මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

Pirith | 3 comments

 
Font Size
Auto-Scroll   Speed

උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං.

ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.

යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා.

යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන අහර සෙවීමෙහි හැසිරෙයි.

අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

ඇස් ඇති, ඒක රාජ වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙම පහවෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද අපි සුවසේ වසමු.

යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති.

යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේ යි.

මූලාශ්‍රය:  පිරුවානා පොත් වහන්සේ (download)

Related Resources

සීවලි පිරිත පාලි හා සිංහලෙන් – Seevali Piritha In Pali With Sinhala Translation

සීවලි පිරිත පාලි හා සිංහලෙන් – Seevali Piritha In Pali With Sinhala Translation

පූරෙන්තා පාරමි සබ්බෙසබ්බෙ පච්චෙකනායකා සීවලි ගුණතේජෙන පරිත්තං තං හණාමහේන ජාලිති ති ජාලිතාමි ආ ඊ ඌ ආම් ඉ ස්වාහාසියලු පාරමිතාවන් සම්පූර්ණ කොට සියලු ධර්මයන් අවබෝධ කර ගත්තාවූ ඒ සීවලී මහ රහත්න් වහන්සේගේ ගුණ තේජානු භාවයෙන් මේ පිරිත් අසන්නෙමු.බුද්ධසාමි බුද්ධසත්‍යාම්...

අංගුලිමාල පිරිත පාලි ​හා සිංහලෙ​න්  Angulimala Piritha In Pali With Sinhala Translation

අංගුලිමාල පිරිත පාලි ​හා සිංහලෙ​න් Angulimala Piritha In Pali With Sinhala Translation

පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනංමේ අංගුලිමාල පිරිත දේශනා කිරීමට දේශකයා ඉඳගත් ආසනය සේදුඋදකම්පි විනාසෙසි සබ්බ මෙව පරිස්සයංජලය පවා සියලු උවදුරු විනාශ කරයි. සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාදෙති තං ඛණෙමේ පිරිත ප්‍රසූත නො කළ හැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරනු...

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන   Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.

ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, භික්ෂුන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ස්වාමිනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළසේක.

සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation

සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක.

3 Comments

  1. rohitha

    yahapath –

    Reply
  2. Ds

    Very helpful for my research and studies in Buddhism , thank you so much

    Reply

Submit a Comment

Your email address will not be published. Required fields are marked *