සං සාර සාරෝඝ විනීත ණී සං
සං ණීත සාතං සුචිසාර ධී සං
සං ධීරකං සොණ්ණ තනූ පලා සං
සං ලාප දේසිං පණමේභි සා සං
සසර සඬ පහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිම සඳ
සං සාභිගං කේවල මෝහ නා සං
සං නාහකං මාර රණේ විසේ සං
සං සේවිතං දාසි මුදාර හා සං
සං හාර ධම්මං පණමේ සදා සං
සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි පහන
සං දාසගං නාසිත පාප නා සං
සං නාපධං සිං හත ඝෝර පා සං
සං පාර ගාමිං සුචිසාර වා සං
සං වාර සංඝං පණමේ රසා සං
සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරණ
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වඳිනෙමි නිති පතා පින්සරු මහ සඟන
Related Resources
ධර්ම රත්නයේ ගුණ – Dhamma Guna in Sinhala
Supreme Qualities of Dhamma – Buddhism



ප්රථම ගාථාවේ,
සුවිසාර යන්න සුචිසාර විය යුතු අතර පණමේහි යන්න පණමේභි විය යුතුය.
තවද,
අවසන් ගාථාවේද සුවිසාර යන්න සුචිසාර විය යුතුය.
ස්තුතීයි තිළිණ. වරද නිවැරදි කලෙමු.