(මෙය තමන් රෝගී වූ විට හෝ රෝගී වූ වෙනත් අයෙකුට ආශීර්වාද පිණිස කීමෙන් සෙත් සලසා ගත හැක)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
සෝ භගවා ඉතිපි අරහං
අරහං වත සෝ භගවා
තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි
තං භගවන්තං අරහන්තං සිරසා නමාමි.
තේන අරහං බුද්ධ ගුණ තේජසා සොත්ථි මේ හෝතු සබ්බදා.
ඒ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ
- සියළු කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් අරහං නම් වන සේක.
- සියළු කෙලෙස් සතුරන් නැති කළ හෙයින් අරහං නම් වන සේක.
- සියළු දෙනාගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසු වන හෙයින් අරහං නම් වන සේක.
- රහසින්වත් පව් නොකළ හෙයින් අරහං නම් වන සේක.
ඒ මාගෙ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං නම් වන සේක. ඒ අරහං බුදුගුණයේ මහානුභාව බලයෙන් මා දිනෙන් දින නීරෝගී බවට පත් වේවා! නීරෝගී බවට පත් වේවා! නීරෝගී බවට පත් වේවා! ප්‍රතිහාර්යයක බලයක් සෙයින් මා නිදුක් වේවා! නීරෝගි වේවා! සුවපත් වේවා! කායික වේදනා දුරුවේවා! මානසික පීඩා දුරුවේවා! සැනසිල්ලම උදා වේවා! කාමච්ඡ්න්ද ආදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වේවා! මාගේ සිත සමාධි වේවා! මාගේ සිහි නුවණ දියුණු තියුණු වේවා! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත අරහං බුදුගුණයේ මහානුභාව බලය, ශක්තිය, පිහිට, ආරක්ෂාව, මට නිරතුරුව ලැබේවා! ලැබේවා! ලැබේවා!
සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ
සම්මා සම්බුද්ධෝ වත සෝ භගවා
තං භගවන්තං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි.
තං භගවන්තං සම්මා සම්බුද්ධං සිරසා නමාමි.
තේන සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජසා සොත්ථි මේ හොතු සබ්බදා.
ඒ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ
- විශිෂ්ඨ ඥාණයෙන් දත යුතු තාක් සියළු ධර්මයන් තමන් වහන්සේ විසින්ම, පරෝපදේශ රහිතව අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
- පිරිසිඳ දත යුතු ධර්මයන් (දුක්ඛ සත්‍යය) මනාව පිරිසිඳ දත හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
- දුරු කල යුතු ධර්මයන් (සමුදය සත්‍යය) මනාව දුරු කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
- සාක්ෂාත් කළ යුතු ධර්මයන් (නිරෝධ සත්‍යය) මනාව සාක්ෂාත් කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
- වැඩිය යුතු ධර්මයන් (මාර්ග සත්‍යය) මනාව වඩනා ලද හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
ඒ මාගෙ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ නම් වන සේක. ඒ සම්මා සම්බුද්ධ නමැති බුද්ධ ගුණයෙන් යුතු මාගේ බුදු පියාණන් වහන්සේ මම සිරසා වඳිමි.
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත සම්මා සම්බුද්ධ බුදු ගුණයේ මහානුභාව බලයෙන් මා දිනෙන් දින නීරෝගි බවට පත් වේවා! නීරොගී බවට පත් වේවා! නීරෝගී බවට පත් වේවා! ප්‍රාතිහාර්යයක බලයක් සෙයින් මා නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! කායික වේදනා දුරු වේවා! මානසික පීඩා දුරු වේවා! සැනසිල්ලම උදා වේවා! කාමච්ඡ්න්ද ආදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වේවා! මාගේ සිත සමාධි වේවා! මාගේ සිහි නුවණ දියුණු තියුණු වේවා! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත සම්මා සම්බුද්ධ බුදුගුණයේ මහානුභාව බලය, ශක්තිය, පිහිට, ආරක්ෂාව, මට නිරතුරුව ලැබේවා! ලැබේවා! ලැබේවා!
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
විජ්ජාචරණ සම්පන්නෝ වත සො භගවා
තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං සරණං ගච්ඡාමි
තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං සිරසා නමාමි
තේන විජ්ජාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජසා සොත්ථි මේ හෝතු සබ්බදා
ඒ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ
- ත්‍රි විද්‍යාවෙන් සමන්විත හෙයින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
- අෂ්ඨ විද්‍යාවෙන් සමන්විත හෙයින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
- පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්විත හෙයින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
ඒ මාගෙ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ඒ විජ්ජාචරණ සම්පන්න නැමැති බුද්ධ ගුණයෙන් යුතු මාගේ බුදු පියාණන් වහන්සේ මම සිරසා වඳිමි.
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත විජ්ජාචරණ සම්පන්න බුදු ගුණයේ මහානුභාව බලයෙන් මා දිනෙන් දින නීරෝගි බවට පත් වේවා! නීරොගී බවට පත් වේවා! නීරෝගී බවට පත් වේවා! ප්‍රාතිහාර්යයක බලයක් සෙයින් මා නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! කායික වේදනා දුරු වේවා! මානසික පීඩා දුරු වේවා! සැනසිල්ලම උදා වේවා! කාමච්ඡ්න්ද ආදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වේවා! මාගේ සිත සමාධි වේවා! මාගේ සිහි නුවණ දියුණු තියුණු වේවා! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත විජ්ජාචරණ සම්පන්න බුදුගුණයේ මහානුභාව බලය, ශක්තිය, පිහිට, ආරක්ෂාව, මට නිරතුරුව ලැබේවා! ලැබේවා! ලැබේවා!
සෝ භගවා ඉතිපි සුගතෝ
සුගතෝ වත සෝ භගවා
තං භගවන්තං සුගතං සරණං ගච්ඡාමි
තං භගවන්තං සුගතං සිරසා නමාමි
තේන සුගත බුද්ධ ගුණ තේජසා සොත්ථි මෙ හෝතු සබ්බදා
ඒ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ
- ශෝභන රූප කාය සම්පත්තියක් ඇති හෙයින් සුගත නම් වන සේක.
- සුන්දර වචන විලාශයක් ඇති හෙයින් සුගත නම් වන සේක.
- ශෝභන වූ ගමන් විලාශයක් ඇති හෙයින් සුගත නම් වන සේක.
- සුන්දර වූ නිවන් මගට පිවිසි හෙයින් සුගත නම් වන සේක.
ඒ මාගෙ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සුගත නම් වන සේක. ඒ සුගත නැමැති බුද්ධ ගුණයෙන් යුතු මාගේ බුදු පියාණන් වහන්සේ මම සිරසා වඳිමි.
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත සුගත බුදු ගුණයේ මහානුභාව බලයෙන් මා දිනෙන් දින නීරෝගි බවට පත් වේවා! නීරොගී බවට පත් වේවා! නීරෝගී බවට පත් වේවා! ප්‍රාතිහාර්යයක බලයක් සෙයින් මා නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! කායික වේදනා දුරු වේවා! මානසික පීඩා දුරු වේවා! සැනසිල්ලම උදා වේවා! කාමච්ඡ්න්ද ආදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වේවා! මාගේ සිත සමාධි වේවා! මාගේ සිහි නුවණ දියුණු තියුණු වේවා! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත සුගත බුදුගුණයේ මහානුභාව බලය, ශක්තිය, පිහිට, ආරක්ෂාව, මට නිරතුරුව ලැබේවා! ලැබේවා! ලැබේවා!
සෝ භගවා ඉතිපි ලෝකවිදූ
ලෝකවිදූ වත සෝ භගවා
තං භගවන්තං ලෝකවිදූං සරණං ගච්ඡාමි
තං භගවන්තං ලෝකවිදුං සිරසා නමාමි
තෙන ලෝකවිදූ බුද්ධ ගුණ තේජසා සොත්ථි මෙ හෝතු සබ්බදා
ඒ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ
- සත්ව ලෝකය : දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග සත්‍ය වශයෙන් දත් හෙයින් ලෝකවිදූ නම් වන සේක.
- අවකාශ ලෝකය: දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග සත්‍ය වශයෙන් දත් හෙයින් ලෝකවිදූ නම් වන සේක.
- සංස්කාර ලෝකය: දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග සත්‍ය වශයෙන් දත් හෙයින් ලෝකවිදූ නම් වන සේක.
- භාග්‍යවතුන් වහන්සේ සර්වාකාරයෙන් දක්නා ලද ලෝක ඇති හෙයින් ලෝකවිදූ නම් වන සේක
ඒ මාගෙ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ලෝකවිදූ නම් වන සේක. ඒ ලෝකවිදූ නැමැති බුද්ධ ගුණයෙන් යුතු මාගේ බුදු පියාණන් වහන්සේ මම සිරසා වඳිමි.
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත ලෝකවිදූ බුදු ගුණයේ මහානුභාව බලයෙන් මා දිනෙන් දින නීරෝගි බවට පත් වේවා! නීරොගී බවට පත් වේවා! නීරෝගී බවට පත් වේවා! ප්‍රාතිහාර්යයක බලයක් සෙයින් මා නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! කායික වේදනා දුරු වේවා! මානසික පීඩා දුරු වේවා! සැනසිල්ලම උදා වේවා! කාමච්ඡ්න්ද ආදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වේවා! මාගේ සිත සමාධි වේවා! මාගේ සිහි නුවණ දියුණු තියුණු වේවා! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත ලෝකවිදූ බුදුගුණයේ මහානුභාව බලය, ශක්තිය, පිහිට, ආරක්ෂාව, මට නිරතුරුව ලැබේවා! ලැබේවා! ලැබේවා!
සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස දම්ම සාරථි
අනුත්තරෝ පුරිස දම්ම සාරථි වත සෝ භගවා
තං භගවන්තං අනුත්තරං පුරිස දම්ම සාරථිං සරණං ගච්ඡාමි
තං භගවන්තං අනුත්තරං පුරිස දම්ම සාරථි සිරසා නමාමි
තේන අනුත්තර පුරිස දම්ම සාරථි බුද්ධ ගුණ තේජසා සොත්ථි මෙ හෝතු සබ්බදා
ඒ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ
- දමනය කටයුතු තිරිසන් සතුන් දමනය කළ බැවින් අනුත්තර පුරිස දම්ම සාරථි නම් වන සේක.
- දමනය කටයුතු මනුෂ්‍යයන් දමනය කළ බැවින් අනුත්තර පුරිස දම්ම සාරථි නම් වන සේක.
- දමනය කටයුතු අමනුෂ්‍යයන් දමනය කළ බැවින් අනුත්තර පුරිස දම්ම සාරථි නම් වන සේක.
ඒ මාගෙ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අනුත්තර පුරිස දම්ම සාරථි නම් වන සේක. ඒ අනුත්තර පුරිස දම්ම සාරථි නැමැති බුද්ධ ගුණයෙන් යුතු මාගේ බුදු පියාණන් වහන්සේ මම සිරසා වඳිමි.
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත අනුත්තර පුරිස දම්ම සාරථි බුදු ගුණයේ මහානුභාව බලයෙන් මා දිනෙන් දින නීරෝගි බවට පත් වේවා! නීරොගී බවට පත් වේවා! නීරෝගී බවට පත් වේවා! ප්‍රාතිහාර්යයක බලයක් සෙයින් මා නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! කායික වේදනා දුරු වේවා! මානසික පීඩා දුරු වේවා! සැනසිල්ලම උදා වේවා! කාමච්ඡ්න්ද ආදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වේවා! මාගේ සිත සමාධි වේවා! මාගේ සිහි නුවණ දියුණු තියුණු වේවා! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත අනුත්තර පුරිස දම්ම සාරථි බුදුගුණයේ මහානුභාව බලය, ශක්තිය, පිහිට, ආරක්ෂාව, මට නිරතුරුව ලැබේවා! ලැබේවා! ලැබේවා!
සෝ භගවා ඉතිපි සත්ථා දේවමනුස්සානං
සත්ථා දේවමනුස්සානං වත සෝ භගවා
තං භගවන්තං සත්ථාරං දේව මනුස්සානං සරණං ගච්ඡාමි
තං භගවන්තං සත්ථාරං දේව මනුස්සානං සිරසා නමාමි
තේන සත්ථා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජසා සොත්ථි මෙ හෝතු සබ්බදා
ඒ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ
- මෙලෝ අර්ථයෙන් දෙව් මිනිසුන්ට අනුශාසනා කළ හෙයින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.
- පරලෝ අර්ථයෙන් දෙව් මිනිසුන්ට අනුශාසනා කළ හෙයින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.
- පරමාර්ථයෙන් දෙව් මිනිසුන්ට අනුශාසනා කළ හෙයින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.
ඒ මාගෙ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සත්ථා දේවමනුස්සානං නම් වන සේක. ඒ සත්ථා දේවමනුස්සානං නැමැති බුද්ධ ගුණයෙන් යුතු මාගේ බුදු පියාණන් වහන්සේ මම සිරසා වඳිමි.
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත සත්ථා දේවමනුස්සානං බුදු ගුණයේ මහානුභාව බලයෙන් මා දිනෙන් දින නීරෝගි බවට පත් වේවා! නීරොගී බවට පත් වේවා! නීරෝගී බවට පත් වේවා! ප්‍රාතිහාර්යයක බලයක් සෙයින් මා නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! කායික වේදනා දුරු වේවා! මානසික පීඩා දුරු වේවා! සැනසිල්ලම උදා වේවා! කාමච්ඡ්න්ද ආදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වේවා! මාගේ සිත සමාධි වේවා! මාගේ සිහි නුවණ දියුණු තියුණු වේවා! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත සත්ථා දේවමනුස්සානං බුදුගුණයේ මහානුභාව බලය, ශක්තිය, පිහිට, ආරක්ෂාව, මට නිරතුරුව ලැබේවා! ලැබේවා! ලැබේවා!
සෝ භගවා ඉතිපි බුද්ධෝ
බුද්ධෝ වත සෝ භගවා
තං භගාවන්තං බුද්ධං සරණං ගච්ඡාමි
තං භගවන්තං බුද්ධං සිරසා නමාමි
තේන බුද්ධං බුද්ධ ගුණ තේජසා සොත්ථි මේ හෝතු සබ්බදා
ඒ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ
- දුක්ඛ සත්‍යය අවබෝධ කළ හෙයින් බුද්ධ නම් වන සේක.
- සමුදය සත්‍යය සත්‍යය අවබෝධ කළ හෙයින් බුද්ධ නම් වන සේක.
- නිරෝධ සත්‍යය අවබෝධ කළ හෙයින් බුද්ධ නම් වන සේක.
- මාර්ග සත්‍යය අවබෝධ කළ හෙයින් බුද්ධ නම් වන සේක.
- චතුරර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන අන්‍යයන්ටද අවබෝධ කළ හෙයින් බුද්ධ නම් වන සේක.
ඒ මාගෙ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම බුද්ධ නම් වන සේක. ඒ බුද්ධ නැමැති බුද්ධ ගුණයෙන් යුතු මාගේ බුදු පියාණන් වහන්සේ මම සිරසා වඳිමි.
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ බුදු ගුණයේ මහානුභාව බලයෙන් මා දිනෙන් දින නීරෝගි බවට පත් වේවා! නීරොගී බවට පත් වේවා! නීරෝගී බවට පත් වේවා! ප්‍රාතිහාර්යයක බලයක් සෙයින් මා නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! කායික වේදනා දුරු වේවා! මානසික පීඩා දුරු වේවා! සැනසිල්ලම උදා වේවා! කාමච්ඡ්න්ද ආදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වේවා! මාගේ සිත සමාධි වේවා! මාගේ සිහි නුවණ දියුණු තියුණු වේවා! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ බුදුගුණයේ මහානුභාව බලය, ශක්තිය, පිහිට, ආරක්ෂාව, මට නිරතුරුව ලැබේවා! ලැබේවා! ලැබේවා!
සෝ භගවා ඉතිපි භගවා
භගවා වත සෝ භගවා
තං භගවන්තං භගවන්තං සරණං ගච්ඡාමි
තං භගවන්තං භගවන්තං සිරසා නමාමි
තේන භගවා බුද්ධ ගුණ තේජසා සොත්ථි මේ හෝතු සබ්බදා
ඒ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ
- යස මහත්වයෙන් සමන්විත හෙයින් භගවා නම් වන සේක.
- පුණ්‍ය මහත්වයෙන් සමන්විත හෙයින් භගවා නම් වන සේක.
- ඍධි මහත්වයෙන් සමන්විත හෙයින් භගවා නම් වන සේක.
- ථාම මහත්වයෙන් සමන්විත හෙයින් භගවා නම් වන සේක.
- ප්‍රඥා මහත්වයෙන් සමන්විත හෙයින් භගවා නම් වන සේක.
- රාගය නැසූ හෙයින් භගවා නම් වන සේක.
- ද්වේෂය නැසූ හෙයින් භගවා නම් වන සේක.
- මෝහය නැසූ හෙයින් භගවා නම් වන සේක.
- අතිශය විෂ්මිත වූ පුණ්‍ය මහිමයෙන් ප්‍රභාෂ්වර වූ හෙයින් භගවා නම් වන සේක.
ඒ මාගෙ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම භගවා නම් වන සේක. ඒ භගවා නැමැති බුද්ධ ගුණයෙන් යුතු මාගේ බුදු පියාණන් වහන්සේ මම සිරසා වඳිමි.
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත භගවා බුදු ගුණයේ මහානුභාව බලයෙන් ද, අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත නව අරහාදී බුදු ගුණයේ මහානුභාව බලයෙන් ද මා දිනෙන් දින නීරෝගි බවට පත් වේවා! නීරෝගී බවට පත් වේවා! නීරෝගී බවට පත් වේවා! ප්‍රාතිහාර්යයක බලයක් සෙයින් මා නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! කායික වේදනා දුරු වේවා! මානසික පීඩා දුරු වේවා! සැනසිල්ලම උදා වේවා! කාමච්ඡ්න්ද ආදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වේවා! මාගේ සිත සමාධි වේවා! මාගේ සිහි නුවණ දියුණු තියුණු වේවා! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත භගවා බුදුගුණයේ මහානුභාව බලය, ශක්තිය, පිහිට, ආරක්ෂාවද, අනන්ත බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත නව අරහාදී බුදු ගුණයේ මහානුභාව බලය, ශක්තිය, පිහිට ආරක්ෂාවද, මට නිරතුරුව ලැබේවා! ලැබේවා! ලැබේවා!
මූලාශ්‍රය: “බුද්ධ වන්දනා හා බෝධි වන්දනා”, පුජ්‍ය ඕමල්පේ සුමන රතන හිමි.
Related Resources
සූරිය පරිත්තං (සූරිය පිරිත) පාලි සිංහල පරිවර්ථනය Suriya Piritha Sinhala Translation
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක.
චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation
චන්ද පිරිත – මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.
මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation
ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.
ඛන්ධපරිත්තං (කඳ පිරිත) පාළි හා සිංහලෙන් – Kanda Piritha in Pali and Sinhala
ඛන්ධපරිත්තං (කඳ පිරිත) පාළි හා සිංහලෙන් – Kanda Piritha in Pali and Sinhala
දස සිල් – පාලි, සිංහල, හා ඉංග්‍රීසියෙන් The Ten Precepts in Pali, Sinhala and English
දස සිල් – පාලි, සිංහල, හා ඉංග්‍රීසියෙන් : The Ten Precepts in Pali, Sinhala and English
සංඝ රත්නයේ ගුණ – Sanga Guna – Supreme Qualities of Sangha
සංඝ රත්නයේ ගුණ








0 Comments