ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන, චන්දිමා දේවපුත්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති. අථ ඛෝ චන්දිමා දේවපුත්තෝ භගවන්තං අනුස්සරමානෝ, තායං වේලායං ඉමං ගාථාං අභාසි.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.
නමෝ තේ බුද්ධවීරත්ථු – විප්පමුත්තෝසි සබ්බධි
සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති.
බුද්ධ වීරයන්වහන්ස, (ඔබ වහන්සේ) සියලු කල්හි කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණු සේක. එසේවූ ඔබ වහන්සේට නමස්කාර වේවා. මම සම්බාධයකට පැමිණියෙමි. ඒ මට පිළිසරණ වුවමැනව.
අථ ඛෝ භගවා චන්දිමං දේවපුත්තං ආරබ්භ
රාහුං අසුරින්දං ගාථාය අජ්ඣභාසි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ, සඳ දෙව් පුතුන් අරභයා රාහු අසරිඳු හට ගාථාවකින් මෙසේ වදාළ සේක.
තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ
රාහු චන්දං පමුඤ්චස්සු – බුද්ධා ලෝකානුකම්පකාති.
රාහු අසුරේන්ද්‍රයා සඳදෙව් පුත් තෙමේ අර්හත්වූ තථාගතයන් වහන්සේ සරණ ගියේය. බුදුවරයෝ ලොවට අනුකම්පා කරන්නෝ ය. (එහෙයින්) සඳු අත්හැරවයි වදාළ සේක.
අථ ඛෝ රාහු අසුරින්දෝ චන්දිමං දේවපුත්තං මුඤ්චිත්වා තරමානරූපෝ යේන වේපවිත්ති අසුරින්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා සංවිග්ගෝ ලෝම හට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨීතං ඛෝ රාහුං අසුරින්දං චේපවිත්ති අසුරින්දෝ ගාථාය අජ්ඣ්භාසී.
ඉක්බිති රාහු අසුරේන්ද්‍ර තෙමේ සඳු දෙව්පුත් හැර වෙළෙවිවූයේ වේපවිත්ති අසුරේන්ද්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි එළඹියේ ය. එළඹ සංවේග ඇත්තේ ලොමුදැහැගත් සිරුරු ඇත්තේ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ රාහු අසුරිඳු හට වේපචිත්ති නම් අසුරේන්ද්‍ර තෙම ගාථාවකින් මෙසේ කීයේ ය.
කින්නුසන්තරමානෝ ව – රාහු චන්දං පමුඤ්වසි.
සංවිග්ගරූපෝ ආගම්ම – කින්නුභීතෝව තිට්ඨසීති.
රාහු අසුරේන්ද්‍රය වෙලෙවි වූවකු මෙන් සඳු කුමක් පිණිස අත්හැරියෙහිද? කැළැඹුණු සිත් ඇත්තෙක්වැ අවුත් බියවූවකු මෙන් කුමක් හෙයින් සිටිනෙහි ද? යනුයි.
සත්තධා මේ ඵලේ මුද්ධා – ජීවන්තෝ න සුඛං ලභේ.
බුද්ධබාථාභිගීතෝම්හි – නෝ චේ මුඤ්චෙය්‍ය චන්දිමන්ති.
බුදුන් විසින් ගාථා දෙකකින් ගයන ලද්දක් ඇසුවෙමි. ඉදින් සදු නොහැරියේ නම් මගේ හිස සත්කඩක්ව පැළෙයි. ජීවත්වන්නේ ද, සැපයක් නො ලබයි.
මූලාශ්‍රය: පිරුවානා පොත් වහන්සේ
Related Resources
අංගුලිමාල පිරිත පාලි හා සිංහලෙන් Angulimala Piritha In Pali With Sinhala Translation
පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනංමේ අංගුලිමාල පිරිත දේශනා කිරීමට දේශකයා ඉඳගත් ආසනය සේදුඋදකම්පි විනාසෙසි සබ්බ මෙව පරිස්සයංජලය පවා සියලු උවදුරු විනාශ කරයි. සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාදෙති තං ඛණෙමේ පිරිත ප්‍රසූත නො කළ හැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරනු...
මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.
ජය පිරිත පාලි හා සිංහලෙන් Jaya Piritha with Sinhala Translation
සිරි ධිති මති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස. භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස.
ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, භික්ෂුන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ස්වාමිනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළසේක.
සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක.
මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation
ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.
Godak pin