ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමී. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨීතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී එක්තරා දෙවියෙක් මධ්‍යම රාත්‍රියෙහි මනස්කාන්ත පැහැයකින් යුතුව මුළු දෙව්රම බබුළුවා ගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියේ ය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පසව සිට ගත්තේ ය. එකත්පසව සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ පවසුවේ ය.
බහූදේවා මනුස්සා ච – මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං – බ්‍රෑහි මංගලමුත්තමං
බොහෝ දෙවි මිනිස්සු ද – සිතුවෝ ය මංගල කරුණු ගැන
යහපන කැමති ඔවුනට – උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිඳුනි.
අසේවනා ච බාලානං – පණ්ඩිතානඤ්ච සේවනා
පූජා ච පූජනීයානං – ඒතං මංගලමුත්තමං
නරක අය නොම ඇසුර ද – කළණමිතුරන් සමඟ නිති ඇසුර ද
පිදිය යුත්තන් පිදුම ද – මේවා උතුම් මංගල කරුණු ය
පතිරූපදේසවාසෝ ච – පුබ්බේ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච – ඒතං මංගලමුත්තමං
යහපත් තැනක විසුම ද – පෙර කළ පින් තිබීම ද
තමා යහමඟ යාම ද – මේවා උතුම් මංගල කරුණු ය
බාහුසච්චඤ්ච සිප්පඤ්ච – විනයෝ ච සුසික්ඛිතෝ
සුභාසිතා ච යා වාචා – ඒතං මංගලමුත්තමං
බොහෝ දැන උගත් බව – නොයෙකුත් ශිල්ප දත් බව
විනයකින් යුතු බව – මනා කොට හික්මුන බව
සුභාසිත වූ යම් බසක් වෙද – මේවා උතුම් මංගල කරුණු ය
මාතාපිතු උපට්ඨානං – පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා – ඒතං මංගලමුත්තමං
මව්පිය උපස්ථානය – අඹුදරුවන්ට සැළකුම
මැනැවින් වැඩ කෙරුම – මේවා උතුම් මංගල කරුණු ය
දානඤ්ච ධම්මචරියා ච – ඤාතකානඤ්ච සංගහෝ
අනවජ්ජානි කම්මානි – ඒතං මංගලමුත්තමං
දන් පැන් පිදීම ද – දහම තුළ හැසිරීම ද
නෑයන්ට සැළකීම ද – නිවැරදි දේ කිරීම ද
මේවා උතුම් මංගල කරුණු ය
ආරති විරති පාපා – මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු – ඒතං මංගලමුත්තමං
පවෙහි නො ඇලීම ද – හැම පවින් වැළකීම ද
මත් පැනින් දුරු වීම ද – දහම තුළ නො පමාව ද
මේවා උතුම් මංගල කරුණු ය
ගාරවෝ ච නිවාතෝ ච – සන්තුට්ඨී ච කතඤ්ඤුතා
කාලේන ධම්මසවණං – ඒතං මංගලමුත්තමං
උතුමන්ට ගරු කිරීම ද – නිහතමානී වීම ද
ලද දෙයින් තුටු වීම ද – කෙළෙහි ගුණ සැලකීම ද
නිසි කලට බණ ඇසීම ද – මේවා උතුම් මංගල කරුණු ය
ඛන්තී ච සෝවචස්සතා – සමණානඤ්ච දස්සනං
කාලේන ධර්මසාකච්ඡා – ඒතං මංගලමුත්තමං
ඉවසන ගුණයෙන් යුතු බව – යහපතට අවනත බව
ශ්‍රමණවරු බැහැ දැකුම ද – නිසි කල දම් සභාව ද
මේවා උතුම් මංගල කරුණු ය
තපෝ ච බ්‍රහ්මචරියඤ්ච – අරියසච්චානදස්සනං
නිබ්බාණසච්ඡිකිරියා ච – ඒතං මංගලමුත්තමං
තපසෙහි විසීම ද – බඹසරෙහි හැසිරීම ද
ආර්ය සත්‍යයන් දැකීම ද – නිවන අවබෝධ වීම ද
මේවා උතුම් මංගල කරුණු ය
ඵුට්ඨස්ස ලෝකධම්මේහි – චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං – ඒතං මංගලමුත්තමං
අටලෝ දහම එන විට – නො සැලේද යමෙකුගෙ සිත
සෝක නැති කෙලෙසුන් නැති – බියක් නැති තැන සිටි විට
මේවා උතුම් මංගල කරුණු ය
ඒතාදිසානි කත්වාන – සබ්බත්ථමපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡ්න්ති තං – තේසං මංගලමුත්තමන්ති
මේ අයුරින් කටයුතු කොට – අපරාජිත වී හැම තැන
යහපතට ම යති හැම තැන – එය ඔවුන් හට උත්තම මංගල කරුණු ය.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු !
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා !
Related Resources
ධම්මචක්කප්පවත්තන සුත්තං (දම්සක් පැවතුම් සූත්‍රය) පාලි හා සිංහලෙන් Dhammacakkappavattana Sutta Pali Sinhala Translation
The sermon, Buddha gave to the five monks, was his first sermon, called the Dhammacakkappavattana Sutta. It was given on the full-moon day of Asalha Puja.
කරණීයමෙත්ත සුත්තං (කරණීයමෙත්ත සූත්‍රය) පාළි, සිංහල, හා ඉංග්‍රීසියෙන් KaraneeyaMetta Sutta in Pali, Sinhala, and English Translation
මෛත්‍රිය පැතිරවීම පිළිබඳ බුදු රජාණන් වහන්සේ වදාළ දෙසුම – KaraneeyaMetta Sutta — The Buddha’s Words on Loving-Kindness – The Hymn of Universal Love – Loving-Kindness -The Discourse on Loving-kindness – Good Will
රතන සුත්තං (රතන සූත්‍රය) පාලි සිංහල පරිවර්ථනය – Rathana Suthraya (Sutta) in Pali with Sinhala Translation
අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ…





Very good ???. I like
Really really helpful thank you!!
ඒවං මේසුතං හං සමයං භගවා නෙමෙයි. ඒවං මේ සුතං ඒකං සමයං භගවා ලෙස නිවැරදි වෙන්න ඕන
වෙබ් සයිට් එකේ නම namo.lk එකට වඩා niwanmaga.lk වගේ එකක් තිබ්බනම් ලස්සනයි කියලා හිතෙනවා
වැඩේ ලස්සනයි මේ වගේ ධර්ම දානය දෙන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Good