ආලවක සුත්තං (ආලවක සුත්‍රය) සහ සිංහල ඉංග්‍රිසි පරිවරිථන Alavaka Sutta with English Sinhala Translation

Buddhist Tripitaka - ත්‍රිපිටක​ය, Sagatha Vagga, Samyutta Nikaya - සංයුත්ත නිකා​ය, Sutta Pitaka - සූත්‍ර පිටක​ය | 0 comments

   
Font Size
Auto-Scroll   Speed

සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන බුදුරජාණන් වහන්සේ අළුයම ලොව බලා වදාරන සේක් අලව් කුමරුට අනාගාමී ඵලප්‍රාප්තිය පිණිස හේතු සම්පත් ඇති බවක් ඔවුන් දෙදෙන උදෙසා වදාරණ බණින් සුවාසු දහසක් (අසූහාර දහසක්) දෙනා නිවන් දක්නා බවත් යන මේ සියල්ල දිවැසින් දැනගත් බුදුන් වහන්සේ ආලවක යක්ෂයා ගේ විමනට වැඩි සේක.

ඒ අවස්ථාවේ අලව්යකු හිමාලය වනයේ යක්ෂ සමාගමයට ගොස් සිටිය බැවින් අලව් විමන රැකීමට සිටිය ගද්‍රභ යක්ෂයා බුදු රදුන් වෙත පැමිණ ඔබ වනහ්සේ කුමකට මෙහි පැමිණියෙහිදැයි ඇසීය. උන්වහන්සේ පැමිණි කරුණු වදාළහ. ගද්‍රභයාට වුවමනා වූයේ උන්වහන්සේ එතැනින් පිටත්කර හැරීමටය. එහෙත් එය පිළිවන් නොවීය. ගද්‍රභයා අලව් යකුගේ රෞද්‍රකම කීයේය. එයින් පලක් නොවිනි. කෝපයෙන් දිලිහෙමින් ආලවක යක්ෂයාද පැමිණියේය. බුදුරදුන් තම විමානයෙන් පිටමං කිරීමට මුළු ශක්තිය යෙදවූයේත. එහෙත් එයින් පලක් නොවිනි. මේ සුත්‍රය ආලවක දමනය විස්තර වශයෙන් දැක්වෙයි.

1.

ඒවං මේ සුතං, ඒකං සමයං භගවා ආලවියං විහරති ආලවකස්ස යක්ඛස්ස භවනේ. අථ ඛෝ ආලවකෝ යක්ඛෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං ඒතදවෝච.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලවු නුවර සමීපයෙහි වූ ආලවක යක්ෂයාගේ විමානයෙහි වැඩ වසන සේක ඉක්බිති ආලවක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේ ය.

Thus have I heard. On one occasion the Blessed One was living in the abode of Alavaka, the Yakkha (demon), at Alavi. Then Alavaka approached the Blessed One and said:

2.

නික්ඛම සමණාති, සාධාවූසෝ’ති භගවා නික්ඛමි. පවිස සමණා’ති. සාධාඅවූසෝ’ති භගවා පාවිසි. දුතියම්පි ඛෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච නික්ඛම සමණාති. සාධාවූසෝ’ති භගවා නික්ඛමි. පවිස සමාණාති. සාධාවුසෝ’ති භගවා පාවිසි. තතියම්පි ඛෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච. නික්ඛම සමණා’ති. සාධාවූසෝ’ති භගවා නික්ඛමි. පවිස සමාණා’ති. සාධාවූසෝ’ති භගවා පාවිසි.

මහණ, නික්ම යව. මැනව ඇවැතැයි නික්මුණු සේක. එව, මහණ. මැනවි ඇවැතැයි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. දෙවන වරටද අලව්යක් භග්‍යවතුන් වහන්සේට එසේ කීයේ ය. මහණ නිකම යව. මැනව් ඇවැතැයි නික්ම ගිය සේක. එව මහණයි කීයේ ය. මැනව ඇවැතැයි පිවිසි සේක. තෙවන වරටද අලව්යක් මහණ නික්ම යවයි කීයේ ය. මැනව ඇවැතැයි නික්මුණු සේක. එව මහණැයි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.

“Get out, recluse (samana).” — “Very well, friend,” so saying the Blessed One went out.
“Come in, recluse.” — “Very well, friend,” so saying the Blessed One entered.

For the second time, “Get out, recluse,” said Alavaka to the Blessed One a second time. — “Very well, friend,” so saying the Blessed One went out.
“Come in, recluse.” — “Very well, friend,” so saying the Blessed One entered.

For the third time, “Get out, recluse,” said Alavaka to the Blessed One a third time. — “Very well, friend,” so saying the Blessed One went out.
“Come in, recluse.” — “Very well, friend,” so saying the Blessed One entered.

3.

චතුත්ථම්පි ඛෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච. නික්ඛම සමණා’ති. නඛ්වාහං නික්ඛමිස්සාමි, යං තේ කරණීයං තං කරෝහී’ති.

සිව්වන වරද අලව්යක් භාග්‍යවතුන් වහන්සේට මහණ නික්ම යවයි කීයේ ය. මම නොයමි. තා විසින් යමක් කටහැකි නම් කරවයි වදාළ සේක.

“Get out recluse,” said Alavaka to the Blessed One a fourth time. — “No, O friend, I will not get out. Do what you will.”

4.

පඤ්හං තං සමණ පුච්ඡිස්සාමි, සචේ මේ න ඛ්‍යාකරිස්සසි, විත්තං වා තේ ඛිපිස්සාමි, හදයං වා තේ ඵාලෙස්සාමි, පාදේසුවා ගහෙත්වා පාරගංගායං ඛිපිස්සාමීති.

ආලවක :  මහණ ඔබ ගෙන් විසඳිය නො හැකි ප්‍රශ්නයක් විචාරමි ඉදින් මට පැහැදිළිව නො කියන්නේ නම් ඔබගේ සිත හෝ පෙරළන්නෙමි. ළය හෝ පළන්නෙමි. දෙපය හෝ ගෙන පරසක් වළට දමන්නෙමි (පාදයෙන් අල්ලා මේ ගඟින් පරතරට දමන්නෙමි).

“I will ask you a question, recluse. If you do not answer me, I will confound your mind (thoughts), or cleave your heart, or take you by your feet and fling you over to the further shore of the ocean (para gangaya).

5.

නඛ්වාහන්තං ආවුසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණීයා පජාය සදේව මනුස්සාය යෝ මේ චිත්තං වා ඛිපෙය්‍ය හදයංවා ඵාලෙය්‍ය පාදේසු වා ගහෙත්වා පාරගංගාය ඛිපෙය්‍ය. අපි ච ත්වං ආවුසෝ පුච්ඡ යදාකංඛසිති.

බුදුරදුන් :  ඇවත, යමෙක් මාගේ සිත හෝ පෙරළා නම් හදවත හෝ පළා නම් දෙපය හෝ අල්ලා ගඟිනෙතර දමා ගසා නම් එබන්දෙකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි හෝ මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි නො ම දතිමි. එහෙත් ඇවැත කැමැත්තෙහි නම් යමක් විචාරව (කැමැතිනම් යමක් අසව).

“Well, friend, I do not see anyone in the world of Devas, Maras, Brahmas, or among the generation of recluses, brahmanas, deities, and humans, who could either confound my mind or cleave my heart, or take me by the feet and fling me over to the further shore of the ocean; nevertheless, friend, ask what you will.”

6.

අථ ඛෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ගාථාය අජ්ඣභාසි.

අලව්යක් භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් කීවේ ය.

Then Alavaka addressed the Blessed One in verse:

6 – i. 

කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසූ සුචිණ්ණෝ සුඛමාවහාති,
කිංසූ හවේ සාධුතරං රසානං
කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨන්ති.

මේ ලොවෙහි පුරුෂයාට කවර ධනයක් ශ්‍රෙෂ්ඨ වේ ද?
මොනවට පුරුදු කරන ලද කවරක් සුව එළවා ද? (පුරිදු කළා වූ කිමකින් සැප ලැබේද?)
කවරෙක් රසයන් අතුරෙන් ඉතා මියුරු වේ ද?
කෙසේ ජීවත් වන්නාහු ගේ ජීවිතය ශ්‍රෙෂ්ඨ වේ ද?

What wealth here is best for man?
What well practiced will happiness bring?
What taste excels all other tastes?
How lived is the life they say is best?

6 – ii.

සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති,
සච්චං හවේ සාධුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨන්ති.

මෙලොවැ ශ්‍රද්ධාව ශ්‍රෙෂ්ඨ ධනය වේ.
ධර්මය මොනවට පුරුදු කරන ලදුයේ සුව එළවයි.
රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් මධුර වෙයි.
ප්‍රඥාවෙන් ජීවත් වන්නහු ගේ ජීවිතය ශ්‍රෙෂ්ඨ යි.

Faith is the wealth here best for man.
Dhamma well practiced shall happiness bring.
Truth indeed all other tastes excels.
Life wisely lived they say is best.

6 – iii.

කථංසු තරතී ඕඝං
කථංසු තරති අණ්ණවං
කථංසු දුක්ඛං අච්චේති
කථංසු පරිසුජ්ඣති

කවර ප්‍රකාරයකින් ඕඝයන් තරණය කෙරේ ද?
කවර පරිද්දෙකින් සංසාර සාගරයෙන් එතෙර වේ ද?
කවර පරිද්දකින් සසර දුක් දුරු කෙරේ ද?
කවර ප්‍රකාරයකින් පිරිසිදු වේ ද?

How does one the currents cross?
How is ocean’s 
existence crossed?
How is one’s suffering quelled?
How is one purified?

6 – iv.

සද්ධාය තරතී ඕඝං – අප්පමාදේන අණ්ණවං,
විරියේන දුක්ඛං අච්චේති – පඤ්ඤාය පරිසුජ්ඣති.

ශ්‍රද්ධාව කරණකොට ගෙන සසර සැඩ පහරින් එතෙර වෙයි.
අප්‍රමාදයෙන් සසර සයුර එතෙර කෙරෙයි.
වීර්‍ර්යය කරණ කොටගෙන දුක දුරු කෙරෙයි.
ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි.

By faith are currents crossed.
By diligence is the ocean crossed.
By effort is one’s suffering quelled.
By wisdom is one purified.

6 – v.

කථංසු ලභතේ පඤ්ඤං – කථංසු වින්දතේ ධනං,
කථංසු කිත්තිං පප්පෝති – කථං මිත්තානි ගන්ථති.
අස්මා ලෝකා පරං ලෝකං – කථං පෙච්ච න සෝචති.

කෙසේ ප්‍රඥා ලබා ද? කෙසේ වස්තුව ලබා ද?
කෙසේ කීර්තියට පැමිණේ ද? කෙසේ මිතුරන් සපයා ද?
මෙලොවින් පරලොව හොස් කෙසේ ශෝක නො කෙරේ ද?

How does one wisdom win?
How does one wealth obtain?
How does one come to fame?
How does one friendship win?
How does one without sorrow fare from this world to another he’s gone?

6 – vi.

සද්දහානෝ අරහතං – ධම්මං නිබ්බානපත්තියා,
සුස්සුසා ලභතේ පඤ්ඤං – අප්පමත්තෝ විචක්ඛණෝ.

කුශල අකුශල ධර්මයන්ගේ විපාක දන්නා වූ අප්‍රමාද වූ පුද්ගල තෙම රහතුන් පැමිණි නිවනට පැමිණෙනු පිණිස බණ අසා ඇදහීම් ඇත්තෙක් ව ප්‍රඥාව ලබයි.

The mindful and discerning one, Who in the Dhamma plead his faith; By his will to hear that Dhamma Wins the wisdom of Nibbana.

6 – vii.

පතිරූපකාරි ධූරවා – උට්ඨාතා වින්දතේ ධනං,
සච්චේන කිත්තිං පප්පෝති – දදං මිත්තානි ගන්ථති.

අධිගම ලාභය පිණිස යෙදු උපාය ඥාන ඇති, බහා නො තබන ලද වීර්ය්‍ය ඇති, පටන් ගන්නා ලද වීර්ය්‍ය ඇති පුරුෂ තෙම ලෞකික වූද ලෝකෝත්තර වූද ධනය ලබයි. සත්‍ය වචනයෙන් කීර්තියට පැමිණෙයි. දෙන තැනැත්තේ (ත්‍යාගවන්ත බව) මිතුරන් සපය යි (මිතුරන් ලැබෙයි) .

Who is tactful and energetic, And gains wealth by his own effort; Fame will he acquire by truth, And friendship by his giving.

6 – viii.

යස්සේතේ චතුරෝ ධම්මා – සද්ධස්ස ඝරමේසිනෝ,
සච්චං ධම්මෝ ධිතී චාගෝ – සවේ පෙච්ච න සෝචති,
අස්මා ලෝකා පරං ලෝකං – සවේ පෙච්ච න සොචති.

ගිහිගෙයි වසන යම් සැදැහැවත් පුරුෂයකුට සත්‍ය ද, ධර්මය ද, ධෛය්‍ය ද, පරිත්‍යාගය ද යන සතර ධර්මයෝ වෙත් නම් හෙතෙම ඒකාන්තයෙන් පරලෙව්හි (මෙලොවින් පරලොව ගොස්) ශෝක නොකරයි .

He who has faith and is also truthful, virtuous, firm, and fond of giving; By virtue of these four conditions Will never in the hereafter grieve.

6 – ix.

ඉංඝ අඤ්ඤේපි පූච්ජස්සූ – පූථූසමණබ්‍රාහ්මණේ,
යදි සච්චා දමා චාගා – ඛන්ත්‍යා භීය්‍යෝ න විජ්ජති.

සත්‍යය, ඉන්ද්‍රීය දමනය, පරිත්‍යාගය, ඉවසීමය යන මේ සතර ධර්මයන්ට වඩා උසස් වූ ධර්මයක් නැත්තේය. එහෙයින් අනිකුදු ධර්ම කෙනෙක් තවත් ඇත්නම් බොහෝ වූ මහණ බමුණන් අතින් එය වහාම විචාරා දැන ගනුව.

Truth and Restraint,
Charity and Forbearance,
Are the great reformers of man.
If there be any better,  Ask of other
samanas and brahmanas.

6 – x.

කථන්නුදානි පුච්ඡෙය්‍යං – පුථූ සමණබ්‍රාහ්මණේ,
සෝහං අජ්ජ පජානාමි – යෝ චත්ථෝ සම්පරායිකෝ.

පරලොව විපාක දෙන්නා වූ යම් අර්ථයක් වේනම් මම අද ඒ අර්ථය වදාළ පරිද්දෙන් ම දනිමි. දැන් නොයෙක් මහණ බමුණන් අතින් කුමට විචාරම් ද?

Why should I now try to ask From other samanas and brahmanas When this day I came to learn What weal is here and hereafter?

6 – xi.

අත්ථාය වත මේ බුද්ධෝ – වාසායාලවිමාගමි,
සෝහං අජ්ජ පජානාමි – යත්ථ දින්නං මහප්ඵලං.

සර්වඥයන් වහන්සේ මට වැඩ පිණිස අළව් නුවර මගේ විමානයට වැඩ වදාළ සේක. යම් තැනෙක්හි දෙන දානය මහත්ඵල වේ ද? ඒ අග්‍රදක්ෂිණෙය්‍ය වූ භාග්‍යවතුන් වහන්සේ මම අද විශේෂයෙන් දනිමි. (බුදුරජුන් මාගේ විමානයට වැඩ වදාලේ ඒකාන්තයෙන් මාගේ අභිවෘද්ධිය පිණිස බව මම දැන ගතිමි)

This for my weal indeed The Buddha to Alavi came; A gift always bears a fruit; This too I learned today.

6 – xii.

සෝ අහං විචරිස්සාමි – ගමාගාමං පුරාපුරං,
නමස්සමානෝ සම්බුදධං – ධම්මස්ස ච සුධම්මතන්ති.

ඒ මම ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට ද, සද්ධර්මයට ද, සම්මුති සංඝයා සහිත වූ අෂ්ටාර්ය්‍ය පුද්ගල සංඝයාට ද වඳිමින් තුනුරුවන්හි ගුණ පවසමින් හැසිරෙමි යනුයි.

From village to village and town to town I shall now wander along Praising that Supreme Buddha And the Dhamma well preached by him.

7.

ඒවං වත්වා ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච. අභික්කන්තං හෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම, සෙය්‍යාථාපි හෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්තීති, ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිහෝ, ඒ සාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛු සංඝඤ්ච, උපාසකං මං භවං ගොතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

මෙසේ කී කල්හි ආලවක යක්ෂ සේනාධිපති තෙම බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, නුඹ වහන්සේ ගේ ධර්ම දේශනාව ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කොට තැබූ භාජනයක් උඩුකුරු කොට තබන්නාක් මෙන් යටපත් වූ නිධානයක් විවෘත කරන්නාක් මෙන් මං මුළාවූවකුට මඟ කියන්නාක් මෙන් ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’යි අන්ධකාරයෙහි තෙල් පහනක් දල්වන්නාක් මෙන් ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණුවලින් ධර්මය දේශනා කොට වදාරණ ලද්දේය. ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද, ධර්මයද, භික්ෂු සංඝයා වහන්සේ ද, සරණකොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවි කෙළවර කොට සරණ ගියා වූ උපාසකයෙකැයි සිතිහි ලා දරණ සේක්වා.

Having thus spoken, Alavaka said to the Blessed One,

“Most excellent, O Gotama, is thy teaching, most excellent. Just as a man would set upright what is overturned, reveal what is concealed, point out the way to one gone astray, bring an oil lamp into the darkness so that those with eyes could see objects; even so the Dhamma (doctrine) has been declared in many a manner by the Venerable Gotama. I take refuge in the Venerable Gotama (the Buddha), in the Dhamma and in the Sangha (the Order). May the Venerable Gotama accept me as a disciple who has taken refuge, from this day forth while life lasts.”

මූලාශ්‍ර / Sources

සිංහල තේරුම: පිරුවානා පොත් වහන්සේ
English translation: Alavaka Sutta: Discourse to Alavaka by Piyadassi Thera

Related Resources

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන   Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය වනාහි, පෙරකල ලක්දිව වැඩසිටි රහතුන් වහන්සේලා විසින්, තුන් ලොවක් අභිබැවූ (ලෝකෝත්තර) ධර්මතා තුනක් වන “තෙරුවනහි ගුණ” අන්තර්ගත කොට නිර්මාණශීලී ලෙස සකසන ලද ගථා රත්නයකි.

දසධම්ම සුත්තං (දසධම්ම සූත්‍රය) පාලි හා සිංහලෙන් Dasa Dhamma Sutta In Pali with Translation

දසධම්ම සුත්තං (දසධම්ම සූත්‍රය) පාලි හා සිංහලෙන් Dasa Dhamma Sutta In Pali with Translation

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං: භගවා ඒතදවෝච.මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා...

Related Resources

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන   Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මහාකස්සපත්ථේර බොජ්ඣංග පරිත්තං (මහා කස්සප තෙර බොජ්ඣංග පිරිත) සිංහල හා ඉංග්‍රීසි පරිවර්ථන Maha Kassapa Thero Bojjanga Piritha Sinhala English Translation

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප වේළුවන නම්වූ මහා විහාරයෙහි වැඩවසන සේක. එසමයෙහි මහා කාශ්‍යප ස්ථවිර තෙම පීඩීත ව, දුකට පත් ව, දැඩි ගිලන්ව, පිප්ඵලී ගුහාවෙහි වෙසෙයි.

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය පාලි හා සිංහලෙන් Rathnamali Yanthraya In Pali with Sinhala Translation

රත්නමාලී යන්ත්‍රය වනාහි, පෙරකල ලක්දිව වැඩසිටි රහතුන් වහන්සේලා විසින්, තුන් ලොවක් අභිබැවූ (ලෝකෝත්තර) ධර්මතා තුනක් වන “තෙරුවනහි ගුණ” අන්තර්ගත කොට නිර්මාණශීලී ලෙස සකසන ලද ගථා රත්නයකි.

මෙත්තානිසංස සුත්තං (මෙත්තානිසංස සූත්‍රය) පාලි, සිංහල, හා ඉංග්‍රිසියෙන්  Mettanisansa Sutta in Pali with Sinhala and English Translation

මෙත්තානිසංස සුත්තං (මෙත්තානිසංස සූත්‍රය) පාලි, සිංහල, හා ඉංග්‍රිසියෙන් Mettanisansa Sutta in Pali with Sinhala and English Translation

Mettanisansa Sutta in Pali with Sinhala and English meaning : This Sutta is a Discourse on the merits of Loving – Kindness.

දසධම්ම සුත්තං (දසධම්ම සූත්‍රය) පාලි හා සිංහලෙන් Dasa Dhamma Sutta In Pali with Translation

දසධම්ම සුත්තං (දසධම්ම සූත්‍රය) පාලි හා සිංහලෙන් Dasa Dhamma Sutta In Pali with Translation

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං: භගවා ඒතදවෝච.මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා...

ධම්මචක්කප්පවත්තන සුත්තං (දම්සක් පැවතුම් සූත්‍රය) පාලි හා සිංහලෙන් Dhammacakkappavattana Sutta Pali Sinhala Translation

ධම්මචක්කප්පවත්තන සුත්තං (දම්සක් පැවතුම් සූත්‍රය) පාලි හා සිංහලෙන් Dhammacakkappavattana Sutta Pali Sinhala Translation

The sermon, Buddha gave to the five monks, was his first sermon, called the Dhammacakkappavattana Sutta. It was given on the full-moon day of Asalha Puja.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *