මෙත්තානිසංස සුත්තං (මෙත්තානිසංස සූත්‍රය) පාලි, සිංහල, හා ඉංග්‍රිසියෙන් Mettanisansa Sutta in Pali with Sinhala and English Translation

Anguttara Nikaya - අංගුත්තර නිකාය, Buddhist Tripitaka - ත්‍රිපිටක​ය, Ekadasako Nipato, Sutta Pitaka - සූත්‍ර පිටක​ය | 0 comments

 
Font Size
Auto-Scroll   Speed

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති, හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවත්හු, මහණෙනි කියා භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

On one occasion the Blessed One was living near Savatthi at Jetavana at Anathapindika’s monastery. Then he addressed the monks saying, “Monks.” — “Venerable Sir,” said the monks, by way of reply. The Blessed One then spoke as follows:

මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානීකතාය වත්ථූ කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පාටිකංඛා, කතමේ ඒකාදස?

මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද, භාවිතා කරන ලද, බහුල වශයෙන් වඩනා ලද, යානාවක් මෙන් කරන ලද, වස්තුවක් මෙන් කරන ලද, එළඹ සිටියා වූ, පුරුදු කරන ලද, මොනවට පටන් ගන්නා ලද, මෛත්‍රී  චේතෝ විමුක්තිය ගේ, මේ එකොළොස් අනුසස් කැමැති විය යුත්තාහ. කවර එකොළොසෙක්ද යත්?

“Monks, eleven advantages are to be expected from the release (deliverance) of heart by familiarizing oneself with thoughts of loving-kindness (metta), by the cultivation of loving-kindness, by constantly increasing these thoughts, by regarding loving-kindness as a vehicle (of expression), and also as something to be treasured, by living in conformity with these thoughts, by putting these ideas into practice, and by establishing them. What are the eleven?

1. සුඛං සුපති, 
2. සුඛං පටිබුජ්ඣති,
3. න පාපකං සුපිනං පස්සති,
4. මනුස්සානං පියෝ හෝති,
5. අමනුස්සානං පියෝ හෝති,
6. දේවාතා රක්ඛන්ති,
7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති,
8. තුවටං චිත්තං සමාධියති,
9. මුඛවණ්ණෝ විප්පසීදති,
10. අසම්මූළ්හෝ කාලං කරෝති,
11. උත්තරීං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති.

1. සැපසේ නිද යි,
2. සැපසේ පුබුදියි,
3. නපුරු සිහින නොදකියි,
4. මිනිසුන්ට ප්‍රිය වෙයි,
5. නොමිනිස්සුන්ට ද ප්‍රිය වෙයි,
6. දෙවියෝ රකියි,
7. මෛත්‍රි විහරණ ඇති පුද්ගලයා ගේ සිරුරෙහි, ගිනි හෝ, විස හෝ, සැත් හෝ, නොවදියි,
8. වහා සිත සමාහිත වෙයි,
9. මුහුණ පැහැපත් වෙයි,
10. නොමුළාව කලුරිය කෙරෙයි,
11. මතුයෙහි රහත් වීමට නොහැකි වීනම්, බඹ ලොව උපදීයි.

1. “He sleeps in comfort.
2. He awakes in comfort.
3. He sees no evil dreams.
4. He is dear to human beings.
5. He is dear to non-human beings.
6. Devas (gods) protect him.
7. Fire, poison, and sword cannot touch him.
8. His mind can concentrate quickly.
9. His countenance is serene.
10. He dies without being confused in mind.
11. If he fails to attain arahantship (the highest sanctity) here and now, he will be reborn in the brahma-world.

මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකතාය, යානීකතාය වත්ථූකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකංඛාති.

මහණෙනි, සෙවුනා ලද, භාවිතා කරන ලද, බොහෝ කරන ලද, යානාවක් මෙන් කරන ලද, වස්තුවක් මෙන් කරන ලද, එළඹසිටියා වූ, පුරුදු කරන ලද්දා වූ, මොනවට පටන් ගන්නා ලද්දා වූ, මෛත්‍රී චේතොවිමුක්තිය පිළිබඳ මේ එකොළොස් අනුසස්හු කැමති විය යුත්තාහ. 

“These eleven advantages, monks, are to be expected from the release of heart by familiarizing oneself with thoughts of loving-kindness, by cultivation of loving-kindness, by constantly increasing these thoughts, by regarding loving-kindness as a vehicle (of expression), and also as something to be treasured, by living in conformity with these thoughts, by putting these ideas into practice and by establishing them.”

ඉදමවෝච භගවා. අත්තමතා තේ භික්ඛු භගවතො භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවත්හු ගේ භාෂිතයට (දේශනාවට) සතුටු වූහ.

So said the Blessed One. Those monks rejoiced at the words of the Blessed One.

මූලාශ්‍රය / Source: පිරුවානා පොත් වහන්සේ
English Translation: Venerable Piyadassi Thero

Related Resources

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන   Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය වනාහි, පෙරකල ලක්දිව වැඩසිටි රහතුන් වහන්සේලා විසින්, තුන් ලොවක් අභිබැවූ (ලෝකෝත්තර) ධර්මතා තුනක් වන “තෙරුවනහි ගුණ” අන්තර්ගත කොට නිර්මාණශීලී ලෙස සකසන ලද ගථා රත්නයකි.

දසධම්ම සුත්තං (දසධම්ම සූත්‍රය) පාලි හා සිංහලෙන් Dasa Dhamma Sutta In Pali with Translation

දසධම්ම සුත්තං (දසධම්ම සූත්‍රය) පාලි හා සිංහලෙන් Dasa Dhamma Sutta In Pali with Translation

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං: භගවා ඒතදවෝච.මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා...

Related Resources

ආලවක සුත්තං (ආලවක සුත්‍රය) සහ සිංහල ඉංග්‍රිසි පරිවරිථන Alavaka Sutta with English Sinhala Translation

ආලවක සුත්තං (ආලවක සුත්‍රය) සහ සිංහල ඉංග්‍රිසි පරිවරිථන Alavaka Sutta with English Sinhala Translation

On one occasion the Blessed One was living in the abode of Alavaka, the Yakkha (demon), at Alavi. Then Alavaka approached the Blessed One and said: “Get out, recluse (samana).” — “Very well, friend,” so saying the Blessed One went out.

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන   Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය වනාහි, පෙරකල ලක්දිව වැඩසිටි රහතුන් වහන්සේලා විසින්, තුන් ලොවක් අභිබැවූ (ලෝකෝත්තර) ධර්මතා තුනක් වන “තෙරුවනහි ගුණ” අන්තර්ගත කොට නිර්මාණශීලී ලෙස සකසන ලද ගථා රත්නයකි.

දසධම්ම සුත්තං (දසධම්ම සූත්‍රය) පාලි හා සිංහලෙන් Dasa Dhamma Sutta In Pali with Translation

දසධම්ම සුත්තං (දසධම්ම සූත්‍රය) පාලි හා සිංහලෙන් Dasa Dhamma Sutta In Pali with Translation

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං: භගවා ඒතදවෝච.මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා...

ධම්මචක්කප්පවත්තන සුත්තං (දම්සක් පැවතුම් සූත්‍රය) පාලි හා සිංහලෙන් Dhammacakkappavattana Sutta Pali Sinhala Translation

ධම්මචක්කප්පවත්තන සුත්තං (දම්සක් පැවතුම් සූත්‍රය) පාලි හා සිංහලෙන් Dhammacakkappavattana Sutta Pali Sinhala Translation

The sermon, Buddha gave to the five monks, was his first sermon, called the Dhammacakkappavattana Sutta. It was given on the full-moon day of Asalha Puja.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *