රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

Font Size
Auto-Scroll   Speed

සං සාර සාරෝඝ විනීත ණී        සං
සං ණීත සාතං සුචිසාර ධී           සං
සං ධීරකං සොණ්ණ තනූ පලා   සං
සං ලාප දේසිං පණමේභි සා      සං

සසර සඬ පහර නවතා නිවන්          වැද
පැතිර නැණති දිරිමත් රන් පතක්   ලෙද
නිතර දිලෙන තුම් සදහම් දෙසන     ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිම        සඳ

සං සාභිගං කේවල මෝහ නා     සං
සං නාහකං මාර රණේ විසේ      සං
සං සේවිතං දාසි මුදාර හා            සං
සං හාර ධම්මං පණමේ සදා        සං

සැක තැන් දුරු කරන එලෙසින් මෝ      නසන
යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි               රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති      නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි               පහන

සං දාසගං නාසිත පාප නා       සං
සං නාපධං සිං හත ඝෝර පා   සං
සං පාර ගාමිං සුචිසාර වා        සං
සං වාර සංඝං පණමේ රසා     සං

සඟ සැප දෙන නැසිය යුතු පව් හැම         නසන
බව බැමි සුණු විසුණු කර නිති ගුණ          පුරණ
ලත් සැප දමා පර තෙර වෙත නෙත      යොමන
වඳිනෙමි නිති පතා පින්සරු මහ               සඟන

Related Resources

කරණීයමෙත්ත සුත්තං (කරණීයමෙත්ත සූත්‍රය) පාළි, සිංහල, හා ඉංග්‍රීසියෙන් KaraneeyaMetta Sutta in Pali, Sinhala, and English Translation

කරණීයමෙත්ත සුත්තං (කරණීයමෙත්ත සූත්‍රය) පාළි, සිංහල, හා ඉංග්‍රීසියෙන් KaraneeyaMetta Sutta in Pali, Sinhala, and English Translation

මෛත්‍රිය පැතිරවීම පිළිබඳ බුදු රජාණන් වහන්සේ වදාළ දෙසුම – KaraneeyaMetta Sutta — The Buddha’s Words on Loving-Kindness – The Hymn of Universal Love – Loving-Kindness -The Discourse on Loving-kindness – Good Will

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation

අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ…

අංගුලිමාල පිරිත පාලි ​හා සිංහලෙ​න්  Angulimala Piritha In Pali With Sinhala Translation

අංගුලිමාල පිරිත පාලි ​හා සිංහලෙ​න් Angulimala Piritha In Pali With Sinhala Translation

පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනංමේ අංගුලිමාල පිරිත දේශනා කිරීමට දේශකයා ඉඳගත් ආසනය සේදුඋදකම්පි විනාසෙසි සබ්බ මෙව පරිස්සයංජලය පවා සියලු උවදුරු විනාශ කරයි. සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාදෙති තං ඛණෙමේ පිරිත ප්‍රසූත නො කළ හැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරනු...

නිවාප සුත්‍රය (නිවාපසුත්තං) සහ සිංහල අර්ථය – Nivapa Sutta with Sinhala Translation

නිවාප සුත්‍රය (නිවාපසුත්තං) සහ සිංහල අර්ථය – Nivapa Sutta with Sinhala Translation

එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘න , භික්ඛවෙ, නෙවාපිකො නිවාපං නිවපති මිගජාතානං - ‘ඉමං මෙ නිවාපං නිවුත්තං මිගජාතා...

වසල සුත්තං(වසල සූත්‍ර​ය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන – Vasala Sutta with Sinhala & English Translations

වසල සුත්තං(වසල සූත්‍ර​ය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන – Vasala Sutta with Sinhala & English Translations

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. තේන ඛෝ සමයේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස නිවේසනේ අග්ගි පජ්ජලිතෝ හෝති ආහුති පග්ගහිතා. අථ ඛෝ භගවා සාවත්ථියං සපදානං...

චක්කවත්ති සීහනාද සුත්තං(සූත්‍රය) සිංහල අර්ථය සම​ග – Chakkavatti Seehanada Sutra with Sinhala Translation

චක්කවත්ති සීහනාද සුත්තං(සූත්‍රය) සිංහල අර්ථය සම​ග – Chakkavatti Seehanada Sutra with Sinhala Translation

සක්විති රජු ගැන සිහනදක් ලෙසින් වදාළ දෙසු​ම.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙහි මාතුලා නුවර වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

ඉසිගි​ලි සුත්තං (ඉසිගි​ලි සූත්‍රය) සිංහල අර්ථය සමග. Isigili Sutta in Pali with Sinhala Translation

ඉසිගි​ලි සුත්තං (ඉසිගි​ලි සූත්‍රය) සිංහල අර්ථය සමග. Isigili Sutta in Pali with Sinhala Translation

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ දැක්වෙන පිරිත් නිමවා පසේ බුදුවරයින් ගේ ගුණ දැක්වෙන එකම සූත්‍රය වන ඉසිගිලි සූත්‍රය දක්වන ලදී.

ගිරිමානන්ද සුත්තං (ගිරිමානන්ද සූත්‍රය) පාළි හා සිංහලෙන් – Girimananda Sutta in Pali and Sinhala

ගිරිමානන්ද සුත්තං (ගිරිමානන්ද සූත්‍රය) පාළි හා සිංහලෙන් – Girimananda Sutta in Pali and Sinhala

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ගිරිමානන්ද ස්ථවිර තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් බව ඇත්තේ වෙයි.

බුද්ධ පූජාව හා බෝධි පූජාව පාලි හා සිංහලෙන් – Buddha Puja and Bodhi Puja In Pali With Sinhala Meaning

බුද්ධ පූජාව හා බෝධි පූජාව පාලි හා සිංහලෙන් – Buddha Puja and Bodhi Puja In Pali With Sinhala Meaning

Font Size
Auto-Scroll   Speed

1. නමස්කාරය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. 
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

2. තිසරණ සරණයාම

බුද්ධං සරණං ගච්චාමි
ධම්මං සරණං ගච්චාමි
සංඝං සරණං ගච්චාමි

දුතියම්පි බුද්ධං සරණං ගච්චාමි
දුතියම්පි ධම්මං සරණං ගච්චාමි
දුතියම්පි සංඝං සරණං ගච්චාමි

තතියම්පි බුද්ධං සරණං ගච්චාමි
තතියම්පි ධම්මං සරණං ගච්චාමි
තතියම්පි සංඝං සරණං ගච්චාමි

මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.
මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.
මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි.

දෙවනුව ද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.
දෙවනුව ද මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.
දෙවනුව ද මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි.

තෙවනුව ද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.
තෙවනුව ද මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.
තෙවනුව ද මම ආර්ය මහා සංඝරත්නය සරණ යමි.

3. පංචශීලය සමාදන්වීම

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමී
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමී
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමී
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුමාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමී

තිසරණේන සද්ධිං පංචසීලං සමාදියාමි

මම සතුන් මැරීමෙන් වෙන්වීමේ සිල්පදය සමාදන් වෙමි.
මම සොරකම් කිරීමෙන් වෙන්වීමේ සිල්පදය සමාදන් වෙමි.
මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමේ සිල්පදය සමාදන් වෙමි.
මම බොරු කීමෙන්, කේලාම් කීමෙන් වෙන්වීමේ සිල්පදය සමාදන් වෙමි.
මම මදයට, ප්‍රමාදයට කරුණුවන මත්කුඩු, රහ මෙර, සුරාපානය කිරීමෙන් වෙන්වීමේ සිල්පදය සමාදන් වෙමි.

4. බුදු ගුණ සිහි කිරීම

ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
විඡ්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ
පුරිසදම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාතී

ස්වාමීණී! වාසනා සහිත සකල ක්ලේෂයන් දුරු කළ හෙයින්ද, සියලු කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද, සංසාර චක්‍රයේ අරටු සිඳලූ හෙයින්ද, ලෝවැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන හෙයින් ද, රහසින්වත් පව් නොකළ හෙයින් ද අරහත් නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්‍ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් විජ්ඡාචරණ සම්පන්න නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ ශෝභන වූ ගමන් ඇති හෙයින් ද, සුන්දර වූ තැනට පැමිණි හෙයින් ද සුභාශිත වචන වදාළ හෙයින් සුගත නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝකයන් තත්වූ පරිද්දෙන් දන්නා හෙයින් ලෝකවිදු නම් වන සේක.
ඒ භාග්‍යවතුන්වහන්සේ සියල්ලන් දමනය කළ හෙයින් අනුත්තර පුරිස දම්ම සාරථී නම් වන සේක.
දමනය කර නිවන කරා පමුණුවන හෙයින් ඒ භග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් ප්‍රධාන සත්වයන්ට අනුශාසනා කරන හෙයින් සත්ථා නම් වන සේක.
ඒ භාග්‍යවතුන්වහන්සේ සංසාර ස්වභාවය සම්පූර්ණයෙන්ම දැන වදාළ හෙයින් බුද්ධ නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ භග ධර්මයන් ඇති හෙයින් ද, සියලු කෙළෙස් මුලිනිපුටා දැමූ හෙයින් ද, සසර ගමන සිඳලූ හෙයින් ද, නාම රූප ධර්මයන් විභාග කොට දෙසූ හෙයින් ද, භගවා නම් වන සේක.

5. දහම් වැඳීම

ස්වාක්ඛාතෝ, භගවතා ධම්මෝ සන්දිට්ඨිකො, අකාලිකෝ,
ඒහිපස්සිකෝ, ඕපනයිකො, පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහීති

භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය මනා කොට දේශනා කරන ලදී. එහෙයින් ස්වාක්ඛාත නම් වන සේක.
ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය තමා විසින් ම අවබෝධ කර ගත යුතු හෙයින් සන්දිට්ඨික නම් වන සේක.
ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය මාර්ග සිතට අනතුරුව ම කල් නොයොවා ඵල සිත පහළ වන හෙයින් අකාලික නම් වන සේක. 
ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සිතෙහි පිහිටුවා ගත යුතු හෙයින් ඕපනයික නම් වන සේක.
ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය නුවණැත්තන් විසින් තම තමන්ම දත යුතු හෙයින් පච්චත්තවේදිතබ්බ නම් වන සේක.

6. සඟුන් වැඳීම

සුපටිපන්නෝ භගවතො සාවක සංඝෝ
උජුපටිපන්නෝ භගවතො සාවක සංඝෝ
ඤායපටිපන්නෝ භගවතො සාවක සංඝෝ
සාමීචිපටිපන්නෝ භගවතො සාවක සංඝෝ
යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා
ඒස භගවතෝ සාවක සංඝෝ
ආහුනෙයියෝ පාහුනෙයියෝ දක්ඛිනෙයියෝ
අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං
ලෝකස්සාති

භාග්‍යවතුන් වහන්සේ ආර්ය මහා සංඝරත්නය සසුන් මගට මනාව පිළිපන් හෙයින් සුපටිපන්න නම් වන සේක. මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් හෙයින් උජුපටිපන්න නම් වන සේක. නිවන් පිළිස මනාව පිලිපන් හෙයින් ඤායපටිපන්න නම් වන සේක. සසර දුක නැති කරන ප්‍රතිපදාවන්ට මනාව පිලිපන් හෙයින් සාමීචිපටිපන්න නම් වන සේක. දුර බැහැර සිට පූජා ද්‍රව්‍යයන් ගෙනවුත් පිදීමට සුදුසු වන හෙයින් ආහුණ්‍යෙය නම් වන සේක. දුර බැහැරින් එන ඤාතීන්ට පිළියෙල කළ භෝජන පූජා කිරීමට සුදුසු වන හෙයින් පාහුණ්‍යෙය නම් වන සේක. දෙඅත් මුදුනෙහි තබා වැඳීමට සුදුසු වන හෙයින් අඤ්ජලිකරණීය නම් වන සේක. ලෝකයාට උසස් වු පින් කෙතක් වන හෙයින් අනුත්තර පිඤ්ඤඛෙත්ත නම් වන සේක.

7. චෛත්‍ය වන්දනාව

වන්දාමි චේතියං සබ්බං – සබ්බ ධානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං –  බුද්ධ රූපං සකලං සදා

සියලු ස්ථානයන්හි පිහිටි චෛත්‍යයන්ද, ශාරීරික ධාතුන් වහන්සේලා ද, සියලු බුද්ධ ප්‍රතිමාවන් ද, මම සැමදා වඳිමි.

8. බෝධි වන්දනාව

යස්සමූලේ නිසින්නෝච – සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා – වන්දේතංබෝධිපාදපං

යම්කිසි වෘක්ෂ මූලයක වැඩහිඳ දසමරුන් පරදා අප ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ, උතුම් සර්වඥතා ඤාණය උපදවා ගත්තේද, ඒ උතුම් බෝධි වෘක්ෂ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! වන්දනාමාන වේවා!

ඉමේ ඒතේ මහාබෝධී – ලෝකනාථේන පූජිතා
අහංපි තේ නමස්සාමි – බෝධිරාජා නමත්ථු තෙ

ලෝකනාථ වූ මාගේ බුදුරජාණන් වහන්සේ සත් දිනක් අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් කළා වූ ඒ උතුම් බෝධිරාජයාණන් වහන්සේට මම ද ගෞරවයෙන් යුතුව මෙසේ නමස්කාර කරමි.

ඉන්ද්‍රනීල වණ්ණ පත්ත සේත ඛන්ද භාසුරං
සත්ථු නෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං
අග්ග බෝධි නාම වාම දේවරුක්ඛ සණ්ණිභං
තං විසාල බෝදි පාදපං නමාමි සබ්බදා

ඉඳුනිල් මාණික්‍ය වැනි පත්‍ර වලින් හා සුදුපාට කඳින් බබලන්නා වූත්, මාගේ බුදුරජාණන් වහන්සේගේ නෙත් පියුම් වලින් පූජා ලැබුවා වූත්, අග්‍ර මිහිර ගෙන දෙන අග්‍ර බෝධි නම් සුන්දර වූ දෙව් රුකක් සේ වර්ණිත විශාල, එම බෝධි වෘක්ෂ රාජයාණන් වහන්සේ මම හැම කල්හිම වඳිමි.

9. බුද්ධ පූජා ආරාධනාව

නිවේදයාමි සම්බුද්ධං – වීතරාගං මහාමුනිං
නිමන්තයාමි සුගතං – ලෝකජෙට්ඨං නරාසභං

වීතරාග මහා මුණි වූ, ලෝකාග්‍ර වූ, නර ශ්‍රේෂ්ඨ වූ, සුගත වූ, සම්බුදුරජාණන් වහන්සේට ආරාධනා කරමි.

10. පහන් පූජාව

ඝනසාරප්ප දිත්තේන – දීපේන තමධංසිනා
තිලෝකදීපං සම්බුද්ධං – පූජයාමි තමෝනුදං

ශ්‍රද්ධාවෙන් දල්වන ලද අඳුර දුරලන්නාවූ මේ පහන් ආලෝකයෙන් තුන් ලොවට මහා පහන් කණුවක් වැනි වූ මෝහන්ධකාරය දුරු කරන ලද බුදුරජාණන් වහන්සේ පුදමි.

11. සුවඳ දුම් පූජාව

ගන්ධ සම්භාර යුත්තේන – ධුපේනාහං සුගන්ධිනා
සුගන්ධිනාහං ගන්ධේන – පූජයාමි තථාගතං

පූජාවන්ට සුදුසු වූ, පූජා ලැබුවා වූ, උතුම් බුදුරජාණන් වහන්සේට මේ සුවඳ දුමින් පුදමි.

සුගන්ධිකාය වදනං – අනන්ත ගුණගන්ධිනා
සුගන්ධිනාහං ගන්ධේන – පූජයාමි තථාගතං

අපමණ ගුණ සුවඳවත් වදන් ඇති, තථාගතයන් වහන්සේට සුවඳින් පුදමි.

12. මල් පූජාව

වණ්ණ ගන්ධ ගුණෝපේතං – ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස – සිරීපාද සරෝරුහේ

පැහැයෙන් හා සුවඳින් යුත් මේ මල් රැස මුනිඳුන් සිරිපා පියුමට පුදනෙමි.

පූජේමි බුද්ධං කුසුමේනනේන
පුඤ්ඤේනමේතේන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථායාති විනාස භාවං

මේ කුසුමින් බුදුන් පුදමි. මේ පිනෙන් මොක් සුවට ලබමි! මේ මල් මැලවී යන්නා සේ මාගේ සිරුරද විනාශයට පත් වේයි.

13. පැන් පූජාව

අධිවාසේතු නෝ භන්තේ – පානීයං පරිකප්පිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං

භාග්‍යවතුන් වහන්ස, පිළිගැනුමට යෝග්‍ය වූ මේ පැන් අනුකම්පා පෙරදැරිව ඉවසා වදාරන සේක්වා!

14. ආහාර පූජාව

අධිවාසේතු නෝ භන්තේ – භෝජනං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං

භාග්‍යවතුන් වහන්ස, පිළිගැනුමට යෝග්‍ය වූ මේ බොජුන් අනුකම්පා පෙරදැරිව ඉවසා වදාරන සේක්වා!

15. ගිලන්පස පූජාව

අධිවාසේතු නෝ භන්තේ – ගිලාන පච්චයං ඉමං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං

භාග්‍යවතුන් වහන්ස, පිළිගැනුමට යෝග්‍ය වූ මේ ගිලන් පස අනුකම්පා පෙරදැරිව ඉවසා වදාරන සේක්වා!

15. දැහැත් පූජාව

නාග වල්ලී දලූ පේතං – චුණ්ණ පූග සමායුතං
තාම්බූලං පතිගණ්හාතු – සතං පූජේමිදං පිනෝ

බුලතින් හා හුණු පුවක් කප්‍රින් යුත්, මේ දැහැත්, තථාගතයන් වහන්සේ ඉවසා වදාරණ සේක්වා !

16. සියල්ල එකවිට පූජා කිරීම

අධිවාසේ තුනෝ භන්තේ – සබ්බං සද්ධාය පූජිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං

භාග්‍යවතුන් වහන්ස, පිළිගැනුමට යෝග්‍ය වූ සැදැහෙන් පුදන ලද මේ සියල්ල අනුකම්පා පෙරදැරිව ඉවසා වදාරන සේක්වා !

සාධූ! සාධූ! සාධූ!