ඛන්ධපරිත්තං (කඳ පිරිත) පාළි හා සිංහලෙන් – Kanda Piritha in Pali and Sinhala

මෙත්තානිසංස සුත්තං (මෙත්තානිසංස සූත්‍රය) පාලි, සිංහල, හා ඉංග්‍රිසියෙන් Mettanisansa Sutta in Pali with Sinhala and English Translation
ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති, හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවත්හු, මහණෙනි කියා භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
On one occasion the Blessed One was living near Savatthi at Jetavana at Anathapindika’s monastery. Then he addressed the monks saying, “Monks.” — “Venerable Sir,” said the monks, by way of reply. The Blessed One then spoke as follows:
මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානීකතාය වත්ථූ කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පාටිකංඛා, කතමේ ඒකාදස?
මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් වඩනා ලද, යානාවක් මෙන් කරන ලද, වස්තුවක් මෙන් කරන ලද, එළඹ සිටියා වූ, පුරුදු කරන ලද, මොනවට පටන් ගන්නා ලද, මෛත්‍රී චේතෝ විමුක්තිය ගේ, මේ එකොළොස් අනුසස් කැමැති විය යුත්තාහ. කවර එකොළොසෙක්ද යත්?
“Monks, eleven advantages are to be expected from the release (deliverance) of heart by familiarizing oneself with thoughts of loving-kindness (metta), by the cultivation of loving-kindness, by constantly increasing these thoughts, by regarding loving-kindness as a vehicle (of expression), and also as something to be treasured, by living in conformity with these thoughts, by putting these ideas into practice, and by establishing them. What are the eleven?
1. සුඛං සුපති,
2. සුඛං පටිබුජ්ඣති,
3. න පාපකං සුපිනං පස්සති,
4. මනුස්සානං පියෝ හෝති,
5. අමනුස්සානං පියෝ හෝති,
6. දේවාතා රක්ඛන්ති,
7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති,
8. තුවටං චිත්තං සමාධියති,
9. මුඛවණ්ණෝ විප්පසීදති,
10. අසම්මූළ්හෝ කාලං කරෝති,
11. උත්තරීං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති.
1. සැපසේ නිද යි,
2. සැපසේ පුබුදියි,
3. නපුරු සිහින නොදකියි,
4. මිනිසුන්ට ප්‍රිය වෙයි,
5. නොමිනිස්සුන්ට ද ප්‍රිය වෙයි,
6. දෙවියෝ රකියි,
7. මෛත්‍රි විහරණ ඇති පුද්ගලයා ගේ සිරුරෙහි, ගිනි හෝ, විස හෝ, සැත් හෝ, නොවදියි,
8. වහා සිත සමාහිත වෙයි,
9. මුහුණ පැහැපත් වෙයි,
10. නොමුළාව කලුරිය කෙරෙයි,
11. මතුයෙහි රහත් වීමට නොහැකි වීනම්, බඹ ලොව උපදීයි.
1. “He sleeps in comfort.
2. He awakes in comfort.
3. He sees no evil dreams.
4. He is dear to human beings.
5. He is dear to non-human beings.
6. Devas (gods) protect him.
7. Fire, poison, and sword cannot touch him.
8. His mind can concentrate quickly.
9. His countenance is serene.
10. He dies without being confused in mind.
11. If he fails to attain arahantship (the highest sanctity) here and now, he will be reborn in the brahma-world.
මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකතාය, යානීකතාය වත්ථූකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකංඛාති.
මහණෙනි, සෙවුනා ලද, භාවිතා කරන ලද, බොහෝ කරන ලද, යානාවක් මෙන් කරන ලද, වස්තුවක් මෙන් කරන ලද, එළඹසිටියා වූ, පුරුදු කරන ලද්දා වූ, මොනවට පටන් ගන්නා ලද්දා වූ, මෛත්‍රී චේතොවිමුක්තිය පිළිබඳ මේ එකොළොස් අනුසස්හු කැමති විය යුත්තාහ.
“These eleven advantages, monks, are to be expected from the release of heart by familiarizing oneself with thoughts of loving-kindness, by cultivation of loving-kindness, by constantly increasing these thoughts, by regarding loving-kindness as a vehicle (of expression), and also as something to be treasured, by living in conformity with these thoughts, by putting these ideas into practice and by establishing them.”
ඉදමවෝච භගවා. අත්තමතා තේ භික්ඛු භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවත්හු ගේ භාෂිතයට (දේශනාවට) සතුටු වූහ.
So said the Blessed One. Those monks rejoiced at the words of the Blessed One.
මූලාශ්‍රය / Source: පිරුවානා පොත් වහන්සේ
English Translation: Venerable Piyadassi Thero
Related Resources
ඛන්ධපරිත්තං (කඳ පිරිත) පාළි හා සිංහලෙන් – Kanda Piritha in Pali and Sinhala
දසධම්ම සුත්තං (දසධම්ම සූත්‍රය) පාලි හා සිංහලෙන් Dasa Dhamma Sutta In Pali with Translation
ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං: භගවා ඒතදවෝච.මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා...
දස සිල් – පාලි, සිංහල, හා ඉංග්‍රීසියෙන් The Ten Precepts in Pali, Sinhala and English
දස සිල් – පාලි, සිංහල, හා ඉංග්‍රීසියෙන් : The Ten Precepts in Pali, Sinhala and English
බුදු ගුණ පිරිත – Budhu Guna Piritha
(මෙය තමන් රෝගී වූ විට හෝ රෝගී වූ වෙනත් අයෙකුට ආශීර්වාද පිණිස කීමෙන් සෙත් සලසා ගත හැක)නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය...
ධම්මචක්කප්පවත්තන සුත්තං (දම්සක් පැවතුම් සූත්‍රය) පාලි හා සිංහලෙන් Dhammacakkappavattana Sutta Pali Sinhala Translation
The sermon, Buddha gave to the five monks, was his first sermon, called the Dhammacakkappavattana Sutta. It was given on the full-moon day of Asalha Puja.
කරණීයමෙත්ත සුත්තං (කරණීයමෙත්ත සූත්‍රය) පාළි, සිංහල, හා ඉංග්‍රීසියෙන් KaraneeyaMetta Sutta in Pali, Sinhala, and English Translation
මෛත්‍රිය පැතිරවීම පිළිබඳ බුදු රජාණන් වහන්සේ වදාළ දෙසුම – KaraneeyaMetta Sutta — The Buddha’s Words on Loving-Kindness – The Hymn of Universal Love – Loving-Kindness -The Discourse on Loving-kindness – Good Will
Recent Comments