ඛන්ධපරිත්තං (කඳ පිරිත) පාළි හා සිංහලෙන් – Kanda Piritha in Pali and Sinhala

Pirith | 0 comments

 
Font Size
Auto-Scroll   Speed

ඒවං මේ සුතං, ඒකං සමයං භගවා සාවත්ථියං විහරති
ජේතවනේ අනාථපිණ්ඩිකස්සා ආරාමේ.
තේන ඛෝ පන සමයේන සාවත්ථියං අඤ්ඤතරෝ
භික්ඛු අහිනා දට්ඨෝ කාලකතෝ හෝති.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි සැවැත් නුවර එක්තරා භික්ෂු නමෙක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලදුව කලුරිය කළේ ය.

අථ ඛෝ සබ්බහූලා භික්ඛු යේන භගවා
තෙනුපසංකමිංසු උපසංකමිත්වා භගවන්තං
අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං
නිසින්නා ඛෝ තේ භික්ඛු භගවන්තං ඒතදවෝචුං

එකල්හි, බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද, එතන්හි එළඹුනහු ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත් පසෙක හුන්නානු ය. එකත් පසෙක හුන්නා වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ පුවත දැන්වූහ.

ඉධ භන්තේ සාවත්ථියං අඤ්ඤතරෝ භික්ඛු
අහිනාදට්ඨෝ කාලකතෝති. නහ නූන් සෝ
භික්ඛවේ භික්ඛූ චත්තාරි අහිරාජකුලානි
මෙත්තේනචිත්තේනඵරි. සචේ හි සො
භික්ඛවේ භික්ඛු චත්තාරි අහිරාජකුලානි
මෙත්තේන චිත්තේන ඵරෙය්‍ය, නහි සෝ භික්ඛවේ
භික්ඛු අහිනා දට්ඨෝ දට්ඨෝ කාලංකරෙය්‍ය.

ස්වාමීන් වහන්ස, මේ සැවැත් නුවර සමීපයෙහි එක්තරා භික්ෂූ නමෙක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ, කළුරිය කළේ ය. මහණෙනි, ඒ භික්ෂූ තෙම සතර අභිරාජකුලය ඒකාන්තයෙන් මෙත් සිතින් නොපැතිර වී ය. මහණෙනි, ඉදින් වනාහි සතර අභිරාජ කුලයන් මෙත් සිතින් පැතිරවී නම් මහණෙනි ඒ භික්ෂු තෙම සර්පයා විසින් දෂ්ට කරන ලද්දේ නොම කලුරිය කරන්නේ ය.

කතමානි චත්තාරි අහිරාජකුලානි? විරූපක්ඛං
අහිරාජකුලං, ඒරාපථං අහිරාජකුලං ජබ්‍යා
පුත්තං අහිරාජකුලං කණ්හා ගෝතමකං
අහිරාජකුලං

සතර සහිරාජ කුලයෝ කවරහුදයත්? විරූපාක්ෂ නම් සර්ප රාජ කුලය, ඒරාපථ නම් සර්ප රාජ කුලය, ජබ්‍යා පුත්ත නම් සර්ප රාජ කුලය, කණ්හා ගොතමක නම් සර්ප රාජ කුලය, යන මේ සතරයි.

නහ නූන සෝ භික්ඛවේ භික්ඛූ ඉමානි චත්තාරි
අභිරාජකුලානි මෙත්තේන චිත්තේන එරි.
සචෙ හි සෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි
අහිරාජකුලානි මෙත්තේන චිත්තේන ඵරෙය්‍ය
න හිසෝ භික්ඛවේ භික්ඛු අහිනා දට්ඨෝ කාලං කරෙය්‍ය.

මහණෙනි, ඒ භික්ෂු තෙම, මේ සතර සර්ප කුලයන් ඒකාන්තයෙන් මෙත් සිතින් නොපැතිරවීය. මහණෙනි, ඉදින් වනාහි ඒ භික්ෂු තෙම මේ සතර සර්ප රාජ කුලයන් මෙත් සිතින් පැතිරවී නම්, මහණෙනි ඒ භික්ෂු තෙම සර්පයා විසින් දෂ්ට කරන ලද්දේ, නොම කලුරිය කරන් නේ ය.

අනුජානාමි භික්ඛවේ භික්ඛූ ඉමානි චත්තාරි
අහිරාජකුලානි මෙත්තේන චිත්තේන එරිතුං
අත්තගුත්තියා අත්තරක්ඛාය අත්තපරිත්තායාති.

මහණෙනි, මේ සතර සර්පරාජ කුලයන් මෙත් සිතින් පතුරු වන්නට අනුදනිමි (අවසර දෙමි). කුමක් හෙයින්ද? තමාගේ සංවරණය පිණිස තමහට ආරක්ෂාව පිණිස, තමාහට පිරිත් පිණිස, පවත්නා හෙයිනි.

ඉදමවෝච භගවා, ඉදං වත්වා සුගතෝ
අථාපරං ඒතදවෝච සත්ථා

භාග්‍යවතුන්  වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගත නම් වූ ශ්‍රාස්තෘන් වහන්සේ නැවත ද මත්තෙහි මෙය වදාළ සේක.

විරූපක්ඛේහි මේ මෙත්තං – මෙත්තං ඒරපථේහි මේ,
ජඛ්‍යාපුත්තේහි මේ මෙත්තං – මෙත්තං කණ්හාගෝතමකේහි ච.

මාගේ මෛත්‍රිය විරූපාක්ෂ නම් සර්ප කුලයන් සමග ය. මාගේ මෛත්‍රිය ඒරාපථ නම් සර්පරාජ කුලයන් සමග ය. මාගේ මෛත්‍රිය ජබ්‍යාපුත්ත නම් නාග කුලයන් සමග ය. මාගෙ මෛත්‍රිය කණ්හාගෝතමක නම් සර්ප කුලයන් සමග ය.

ආපාදකේහි මේ මෙත්තං – මෙත්තං දිපාදකේහි මේ,
චතුප්පදේහි මේ මෙත්තං – මෙත්තං බහුප්පදේහි මේ.

මාගේ මෛත්‍රිය පා නැති දීර්ඝ ජාතීන් සමග ය. මාගේ මෛත්‍රිය දෙපා ඇති මිනිස් ආදී (දිපාදිකයන්) සමග ය. මාගේ මෛත්‍රිය සිවුපා සතුන් සමග ය. මාගෙ මෛත්‍රිය බොහෝ පා ඇත්තවුන් සමග ය.

මා මං අපාදකෝ හිංසි – මා මං හිංසි දිපාදකෝ,
මා මං චතුප්පදෝ හිංසි – මා මං හිංසි බහුප්පදෝ.

අපාදක සත්වයෙක් මා නො පෙළාවා, දෙපාදක සත්වයෙක් මා නො පෙළාවා, සිවුපා සත්වයෙක් මා නො පෙළාවා, බොහෝ පා ඇති සත්වයෙක් නො පෙළාවා.

සබ්බේ සත්තා සබ්බේ පාණා – සබ්බේ භූතා ච කේවලා,
සබ්බේ භද්‍රානි පස්සන්තු – මා කඤ්චි පාපමාගමා.

සියලු සත්හු ද, සියලු ප්‍රාණීහු ද, හුදෙක් සියලු භූතයෝ ද, සැමදෙන යහපතක් ම දකිත්වා, කිසිවෙකුත් කරා දුකක් නො පැමිණේවා!

අප්පමාණෝ බුද්ධෝ’ අප්පමාණෝ ධම්මෝ’ අප්පමාණෝ සංඝෝ, පමාණවන්තානි සිරිංසපානි අභිවිච්ඡිකා සතපදී’ උණ්ණානාභි’ සරබූ මූසිකා, කතා මේ රක්ඛා කතා මේ පරිත්තා, පටික්කමන්තු භූතානි, සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මාසම්බුද්ධානන්ති. 

බුද්ධ ගුණය අපමණ ය. දහම් ගුණය අපමණ ය. සංඝ ගුණය අපමණ ය. සිරිසපයෝ හෙවත් දීර්ඝ ජාතී හු ප්‍රමාණවත්හ, එනම් සර්පයෝ ය, ගෝනුස්සෝ ය, සතපදිහු ය (පත්තෑ ආදී), මකුළුවෝ ය, සිකනල්ලු ය, මූසිකය හු (යන මේ වශයෙනි). මා විසින් ආරක්ෂා කරන ලද්දාහ, පිරිත් කරන ලද්දාහ, භූතයෝ, පහවෙත්වා. ඒ මම භග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. සත් බුදුවරයන්ට නමස්කාර කරමි.

සාධූ! සාධූ! සාධූ!

ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!

මූලාශ්‍රය: පිරුවානා පොත් වහන්සේ (↡ download)

Related Resources

මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

මෝර පරිත්තං (මෝර පිරිත) හා අර්ථය සිංහලෙන් Mora Piritha in Pali with Sinhala Translation

ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.

බුදු ගුණ පිරිත – Budhu Guna Piritha

බුදු ගුණ පිරිත – Budhu Guna Piritha

(මෙය තමන් රෝගී වූ විට හෝ රෝගී වූ වෙනත් අයෙකුට ආශීර්වාද පිණිස කීමෙන් සෙත් සලසා ගත හැක)නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය...

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *