ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං: භගවා ඒතදවෝච.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූ හු, ස්වාමීන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් දුන්හු ය. බුදු රජාණන් වහන්සේ මෙය වදාළ සේක.
දස ඉමේ භික්ඛවේ ධම්මා පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා. කත මේ දස?
මහණෙනි, මේ දස ධර්මයෝ පැවිද්දහු විසින් ප්‍රත්‍යවේක්ෂා කටයුත්තාහු ය. කවර දස ධර්මයෝ ද යත්,
1. වේවණ්ණියම්හි අප්ඣූපගතෝති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
විවර්ණ බවට පැමිණියේ වෙමී’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.
2. පරපටිබද්ධා මේ ජිවිකාති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
මාගේ දිවි පැවැත්ම පරා පිළිබඳය’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.
3. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
මා විසින් අන්‍ය වූ ආකල්පයක් කටයුතුය’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.
4. කච්චිනු ඛෝ මේ අත්තා සීලතෝ න උපවදතීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
කිම හෝ මාගේ ආත්මය (සිත) සීලයෙන් උපවාද නොකෙරේ හෝ’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.
5. කච්චිනු ඛෝ මං අනුවිච්ච විඤ්ඤූ සබ්‍රහ්මචාරී සීලතෝ න උපවදන්තීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
කිම හෝ මා විචාර නුවණැති සබ්‍රම්සරහු සීලයෙන් උපවාද නොකෙරේ හෝ’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.
6. සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
සියළු දෙනා ගෙන් ප්‍රිය වූ, මනාප වූ මාගේ නානාභාවය විනාශ භාවය’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.
7. කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්‍යණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
කර්මය තමා අයත් කොට ඇත්තේ වෙමි, කර්මය දායාද කොට ඇත්තෙමි, කර්මය යෝනි කොට ඇත්තෙමි, කර්මය නෑ කොට ඇත්තෙමි, කර්මය පිළිසරණ කොට ඇත්තෙමි යහපත් වූ හෝ, පවිටු වූ හෝ යම් කර්මයක් කෙරෙම් ද, ඒ කර්මය විසින් දෙන ලද්ද අයත් වෙමි’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.
8. කථම් භූතස්ස මේ රත්තිංදිවා වීතිපතන්තීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
කෙසේ වූ මට රෑ දවල්හු ඉක්මෙත් දෝහෝ’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.
9. කච්චිනු ඛෝහං සුඤ්ඤාගාරේ අභිරමාමීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
කිම හෝ මම ශූන්‍යාගාරයෙහි (හිස් පෙදෙසෙහි) ඇලෙම්දෝ හෝ’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.
10. අත්ථි නුඛෝ මේ උත්තරි මනුස්සධම්මා අලමරියඤාණ දස්සනවිසේසෝ අධිගතෝ. සෝහං පච්ඡිමේ කාලේ සබ්‍රහ්මචාරිහි පුට්ඨෝ න මඬ්කු (මංකු) භවිස්සාමීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.
මා වෙත උතුරු මිනිස් දම් ඇද්දෝ හෝ’යි, පොහොසත් ආරියඤාණදර්ශන විශේෂයෙක් ලබන ලද්දේ හෝ, ඒ මම පශ්චිම කාලෙයෙහි (මරණ කාලෙයෙහි) සබ්‍රම්සරුන් විසින් විවාරන ලද්දෙමි ඉති, තේජස් රහිත නො වෙම්දෝ හෝ’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.
ඉමේ ඛෝ භික්ඛවේ දසධම්මා පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බාති. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති.
මහණෙනි, මේ දස ධර්මයෝ පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තාහු ය’යි බුදුරදුන් වහන්සේ මේ දේශනාව වදාළ සේක.
මූලාශ්‍රය: පිරුවානා පොත් වහන්සේ
Related Resources
ගිරිමානන්ද සුත්තං (ගිරිමානන්ද සූත්‍රය) පාළි හා සිංහලෙන් – Girimananda Sutta in Pali and Sinhala
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ගිරිමානන්ද ස්ථවිර තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් බව ඇත්තේ වෙයි.
පරාභව සුත්තං (පරාභව සූත්‍රය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Parabhava Sutta Sinhala English Translation
පරාභව සූත්‍රය මංගල සූත්‍රයේ ප්‍රතිවිරෝධතාව සේ සැලකිය හැකියි. බුදුරදුන් වෙත පැමිණ පරිහානියට හේතුවන කාරණා විමසූ එක්තරා දේවතාවකුට වදාරණ ලද්දකි. කෙනෙකු දහමට ඇළුම් කරතොත් හේ උන්නතියට ද දහමට ද්වේෂ කරතොත් අවනතියට ද පත්වේය යන ආදී කරුණු මෙහි අන්තර්ගත වේ.
ආලවක සුත්තං (ආලවක සුත්‍රය) සහ සිංහල ඉංග්‍රිසි පරිවරිථන Alavaka Sutta with English Sinhala Translation
On one occasion the Blessed One was living in the abode of Alavaka, the Yakkha (demon), at Alavi. Then Alavaka approached the Blessed One and said: “Get out, recluse (samana).” — “Very well, friend,” so saying the Blessed One went out.
රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation
රත්නමාලී යන්ත්‍රය වනාහි, පෙරකල ලක්දිව වැඩසිටි රහතුන් වහන්සේලා විසින්, තුන් ලොවක් අභිබැවූ (ලෝකෝත්තර) ධර්මතා තුනක් වන “තෙරුවනහි ගුණ” අන්තර්ගත කොට නිර්මාණශීලී ලෙස සකසන ලද ගථා රත්නයකි.
මිත්තානිසංස සුත්තං (මිත්තානිසංස සූත්‍රය) පාලි හා සිංහලෙන් – Miththanisansa Sutta in Pali and Sinhala Translation
Miththanisansa sutta – A discourse on the benifits from bieng loving to one’s friends.
මෙත්තානිසංස සුත්තං (මෙත්තානිසංස සූත්‍රය) පාලි, සිංහල, හා ඉංග්‍රිසියෙන් Mettanisansa Sutta in Pali with Sinhala and English Translation
Mettanisansa Sutta in Pali with Sinhala and English meaning : This Sutta is a Discourse on the merits of Loving – Kindness.