ධර්ම රත්නයේ ගුණ – Dhamma Guna in Sinhala

Puja, Three Jewels | 2 comments

මාගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය,

1. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ

මුල මැද අග යහපත් බැවින් හා මනාකොට පිලිපැදිය යුතු බැවින් ස්වාක්ඛාත නම් වන සේක.

2. සන්දිට්ඨිකෝ

තමන් විසින් ම දැකිය යුතු හා තමන් විසින් ම අවබෝධ කළ යුතු බැවින් සංදිට්ඨීක නම් වන සේක.

3. අකාලිකෝ

වර්ෂ ගනනක්, මාස ගනනක්, දින ගනනක් ගත නොවී, එසැනින් ම ඵල ලැබිය හැකි බැවින් අකාලිකෝ නම් වන සේක.

4. ඒහි පස්සිකෝ

එන්න, පරික්ෂා කර බලන්න ආරාධනා කිරීමට සුදුසු ධර්මයක් බැවින් ඒහි පස්සිකෝ නම් වන සේක.

5. ඕපනයිකෝ

තම චිත්ත සන්තානයේ උපදවා ගැනීමට සුදුසු ම ධර්මය බැවින් ඕපනයිකෝ නම් වන සේක.

6. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති

මෙම ධර්මය සාක්ෂාත් කරගත් සත්පුරුෂයාට එහි යහපත් බව, එහි රස තම සිතින් ම දැනගෙන, විඳිය හැකි බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති නම් වන සේක.

Related Resources

2 Comments

  1. Eranda Jayamaha

    6. පච්චත්තං වේදිතබ්බෝ වින්ඤ්ඤූහීති
    මෙම ධර්මය සාක්ෂාත් කරගත් සත්පුරුෂයාට එහි යහපත් බව, එහි රස තම සිතින් ම දැනගෙන, විඳිය හැකි බැවින් පච්චත්තං වේහි තබ්බෝ වින්යූ හීති නම් වන සේක. if possible you can add this also

    Reply
    • Namo

      නිවැර​දි කළෙමු. ස්තුතීයි.

      Reply

Submit a Comment

Your email address will not be published. Required fields are marked *