මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, භික්ෂුන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ස්වාමිනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළසේක.

තෙරුවන් නැමදීම – Theruwan Namadeema
බුද්ධානුස්සතිය
ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති.
මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදු වන සේක. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක.
ධම්මානුස්සතිය
ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මැනැවින් දේශනා කරන ලද්දේ ය. මේ ජීවිතයේ දී ම අවබෝධ කළ හැකි බැවින් ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨික වන්නේ ය. ඕනෑම කාලයක දී අවබෝධ කළ හැකි බැවින් අකාලික වන්නේ ය. ඇවිත් බලන්න යැයි කිව හැකි බැවින් ඒහිපස්සික වන්නේ ය. බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කර ගත යුතු බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වන්නේ ය.
සංඝානුස්සතිය
සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ, ආහුනෙය්‍යෝ, පාහුනෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ, අංජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ ති.
භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා මාර්ග ඵල යුගල වශයෙන් හතරක් ද වන අතර මාර්ග ඵල පුද්ගල වශයෙන් අට දෙනෙක් වන සේක. ආහුනෙය්‍ය වන සේක. පාහුනෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක. අංජලිකරණීය වන සේක. ලොවට උතුම් පින් කෙත වන සේක.
Related Resources
ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation
සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක.
චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation
චන්ද පිරිත – මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.
මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation
ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.
මිත්තානිසංස සුත්තං (මිත්තානිසංස සූත්‍රය) පාලි හා සිංහලෙන් – Miththanisansa Sutta in Pali and Sinhala Translation
Miththanisansa sutta – A discourse on the benifits from bieng loving to one’s friends.
මෙත්තානිසංස සුත්තං (මෙත්තානිසංස සූත්‍රය) පාලි, සිංහල, හා ඉංග්‍රිසියෙන් Mettanisansa Sutta in Pali with Sinhala and English Translation
Mettanisansa Sutta in Pali with Sinhala and English meaning : This Sutta is a Discourse on the merits of Loving – Kindness.
Recent Comments