ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

ධජග්ග පරිත්තං (ධජග්ග පිරිත) පාලි හා සිංහලෙන් Dajagga (Dhajagga) Piritha with Sinhala Translation

 
Font Size
Auto-Scroll   Speed

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝ’ති භදන්තේ’ති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, භික්ෂුන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ස්වාමිනි’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළසේක.

භූතපුබ්බං භික්ඛවේ දේවාසුරසංගාමෝ සමූපබ්බුළ්හෝ අහෝසි. අථඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්දෝ දේවේ තාවතීසේ ආමංතේසි.

සචේ මාරිසා දේවානං සංගාමගතානං උප්පජ්ජෙය්‍ය භයං වා ජම්භිතත්තංවා ලෝමහංසෝ වා මමේව තස්මිං සමයේ ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, මමං හි වෝ ධජග්ගං උල්ලෝකයතං, යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

මහණෙනි, පෙර වූ දෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර සංග්‍රාමයක් එළඹුනේ විය. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ තෙම තව්තිසා වැසි දෙවියන් ඇමතී ය.

නිදුකාණෙනි, යුද්ධයට ගිය දෙවියන්ට බියක් හෝ තැතිගන්මක් හෝ ලොමුදැහැගැන්මෙක් හෝ ඉදින් උපන්නේ නම්, එසමයෙහි මගේ ම ධ්‍වජාග්‍රය බලව්. මගේ වනාහි ධ්‍වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදැහැගැන්මෙක් හෝ වේද, හෙතෙම දුරු වෙයි.

 

නෝ චේ මේ ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, පජාපතිස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං’ යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

මාගේ ධ්‍වජාග්‍රය ඉදින් නොබලා නම් ඉක්බිති ප්‍රජාපති දෙව්‍ රජහු ගේ ධ්‍වජාග්‍රය බලව. ප්‍රජාපති නම් දෙව්රජහු ගේ ධ්‍වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියක් හෝ, තැතිගැනීමක් හෝ, ලොමුදැහැගැන්මක් හෝ වේ ද, හේ දුරුවෙයි.

නෝ චේ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, වරුණස්සහිවෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං’ යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

ප්‍රජාපති දෙව් රජුගේ ධ්‍වජාග්‍රය ඉදින් නොබලා නම් ඉක්බිති වරුණ දෙව්‍ රජහු ගේ ධ්‍වජාග්‍රය බලව. වරුණ නම් දෙව්රජහු ගේ ධ්‍වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියක් හෝ, තැතිගැනීමක් හෝ, ලොමුදැහැගැන්මක් හෝ වේ ද, හේ දුරුවෙයි.

නෝ චේ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ ඊසානස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, ඊසානස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං’ යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

වරුණ දෙව් රජුගේ ධ්‍වජාග්‍රය ඉදින් නොබලා නම් ඉක්බිති ඊසාන දෙව්‍ රජහු ගේ ධ්‍වජාග්‍රය බලව. ඊසාන නම් දෙව්රජහු ගේ ධ්‍වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියක් හෝ, තැතිගැනීමක් හෝ, ලොමුදැහැගැන්මක් හෝ වේ ද, හේ දුරුවෙයි.

තං ඛෝ පන භික්ඛවේ සක්කස්ස වා දේවානමින්දස්ස ධජග්ගං උල්ලෝකයතං, වරුණස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, ඊසානස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයේථා’පි නෝ’පි පහීයේථ, තං කිස්ස හේතු?

මහණෙනි, සක්දෙව් රජහු ගේ හෝ ඒ ධ්වජාග්‍රය බලන්නහුට, ප්‍රජාපති දෙව් රජහු ගේ හෝ ධ්වජාග්‍රය  බලන්නහුට, ඊසාන නම් දෙව් රජහු ගේ ධ්වජාග්‍රය බලන්නහුට යම් බියක් හෝ, තැතිගැන්මේක් හෝ, ලොමුදැහැගැන්මෙක් හෝ වේද? දුරු නොවන්නේ හෝ වෙයි, එයට හේතු කවරේද යත්?

සක්කෝ භික්ඛවේ දේවාන මින්දෝ අවීතරාගෝ අවිතදෝසෝ අවිතමෝහෝ භීරුච්ඡ්ම්භි උත්‍රාසි පලායී’ති.

මහණෙනි සක්දෙව් රජතෙම වනාහි, දුරු නොකළ රාග ඇත්තේ ය, දුරු නොකළ ද්වේෂ ඇත්තේය, දුරු නොකළ මෝහ ඇත්තේ ය. බියවන සුලු ය, තැති ගන්නා සුලු ය, අතිශයින්ම බිය වන සුලුය, පලා යනු සුලු ය.

අහංච ඛෝ භික්ඛවේ ඒවං වදාමි. සචේ තුම්හාකං භික්ඛවේ අරඤ්ඤගතානං වා රුක්ඛමුලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උප්පජ්ජෙය්‍ය භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මිං සමයේ අනුස්සරෙය්‍යාථ.

මහණෙනි මම ද, නුඹලාට මෙසේ කියමි. මහණෙනි ඉදින් වනයට ගියා වූ රුක්මුලට ගියා වූ හෝ, ගෙවලින් හිස් තැනකට ගියා වූ හෝ නුඹලාට බියෙක් හෝ, තැතිගැන්මක් හෝ, ලොමුදැහැ ගැන්මෙක් හෝ, උපදනේ වී නම්, එසමයහි මා ම සිහි කරව (කෙසේද?).

ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති.

ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙනුදු; අර්හත් ය, සම්‍යක් සම්බුද්ධ ය, විද්‍යාචරණ ධර්මයන් ගෙන් යුක්තය, සුගත ය, ලෝකවිදු ය, අනුත්‍තර ය, පුරිස ධම්ම සාරථී ය, දෙව් මිනිසුන්ට අනුශාසක ය, බුද්ධ ය, භාග්‍යවත්‍ ය, කියායි.

මමංහි වෝ භික්ඛවේ අනුස්සරතං. යං භවස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

නෝ චේ මං අනුස්සරෙය්‍යාථ. අථ ධම්මං අනුස්සරෙය්‍යාථ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. ධම්මං හි වෝ භික්ඛවේ අනුස්සරතං, යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

මහණෙනි, මා සිහිකරන්නා වූ ඔබට ද යම් බියෙක් හෝ තැතිගැන්මෙක් නෝ ලොමුදැහැගැන්මෙක් හෝ වේද, හේ දුරුවේ. ඉදින් මා සිහි නොකරව නම් ධර්මය සිහි කරව. බුදුරජුන් විසින් මොනවට දෙසන ලද ධර්මය තෙම සාන්දෘෂ්ටික ය, අකාලිකය, එව බලව යන විදියට සුදුසු ය, එළඹීමට සුදුසු ය, තම තමන් කෙරෙහි ලා නුවණැත්තන් විසින් දත යුත්තේය.  මහණෙනි ධර්මය සිහි කරන්නා වූ ඔබට යම් බියෙක් හෝ, තැතිගැන්මක් හෝ, ලොමුදැහැ ගැන්මෙක් හෝ වේද, හේ පහවෙයි.

නෝ චේ ධම්මං අනුස්සරෙය්‍යථ. අථ සංඝං අනුස්සරෙය්‍යාථ.

ඉදින් ධර්මය සිහි නොකරන්නාහු නම්, ඉක්බිති සඟුන් සිහි කරව. (කෙසේද?)

සුපටිපන්නෝ භගවතෝ සවකසංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ’ යදිදං චත්තාරිපුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ. ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙමේ මනාව පිළිපන්නේ ය, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙමේ ඍජුවූ පිළිවෙතින් යුක්තය, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙමේ නිවන් සඳහා පිළිපන්නේ ය, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝතෙමේ ත්‍රිශික්ෂාවෙහි ගරු කිරිමට සුදුසු පිළිවෙත්හි පිළිපන්නේ ය. යම් මේ, පුරුෂ යුගල වශයෙන් සතර කොටසක් වෙත් ද? පුරුෂ පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙත් ද? භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ශ්‍රාවක සංඝ තෙමේ දුරිනිදු ගෙන හැර දිය යුතු  ප්‍රත්‍යයට සුදුසු ය. අමුතු ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු ය. දක්ෂිණාවට සුදුසු ය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසු ය. සියලු ලෝකයාට උතුම් වූ පින් කෙතකැයි කියා යි.

සංඝං හි වෝ භික්ඛවේ අනුස්සරතං. යං භවිස්සති භයං වා ජම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති, තං කිස්සහේතු?

මහණෙනි සංඝයා සිහි කරන ඔබට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් නෝ ලොමුදැහැගැන්මෙක් හෝ වේද, හේ දුරුවේයි. එයට කාරණා කිම යත්?

තථාගතෝ භික්ඛවේ අරහං සම්මාසම්බුද්ධෝ වීතරාගෝ වීතදෝසෝ වේතමෝහෝ අභිරු අච්ඡම්භි අනුත්‍රාසි අපලායීති.

මහණෙනි, අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගත තෙම, නසන ලද රාග ඇත්තේය, නසන ලද ද්වේෂ ඇත්තේය, නසන ලද මෝහ ඇත්තේ ය, බිය නොවන සුලුය, තැති නොගන්නා සුලුය, ත්‍රාස නොවන සුලුය, බියෙන් පලා නොයන්නේ ය.

ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

භාග්‍යවත් තෙම මේ ධජග්ග පරිත්තය වදාළේ ය. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත අන්‍ය වූ මේ කාරණය වදාළ සේක.

අරඤ්ඤේ රුක්ඛමූලේ වා සුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේථ සම්බුද්ධං – භයං තුම්හාක නෝ සියා.

මහණෙනි, අරණ්‍යයෙහි හෝ, රුක්මුල්හි හෝ, ජනශූන්‍ය ස්ථානයක හෝ සම්බුදුන් සිහි කරව, ඔබට බියක් නොවන්නේ යි.

නෝ චේ බුද්ධං සරෙය්‍යාථ – ලෝකජෙට්ඨං නරාසභං අථ ධම්මං සරෙය්‍යාථ – නීයා ණිකං සුදේසිතං

ලොවට ජ්‍යෙෂ්ඨ වූ, නරෝත්තම වූ, බුදුරදුන් ඉදින් සිහි නොකරව් නම්, ඉක්බිති නෛර්‍යානික වූ, මනාකොට දෙසන ලද ධර්මය සිහි කරව.

නෝ චේ ධම්මං සරෙය්‍යාථ – නියා ණිකං සුදේසිතං අථ සංඝං සරෙය්‍යාථ – පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං

නෛර්‍යානික වූ, මනාකොට දෙසන ලද ධර්මය සිහි නොකරව් ද, ඉක්බිති පින් කෙතක් වූ, අනුත්තර වූ සංඝයා සිහි කරව.

ඒවං බුද්ධං සරන්තානං – ධම්මං සංඝඤ්ච භික්ඛවෝ භයං වා ජම්භිතත්තං වා – ලෝමහංසෝ න හෙස්සතී’ති.

මහණෙනි, බුදුන් ද, ධර්මය ද, සංඝයා ද, මෙසේ සිහි කරන්නවුනට, බියෙක් හෝ, තැතිගැන්මෙක් හෝ, ලොමුදැහැගැන්මෙක් හෝ, නොවේ.

සාධූ! සාධූ! සාධූ!

මූලාශ්‍රය: පිරුවානා පොත් වහන්සේ.

Related Resources

වසල සුත්තං(වසල සූත්‍ර​ය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන – Vasala Sutta with Sinhala & English Translations

වසල සුත්තං(වසල සූත්‍ර​ය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන – Vasala Sutta with Sinhala & English Translations

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. තේන ඛෝ සමයේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මණස්ස නිවේසනේ අග්ගි පජ්ජලිතෝ හෝති ආහුති පග්ගහිතා. අථ ඛෝ භගවා සාවත්ථියං සපදානං...

චක්කවත්ති සීහනාද සුත්තං(සූත්‍රය) සිංහල අර්ථය සම​ග – Chakkavatti Seehanada Sutra with Sinhala Translation

චක්කවත්ති සීහනාද සුත්තං(සූත්‍රය) සිංහල අර්ථය සම​ග – Chakkavatti Seehanada Sutra with Sinhala Translation

සක්විති රජු ගැන සිහනදක් ලෙසින් වදාළ දෙසු​ම.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙහි මාතුලා නුවර වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

ඉසිගි​ලි සුත්තං (ඉසිගි​ලි සූත්‍රය) සිංහල අර්ථය සමග. Isigili Sutta in Pali with Sinhala Translation

ඉසිගි​ලි සුත්තං (ඉසිගි​ලි සූත්‍රය) සිංහල අර්ථය සමග. Isigili Sutta in Pali with Sinhala Translation

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ දැක්වෙන පිරිත් නිමවා පසේ බුදුවරයින් ගේ ගුණ දැක්වෙන එකම සූත්‍රය වන ඉසිගිලි සූත්‍රය දක්වන ලදී.

ගිරිමානන්ද සුත්තං (ගිරිමානන්ද සූත්‍රය) පාළි හා සිංහලෙන් – Girimananda Sutta in Pali and Sinhala

ගිරිමානන්ද සුත්තං (ගිරිමානන්ද සූත්‍රය) පාළි හා සිංහලෙන් – Girimananda Sutta in Pali and Sinhala

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ගිරිමානන්ද ස්ථවිර තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් බව ඇත්තේ වෙයි.

පරාභව සුත්තං (පරාභව සූත්‍රය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Parabhava Sutta Sinhala English Translation

පරාභව සුත්තං (පරාභව සූත්‍රය) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Parabhava Sutta Sinhala English Translation

පරාභව සූත්‍රය මංගල සූත්‍රයේ ප්‍රතිවිරෝධතාව සේ සැලකිය හැකියි. බුදුරදුන් වෙත පැමිණ පරිහානියට හේතුවන කාරණා විමසූ එක්තරා දේවතාවකුට වදාරණ ලද්දකි. කෙනෙකු දහමට ඇළුම් කරතොත් හේ උන්නතියට ද දහමට ද්වේෂ කරතොත් අවනතියට ද පත්වේය යන ආදී කරුණු මෙහි අන්තර්ගත වේ.