මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

Pirith | 3 comments

 
Font Size
Auto-Scroll   Speed

උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං.

ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.

යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා.

යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන අහර සෙවීමෙහි හැසිරෙයි.

අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

ඇස් ඇති, ඒක රාජ වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙම පහවෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද අපි සුවසේ වසමු.

යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති.

යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේ යි.

මූලාශ්‍රය:  පිරුවානා පොත් වහන්සේ (download)

Related Resources

චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation

චන්ද පරිත්තං (චන්ද පිරිත) පාලි සිංහල පරිවර්ථනය Chanda Piritha in Pali and Sinhala Translation

චන්ද පිරිත – මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේ පිඬු මහසිටුහු ගේ ආරමයෙහි වඩ වසන සේක. එසමයෙහි වනාහි සඳ දෙව්පුත් තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් ගන්නා ලද්දේ වෙයි ඉක්බිති සඳ දෙව්පුත් තෙමේ එවෙලෙහි බුදුරජුන් සිහි කරමින් මේ ගාථාව කීය.

බුදු ගුණ පිරිත – Budhu Guna Piritha

බුදු ගුණ පිරිත – Budhu Guna Piritha

(මෙය තමන් රෝගී වූ විට හෝ රෝගී වූ වෙනත් අයෙකුට ආශීර්වාද පිණිස කීමෙන් සෙත් සලසා ගත හැක)නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය...

3 Comments

  1. rohitha

    yahapath –

    Reply
  2. Ds

    Very helpful for my research and studies in Buddhism , thank you so much

    Reply

Submit a Comment

Your email address will not be published. Required fields are marked *