ජය පිරිත පාලි හා සිංහලෙන් Jaya Piritha with Sinhala Translation

ජය පිරිත පාලි හා සිංහලෙන් Jaya Piritha with Sinhala Translation

 
Font Size
Auto-Scroll   Speed

සිරි ධිති මති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස. භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස.

සෞභාග්‍යෙන් ද, ධෛර්යයෙන් ද, නුවනින් හා තේජසින් ද, උප ලක්ෂිත මහා සෘද්ධිමත් වූ, මහා ගුණයෙන් හා අප්‍රමාණ වූ, පුඤ්ඤමහිමයෙන් යුක්ත වූ, අනතුරු වැළැක්මෙහි සමත් වූ,  භාග්‍යවත් අරහත් සම්බුදු රජාණන් වහන්සේගේ..

ද්වත්තිංස මහා පුරිසලක්ඛණානුභාවේන අසිත්‍යනුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන අට්ඨුත්තරසතමංගල ලක්ඛණානුභාවේන, ජබ්බණ්​ණ රංස්‍යනුභාවේන, කෙතුමාලානුභාවේන, දසපාරමිතානුභාවේන, දසඋප පාරමිතානුභාවේන, දසපරමත්ථපාරමිතානුභාවේන, සීලසමාධිපඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන, ධම්මානුභාවේන, සංඝානුභාවේන, තේජානුභාවේන, ඉධ්‍යානුභාවේන, බලානුභාවේන,  ඤ්‍යෙය්‍යධම්මානුභාවේ​න , චතුරාසිතිසහස්ස ධම්මක්ඛන්ධානුභාවේන, නවලොකුත්තරධම්මානුභාවේන අට්ඨංගිකමග්ගානුභාවේන, අට්ඨසමාපත්ත්‍යානුභාවේන, ජලභිඤ්ඤානුභාවේන, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛානුභාවේන, සබ්බපාරමිතානුභාවේන, රතනත්තය සරණානුභාවේන, තුය්හං සබ්බරෝග සෝක උපද්දව දුක්ඛදෝමනස්සුපායාසා විනස්සන්තු. සබ්බසංකප්පා තුය්හං සමිජ්ඣන්තු දීඝායුකෝ හෝතු සතවස්සජීවේන සමංගිකෝ හෝතු සබ්බදා.

දෙතිස් මහා පුරුෂලක්ඛණානුභාවයෙන් ද, අසූවක් අනුකුඩා ලකුණුවල ආනුභාවයෙන් ද, සවනක් රැස් ආනුභාවයෙන් ද, කේතුමාලානුභාවයෙන් ද, දසපාරමිතානුභාවයෙන් ද, දසඋපපාරමතානුභාවයෙන් ද, දසපරමත්ථපාරමිතානුභාවයෙන් ද, සීල සමාධි ප්‍රඤ්ඤා යන ත්‍රිවිධ ශික්ෂාවන්ගේ ආනුභාවයෙන් ද, බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ගේ ආනුභාවයෙන් ද, තේජසින් සෘද්ධියෙන් බලයෙන් දතයුතු දේ දැන වදාරණ ලද්දා වූ, ආනුභාවයෙන් ද, අසූහාරදහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන් ද, නව ලොවුතුරු දහමේ ආනුභාවයෙන් ද, ආර්‍යඅෂ්ධාන්ගික මාර්ගයේ ආනුභාවයෙන් ද, අෂ්ධසමාපත්‍යාණුභාවයෙන් ද, සය අභිඤ්ඤාවන්ගේ ආනුභාවයෙන් ද, මෙත්තා කරුණා මුදිතා උපෙක්ෂා යන සිවු බඹ විහරණයන්ගේ ආනුභාවයෙන් ද, සියළු පාරමිතාවන්ගේ ආනුභාවයෙන් ද, තෙරුවන්ගේ ආනුභාවයෙන් ද, මාගේ සියළු රෝග ශෝක දුරුවේවා. කරදර දුක් දොම්නස් සිත් වේදනා වැනසේවා. මාගේ සියළු කල්පනාවන් ඉටුවේවා. සියක් වසක් කල් ජීවත් වීමට ශක්තිය ලැබේවා.

ආකාස පබ්බත වනභූමිතටාකගංගා මහාසමුද්ද ආරක්ඛක දේවතා සදා තුම්හෙ අනුරක්ඛන්තු සබ්බබුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බසංඝානුභාවේන බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්සධම්මක්ඛන්ධානුභාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ තෙ රෝගා, සබ්බේ තේ භයා, සබ්බේ තෙ අන්තරායා, සබ්බේ තෙ උපද්දවා, සබ්බේ තෙ දුන්නිමිත්තා, සබ්බේ තෙ අවමංගලා විනස්සන්තු.

සියළු කල්හි, අහස, පර්වථ, වණ බිම්, තටාක, ගංගා හා මහසයුර, අරක්ගත් දෙවියෝ මගේ රැකවරණය සලසත්වා. සියළු බුදුවරුන්ගේ, සියළු ධර්මයේ, සියළු සංඝයාගේ ආනුභාවයෙන්, බුද්ධ ධම්ම හා සංඝ යන තෙරුවන්ගේ ආනුභාවයෙන්, අසූහාරදහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන්, ත්‍රිපිටකයේ ආනුභාවයෙන්, බුද්ධස්‍රාවකයානණ් වහන්සේලාගේ ආනුභාවයෙන්, මාගේ සියළු රෝග, සියළු භය, සියළු අනතුරු, සියළු කරදර, සියළු අශුභ නිවිති, සියළු සිත් නොපිනවන දේ වැනසේවා, දුරුවේවා. 

ආයුවඩ්ධකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ, බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ, හෝතු සබ්බදා.

සියළු කළ්හි, ආයුෂෙන්, ධනයෙන්, යසසෙන්, බලයෙන් ද, වර්ණයෙන් හා සැපයෙන් වර්ධනය වේවා. 

දුක්ඛරෝගභයාවේරා – සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපි – විනස්සන්තූ ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං – සොත්ථිභාග්‍යං සුඛං බලං
සිරි ආයුච වණ්ණො ච – භොගං චුද්ධි ච යසවා
සත්වස්සා ච ආයු ච – ජීවසිද්ධිභවන්තු තේ.

දුක් රෝග භය වෛර ශෝක ද, කරදර සමනය වේවා. නොයෙක් අනතුරු අන්තරාවන් ඒ තේජසෙන් විනාස වෙත්වා. ජයසිද්ධියද, ධන ලාභයද, සුව සම්පත, වාසනාවද, සැප බල හා ආයුෂ ද, වර්ණ සම්පත ද, භෝගයන් ගේ වර්ණයද, කීර්තිය ද, සිය වසකට අධික කාලයක් ආයු වැඩීමද, දේව සිද්ධියද, මා හට ලැබේවා. සියළු උවදුරු දුරු කෙරේවා. නසා රෝ දුක් බියකරු, නොවේවා අනතුරක් කිසිදා, දිනේවා ආයුෂ දිගු.

මූලාශ්‍රය: “මහමෙව්නාවේ පාළි – සිංහල පිරුවානා පොත් වහන්සේ”.

Related Resources

කරණීයමෙත්ත සුත්තං (කරණීයමෙත්ත සූත්‍රය) පාළි, සිංහල, හා ඉංග්‍රීසියෙන් KaraneeyaMetta Sutta in Pali, Sinhala, and English Translation

කරණීයමෙත්ත සුත්තං (කරණීයමෙත්ත සූත්‍රය) පාළි, සිංහල, හා ඉංග්‍රීසියෙන් KaraneeyaMetta Sutta in Pali, Sinhala, and English Translation

මෛත්‍රිය පැතිරවීම පිළිබඳ බුදු රජාණන් වහන්සේ වදාළ දෙසුම – KaraneeyaMetta Sutta — The Buddha’s Words on Loving-Kindness – The Hymn of Universal Love – Loving-Kindness -The Discourse on Loving-kindness – Good Will

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ…

අංගුලිමාල පිරිත පාලි ​හා සිංහලෙ​න්  Angulimala Piritha In Pali With Sinhala Translation

අංගුලිමාල පිරිත පාලි ​හා සිංහලෙ​න් Angulimala Piritha In Pali With Sinhala Translation

පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනංමේ අංගුලිමාල පිරිත දේශනා කිරීමට දේශකයා ඉඳගත් ආසනය සේදුඋදකම්පි විනාසෙසි සබ්බ මෙව පරිස්සයංජලය පවා සියලු උවදුරු විනාශ කරයි. සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාදෙති තං ඛණෙමේ පිරිත ප්‍රසූත නො කළ හැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරනු...

නිවාප සුත්‍රය (නිවාපසුත්තං) සහ සිංහල අර්ථය – Nivapa Sutta with Sinhala Translation

නිවාප සුත්‍රය (නිවාපසුත්තං) සහ සිංහල අර්ථය – Nivapa Sutta with Sinhala Translation

එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘න , භික්ඛවෙ, නෙවාපිකො නිවාපං නිවපති මිගජාතානං - ‘ඉමං මෙ නිවාපං නිවුත්තං මිගජාතා...

වසල සුත්තං(වසල සූත්‍ර​ය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන – Vasala Sutta with Sinhala & English Translations

වසල සුත්තං(වසල සූත්‍ර​ය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන – Vasala Sutta with Sinhala & English Translations

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. තේන ඛෝ සමයේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස නිවේසනේ අග්ගි පජ්ජලිතෝ හෝති ආහුති පග්ගහිතා. අථ ඛෝ භගවා සාවත්ථියං සපදානං...

චක්කවත්ති සීහනාද සුත්තං(සූත්‍රය) සිංහල අර්ථය සම​ග – Chakkavatti Seehanada Sutra with Sinhala Translation

චක්කවත්ති සීහනාද සුත්තං(සූත්‍රය) සිංහල අර්ථය සම​ග – Chakkavatti Seehanada Sutra with Sinhala Translation

සක්විති රජු ගැන සිහනදක් ලෙසින් වදාළ දෙසු​ම.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙහි මාතුලා නුවර වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

ඉසිගි​ලි සුත්තං (ඉසිගි​ලි සූත්‍රය) සිංහල අර්ථය සමග. Isigili Sutta in Pali with Sinhala Translation

ඉසිගි​ලි සුත්තං (ඉසිගි​ලි සූත්‍රය) සිංහල අර්ථය සමග. Isigili Sutta in Pali with Sinhala Translation

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ දැක්වෙන පිරිත් නිමවා පසේ බුදුවරයින් ගේ ගුණ දැක්වෙන එකම සූත්‍රය වන ඉසිගිලි සූත්‍රය දක්වන ලදී.

ගිරිමානන්ද සුත්තං (ගිරිමානන්ද සූත්‍රය) පාළි හා සිංහලෙන් – Girimananda Sutta in Pali and Sinhala

ගිරිමානන්ද සුත්තං (ගිරිමානන්ද සූත්‍රය) පාළි හා සිංහලෙන් – Girimananda Sutta in Pali and Sinhala

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ගිරිමානන්ද ස්ථවිර තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් බව ඇත්තේ වෙයි.