ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන, චන්දිමා දේවපුත්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති. අථ ඛෝ චන්දිමා දේවපුත්තෝ භගවන්තං අනුස්සරමානෝ, තායං වේලායං ඉමං ගාථාං අභාසි.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.
නමෝ තේ බුද්ධවීරත්ථු – විප්පමුත්තෝසි සබ්බධි
සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති.
බුද්ධ වීරයන්වහන්ස, (ඔබ වහන්සේ) සියලු කල්හි කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණු සේක. එසේවූ ඔබ වහන්සේට නමස්කාර වේවා. මම සම්බාධයකට පැමිණියෙමි. ඒ මට පිළිසරණ වුවමැනව.
අථ ඛෝ භගවා චන්දිමං දේවපුත්තං ආරබ්භ
රාහුං අසුරින්දං ගාථාය අජ්ඣභාසි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ, සඳ දෙව් පුතුන් අරභයා රාහු අසරිඳු හට ගාථාවකින් මෙසේ වදාළ සේක.
තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ
රාහු චන්දං පමුඤ්චස්සු – බුද්ධා ලෝකානුකම්පකාති.
රාහු අසුරේන්ද්‍රයා සඳදෙව් පුත් තෙමේ අර්හත්වූ තථාගතයන් වහන්සේ සරණ ගියේය. බුදුවරයෝ ලොවට අනුකම්පා කරන්නෝ ය. (එහෙයින්) සඳු අත්හැරවයි වදාළ සේක.
අථ ඛෝ රාහු අසුරින්දෝ චන්දිමං දේවපුත්තං මුඤ්චිත්වා තරමානරූපෝ යේන වේපවිත්ති අසුරින්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා සංවිග්ගෝ ලෝම හට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨීතං ඛෝ රාහුං අසුරින්දං චේපවිත්ති අසුරින්දෝ ගාථාය අජ්ඣ්භාසී.
ඉක්බිති රාහු අසුරේන්ද්‍ර තෙමේ සඳු දෙව්පුත් හැර වෙළෙවිවූයේ වේපවිත්ති අසුරේන්ද්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි එළඹියේ ය. එළඹ සංවේග ඇත්තේ ලොමුදැහැගත් සිරුරු ඇත්තේ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ රාහු අසුරිඳු හට වේපචිත්ති නම් අසුරේන්ද්‍ර තෙම ගාථාවකින් මෙසේ කීයේ ය.
කින්නුසන්තරමානෝ ව – රාහු චන්දං පමුඤ්වසි.
සංවිග්ගරූපෝ ආගම්ම – කින්නුභීතෝව තිට්ඨසීති.
රාහු අසුරේන්ද්‍රය වෙලෙවි වූවකු මෙන් සඳු කුමක් පිණිස අත්හැරියෙහිද? කැළැඹුණු සිත් ඇත්තෙක්වැ අවුත් බියවූවකු මෙන් කුමක් හෙයින් සිටිනෙහි ද? යනුයි.
සත්තධා මේ ඵලේ මුද්ධා – ජීවන්තෝ න සුඛං ලභේ.
බුද්ධබාථාභිගීතෝම්හි – නෝ චේ මුඤ්චෙය්‍ය චන්දිමන්ති.
බුදුන් විසින් ගාථා දෙකකින් ගයන ලද්දක් ඇසුවෙමි. ඉදින් සදු නොහැරියේ නම් මගේ හිස සත්කඩක්ව පැළෙයි. ජීවත්වන්නේ ද, සැපයක් නො ලබයි.
මූලාශ්‍රය: පිරුවානා පොත් වහන්සේ
Related Resources
ඛන්ධපරිත්තං (කඳ පිරිත) පාළි හා සිංහලෙන් – Kanda Piritha in Pali and Sinhala
ඛන්ධපරිත්තං (කඳ පිරිත) පාළි හා සිංහලෙන් – Kanda Piritha in Pali and Sinhala
බුදු ගුණ පිරිත – Budhu Guna Piritha
(මෙය තමන් රෝගී වූ විට හෝ රෝගී වූ වෙනත් අයෙකුට ආශීර්වාද පිණිස කීමෙන් සෙත් සලසා ගත හැක)නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය...
Godak pin