟ සෙයින් සතුරන්ට ඔහු මැඩපවත් වන්නට නො හැකිවෙත්.