සිරි ධිති මති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස. භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස.
සෞභාග්යෙන් ද, ධෛර්යයෙන් ද, නුවනින් හා තේජසින් ද, උප ලක්ෂිත මහා සෘද්ධිමත් වූ, මහා ගුණයෙන් හා අප්‍රමාණ වූ, පුඤ්ඤමහිමයෙන් යුක්ත වූ, අනතුරු වැළැක්මෙහි සමත් වූ, භාග්‍යවත් අරහත් සම්බුදු රජාණන් වහන්සේගේ..
ද්වත්තිංස මහා පුරිසලක්ඛණානුභාවේන අසිත්යනුව්යඤ්ජන ලක්ඛණානුභාවේන අට්ඨුත්තරසතමංගල ලක්ඛණානුභාවේන, ජබ්බණ්ණ රංස්යනුභාවේන, කෙතුමාලානුභාවේන, දසපාරමිතානුභාවේන, දසඋප පාරමිතානුභාවේන, දසපරමත්ථපාරමිතානුභාවේන, සීලසමාධිපඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන, ධම්මානුභාවේන, සංඝානුභාවේන, තේජානුභාවේන, ඉධ්යානුභාවේන, බලානුභාවේන, ඤ්යෙය්යධම්මානුභාවේන , චතුරාසිතිසහස්ස ධම්මක්ඛන්ධානුභාවේන, නවලොකුත්තරධම්මානුභාවේන අට්ඨංගිකමග්ගානුභාවේන, අට්ඨසමාපත්ත්යානුභාවේන, ජලභිඤ්ඤානුභාවේන, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛානුභාවේන, සබ්බපාරමිතානුභාවේන, රතනත්තය සරණානුභාවේන, තුය්හං සබ්බරෝග සෝක උපද්දව දුක්ඛදෝමනස්සුපායාසා විනස්සන්තු. සබ්බසංකප්පා තුය්හං සමිජ්ඣන්තු දීඝායුකෝ හෝතු සතවස්සජීවේන සමංගිකෝ හෝතු සබ්බදා.
දෙතිස් මහා පුරුෂලක්ඛණානුභාවයෙන් ද, අසූවක් අනුකුඩා ලකුණුවල ආනුභාවයෙන් ද, සවනක් රැස් ආනුභාවයෙන් ද, කේතුමාලානුභාවයෙන් ද, දසපාරමිතානුභාවයෙන් ද, දසඋපපාරමතානුභාවයෙන් ද, දසපරමත්ථපාරමිතානුභාවයෙන් ද, සීල සමාධි ප්‍රඤ්ඤා යන ත්‍රිවිධ ශික්ෂාවන්ගේ ආනුභාවයෙන් ද, බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ගේ ආනුභාවයෙන් ද, තේජසින් සෘද්ධියෙන් බලයෙන් දතයුතු දේ දැන වදාරණ ලද්දා වූ, ආනුභාවයෙන් ද, අසූහාරදහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන් ද, නව ලොවුතුරු දහමේ ආනුභාවයෙන් ද, ආර්යඅෂ්ධාන්ගික මාර්ගයේ ආනුභාවයෙන් ද, අෂ්ධසමාපත්යාණුභාවයෙන් ද, සය අභිඤ්ඤාවන්ගේ ආනුභාවයෙන් ද, මෙත්තා කරුණා මුදිතා උපෙක්ෂා යන සිවු බඹ විහරණයන්ගේ ආනුභාවයෙන් ද, සියළු පාරමිතාවන්ගේ ආනුභාවයෙන් ද, තෙරුවන්ගේ ආනුභාවයෙන් ද, මාගේ සියළු රෝග ශෝක දුරුවේවා. කරදර දුක් දොම්නස් සිත් වේදනා වැනසේවා. මාගේ සියළු කල්පනාවන් ඉටුවේවා. සියක් වසක් කල් ජීවත් වීමට ශක්තිය ලැබේවා.
ආකාස පබ්බත වනභූමිතටාකගංගා මහාසමුද්ද ආරක්ඛක දේවතා සදා තුම්හෙ අනුරක්ඛන්තු සබ්බබුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බසංඝානුභාවේන බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්සධම්මක්ඛන්ධානුභාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ තෙ රෝගා, සබ්බේ තේ භයා, සබ්බේ තෙ අන්තරායා, සබ්බේ තෙ උපද්දවා, සබ්බේ තෙ දුන්නිමිත්තා, සබ්බේ තෙ අවමංගලා විනස්සන්තු.
සියළු කල්හි, අහස, පර්වථ, වණ බිම්, තටාක, ගංගා හා මහසයුර, අරක්ගත් දෙවියෝ මගේ රැකවරණය සලසත්වා. සියළු බුදුවරුන්ගේ, සියළු ධර්මයේ, සියළු සංඝයාගේ ආනුභාවයෙන්, බුද්ධ ධම්ම හා සංඝ යන තෙරුවන්ගේ ආනුභාවයෙන්, අසූහාරදහසක් ධර්මස්කන්ධයේ ආනුභාවයෙන්, ත්‍රිපිටකයේ ආනුභාවයෙන්, බුද්ධස්රාවකයානණ් වහන්සේලාගේ ආනුභාවයෙන්, මාගේ සියළු රෝග, සියළු භය, සියළු අනතුරු, සියළු කරදර, සියළු අශුභ නිවිති, සියළු සිත් නොපිනවන දේ වැනසේවා, දුරුවේවා.
ආයුවඩ්ධකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ, බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ, හෝතු සබ්බදා.
සියළු කළ්හි, ආයුෂෙන්, ධනයෙන්, යසසෙන්, බලයෙන් ද, වර්ණයෙන් හා සැපයෙන් වර්ධනය වේවා.
දුක්ඛරෝගභයාවේරා – සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපි – විනස්සන්තූ ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං – සොත්ථිභාග්‍යං සුඛං බලං
සිරි ආයුච වණ්ණො ච – භොගං චුද්ධි ච යසවා
සත්වස්සා ච ආයු ච – ජීවසිද්ධිභවන්තු තේ.
දුක් රෝග භය වෛර ශෝක ද, කරදර සමනය වේවා. නොයෙක් අනතුරු අන්තරාවන් ඒ තේජසෙන් විනාස වෙත්වා. ජයසිද්ධියද, ධන ලාභයද, සුව සම්පත, වාසනාවද, සැප බල හා ආයුෂ ද, වර්ණ සම්පත ද, භෝගයන් ගේ වර්ණයද, කීර්තිය ද, සිය වසකට අධික කාලයක් ආයු වැඩීමද, දේව සිද්ධියද, මා හට ලැබේවා. සියළු උවදුරු දුරු කෙරේවා. නසා රෝ දුක් බියකරු, නොවේවා අනතුරක් කිසිදා, දිනේවා ආයුෂ දිගු.
මූලාශ්‍රය: “මහමෙව්නාවේ පාළි – සිංහල පිරුවානා පොත් වහන්සේ”.
Related Resources
ඛන්ධපරිත්තං (කඳ පිරිත) පාළි හා සිංහලෙන් – Kanda Piritha in Pali and Sinhala
ඛන්ධපරිත්තං (කඳ පිරිත) පාළි හා සිංහලෙන් – Kanda Piritha in Pali and Sinhala
බුදු ගුණ පිරිත – Budhu Guna Piritha
(මෙය තමන් රෝගී වූ විට හෝ රෝගී වූ වෙනත් අයෙකුට ආශීර්වාද පිණිස කීමෙන් සෙත් සලසා ගත හැක)නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය...




ඇත්තටම වටිනවා
අසිත්යනුඛ්යංඤ්ජන
ද්වංතිංස
ඡබ්බණ්ණ
ඤෙය්යධම්මානුභාවේ
වචන නිවරදි කලෙමු. ස්තුතියි.
Namo Buddhaya
වටිනවා ගොඩක් මොකද අපි ඔහේ කඩ පාඩමින් කියාගෙන යනවාඒ පිරිතේ අර්ථයක් මෙනෙහි කරන්නේ නැතුව . බොහෝම පින් ?
තෙරුවන් සරණයි …මෙම වෙබ් අඩවියේ සියලුම දුවා දරුවන්ට..සංවිධායක ඇත්තන් හට ධර්ම දානයේ කුසල ශක්තිය නො අඩුවම ලැබී සසර ගමන සැප සහිතවම අල්ප උත්සාහයකින්ම කෙලවර නිර්වාන සුව හිමි කර ගන්නට හේතු වාසනා වේවා..
Very helpful site for religious.
Boho pin siduwewa.
mema darma danaya hethu kotagena oba hata ausha sepa bala warna walin uth nirogi jiwithayak lebewa
බොහෝම පින් 🙏
මට විශාදය හැදිලා තිබිච්ච ගොඩක් දවස් වලට මැරෙන්න හිතෙනකොට මං මේ ජය පිරිත අහනවා. ඇත්තටම ඕගොල්ලන්ට ලොකු පිනක්.
May triple gem bless you