පූරෙන්තා පාරමි සබ්බෙ
සබ්බෙ පච්චෙකනායකා සීවලි ගුණතේජෙන පරිත්තං තං හණාමහේ
න ජාලිති ති ජාලිතාමි ආ ඊ ඌ ආම් ඉ ස්වාහා
සියලු පාරමිතාවන් සම්පූර්ණ කොට සියලු ධර්මයන් අවබෝධ කර ගත්තාවූ ඒ සීවලී මහ රහත්න් වහන්සේගේ ගුණ තේජානු භාවයෙන් මේ පිරිත් අසන්නෙමු.
බුද්ධසාමි බුද්ධසත්යාම් පදුමුත්තරො නාම නෝ
සබ්බ ධම්මෙසූ චක්ඛුමා ඉතෝ සතසහස්සම්හි කප්පෙ
උප්පජ්ජි නායකෝ
මෙයින් කල්ප සිය දහසකට පෙර සියලු ධර්මයන් දත් නායක වූ පදුමුත්තර නම් බුදුරදුන් උපන්නේය.
සීවලි ච මහාථේරෝ සෝ රහෝ පච්චයාදිනං
පියෝ දේවමනුස්සානං පියෝ බ්රාහ්මණ මුත්තමෝ
පියෝ නාග සුපණ්ණානං පිණීන්ද්රියං නමාමහං
සීවලී මහතෙරුන් ප්රත්යලාභීන් අතර අග්රස්ථානයට සුදුසු විය. දෙව් මිනිසුන්ට ප්රිය විය. බ්රහ්මයන් අතර උතුම් විය. නාග සුපර්ණාදීන්ටද ප්රිය විය. ප්රසන්නවූ ඉදුරන් ඇති උන්වහන්සේටද මම වදිමි.
නාසං සීමෝ ව මේ සීසං
නානාජාලිති සඤ්ජලිං සදේව මනුස්ස පූජිතං
සබ්බෙ ලාභා උපෙන්තු තේ
සීවලී මහරහතන් වහන්සේව සියලු දෙවියන් හා මිනිසුන් විසින් පුදන ලදී. මටද සියලු ලාභයන් වේවා.
සත්තා හං ද්වාරමූළ්හෝහං
මහාදුක්ඛසමප්පිතෝ මාතා මේ ඡුන්දානේන එවමාසි සුදුක්ඛිතා
සත් දිනක් මහා දුකකින් මවු කුස හොත්තාවූ මම මව් පැවිදිවීම සඳහා කැමැත්තදීම නිසා මහා දුකකින් මිදුනෙමි.
කේසේසූ ජිජ්ජමානෙසු අරහත්තමපාපුණි දේවා නාගා මනුස්සා ච
පව්චයානුපනෙන්තිමං
කෙස් කපන කල්හිම රහත්භාවයට පත්වීමි. දෙව් මිනිසුන් සමූහයා වෙතද මා විසින් ප්රත්යයෙන් අනුග්රහ කරන ලදී.
පදුමුත්තරනාමඤ්ච විපස්සිං ව විනායකං
සංපූජයිං පමුදිතෝ පච්චයේහි විසෙසතෝ
පදුමුත්තර නම්වූද, විපස්සී නම්වූද, නායකයන් වහන්සේලා විශේෂ වූ ප්රත්යයෙන් පමුදිත වූ මා විසින් පුදන ලදී.
තතෝ තේසං විසේසේන කම්මාන විපුලූත්තමං ලාභං ලාභාමි සබ්බත්ථ
වනෙ ගාමෙ ජලේ ථලේ
ඒ විශේෂ වූ උන්වහන්සේලාට කළවූ මහත්වූ උතුම් කර්මයේ පලයෙන්ද වනයෙහි ගමෙහි ජලයෙහි ගොඩබිමෙහි හා හැමතැනම ප්රත්ය ලබමි.
තතෝ තේසං විසේසේන කම්මාන විපුලූත්තමං ලාභං ලාභාමි සබ්බත්ථ
වනෙ ගාමෙ ජලේ ථලේ
එකල්හි ලෝක නායකවූ මහ සඟරුවන සහිතවූ මහ නුවණැති මහා වීරයන්වූ ලෝක නායකයන් වෙත පැමිණියෙමි.
උපට්ඨිතෝ මයා බුද්ධෝ ගන්ත්වා
රේවතමද්දස තතෝ ජේතවනං ගන්ත්වා එතදග්ගේ ඨපේසි මං
පසුව ජේතවනාරාමයට ගියාවූ මා රේවත භික්ෂුව දුටුවෙමි. අනතුරුව බුදුරදුන් විසින් මා ද අග්ර ස්ථානයෙහි තැබූ සේක.
රේවතං දස්සනත්ථාය යදා යාති විනායකෝ තිංස භික්ඛු
සහස්සේහි සහ ලොකග්ගනායකෝ
ලෝකනායකයන් වහන්සේ යම් කළෙක රේවත භික්ෂුව දැකීමට යාම පිණිස තිස් දහසක් භික්ෂූන් සමග මගට පිළිපන්නේ ය.
ලාභීනං සීවලි අග්ගො මම සිස්සේසූ හික්ඛවෝ
සබ්බලෝකහිතෝ සත්ථා කිත්තයි පරිසාසු මං
සියලු ලෝකයාඅට හිත පිණිස ශාස්තෘන් වහන්සේ මහණෙනි මාගේ සිසුන් අතර ලාභීන්ගෙන් සීවලි අග්රවන්නේයැයි පිරිස මැද ගුණ කීර්තිය ප්රකට කළහ.
කීලේසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා
නාගෝව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවෝ
මා විසින් කෙළෙස් සිදින ලද්දේ භවයෙන් සියලු කෙළෙස් නැසුයේ අනාශ්රව වූයේ රහත්ව සසර සියලු බැමි සිඳ වාසය කරමි.
ස්වාගතං වත මේ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකං
තිස්සොවිජ්ජා අනුප්පත්තෝ කතං බුද්ධස්ස සාසනං
ශ්රේෂ්ඨ වූ බුදුන් වහන්සේගේ සමීපයට මනාව මම පැමිණියෙමි. ත්රි විද්යාවට පත්වූ මා සියලු බුදු සසුන් කිස නිමවන ලදී.
පටිසම්භිදා වතස්සො ච විමොක්ඛාපි ච අට්ඨමො
ඡුලභිඤ්ඤා සවිජිකතා කතං බුද්ධස්ස සාසනං
සිවු පිළිඹියවන් හා අෂ්ට විමොක්ෂයන් ද අභිඥාද ලාභීවූ මා විසින් සියලු බුදු සසුන් කිස නිමවන ලදි.
බුද්ධපුත්තො මහාථෙරෝ සීවලි ජින සාවකෝ
උග්ගතේජෝ මහාවිරො තෙජසා ජින සාසනං
බුදු පුත්වූ ජින ශ්රාවකවූ සීවලි මහ තෙරුන් විසින් උග්ර තෙජස් ඇති මහා වීරයන් වහන්සේගේ බුදු සසුන බබලවන ලදී.
රක්ඛන්තා සීල තේජෙන ධනවන්තො යසස්සිනො
ඔවං තෙජානුභාවෙන සදා රක්ඛන්තු සීවලී
සීවලි මා හිමියන්ගේ රකින ලද සීල හොඳඉන් ධනවත් යසස්ව රකිනු ලබන්නේ සීවලි මහ රහත් බලයෙන් හා එම තෙජානුභාවයෙන් මා සදා රකීවා
කප්පට්ඨායිති බුද්ධස්ස බෝධි මූලෙ නිසිදයි
මාරසෙනප්පමද්දන්තො සදා රක්ඛන්තු සීවලී
බෝමුල වැඩ හිදි මරසෙන් පරදවා ඒ බුදුතේජස කල්පයක් පවතින්නේ යැයි කියනු ලබන සත්ය බලයෙනුත් සීවලි මහ රහත් බලයෙනුත් මා රකීවා.
දස පාරමිතප්පත්තො පබ්බජි ජින සාසනෙ
ගොතම සක්යපුත්තොසි ථෙරෙන මම සීවලි
දස පෙරුම් පිරුවාවූ බුදු සසුනෙහි පැවිදි වුවෙමි. ගෞතම ශාක්ය පුතුවුවෙහිය. මම සීවලි තෙරුන් වෙමි.
මහා සාවකා අසීතිංසු පුණ්ණෙත්ථරො යසස්සි
සො භවභොගෙ අග්ග ලාහිසු උත්තමො තෙන සීවලි
අසූ මහා ශ්රාවක පුණ්ණ තෙරුන් යසසින් අග්ර වූහ. භව භෝග ලාභීන් අතර සීවලි මහ තෙරුන් වහන්සේ උතුම් විය.
එවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා
අචන්තියේසු පසන්නාහං විපාකෝ හෝති අචින්තයෝ
බුද්ධ විෂය අචින්ත්ය ය (නොසිතිය නොහැක). ධර්මයද අචින්ත්යය. අතිශයින් එහි ප්රසන්න වූවහු ගේ විපාකයද අචින්ත්යය.
තේසං සච්චෙන සීලේන ඛන්ති මෙත්ත බලෙන ච
තෙපි මං අනුරක්ඛන්තු සබ්බ දුක්ඛ විනාසනං
උන්වහන්සේලා ගේ සත්ය වූ සීල බලයෙන් ද, ඉවසීම, මෛත්රී බලයෙන්ද, සියලු දුක් නසා මා රකිත්වා.
තේසං සච්චෙන සීලේන ඛන්ති මෙත්ත බලෙන ච
තෙපි මං අනුරක්ඛන්තු සබ්බ භය විනාසනං
උන්වහන්සේලා ගේ සත්ය වූ සීල බලයෙන් ද, ඉවසීම, මෛත්රී බලයෙන්ද, සියලු භය නසා මා රකිත්වා.
තේසං සච්චෙන සීලේන ඛන්ති මෙත්ත බලෙන ච
තෙපි මං අනුරක්ඛන්තු සබ්බ රෝග විනාසනං
උන්වහන්සේලා ගේ සත්ය වූ සීල බලයෙන් ද, ඉවසීම, මෛත්රී බලයෙන්ද, සියලු රෝග නසා මා රකිත්වා.
සාධූ! සාධූ! සාධූ!


0 Comments