ධම්මචක්කප්පවත්තන සුත්තං (දම්සක් පැවතුම් සූත්‍රය) පාලි හා සිංහලෙන් Dhammacakkappavattana Sutta Pali Sinhala Translation

ධම්මචක්කප්පවත්තන සුත්තං (දම්සක් පැවතුම් සූත්‍රය) පාලි හා සිංහලෙන් Dhammacakkappavattana Sutta Pali Sinhala Translation

 
Font Size
Auto-Scroll   Speed

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තත්‍ර ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛු ආමන්තේසි.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් අමතා මේ ධම්මචක්ක දේශනය වදාළ සේක.

ද්වේ මේ භික්ඛවේ, අන්තා පබ්බජිතේන න සේවිතබ්බා.

පින්වත් මහණෙනි, පැවිද්දන් විසින් සේවනය නො කළ යුතු වූ මේ අන්ත දෙකකි.

යෝචා’යං කාමෙසු කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ.

යම් මේ කාමයන්හී කාම සුඛයේ ඇලී ගැලී වාසය කිරීමක් ඇද්ද මෙය හීන වූ දෙයකි, ලාමක වූ දෙයකි, පුහුදුන් ජනයා විසින් සේවනය කරන දෙයකි, උත්තම මිනිසුන් විසින් සේවනය නො කරන දෙයකි, අනර්ථ සහිත දෙයකි.

යෝචා’යං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ.

යම් ඒ තමා ව පීඩාවට පත් කරවන වැඩ පිළිවෙලක් ඇද්ද, එය දුක් සහිත දෙයකි, උත්තම මිනිසුන් විසින් සේවනය නො කරන දෙයකි, අනර්ථ දෙයකි.

ඒතේ තේ භික්ඛවේ, උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.

පින්වත් මහණෙනි, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදි. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබා දෙයි. නුවණ උදා කරයි. සංසිඳීම ඇති කරයි. විශේෂ ඤාණය ඇති කරයි. අවබෝධය ඇති කරයි. නිවන පිණිස පවතින්නේ ය.

කතමා ච සා භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති?

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද, දහම් ඇස ලබා දෙන, නුවණ උදා කරන, සංසිඳීම ඇති කරන, විශේෂ ඤාණය ඇති කරන, අවබෝධය ඇති කරන, නිවන පිණිස පවතින්නා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක් ද?

අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථීදං: සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි.

ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්, සම්මා දිට්ඨිය ද, සම්මා සංකල්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙය යි.

අයං ඛෝ සා භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද, දහම් ඇස ලබා දෙන, නුවණ උදා කරන, සංසිඳීම ඇති කරන, විශේෂ ඤණය ඇති කරන, අවබෝධය ඇති කරන, නිවන පිණිස පවතින්නා වූ මධ්‍යම ප්‍රතිපදාව නම් මෙය යි.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛං අරියසච්චං. ජාති’පි දුක්ඛා ජරා’පි දුක්ඛා ව්‍යාධි’පි දුක්ඛෝ මරණම්පි’දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡ්ං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තීන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.

පින්වත් මහණෙනි,  මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යි. ඉපදීම ද දුකකි. ජරාවට පත් වීම ද දුකකි. රෝග පීඩා වැළඳීම ද දුකකි. මරණය ද දුකකි. අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තූන් සමඟ එක්වීම ද දුකකි. ප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තුන් ගෙන් වෙන්වීම ද දුකකි. කැමති වන්නා වූ යම් දෙයක් ඇද්ද, එය නොලැබීම ද දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධයෝ ම දුකකි.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛසමුදයං අරියසච්චං. යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්දිනී. සෙය්‍යථිදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.

පින්වත් මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. පුනර්භවය ඇති කරන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ, ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් ඒ තණ්හාවක් ඇද්ද, එය යි. එනම්, කාම තණ්හාව ය, භව තණ්හාව ය, විභව තණ්හාව ය.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධං අරියසච්චං. යෝ තස්සායේව තණ්හාය අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. ඒ තණ්හාවේ ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමක් වේ ද, අත් හැරීමක් වේද, දුරු වීමක් වේද, තණ්හාවෙන් මිදීමක් වේද, ආලය නැතිවීමක් වේ ද එය යි.

ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථීදං සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්, සම්මා දිට්ඨිය ද, සම්මා සංකල්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙය යි.

ඉදං දුක්ඛං අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍යන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ලදි යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඉදං දුක්ඛසමුදයං අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහාතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහීණන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය වූයේ යයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඉදං දුක්ඛනිරෝධං අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධං අරියසච්චං සච්ඡිකාතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධං අරියසච්චං සච්ඡිකතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කරන ලදි යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං භාවේතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං භාවිතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

පින්වත් මහණෙනි, ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කරන ලදි යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

යාවකීවඤ්ච මේ භික්ඛවේ, ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහෝසි. නේවතාවා’හං භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්ච්ඤ්ඤාසිං.

පින්වත් මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව සැබෑ තත්වය නම් වූ ඤාණ දර්ශනය සුවිශුද්ධ ලෙස මා හට යම් තාක් අවබෝධ නො වූයේ වේ ද, ඒ තාක් කල් ම පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුළ මම වනාහී අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා නො දුන්නෙමි.

යතෝ ච ඛෝ භික්ඛවේ, ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි. අථා’හං භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්ච්ඤ්ඤාසිං.

යම් කලෙක පින්වත් මහණෙනි, මා හට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව සැබෑ තත්වය නම් වූ ඤාණ දර්ශනය සුවිශුද්ධ ලෙසට ම අවබෝධ වූයේ වේ ද, එකල්හී පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ ලෝකයේ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුළ මම වනාහී අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා දුන්නෙමි.

ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි, අකුප්පා මේ චේතෝ විමුත්ති අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ’ති.

මා හට ඤාණ දර්ශනය පහළ විය. මාගේ චේතෝ විමුක්තිය වෙනස් නොවන්නේ ය. මෙය වනාහී අන්තිම ඉපදීම වේ. දැන් මා හට පුනර්භවයක් නැත්තේ ය.

ඉදමවෝච භගවා. අත්තමනා පඤ්චවග්ගියා භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ ධම්මචක්ක දේශනය වදාළ සේක. අතිශයින් ම සතුටට පත් වූ ඒ පස්වග භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුතුව පිළිගත්තාහු ය.

ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධධම්මන්’ති.

මේ ධම්මචක්ක දේශනය වදාරණ කල්හී ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා වූ යම් දෙයක් ඇද්ද, හේතූන් නිරුද්ධ වීමෙන් ඒ සියල්ල ම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත යයි කියා කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ විය.

පවත්තිතේ ච පන භගවතා ධම්මචක්කේ භුම්මා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරානසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුනා වා කේනවි වා ලෝකස්මින්’ති.

අප ගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි දී අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහී ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නොහැක්කේ ම යැයි කියා පොළොවවාසී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

භුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා දේවා සද්දමනුස්සාවේසුං ..

පොළොවවාසී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා චාතුම්මහාරාජික දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වූවාහු ය.

චාතුම්මහාරාජිකානං දේවානං සද්දං සුත්වා තාවතිංසා දේවා සද්දමනුස්සාවේසුං …

චාතුම්මහාරාජික දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා තාවතිංස දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුහාහු ය.

තාවතිංසානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්දමනුස්සාවේසුං …

තාවතිංස දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා යාම දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්දමනුස්සාවේසුං ..

යාම දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා තුසිත දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාණරතී දේවා සද්දමනුස්සාවේසුං ..

තුසිත දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා නිම්මාණරතී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වූවාහු ය.

නිම්මාණරතීනං දේවානං සද්දං සුත්වා පරනිම්මිතවසවත්තිනෝ දේවා සද්දමනුස්සාවේසුං ..

නිම්මාණරතී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා පරනිම්මිතවසවත්තී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

පරනිම්මිතවසවත්තීනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්මපාරිසජ්ජා දේවා සද්දමනුස්සාවේසුං ..

පරනිම්මිතවසවත්තී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වූවාහු ය.

බ්‍රහ්මපාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්මපුරෝහිතා දේවා සද්දමනුස්සාවේසුං ..

බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වූවාහු ය.

බ්‍රහ්මපුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහාබ්‍රහ්මා දේවා සද්දමනුස්සාවේසුං ..

බ්‍රහ්ම පුරෝහිත දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා මහා බ්‍රහ්ම දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වූවාහු ය.

මහාබ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තාභා දේවා සද්දමනුස්සාවේසුං ..

මහා බ්‍රහ්ම දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා පරිත්තාභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අප්පමාණාභා දේවා සද්දමනුස්සාවේසුං ..

පරිත්තාභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප්පමාණාභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

අප්පමාණාභානං දේවානං සද්දං සුත්වා ආභස්සරා දේවා සද්දමනුස්සාවේසුං ..

අප්පමාණාභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා ආභස්සර දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

ආභස්සරානං දේවානං සද්දං සුත්වා පරිත්තසුභා දේවා සද්දමනුස්සාවේසුං ..

ආභස්සර දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා පරිත්තසුභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

පරිත්තසුභානං දේවානං සද්දං සුත්වා අප්පමාණසුභා දේවා සද්දමනුස්සාවේසුං ..

පරිත්තසුභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප්පමාණසුභ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

අප්පමාණසුභානං දේවානං සද්දං සුත්වා සුභකිණ්හකා දේවා සද්දමනුස්සාවේසුං ..

අප්පමාණසුභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා සුභකිණ්හ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

සුභකිණ්හකානං දේවානං සද්දං සුත්වා වේහප්ඵලා දේවා සද්දමනුස්සාවේසුං ..

සුභකිණ්හ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා වේහප්ඵල දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

වේහප්ඵලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා සද්දමනුස්සාවේසුං ..

වේහප්ඵල දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අවිහ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

අවිහානං දේවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්දමනුස්සාවේසුං ..

අවිහ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අතප්ප දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

අතප්පානං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්දමනුස්සාවේසුං ..

අතප්ප දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා සුදස්ස දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්දමනුස්සාවේසුං ..

සුදස්ස දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා සුදස්සී දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය..

සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකණිට්ඨකා දේවා සද්දමනුස්සාවේසුං. ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්’ති.

සුදස්සී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප ගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් ඉසිපතන මිගදායෙහි දී අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහී ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නෝහැක්කේ ම යැයි කියා අකනිට්ඨ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වුවාහු ය.

ඉතිහ තේන ඛණේන තේන මුහුත්තේන යාව බ්‍රහ්මලෝකා සද්දෝ අබ්භුග්ගඤ්ඡි. අයඤ්ච දස්සහස්සී ලෝකධාතු සංකම්පි සම්පකම්පි සම්පවේධි.

ඒ ක්ෂණයෙහි ම, ඒ මොහොතෙහි ම, බ්‍රහ්ම ලෝක යම් තාක් වේ ද, ඒ තාක් ම මේ දහම් ඝෝෂාව පැතිර ගියේ ය. දස දහසක් ලෝක ධාතුව ම කම්පා විය. තදින් ම කම්පා විය. බලවත් ව කම්පා විය.

අප්පමාණෝ ච උළාරෝ ඕභාසෝ  ලෝකේ පාතුරහෝසි අතික්කම්ම දේවානං දේවානුභාවන්’ති.

දෙවියන් ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ ආලෝකයක් ලෝකයෙහි පැතිර ගියේ ය.

අථ ඛෝ භගවා උදානං උදානේසි.

එකල්හී භග්‍යවතුන් වහන්සේ උදානයක් පහළ කළාහු ය.

අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝති.

භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් ම අවබෝධ කළා. භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් ම අවබෝධ කළා.

ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤාත්වේ ව නාමං අහෝසී’ති.

මේ ආකාරයෙන් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට අඤ්ඤාකොණ්ඩඤ්ඤ යන මේ නාමය ඇති වූයේ ය.

ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!

Related Resources

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ…

කරණීයමෙත්ත සුත්තං (කරණීයමෙත්ත සූත්‍රය) පාළි, සිංහල, හා ඉංග්‍රීසියෙන් KaraneeyaMetta Sutta in Pali, Sinhala, and English Translation

කරණීයමෙත්ත සුත්තං (කරණීයමෙත්ත සූත්‍රය) පාළි, සිංහල, හා ඉංග්‍රීසියෙන් KaraneeyaMetta Sutta in Pali, Sinhala, and English Translation

 
Font Size
Auto-Scroll   Speed

1.

කරණීයමත්ථකුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජු ච සූජූ ච
සුවචෝ චස්ස මුදු අනතිමානී

ශාන්ත පදයයි කියනු ලබන නිවනට පැමිණ වසන්නහු විසින් යමක් කටයුතුද, දක්ෂයා විසින් එය කටයුතුයි. හෙතෙම දක්ෂයෙක් වන්නේය. සෘජු වන්නේය. මනාකොට සෘජු වන්නේය. කීකරු වන්නේය. මෘදු වන්නේය. නිහතමානි වන්නේය.

He who is skilled in (working out his own) well being, and who wishes to attain that state of Calm (Nibbana) should act thus: he should be dexterous, upright, exceedingly upright, obedient, gentle, and humble.

නිවනට යන මඟ සිටින පතා ගෙන
ඇද නැති බව සිත තුළ රඳවා ගෙන
සුවච සුමුදු ගුණ ඇති කරවා ගෙන
කළ යුතු ම ය අතිමාන නසා ගෙන

Who seeks to promote his welfare,
Having glimpsed the state of perfect peace,
Should be able, honest and upright,
Gentle in speech, meek and not proud.

2.

සන්තුස්සකෝ ච සුභරෝ ච
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්තී
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ

ලද දෙයින් සතුටු වන්නේය. පහසුවෙන් පෝෂණය කළහැක්කේය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේය.  ප්‍රගල්භය නැතිවන්නේය. කුලයන් කෙරෙහි නොඇලුනෙක් වන්නේය.

Contented, easily supportable, with but few responsibilities, of simple livelihood, controlled in the senses, prudent, courteous, and not hanker after association with families.

සතුටු ව ලද දෙයකින් සුව සේ හිඳ
අඩු කොට වැඩ නිති සැහැල්ලුවෙන් ඉඳ
දමනය කළ ඉඳුරන් ද නුවණ මැද
හිත මිතුරුව කුලයේ නො ඇලෙන සඳ

Contented, he ought to be easy to support,
Not over-busy, and simple in living.
Tranquil his senses, let him be prudent,
And not brazen, nor fawning on families.

3.

න ච ඛුද්දං සමාචරේ කිඤ්චි
යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

යම් ක්‍රියාවකින් නුවණැති අන් කෙනෙක් නින්දා කෙරෙත්ද, (එබඳු) ස්වල්පවූ වරදකුදු නොකරන්නේය. සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා. භය නැත්තෝ වෙත්වා. සුඛිත සිත් ඇත්තෝ වෙත්වා.

Let him not perform the slightest wrong for which wise men may rebuke him. (Let him think:) ‘May all beings be happy and safe. May they have happy minds.

නුවණැතියන් ගෙන් දොස් නොලබන්නේ
සුළු වරදක් හෝ නොම කරමින්නේ
බිය නැති සැප ඇති දිවි පතමින්නේ
සියලු සතුන් හට මෙත් පතුරන්නේ

Also, he must refrain from any action
That gives the wise reason to reprove him.
(Then let him cultivate the thought:)
May all be well and secure,
May all beings be happy!

4.

යේ කේචි පාණභුතත්ථි
තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා
මජ්ඣිමා රස්සකාණුකථූලා

(කෙලෙස් සහිත බැවින්) භයින් ත්‍රස්ත වූ හෝ නිර්භය හෙයින් ස්ථාවර වූ සියලු යම්කිසි සත්ව කෙනෙක් වෙත්ද, යම් සත්ව කෙනෙක් දීර්ඝ ජාති ඇත්තාහුද, මහත් සිරුරු ඇත්තාහුද, මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇත්තෝද, මිටි සිරුරු ඇත්තෝද, ඉතා සියුම් සිරුරු ඇත්තෝද, ස්ථුල සිරුරු ඇත්තෝද, 

Whatever living beings there may be — feeble or strong (or the seekers and the attained) long, stout, or of medium size, short, small, large,

බියපත් තැති ගත් සතුන් ද වේවා
බිය සැක දුරු කළ රහතුන් වේවා
ලොකු පොඩි දිග මහ සතුන් ද වේවා
සැමට සැපත ඇති සිත් ඇති වේවා

Whatever living creatures there be,
Without exception, weak or strong,
Long, huge or middle-sized,
Or short, minute or bulky,

5.

දිට්ඨා වා යේව අද්දිට්ඨා
යේ ච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

ඇසට පෙනෙන්නාවූ හෝ නොපෙනෙන්නාවූ යම් සත්ව කෙනෙක් වෙත්ද, යම් සත්ව කෙනෙක් දුර වෙසෙත්ද, නුදුරෙහි වෙසෙත්ද, ඉපදීම අවසන් කළ සත්වයෝ වෙත්ද, ඉපදීම සොයන සත්වයෝද, යන සියලු සත්වයෝ සුඛිත සිත් ඇත්තෝ වෙත්වා.

Those seen or those unseen, those dwelling far or near, those who are born as well as those yet to be born — may all beings have happy minds.

පෙනෙන නො පෙනෙන සතුන් ද වේවා
දුර ළඟ වසනා සතුන් ද වේවා
ඉපදුන – ඉපදෙන සතුන් ද වේවා
සැමට සැපත ඇති සිත් ඇති වේවා

Whether visible or invisible,
And those living far or near,
The born and those seeking birth,
May all beings be happy!

6.

න පරෝ පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය

අනිකෙක් අනිකෙකු නොරවටනේය. කිසි තැනකහි ඒ කිසිවකුට අවමන් නොකරන්නේය. කාය වාක් විකාරයෙන් වූ කෝපයෙන්ද, මනෝ විකාරයෙන් වූ පටිඝ සංඥායෙන්ද, එකෙක් අනෙකකුට දුකක් නොකමැති වන්නේය.

Let him not deceive another nor despise anyone anywhere. In anger or ill will let him not wish another ill.

කිසිවෙක් කිසිවෙකු නොම රවටාවා
කිසි තනක දි ඉහළින් නො සිතාවා
නපුරු දරුණු බස් නොම පවසාවා
අනෙකෙකු ගේ දුක කැමති නො වේවා

Let none deceive or decry
His fellow anywhere;
Let none wish others harm
In resentment or in hate.

7.

මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
ඒවම්පි සබ්බභූතේසු
මානසං භාවයේ අපරිමාණං

යම්සේ මවක් තම එකම පුතු දිවි පිදීමෙන් රකීද, හැම සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩන්නේය.

Just as a mother would protect her only child with her life even so let one cultivate a boundless love towards all beings.

තම දිවි සම කොට පුතු සුරකින්නේ
එක ම පුතෙකු ඇති මව් විලසින්නේ
මෙලෙසට ලොව සැම සතුන් දකින්නේ
අපමණ මෙත් සිත ම ය පතුරන්නේ

Just as with her own life
A mother shields from hurt
Her own son, her only child,
Let all-embracing thoughts
For all beings be yours.

8.

මෙත්තං ච සබ්බ ලෝකස්මිං
මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධෝ ච තිරියඤ්ච
අසම්බාධං අවේරං අසපත්තං

උඩද, යටද, සිරසද, සම්බාධ නැතිව වෛර නැතිව සතුරන් නැති සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිත වඩන්නේය.

Let him radiate boundless love towards the entire world — above, below, and across — unhindered, without ill will, without enmity.

සියළු ලොවට එක ලෙස සලකන්නේ
උඩ-යට-සරසට හැම විලසින්නේ
වෛර සතුරු බාධා නැති වන්නේ
අපමණ මෙත් සිත ම ය පතුරන්නේ

Cultivate an all-embracing mind of love
For all throughout the universe,
In all its height, depth and breadth —
Love that is untroubled
And beyond hatred or enmity.

9.

තිට්ඨං චරං නිසින්නෝ වා
සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
ඒතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු

සිටින්නේ හෝ, ඇවිදින්නේ හෝ, උන්නේ හෝ, නිදන්නේ හෝ, යම්තාක්කල් නොනිදා ද, ඒතාක් මේ මෛත්‍රී සහගත සිහිය ඉටන්නේය. මෙය මේ ශාසනයෙහි බ්‍රහ්ම විහාරයයි.

Standing, walking, sitting or reclining, as long as he is awake, let him develop this mindfulness. This, they say, is ‘Noble Living’ here.

සිටගෙන ඇවිදින හෝ හිඳිනා විට
නිදන වෙලාවට හෝ නො නිදන විට
සිහි කළ යුතු මෙත් සිත ම ය හැම විට
බඹවිහරණ ලෙස පවසයි එම විට

As you stand, walk, sit or lie,
So long as you are awake,
Pursue this awareness with your might:
It is deemed the Divine State here.

10.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගේධං
නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති

මිථ්‍යාදෘෂ්ටියට නොපැමිණ සිල්වත් වූයේ, දර්ශනයෙන් යුක්ත වූයේ, වස්තුකාමයන්හි ගිජු බව දුරු කොට, ඒකාන්තයෙන් මවු කුස පිළිසිඳ ගැනිමට නැවත නො එන්නේය.

Not falling into wrong views — being virtuous, endowed with insight, lust in the senses discarded — verily never again will he return to conceive in a womb.

මිසදිටුවක සිත නො ම පැටලෙමිනේ
සිල් ගුණ දම් රැක යන මඟ නිවනේ
කම් සැපයට කිසි විට නො ඇලෙමිනේ
මව් කුස නිදනට යළි නො ම පැමිණේ

Holding no more to wrong beliefs,
With virtue and vision of the ultimate,
And having overcome all sensual desire,
Never in a womb is one born again.

ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!

සිංහල අර්ථය මූලාශ්‍රය: පිරුවානා පොත් වහන්සේ
සිංහල පද්‍ය මූලාශ්‍රය: “මහමෙව්නාවේ පාළි – සිංහල පිරුවානා පොත් වහන්සේ”, පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි. (download ↡ )
English meaning from: Karaniya Metta Sutta: The Discourse on Loving-kindness by Piyadassi Thera
English poem from: Karaniya Metta Sutta – The Hymn of Universal Love

Related Resources

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ…

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

 
Font Size
Auto-Scroll   Speed

 අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ. ඒ නිසා තව තවත් මැරෙන්නට වූහ. ඒ හේතුකොට ගෙන ‘අහිවාතක’ නම් දරුණු රෝගයක් ඇති විය. මෙසේ දුර්භීක්ෂ, අමනුෂ්‍ය හා රෝග යන ත්‍රිවිධ භීතියෙන් උපද්‍රැත වූ විශාලා මහනුවර වැසියෝ මෙපවත් රජවරුනට දැන්වූහ. රජවරු ජනතාව සන්ථාගාර ශාලාවට රැස්කර වූහ. රජුන් අත වරදක් ඇත්දැයි විමසූහ. තමන් අත වරදක් නැතැයි වැසියෝ පිළිවදන් දුන්හ.

දීර්ඝ සාකච්ඡාවකින් පසුව තථාගතයන් වහන්සේ මේ නුවරට වැඩමවා ගත හොත් සියලු උවදුරු දුරුවේයයි තීරණයට බැස ගත්හ. බිම්බිසාර රජුගේ කැමැත්ත ඇතිව ලිච්ඡවී රජවරු දෙදෙනෙක් බුදුන් වහන්සේ කරා එළඹ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ත්‍රිවිධ භීතියකින් උපද්‍රැත වූ අපරට වැසියන් ගේ නිදුක් නීරෝගී බැව් උදෙසා භාග්‍යවතුන් වහන්සේ අප නුවරට වැඩමවන සේක් නම් අපට යහපතක් වේයැයි දන්වා සිටියහ.

තථාගතයන්වහන්සේ ආරාධනාව පිළිගෙන රුවන් සුතුරෙහි අණ තෙදින් කෙළ ලක්ෂයක් සක්වල ආරක්ෂාව සිදුවෙතියි ද එයින් මහත් පිරිසකට ධර්මාවබෝධය වෙතියි ද සලකා පන්සියයක් භික්ෂූන් වහන්සේ සමග විශාල මහා නුවරට වැඩමවා රුවන් පිරිත දෙසූහ. ඒ සමග ම සිවු දිගින් කළුකොට නැන්ගුණු මහා මේඝයෙන් (මහා වැසි වර්ෂා) මළ කඳන් ඉලපී ගංගානම් ගඟට පාවී ගියේ ය. නගරය පවිත්‍ර විය. පන්සියයක් පමණ බුදු පාමොක් මහ සඟන විසල් මහ නුවරට පිවිසෙත් ම සක් දෙවිඳු ඈ මහානුභාව සම්පන්න දෙවිවරු පැමිණියාහුය. ඔවුන් ගේ පැමිණීම සමගම අමනුෂ්‍යයෝ ක්‍රමයෙන් ඉවත් වී ගියාහුය.

තථාගතයන් වහන්සේ රතන සූත්‍රය වදාරා නුවර දොරටුව අබියස වැඩ සිට අනඳ හිමියන් අමතා ආනන්ද, මේ රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍යද ගෙන්වා ගෙන ලිච්ඡවී කුමරුන් සමඟ විශාලා මහ නුවර තුන් පවුරු වටා හැසිරෙමින් පිරිත් දෙසවයි වදාළ සේක.

අනඳ හිමියෝ ද බුදුරජාණන් වහන්සේ ගේ පාත්‍රයට පිරිත් පැන් ගෙන රතන සූත්‍රය දෙස්මින් මුළු නුවරට පිරිත් පැන් ඉස්සාහ. සියලු අමානුෂ්‍යයෝ පලා ගියහ. නගරය ආරාක්ෂා සහිත විය. උවදුරු දුරු විය. මනුෂ්‍යයෝ සුඛිත මුදිත වූහ. සුවාසු දහසක් (අසූ හාරදහසක්) ප්‍රාණීන්ට ධර්මාභිසමය (ධර්මය අවබෝධ) විය. බුදුන් වහන්සේ දෙවන දවස්හි ද රතන සූත්‍රය වදාළහ. ඒ සමගම තවත් සුවාසු දහසක් ප්‍රාණීහු ධර්මාවබෝධය ලදහ. මෙසේ පිළිවෙළින් සත් දිනක් රතන සූත්‍රය දෙසූහ.

 

1.

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස්වූහුද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා, තවද මාගේ වචනය සකසා අසත්වා.

2.

තස්මා හි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං
තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා

භූතයිනි, එබැවින් තෙපි සියල්ලෝ මාගේ වචනය අසවු, මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එලවත්ද (පූජා කරත්ද), එහෙයින් නොපමාව ඔවුන් රකිවු.

3.

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

මිනිස් ලොකය හෝ නාග ලෝකය ආදී අන් ලොවෙක යම් ධනයක් වේද, දෙව්ලොව හෝ මහඟු රුවනක් වේද, ඔවුන් අතුරෙහි තථාගතයන් හා සදෘශයෙක් (සමාන කළ හැක්කෙක්) නැත්තේමය. මේ කරුණින් ද බුදුරජහු උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

4.

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ශාක්‍යමුනි තෙම එකඟ වූ සිත් ඇත්තේ, කෙලෙස් නැසීමට නිමිති වූ රාගයෙන් වෙන්වීමට නිමිතිවූ මරණයක් නැති උතුම්වූ යම් නිවනක් පසක් කෙළේද, ඒ දහම් හා සම වූ කිසිවෙක් නැත්තේය. මේ කරුණින්ද නිවන් දහම උතුම් රුවනෙකි. මේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා.

5.

යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝ න විජ්ජති
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

බුද්ධ ශ්‍රෙෂ්ඨ තෙම අත්‍යන්ත පරිශුද්ධවූ යම් මාර්ග සමාධියක් වර්ණනා කෙළේද, බුද්ධාදීහු ආනන්තරික (අනතුරුවම ඵල දෙන) සමාධියයි යමකට කියත්ද, ඒ සමාධිය හා සමාන අන්‍ය සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාරගය උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

6.

යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් ආර්ය පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද නොහොත් ප්‍රශස්ත වූ යම් එකසිය අටක් ආර්ය පුද්ගලයෝ වෙත්ද මොහු හැමදෙන යුගල වශයෙන් සතර දෙනෙකි (සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත්). සුගත් බුදුරදුන්ගේ සවු වූ ඔහු තුමු දක්ෂිණාවට සුදුස්සෝ වෙති. මේ බුදු සව්වන් කෙරෙහි දෙන ලද දානයෝ මහත් ඵල ඇත්තෝ වෙත් මේ කරුණින්ද බුද්ධ ශ්‍රාවක සංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

7.

යේ සුප්පයුත්තා මනසා දළ්හේන
නික්කාමිනෝ ගෝතමසාසනම්හි
තේ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ගෞතම බුද්ධ ශාසනයෙහි වූ සුවිශුද්ධ කායවාක් කර්ම සංඛ්‍යාත ශීලස්කන්ධයෙන් යුක්ත වූ ස්ථීර සිතින් යුක්තවූ ප්‍රඥාව කරණ කොටගෙන සියලු කෙලෙසුන්ගෙන් නික්මුණාවූ යම් පුද්ගලකෙනෙක් වෙත්ද, ඔහු තුමු නිවනට බැසගෙන නො මිලයේ ම  රහත්ඵල සමවත ලැබ ගෙන එය විඳිනනහු වෙති. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

8.

යථින්දඛීලෝ පඨවිංසිතෝසියා
චතුබ්භි වාතේහි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි
යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යම්සේ පොළොව තුළ වැද සිටි (සිටවූ) ඉන්ද්‍රඛීලය (ස්ථම්භය) සිවු දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නොවේද, ආර්ය සත්‍යයන් ප්‍රඥාවෙන් බැසගෙන දක්නා පුරුෂයා (සෝවාන් පුද්ගලයා) එබන්දකු කොට කියමි. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

9.

යේ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීරපඤ්ඤේන සුදේසිතානි
කිඤ්චා’පි තේ හොන්ති භුසප්පමත්තා
න තේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යම් සෝවාන් පුද්ගල කෙනෙක් ගැඹුරු නුවණැති බුදුරදුන් දෙසූ ආර්ය සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද, ඔහු බෙහෙවින් පමාවූවාහු නමුත් අටවන භවයක් නො ගනිති. මෙ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

10.

සහාවස්ස දස්සනසම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි
චතූහපායේහි ච විප්පමුත්තෝ
ඡ්චාහි ඨානානි අභබ්බෝකාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

මේ සෝවාන් පුද්ගලයා ගේ දර්ශන සම්පත්තිය හෙවත් සෝවාන් මග නුවණ පහළවීම සමගම සක්කාය දෘෂ්ටියද (බුද්ධාදී අටතන්හි) සැකයද යම් මිත්ථ්‍යාශීල ව්‍රත කෙනෙක්වූහුනම් ඒ සියල්ලද යන මේ තුන් සං‍යෝජනයෝ (සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමාස) දුරුකරණ ලද්දෝ වෙත් හෙතෙම සතර අපායෙන් (නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර) කෙරෙන් මිදුනේද වේ. ආනන්තය්‍ය කර්ම පසත් (ආනන්තරීය පාපකර්ම 5 ත්) මිතථ්‍යාදෘෂ්ටියත් යන බැරෑරුම් පව් සය කරන්නටද හේ අභව්‍ය  (සිදු නොවේ) ය. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

11.

කිඤ්චා’පි සෝ කම්මං කරෝති පාපකං
කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ඒ සෝවාන් පුද්ගල තෙම කයින් හෝ වචනයෙන් හෝ නැතහොත් සිතින් හෝ ප්‍රඥප්ති මාත්‍ර වූ කිසිවරදක් කරන්නේ නමුදු හේ එය සඟවන්නට නොහැක්කේය (සඟවන්නේ නැත). දක්නාලද නිර්වාන පදය ඇති සෝවාන් පුද්ගලයාගේ අවශ්‍ය බව (ඇවැත් දෙසා සංවරයේ පිහිටයි) බුදුරදුන් විසින් වදාරණ ලද්දේය. මේ කරුණින්ද ආර්ය සංඝ තෙමෙ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

12.

වනප්පගුම්බේ යථාඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිංගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයී
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

වන ලැහැබ තෙමෙ ග්‍රීෂ්ම සෘතුවේ පළමුවන මාසයෙහි හෙවත් බක්මස සුපිපි අක් ඇත්තේ (මල් පිපෙන්නේ) යම්සේද, එසේ වූ නිවන්පුර පමුණුවන පර්ය්‍යාප්ති (වෙනස් නොවන) ධර්මරත්නය  පරමහිතාබ්‍ය (අන්යන්ගේ හිත සුව පිණිස) වූ නිවන් පිණිස ඒ බුදුරජ තෙමෙ දේශනා කළහ. මේ කරුණින්ද බුදුරජ තෙමෙ රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

13.

වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ
අනුත්තරෝ ධම්මවරං අදේසයී
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

උතුම් වූ නිවන දන්නාවූ, උතුම් වූ නිවන දෙන්නාවූ, උතුම් වූ නිවන් මග ගෙනහැර පාන්නාවූ, නිරුත්තරවූ බුදුරජාණන් වහන්සේ උතුම් වූ දහමක් දෙසූ සේක. මේ කරුණින්ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

14.

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්තචිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණබීජා අවිරූළ්හිච්ඡ්න්දා
නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යම් කෙනෙකුන්ගේ පුරාතන කර්ම රහත් මගින් ක්ෂීණ වූයේද අළුත් කර්මයන්ගේ පහළ විමෙකුත් නැද්ද, මතු භවයක් කෙරෙහි නොඇළුණු සිතැති, ක්ෂීණවූ ප්‍රතිසන්ධි විඥාන සංඛ්‍යාද බීජ ඇති, පුනර්භව සංඛ්‍යාත සංස්කාර වෘද්ධිය කෙරෙහි කැමැත්තක් නැති, ධෛර්‍ය්‍ය සම්පන්නවූ ඒ රහත්හු මේ පහන මෙන් අවසන් සිත නිරුද්ධ වීමෙන් පිරිනිවෙත්. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

15.

යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමඳිමු. සත්ව ප්‍රජාවට සෙත් වේවා.

16.

යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද බුද්ධාදීන් විසින් අවබෝධ කරන ලද බැවින් තථාගත වූ ධර්මය නමඳිමු. සත්ව ප්‍රජාවට සෙත් වේවා.

17.

යානීධ භූතානි සමාගතානි
භුම්මනි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
සංඝං නමස්සාම සුවත්ථි හෝතු

පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස්වූහු ද, ඔහුද මමද දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ සංඝයා නමඳිමු. සත්ව ප්‍රජාවට සෙත් වේවා.

ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!

Related Resources

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ…

මහාමංගල සුත්තං (මහා මංගල සූත්‍රය) පාලි හා සිංහලෙන්  Maha Mangala Sutta in Pali and Sinhala Translation

මහාමංගල සුත්තං (මහා මංගල සූත්‍රය) පාලි හා සිංහලෙන් Maha Mangala Sutta in Pali and Sinhala Translation

 
Font Size
Auto-Scroll   Speed

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමී. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨීතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී එක්තරා දෙවියෙක් මධ්‍යම රාත්‍රියෙහි මනස්කාන්ත පැහැයකින් යුතුව මුළු දෙව්රම බබුළුවා ගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියේ ය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පසව සිට ගත්තේ ය. එකත්පසව සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ පවසුවේ ය.

බහූදේවා මනුස්සා ච – මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං – බ්‍රෑහි මංගලමුත්තමං

බොහෝ දෙවි මිනිස්සු ද – සිතුවෝ ය මංගල කරුණු ගැන
යහපන කැමති ඔවුනට – උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිඳුනි.

අසේවනා ච බාලානං – පණ්ඩිතානඤ්ච සේවනා
පූජා ච පූජනීයානං – ඒතං මංගලමුත්තමං

නරක අය නොම ඇසුර ද – කළණමිතුරන් සමඟ නිති ඇසුර ද
පිදිය යුත්තන් පිදුම ද – මේවා උතුම් මංගල කරුණු ය

පතිරූපදේසවාසෝ ච – පුබ්බේ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච – ඒතං මංගලමුත්තමං

යහපත් තැනක විසුම ද – පෙර කළ පින් තිබීම ද
තමා යහමඟ යාම ද – මේවා උතුම් මංගල කරුණු ය

බාහුසච්චඤ්ච සිප්පඤ්ච – විනයෝ ච සුසික්ඛිතෝ
සුභාසිතා ච යා වාචා – ඒතං මංගලමුත්තමං

බොහෝ දැන උගත් බව – නොයෙකුත් ශිල්ප දත් බව
විනයකින් යුතු බව – මනා කොට හික්මුන බව
සුභාසිත වූ යම් බසක් වෙද – මේවා උතුම් මංගල කරුණු ය

මාතාපිතු උපට්ඨානං – පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා – ඒතං මංගලමුත්තමං

මව්පිය උපස්ථානය – අඹුදරුවන්ට සැළකුම
මැනැවින් වැඩ කෙරුම – මේවා උතුම් මංගල කරුණු ය

දානඤ්ච ධම්මචරියා ච – ඤාතකානඤ්ච සංගහෝ
අනවජ්ජානි කම්මානි – ඒතං මංගලමුත්තමං

දන් පැන් පිදීම ද – දහම තුළ හැසිරීම ද
නෑයන්ට සැළකීම ද – නිවැරදි දේ කිරීම ද
මේවා උතුම් මංගල කරුණු ය

ආරති විරති පාපා – මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු – ඒතං මංගලමුත්තමං

පවෙහි නො ඇලීම ද – හැම පවින් වැළකීම ද
මත් පැනින් දුරු වීම ද – දහම තුළ නො පමාව ද
මේවා උතුම් මංගල කරුණු ය

ගාරවෝ ච නිවාතෝ ච – සන්තුට්ඨී ච කතඤ්ඤුතා
කාලේන ධම්මසවණං – ඒතං මංගලමුත්තමං

උතුමන්ට ගරු කිරීම ද – නිහතමානී වීම ද
ලද දෙයින් තුටු වීම ද – කෙළෙහි ගුණ සැලකීම ද
නිසි කලට බණ ඇසීම ද – මේවා උතුම් මංගල කරුණු ය

ඛන්තී ච සෝවචස්සතා – සමණානඤ්ච දස්සනං
කාලේන ධර්මසාකච්ඡා – ඒතං මංගලමුත්තමං

ඉවසන ගුණයෙන් යුතු බව – යහපතට අවනත බව
ශ්‍රමණවරු බැහැ දැකුම ද – නිසි කල දම් සභාව ද
මේවා උතුම් මංගල කරුණු ය

තපෝ ච බ්‍රහ්මචරියඤ්ච – අරියසච්චානදස්සනං
නිබ්බාණසච්ඡිකිරියා ච – ඒතං මංගලමුත්තමං

තපසෙහි විසීම ද – බඹසරෙහි හැසිරීම ද
ආර්ය සත්‍යයන් දැකීම ද – නිවන අවබෝධ වීම ද
මේවා උතුම් මංගල කරුණු ය

ඵුට්ඨස්ස ලෝකධම්මේහි – චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං – ඒතං මංගලමුත්තමං

අටලෝ දහම එන විට – නො සැලේද යමෙකුගෙ සිත
සෝක නැති කෙලෙසුන් නැති – බියක් නැති තැන සිටි විට
මේවා උතුම් මංගල කරුණු ය

ඒතාදිසානි කත්වාන – සබ්බත්ථමපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡ්න්ති තං – තේසං මංගලමුත්තමන්ති

මේ අයුරින් කටයුතු කොට – අපරාජිත වී හැම තැන
යහපතට ම යති හැම තැන – එය ඔවුන් හට උත්තම මංගල කරුණු ය.

ඒතේන සච්චේන සුවත්ථි හෝතු !

මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා !

Related Resources

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ…

සංඝ රත්නයේ ගුණ – Sanga Guna – Supreme Qualities of Sangha

සංඝ රත්නයේ ගුණ – Sanga Guna – Supreme Qualities of Sangha

Auto-Scroll   Speed

1. සුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවට හා නිවනට ඒකාන්තයෙන් අනුලෝම වූ ප්‍රතිපදාවට මනාකොට පිලිපන් බැවින් සුපටිපන්න නම් වන සේක.

2. උජුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ ඍජු මාර්ගයේ ගමන් කරන බැවින් උජුපටිපන්න නම් වන සේක.

3. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය යන චතුරාර්ය්‍ය සත්‍යය අවබෝධ කිරීමේ මාර්ගයට පිලිපන් බැවින් ඤායපටිපන්න නම් වන සේක.

4. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය්‍ය ශ්‍රාවක පිරිස, ශ්‍රී සද්ධර්මය මනාකොට දරා හිඳිමින්, අන් අයට දයා සිතින් කියා දෙමින් ධර්මය වෙත ඔවුන් කැඳවා ගන්නා හෙයින් සාමීචිපටිපන්න නම් වන සේක.

5. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුණෙය්‍යෝ

යුගල වශයෙන් සතරක් හා පුද්ගලයින් වශයෙන් අට දෙනෙක් වන (සෝවාන් මාර්ගයට පිවිසි හා සෝවාන් ඵල සහිත, සකෘදාගාමී මාර්ගයට පිවිසි හා සකෘදාගාමී ඵල සහිත,  අනාගාමී මාර්ගයට පිවිසි හා අනාගාමී ඵල සහිත, අරහත් මාර්ගයට පිවිසි හා අරහත් ඵල සහිත) බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, බෝහෝ දුර සිට පැමිණ සිව්පසයෙන් පූජාසත්කාර කිරීමට සුදුසු වන බැවින් ආහුණෙය්‍ය නම් වන සේක.

6. පාහුණෙය්‍යෝ

හිතවත් ඥාතීන්ට, ගරු කටයුතු ප්‍රභූවරුන්ට සූදානම් කළ ප්‍රණීත දෙයින් සංග්‍රහ, සතිකාර, පූජා කිරීමට සුදුසු වූ සීලාදී ගුණ සම්පන්න බැවින් පාහුණෙය්‍ය නම් වන සේක.

7. දක්ඛිණෙය්‍යෝ

මෙලොව හා පරලොව පින් අදහා පිරිනමනු ලබන දාන පිළිගැනීමට සුදුසු වන බැවින් දක්ඛිණෙය්‍ය නම් වන සේක.

8. අංජලීකරණෙය්‍යෝ

ලෝකයා විසින් ඇඟිලි බැඳ දොහොත් මුදුනේ තබා පසඟ පිහිටුවා වැඳුම් පිඳුම් කිරීමට සුදුසු වන බැවින් අං‍ජලීකරණීය නම් වන සේක.

9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා තී

සියළු ලෝක සත්වයාට කුසල් වපුරා පින් ඵල නෙලා ගැනීමට ඇත්තා වූ පින් කෙතක් බඳු වූ හෙයින් අනුත්තර පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස නම් වන සේක.