දස සිල් – පාලි, සිංහල, හා ඉංග්‍රීසියෙන් The Ten Precepts in Pali, Sinhala and English

Three Jewels | 2 comments

   
Font Size
Auto-Scroll   Speed

1. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි

ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

I undertake the precept to refrain from destroying living creatures.

2. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

නුදුන් දෙය ගැනීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

I undertake the precept to refrain from taking that which is not given.

3. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි

අබ්‍රහ්මචරියාවෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

I undertake the precept to refrain from sexual activity.

4. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි

මුසාවාදයෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

I undertake the precept to refrain from incorrect speech.

5. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

මදයට හා ප්‍රමාදයට කාරණ වූ රහමෙරින් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

I undertake the precept to refrain from intoxicating drinks and drugs which lead to carelessness.

6. විකාලභෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි

විකල් බොජුනෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

I undertake the precept to refrain from eating at the forbidden time.

7. නච්ච ගීත වාදිත විසූකදස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි

නැටීම, ගැයීම, වැයීම, විසුලු බැලීම යන මෙයින් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි. 

I undertake the precept to refrain from dancing,singing, music, and going to see entertainments.

8. මාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

මල්, ගඳ විලවුන් දැරීම, සැරසීම, වෙසෙසින් සැරසීම යන කාරණයෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

I undertake the precept to refrain from wearing garlands, using perfumes, and beautifying the body with cosmetics.

9. උච්චාසයන-මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි

උසසුන්, මහ අස්නෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

I undertake the precept to refrain from lying on a high or luxurious sleeping place.

10. ජාතරූප-රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි

රන්, රිදී, මසු, කහවණු පිළිගැනීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

I undertake the precept to refrain from accepting gold and silver (money).

Related Resources

බුදු ගුණ පිරිත – Budhu Guna Piritha

බුදු ගුණ පිරිත – Budhu Guna Piritha

(මෙය තමන් රෝගී වූ විට හෝ රෝගී වූ වෙනත් අයෙකුට ආශීර්වාද පිණිස කීමෙන් සෙත් සලසා ගත හැක)නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය...

2 Comments

  1. Sajith

    Very interesting site.

    Reply
  2. Mudi Adikari

    I appreciate the effort that you have taken to maintain this site. This has been so much useful as I always could go through the English meaning, when pali & sinhala meanings were confusing.
    Much merits. May Tripple Jem bless the team to carry on. Sabba danan Dhamma danan Jinathi.

    Reply

Submit a Comment

Your email address will not be published. Required fields are marked *